Posts

Showing posts with the label එස්.බී. දිසානායක

තමන් කරන පාදඩකම් පුතුන්ටත් උරුම කරන තාත්තලා

Image
ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ ඇමති එස්.බී. දිසානායකගේ පුත් නාරද දිසානායක ජනාධිපති විසින් හඟුරන්කෙත ශ්‍රිලනිප සම සංවිධායක ලෙස පත් කරන ආකාරයයි.  මෙහි සිටින ජනාධිපතිවරයා ද තමන්ගේ එක පුතකු පාර්ලිමේන්තුවට පත් කර ඇත. ආණ්ඩු පක්ෂයේත්, එක්සත් ජාතික පක්ෂයේ හා තවත් බොහෝ පක්ෂවලත් තාත්තලා මෙසේ කර තිබේ.  මේ තාත්තලා ඇත්තෙන් ම තමන්ගේ දරුවන්ට ආදරය කරනවා ද? මහජන මුදලින් තමන් විඳින සැප යයි තමන් සිතන ජීවිතය තම දරුවන්ටත් අත් කර දීම ඔවුන්ගේ අරමුණ බව පෙනේ.  එහෙත් ඔවුන් ඇත්තෙන් ම කරන්නේ තමන් කරන හොරකම්, දූෂණ හා වෙනත් පාදඩ ක්‍රියා තම දරුවන්ටත් උරුම කර දීම නොවේ ද? අපට එදිනෙදා ජීවිතයේදී හමු වන සාමාන්‍ය අපරාධකරුවන් අතර ද මීට වඩා හොඳ මිනිස්සු සිටිති. වාස් ගුණවර්ධන වැනි කුලියට මිනී මරන්නන් හැර වෙනත් කුලී මිනීමරුවන් සාමාන්‍යයෙන් තමන්ගේ දරුවන් තමන්ගේ රස්සාවට යොමු වනවාට කැමති නැත.  තමන් කරන වෘත්තිය තම දියණියන්ටත් උරුම වීම වළක්වා ගන්නට උත්සාහ කරන ගනිකාවෝ ඕනෑ තරම් සිටිති.  දරුවන්ට හොඳ ම දේ දෙන්නට මව්පියෝ හැම විට ම උත්සාහ කරන සමයක තමන් විසින් කපනු ලබන තමන්ගේ ද දෙපා යටින් කැපෙන වල කපන්නට ද...

ඇමති එස්.බී. නැවත මහඋළුගෙදරට බෝඩිං පාස් එකක් ඉල්ලයි

Image
ඇමති එස්.බී. දිසානායක නැවත වතාවක් කට වරද්දාගෙන ඇත. මහඋළුගෙදරට බෝඩිං පාස් එකක් සඳහා ඉල්ලුම් කර තිබේ. කලින් වතාවක් කට වරද්දාගෙන ඔහුට මහඋළුගෙදර බත් කෑමේ වරප්‍රසාදය ලැබිණි. අවසානයේ එළියට ආවේ අඬා දොඩා යාප්පු වී ජනාධිපති සමාවක් ඉල්ලාගෙනය. ඒ සමාවේ හිලව්වට ජනාධිපතිතුමා වෙනුවෙන් ඕනෑවට වඩා බුරන්නට යාම එතරම් ඇඟට ගුණ නොවන්නටද ඉඩ තිබේ. ඇමති දිසානායකට නැවත වතාවක් බෝඩිං පාස් එකකට ඉල්ලුම් කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වන ප්‍රකාශක් කරමිනි. ඉසෙඩ් ලකුණු ක්‍රමය සම්බන්ධයෙන් මතු වු ගැටලු හේතුවෙන් 2011 වසරේ උසස් පෙළ විභාගය සමත් වූ  සිසුන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගැනීමේ කටයුතු ප්‍රමාද වීමට හිටපු අගවිනිසුරුවරිය වගකිව යුතු බව ද එස්.බී. දිසානායක පවසා ඇති බව අද දෙරණ වාර්තා කළේය. මෙය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නඩු තීන්දුවක් පිළිබඳ කරන ලද අපහාසාත්මක ප්‍රකාශයකි.  2011 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සරසවියට ගැනීම පමා වුණේ මෙම නඩු තින්දුව නිසා නොව උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉසෙඩ් ලකුණු ගණනය නිවැරදිව නොකිරීම නිසාය. ලංකා ගුරු සංගමයේ පෙත්සම මත ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වුණේ එයින්...

පෞද්ගලික විශ්ව විද්‍යාල හතු පිපෙන ආසියාවේ ආශ්චර්යය / Wonder of Asia and mushrooming private universities of Sri Lanka

Image
ලංකාවේ ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල හතු පිපෙන්නා සේ බිහි වන තත්වයක් ද, ඒවාට එරෙහිව මහා ජන විරෝධතාවක් මතු වන තත්වයක් ද පැන නැඟී තිබේ.  රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි වීම කෙසේ ද යත්, ඇමති එස්. බී. දිසානායක කියන්නේ රජයේ විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් ඒවා හැර දමා පෞද්ගලික විශ්ව විද්‍යාලවලට බැඳීම වැළැක්වීම සඳහා නීති ගෙනෙන බවයි. ඒ අනුව, රජයේ විශ්ව විද්‍යාලයකින් අස් වන ආචාර්යවරයකුට අවුරුදු තුනක් යන තෙක් පෞද්ගලික විශ්ව විද්‍යාලයකට බැඳිය නො හැකි ය.  එහෙම නීති දැමිල්ලක් ලෝකයේ වෙනත් කොහේ හෝ රටක තිබේදැයි අපි නම් නො දනිමු. එහෙත්, ලෝකෙට ම එස්.බී. දිසානායකලා ඉන්නේ එක්කෙනෙකු බැවින් නිර්මාල් රංජිත් දේවසිරි අද කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා අස් වී, හෙට මාලබේ පෞද්ගලික ඉතිහාස විශව විද්‍යාලයට බැඳුනොත් අනිද්දා ඔහු ජම්පරය ඇඳගෙන වැලිකඩ ගල් කඩනු දකින්නට හැකි වනු ඇතැයි මේක ආසියාවේ ආශ්චර්යය නිසා කිසිවෙක් තර්ක කරන්නට පුළුවන. මේ අතර අනෙක් කෙළවරේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සැරසෙමින් සිටින්නේ 1980 දශකයේදී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මතු වූ විරෝධය වැනි...

දොස්තර වර්ජනය හා මණ්ඩලේ කචල් / Sri Lanka doctors' strike and the internal conflicts of the ruling class

Image
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද  මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දියත් කරන්නට සැලසුම් කර ඇති වර්ජනය සාමාන්‍ය වර්ජනයක් නො ව රජයේ ආර්ථික ප්‍රතිපත්තියකට එරෙහිව කරනු ලබන්නකි. ඒ වනාහි වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව කරන වර්ජනයකි. ප්‍රශ්නය මතු වන්නේ ගුණාත්මකභාවය පිළිබඳ කාරණාවලින් මුත්, එකී ප්‍රශ්න රජයේ වෛද්‍ය විද්‍යාලවල ද නැත්තේ යයි තර්ක කිරීම දුෂ්කර ය.  ලංකාවේ උසස් අධ්‍යාපනයේ තිබෙන ලොකු ම ගැටලුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැතිකම නො වන මුත්, රජය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සඳහා අධික උනන්දුවකින් කටයුතු කරයි. එහි අරමුණ කුමක් ද යන්න පැහැදිලි නැත. වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පිටරට යන සිසුන්ගේ මුදල් ඉතිරි කිරීම ඔස්සේ විදේශ විනිමය ඉතිරි කර ගැනීම හෝ ලංකාව උසස් අධ්‍යාපන වෙළඳපොළක් බවට පත් කිරීම හෝ මෙහි අරමුණු අතර ඇති බව රජයේ ලොකු ලොක්කන්ගේ ප්‍රකාශවලින් සිතිය හැකි ය. මේවායේ ප්‍රායෝගිකත්වය පිළිබඳ බරපතල ගැටලු තිබේ. එහෙත්, මෙහි අරමුණ ලංකාවේ වෛද්‍යවරුන් සුලබ කිරීම බව නම් රජය කිසි දිනෙක පවසා නැත. වෛද්‍යවරුන් සුලබ වීම දුප්පතුන්ගේ පැත්තෙන් නරක දෙයක් නො වේ. එයින් ඔව...

