පාලකයන්ට එරෙහිව ඇති මානව හිමිකම් චෝදනා හා සාම්පූර් බලාගාරයේ විදුලි ඒකකයක මිළ
ලංකාවට ගල් අඟුරු විදුලි බලාගාර හඳුන්වා දෙනු ලැබුවේ මහජන විරෝධය මැදයි. එදා මූලික තර්කයක් වූයේ ගල් අඟුරු විදුලිය ඉතා ලාභ බවයි. එහෙත් මෙගාවොට් 300 ධාරිතාවකින් යුත් පළමු ගල් අඟුරු බලාගාරය නොරොච්චෝලේ විවෘත වන කල විදුලි ඉංජිනේරුවකු වූ ඇමති චම්පික රණවක කීවේ ගල් අඟුරු තවදුරටත් ලාභ බලශක්තියක් නොවන බවයි. චීනයෙන් ලබාගත් ණය මත ඉදි කරන ලද ලංකා විදුලි බල මණ්ඩලයට අයත් නොරොච්චෝ ල ේ ගල් අඟුරු බලාගාරයෙන් විදුලි බල මණ්ඩලය විදුලි ඒකකයක් මිළ දී ගන්නේ රු. 13 බැගිනි. දැන් නොරොච්චෝලේ බලාගාරයේ දෙවන හා තුන්වන අදියරද ඉදිවෙමින් තිබේ. ඒ යටතේ තවත් මෙගවොට් 600ක බලශක්ති ධාරිතාවක් එක් වේ. මේ අතර, ලංකා විදුලි බල මණ්ඩලයත්, ඉන්දියාවේ ජාතික තාප බල සංස්ථාවත් (NTPC) සම හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කර තිබෙන ඩොලර් මිලියන 500ක් වැය වන සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාරය සමග අත්සන් කරන්නට යන විදුලිය මිළ දී ගැනීමේ ගිවිසුම අනුව විදුලි ඒකකයක මිළ රු. 18කි. සාම්පූර් විදුලිය නොරොච්චෝලේ ගල් අඟුරු විදුලියටත් වඩා මිළෙන් වැඩිය. සාම්පූර්හි මෙග ව ොට් 500 ගල් අඟුරු බලාගාරය හවුල් ව්‍යාපාරයක් වුණාට ලංකාවේ හවුල් දෙකෙන් පංගුව...