පාලකයන්ට එරෙහිව ඇති මානව හිමිකම් චෝදනා හා සාම්පූර් බලාගාරයේ විදුලි ඒකකයක මිළ
ලංකාවට ගල් අඟුරු විදුලි බලාගාර හඳුන්වා දෙනු ලැබුවේ මහජන විරෝධය මැදයි. එදා මූලික තර්කයක් වූයේ ගල් අඟුරු විදුලිය ඉතා ලාභ බවයි.
එහෙත් මෙගාවොට් 300 ධාරිතාවකින් යුත් පළමු ගල් අඟුරු බලාගාරය නොරොච්චෝලේ විවෘත වන කල විදුලි ඉංජිනේරුවකු වූ ඇමති චම්පික රණවක කීවේ ගල් අඟුරු තවදුරටත් ලාභ බලශක්තියක් නොවන බවයි.
චීනයෙන් ලබාගත් ණය මත ඉදි කරන ලද ලංකා විදුලි බල මණ්ඩලයට අයත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් විදුලි බල මණ්ඩලය විදුලි ඒකකයක් මිළ දී ගන්නේ රු. 13 බැගිනි.
දැන් නොරොච්චෝලේ බලාගාරයේ දෙවන හා තුන්වන අදියරද ඉදිවෙමින් තිබේ. ඒ යටතේ තවත් මෙගවොට් 600ක බලශක්ති ධාරිතාවක් එක් වේ.
මේ අතර, ලංකා විදුලි බල මණ්ඩලයත්, ඉන්දියාවේ ජාතික තාප බල සංස්ථාවත් (NTPC) සම හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කර තිබෙන ඩොලර් මිලියන 500ක් වැය වන සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාරය සමග අත්සන් කරන්නට යන විදුලිය මිළ දී ගැනීමේ ගිවිසුම අනුව විදුලි ඒකකයක මිළ රු. 18කි. සාම්පූර් විදුලිය නොරොච්චෝලේ ගල් අඟුරු විදුලියටත් වඩා මිළෙන් වැඩිය.
සාම්පූර්හි මෙගවොට් 500 ගල් අඟුරු බලාගාරය හවුල් ව්‍යාපාරයක් වුණාට ලංකාවේ හවුල් දෙකෙන් පංගුව සපිරීම සඳහා අවශ්ය ඩොලර් මිලියන 200ක මුදල්ද ණයට දී තිබෙන්නේද ඉන්දියාව විසිනි. ලංකාව ඒ අනුව සාම්පූර්හි ජැටියක් ඉදිකිරීම හා හබරණ දක්වා සම්ප්‍රේෂණ පද්ධතිය ඉදිකිරීම කළ යුතුය.
චීනය නොරොච්චෝලේ බලාගාරය හැදීමටද ලංකාවට ඩොලර් මිලියන 450ක් ණයට දී කොන්ත්‍රාත්තුව ලබාගත්තේය.
සාම්පූර් බලාගාරයේ විදුලි ඒකකයක මිළ පිළිබඳ කේවෙල් කිරීම සිදුවන්නේ ඉන්දු - ලංකා දේශපාලන සබඳතාද අර්බුදකාරී තත්වයක තිබියදීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට ලංකාවේ පාලකයන්ට එරෙහිව එක්සත් ජනපදය විසින් ගෙන එන්නට සැරසෙන යෝජනාවකදී ඉන්දීය ආණ්ඩුවේ සහයෝගය එයට ලැබීම වළක්වා ගැනීමට ලංකාවේ පාලකයන්ට අවශ්‍යව තිබේ. පාලකයන්ගේ ඒ උවමනාවත්, සාම්පූර් බලාගාරයේ විදුලි ඒකකයක මිළත් අතර පවා සම්බන්ධයක් ගොඩනැඟෙමින් තිබේ.
එසේම, දකුණු ආසියානු කලාපයේ හා විශේෂයෙන් ලංකාව ආශ්‍රිතව චීන හා ඉන්දීය බලතුලනය පිළිබඳ අර්බුදයේදීද ඉන්දියාවට සාම්පූර් බලාගාරය වැදගත් වී තිබේ.
සාම්පූර් යනු ඉන්දියාවේ විදුලි බලාගාර 28ක් හිමි එරට රජයට අයත් NTPC සමාගමේ පළමු විදේශ ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතිය පසුපස ලංකාවේ විදුලි පද්ධතිය සාම්පූර් සිට දකුණු ඉන්දියාවට සම්බන්ධ කිරීමේ යෝජනාවක්ද තිබේ. හරිතාගාර වායු ජනනය අවම කිරීම අරමුණු කරගත් කියෝතෝ සම්මුතියේ නිර්මාතෘ රටක් වන ඉන්දියාව සිය රටින් වායු දූෂක ගල් අඟුරු බලාගාර බැහැර කර ඒවා ලංකාවේ පොළවේ පිහිටුවා පරිසර දූෂණය අපට දී පිරිසිදු විදුලිය මිළදීගැනීමේ සැලසුමක් ඇත.
අනෙක් පැත්තෙන් සාම්පූර් බලාගාරය පිහිටුවනු ලබන්නේ පාරම්පරිකව එම බිමෙහි වාසය කළ දෙමළ පවුල් සිය ගණනක් අවතැන් කර දමමිනි. වසර ගණනාවක් අනාථ කඳවුරුවල වාසය කරන ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට තවමත් විකල්ප වාසස්ථාන හෝ සපයා දී නැත.
ජාත්‍යන්තර ප්‍රශ්නයක් වී තිබෙන සම්පූර් බලාගාරය හේතුවෙන් කරන්ට් වැදුණු හිටපු ඇමති චම්පික රණවකද දැන් සාම්පූර් අනාථයන්ගේ තත්වයට වැටී ඇත.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න

ඒත් මේ දේවල් සිඳුවිය යුතුමයි....
ReplyDeleteSome elites are trying to save their necks. So let's help them by paying more for electricity too.
ReplyDeleteගලඟුරු කියන්නේ ඉවරවේගන යන ඛණිජ සම්පතක් ඒ වගේ දෙයක් මත විශ්වාසය තියල විශාල පරිසර හානියකුත් කරන්නේ අපේ මෝඩ දේශපලුවො සංවර්ධනය කියන රැවටිලිකාර වචනෙට මුලා වෙලා ඒකෙන් පිස්සු වැටිලා.මේ අයට අවශ්ය බොරු සංවර්ධන ඉලක්ක වලට යන්න, එතනදි අනෙක් වටිනාකම් සේරම මේ අය වනසනවා.
ReplyDelete