ඇමති එස්.බී.ගේ ආරක්ෂක රථ ගායට ජීවිතයක් බිලි / Sri Lanka's Minister's back up vehicle takes life of an engineer

Image
ඇමති එස්.බී. දිසානායකගේ පුතා ගුවන් තොටුපළෙන් කැඳවාගෙන ඒමට පවනට බඳු වේගයෙන් ඉගිල්ලෙමින් තිබුණු මහජන මුදලින් නඩත්තු වන ඇමති ආරක්ෂක රියක් විසින් යට කර දමා ගිය 61 හැවිරිදි විශ්‍රාමික ඉංජිනේරුවරයකු අභාවප්‍රාප්තව ඇති අතර, ඔහුගේ බිරිඳ අසාධ්‍ය තත්වයෙන් කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.  මෙසේ මෙම පුරවැසියන් දෙදෙනා යට කර පළා ගිය ඇමති ආරක්ෂක රිය පදවා ඇත්තේ පොලිස් නිලධාරියෙකි. ඔහු පොලිසියට භාර වී ඇත්තේ පොලිසිය හා යුද හමුදා බුද්ධි අංශ විසින් ඒ පිළිබඳ සොයද්දී ය.  තමන් මෙම අනතුර නො දුටු බව මෙම පොලිස් නිලධාරියා පවසා තිබේ.  රට බල්ලන්ට ගොසිනි. බල්ලෝ ර‍ට ගොසිනි.  රට ගිය උන් රට සිට එන විට මෙහේ උන්ට රථ ගාය හැදේ.   ‍මේ ඇමතිලාගේ ආරක්ෂාව මේ රටට මළ වධයකි. ඇමතිලා ආරක්ෂා සහිතව පවුල් පිටින් රට ම හිටියත් මේ රටට තවත් කිසිදු අයහපතක් වන්නේ නැත.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

එස්.බී.ගේ සරසවි සිසු නායකත්ව පුහුණුව කුමකට ද?

Image
(2011 මැයි 19,   W3Lanka )   2011 වසරේ අලුතෙන් සරසවියට ඇතුල් වන සිසුන්ගේ ඉසෙඩ් ස්කෝර් ලකුණු නිකුත් වන්නටත් පෙර 20,000ක් වූ කණ්ඩායමෙන් 10,000ක් 23දා සිට නායකත්ව පුහුණු හා ධනාත්මක ආකල්ප වර්ධන පාඨමාලාවකට හමුදා කඳවුරු 28කට කැඳවා තිබේ.  මෙම ‍ඓතිහාසික පුහුණුව ආරම්භ වන්නේ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ජනාධිපති මන්දිරයෙනි. එයට සහභාගි වීම අනිවාර්ය වේ. වලංගු හේතුවක් නොමැතිව සහභාගි නො වන්නන්ට සරසවි දොර වැසේ. ඒ නිසා එයට අකැමැති විය නො හැකි ය. කැඳවුම් ලිපියට අනුව, මෙම පාඨමාලාවට සහභාගි වූවා කියා සරසවිවලට අනිවාර්යයෙන් ම බඳවා ගන්නේ ද නැත.  උසස් අධ්‍යාපන ඇමතිවරයා වරින් වර කියා ඇති පරිදි මෙය නවක වධය වැළැක්වීමේ පියවරකි. ලංකාවේ සරසවිවල ඇති ලොකු ම ප්‍රශ්නය නවක වධය ද?  මේ කරන්නේ ඇතැම් විට නවක වධය ආණ්ඩුවේ තනි බුක්තියට පවරා ගැනීමක්දැයි සැක සිතේ. ආණ්ඩුව සිතන්නේ ජවිපෙ නවක වධය හරහා සිසුන්ගේ මොළ සෝදා අන්තරේට බඳවා ගන්නවා කියා ද? ඒ නිසා දැන් ඔවුහු ඒ වැඩේට තමන් ම බැස ඇතිවා වන්නට ද පුළුවන.  යුද්ධයෙන් පසු හමුදාවටත් ඒ තරම් වැඩක් නැත. රණවිරු රියල් ස්ටාර් වැඩසටහනට ද ප්‍රේක්ෂක ප...

