ඇමති එස්.බී. නැවත මහඋළුගෙදරට බෝඩිං පාස් එකක් ඉල්ලයි

ඇමති එස්.බී. දිසානායක නැවත වතාවක් කට වරද්දාගෙන ඇත. මහඋළුගෙදරට බෝඩිං පාස් එකක් සඳහා ඉල්ලුම් කර තිබේ.

කලින් වතාවක් කට වරද්දාගෙන ඔහුට මහඋළුගෙදර බත් කෑමේ වරප්‍රසාදය ලැබිණි. අවසානයේ එළියට ආවේ අඬා දොඩා යාප්පු වී ජනාධිපති සමාවක් ඉල්ලාගෙනය.

ඒ සමාවේ හිලව්වට ජනාධිපතිතුමා වෙනුවෙන් ඕනෑවට වඩා බුරන්නට යාම එතරම් ඇඟට ගුණ නොවන්නටද ඉඩ තිබේ.

ඇමති දිසානායකට නැවත වතාවක් බෝඩිං පාස් එකකට ඉල්ලුම් කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වන ප්‍රකාශක් කරමිනි.

ඉසෙඩ් ලකුණු ක්‍රමය සම්බන්ධයෙන් මතු වු ගැටලු හේතුවෙන් 2011 වසරේ උසස් පෙළ විභාගය සමත් වූ  සිසුන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගැනීමේ කටයුතු ප්‍රමාද වීමට හිටපු අගවිනිසුරුවරිය වගකිව යුතු බව ද එස්.බී. දිසානායක පවසා ඇති බව අද දෙරණ වාර්තා කළේය.

මෙය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නඩු තීන්දුවක් පිළිබඳ කරන ලද අපහාසාත්මක ප්‍රකාශයකි. 

2011 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සරසවියට ගැනීම පමා වුණේ මෙම නඩු තින්දුව නිසා නොව උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉසෙඩ් ලකුණු ගණනය නිවැරදිව නොකිරීම නිසාය. ලංකා ගුරු සංගමයේ පෙත්සම මත ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වුණේ එයින් සිසුන් පිරිසකට සිදු වූ අසාධාරණය අවම කිරීමටය.

ආණ්ඩුව අගවිනිසුරුවරිය දෝෂාභියෝගයට ලක් කිරීමට පෙළඹුණු එක් හේතුවකි, මෙම නඩුව. ආණ්ඩුවට අවශ්‍ය වන්නේ තමන් කරන සකලවිධ අසාධාරණකම් අනුමත කරන ශ්‍රේෂ්ඨාධිකරණයකි. 

තමන්ට එරෙහිව කරන මෙවැනි ප්‍රකාශ හමුවේ නිහඬව සිටින ශ්‍රේෂ්ඨාධිකරණයකි. 

බලමු අපි අලුත් කශේරුකාව කොහොමද කියලා?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. අලුත් කශේරුකාව හින්ද අවුලක් නෑ..........

    ReplyDelete
  2. අලුත් කශේරුකාව, කශේරුකාවක් නොවේ. ඒ නිසා අවුලක් වෙන්නේ නැත. නමුත් ඕනවට වඩා දෙන එකත් මහින්ද ගොයියාට දිරවන්නේ නැත.

    ReplyDelete
  3. දිසානායක නෙමේ.. පේමන්ට් එකේ කහනගමටත් බය අධිකරණයක් දැන් තියෙන්නේ. මිනීමරලා ඇමතියෙක් ඇල්ලුවනම් බඩු එලියේ. අමාත්‍ය මන්ඩලේට උපදෙස් දීපූ කෙනානේ....

    ReplyDelete
  4. මේකා ඕකම තමයි කැම්ප් වලට ඇවිත් කිය කිය ගියේ..............හැබැයි වූ දැන ගත්තා කැම්ප් එකේ ඉන්නේ කොන්ද පන තියන කොල්ලෝ කෙල්ලෝ කියලා............

    ReplyDelete
  5. කොහොමත් පෙබරවාරි අවසන් වෙද්දී ඔය රා බීපු මීයො වගේ දගලන කීප දෙනෙකුට "පීර"ට කියල බෝඩින් පාස් දෙක තුනක් කඩයිද දන්නෙ නැහැ ලොක්ක ලෝකෙට පේන්න.

    ReplyDelete
  6. This time nothing will happen to him as judges now know that they will have to go home if they go against the mighty.

    ReplyDelete
  7. බය වෙන්න දෙයක් නෑ මේ සැරේනම් එහෙම වෙන එකක් නෑ.

    ReplyDelete
  8. එස්. බී. ගේ වාචාල කම ගැන තර්කයක් නැත. නමුත් හිරේට නොයා නඩු තීන්දුවක් විවේචනය කිරීමේ අයිතිය තිබිය යුතුය යන්න මගේ හැඟීමයි. නඩුකාරයින් යනු සර්වඥ ඥාණයක් ඇත්තෝ නොවෙති. උසාවියට කලකට පෙර තිබූ ගෞරවය නැතිකර ගත්තේ නඩුකාරයින් විසින්මය.

    උසාවියකින් දුන් තීන්දුවක් සර්ව සාධාරන හෝ නිවැරදි නොවෙන අවස්ථා බොහෝ තිබිය හැක.පහල උසාවි වලින් දුන් තීන්දු අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කල අවස්ථාවන් වලින් කියැවෙන්නේ ඒ තීන්දු වැරදි බව නොවේද?...එසේ නම් ඒ තීන්දු විවේචනය කිරීමේ වරද කුමක්ද? උසාවියේ ගෞරවය රැකගත හැක්කේ තීන්දු විවේචනය කරන්නවුන් සහ උසාවියට එරෙහි වන්නවුන් හිරේට නියම කිරීමෙන් බව තරයේ විශ්වාස කල අධිකරණ ප්‍රධානියකුගේ සමය මෙරට අධිකරණය කෙරෙහි විශ්වාසය බිඳ වැටීම ආරම්භ වූ අවධියයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා