Posts

Showing posts with the label අධිකරණයට අපහාස කිරීම

ඇමති එස්.බී. නැවත මහඋළුගෙදරට බෝඩිං පාස් එකක් ඉල්ලයි

Image
ඇමති එස්.බී. දිසානායක නැවත වතාවක් කට වරද්දාගෙන ඇත. මහඋළුගෙදරට බෝඩිං පාස් එකක් සඳහා ඉල්ලුම් කර තිබේ. කලින් වතාවක් කට වරද්දාගෙන ඔහුට මහඋළුගෙදර බත් කෑමේ වරප්‍රසාදය ලැබිණි. අවසානයේ එළියට ආවේ අඬා දොඩා යාප්පු වී ජනාධිපති සමාවක් ඉල්ලාගෙනය. ඒ සමාවේ හිලව්වට ජනාධිපතිතුමා වෙනුවෙන් ඕනෑවට වඩා බුරන්නට යාම එතරම් ඇඟට ගුණ නොවන්නටද ඉඩ තිබේ. ඇමති දිසානායකට නැවත වතාවක් බෝඩිං පාස් එකකට ඉල්ලුම් කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වන ප්‍රකාශක් කරමිනි. ඉසෙඩ් ලකුණු ක්‍රමය සම්බන්ධයෙන් මතු වු ගැටලු හේතුවෙන් 2011 වසරේ උසස් පෙළ විභාගය සමත් වූ  සිසුන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගැනීමේ කටයුතු ප්‍රමාද වීමට හිටපු අගවිනිසුරුවරිය වගකිව යුතු බව ද එස්.බී. දිසානායක පවසා ඇති බව අද දෙරණ වාර්තා කළේය. මෙය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නඩු තීන්දුවක් පිළිබඳ කරන ලද අපහාසාත්මක ප්‍රකාශයකි.  2011 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සරසවියට ගැනීම පමා වුණේ මෙම නඩු තින්දුව නිසා නොව උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉසෙඩ් ලකුණු ගණනය නිවැරදිව නොකිරීම නිසාය. ලංකා ගුරු සංගමයේ පෙත්සම මත ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වුණේ එයින්...