එස්.බී.ට අවහ්‍ය සරසවිවල අවුලක් ඇති තරන්න ද?

Image
(2011 අප්‍රේල් 22,   W3Lanka )  මැයි මාසයේ සිට සරසවියට අලුකින් ඇතූළත් වන සිසුන්ට හමුදාව ලවා නායකත්ව පුහුණුවක් දීමට උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක සැලසුම් කර තිබේ. සරසවි සිසුන්ට හමුදාව විසින් සපයන නායකත්ව පුහුණුවක් අවශ්‍ය ද යන්න මතභේදයට තුඩු දී ඇත. නායකත්ව පුහුණුවක් සරසවි සිසුන්ට සපයන්නට විශ්ව විද්‍යාල අාචාර්යවරුන්ට බැරි ඇයි? තමන්ට වන අවමානය පවා නො තකමින් බත් කෑමට හා තමන්ගේ වැටුප් ප්‍රශ්නය ගැන කතා කිරීමට පමණක් කට අරින විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නම් ඊනියා බුද්ධි මණ්ඩලයක් සිටින රටක මෙවැනි විකාර සිදු වීම පිළිබඳ පුදුම විය යුතු නැත.   අපට වැටහෙන අන්දමට නම්, මේ වනාහි මෙතෙක් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයන් විසින් කරන ලද නවක වධය ද ආණ්ඩුව සියතට ගැනීම සඳහා යොදන උපායකි. සිසුන්ගේ මොළ සෝදා අන්තරේට සහාය දිනා ගැනීම පිණිස සිසුන් නවක වධය යොදා ගන්නා නිසා එය අනෙක් පැත්තට පාවිච්චි කර තමන්ට සිසු සහයෝගය දිනා ගැනීම සඳහා මෙම නව නවක වධය හෙවත් නායකත්ව පුහුණුව යොදා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව පෙනේ. අයිතිවාසිකම් දිනා ගන්නට තමන් යටතේ සටන් කළ යුතු බවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නවක ...

සරසවි සිසුන්ට දෙන්නට යන හමුදා පුහුණුව කෙබඳු එකක් ද?

Image
හමුදාවේ විවාහ චාරිත්‍රයක් අජන්ත මෙන්ඩිස් මනමාලයා උඩ විසි කිරීම ( 2011 ජනවාරි 09,  W3Lanka )  විශ්වවිද්‍යාල වරම් ලබන සිසුන් සරසවි වෙත ඇතුළත් කර ගැනීමට පෙර හමුදා කඳවුරු තුළදී සති තුනක පුහුණුවක් ලබාදීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ජනවාරි 05දා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය. ඔහු කීවේ නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ අරමුණින් එම සිසුන්ට අදාළ පුහුණුව ලබාදෙන බවයි. හමුදාවට නායකත්වය දුන් හිටපු හමුදාපති දරත් ෆොන්සේකා දැන් හිරේ ය. නායකත්ව පුහුණුව යයි කියන්නේ ඔහු සේ වන්නැයි කීම නො විය හැකි ය. අජන්ත මෙන්ඩිස්ගේ මනාලිය උඩ විසි කිරීම බොහෝ ඇමතිවරු මෙවැනි කතා කියති. බොහෝ විට ඒවා වදාරන්නේ පූර්ව අධ්‍යයනයකින් තබා සිතා බැලීමකින් පවා තොරව ඔහේ කටට එන්නන් වාලේ ය. මෙය ද එවැන්නක් විය හැකි ය. මතභේදාත්මක අදහසක් ප්‍රකාශ කළ විට අදාළ ඇමතිවරයා වෙත ජනමාධ්‍ය අවධානය යොමු වේ. අපි ද ඒ ගැන බ්ලොග් ලියන්නෙමු. අද කාලේ හැටියට දේශපාලනය කරනවා කියන්නේ මාධ්‍යවල පුවත් මවන්නකු වීමයි. ඒ නිසා අදාළ අදහස ක්‍රියාත්මක වුණත්, නො වුණත් එකී ඇමතිවරයාට හානියක් වන්නේ නැත. මෙවැනි අදහසක් ගෙන...

අන්තරේට ඇඩ්‍රස් නැති වෙන්න දෙන්න මෙන්න පාර! | A method to chase Inter University Students' Federation away from Sri Lanka's universities

Image
( 2010 ඔක්තෝබර් 29,  W3Lanka )   පසුගිය මැතිවරණ කිසිවකදී මේ රටේ ජනතාව ජවිපෙ කියන දෙයක් අසන බව ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට පක්ෂපාතී මාධ්‍ය කීවේ නැත. එසේ ම, ජනතාව ජවිපෙට රැවටෙන්නේ නැති තරමට බුද්ධිමත් බව ද කියන ලදී. එහෙත්, දැන් හදිසියේ ම ජවිපෙට හා ජවිපෙ විසින් මෙහෙයවනු ලබන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට රැවටුණ ශිෂ්‍ය පිරිසක් විශ්වවිද්‍යාලවලින් බිහි වී ඇත. ගෝඨාභය රාජපක්ෂට වඩා ජවිපෙට කවුරුවත් බිය විය යුතු නැති වුවත්, ආණ්ඩුවේ ජනමාධ්‍ය කියන පරිදි සරසවි සිසුවෝ පමණක් අන්තරේට බියේ පෙළපාලි යති. බියේ යන පෙළපාලි අතරමැද හතර වටෙන් ආරක්ෂාවට සිටින පොලිසිය වෙත දිව ගොස් භාර විය හැකි මුත් ඔවුහු එසේ නො කරති. ඒ ඇයි? අප සිතන පරිදි නම්, සරසවි සිසුන් වීදි බස්සන්නට අන්තරේට හැකි වී තිබෙන්නේ ඔවුන්ට තිබෙන ගැටලු නිසා ය. ඒ ගැටලුවලට විසඳුම් දුන්නා නම් අන්තරේට ඇඩ්‍රස් නැති වනු ඇත. විශ්ව විද්‍යාලයේ අන්තරේට විකල්ප 'ශක්තිමත්' සංවිධාන හිමි කරගෙන සිටින බව කියන විමල් වීරවංශ වැනි ඇමතිවරු විශ්ව විද්‍යාල තුළ ඇති ප්‍රශ්න හොඳින් දන්නවා ඇත. පහත පළ වන්නේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දන්නා දේ කීපයකි. ...

ආණ්ඩුවේ අලුත් සතුරෝ: උදුල් ප්‍රභාකරන්, අන්තරේ කොටි හා සරසවි දෙමළු

Image
( 2010 ඔක්තෝබර් 27,  W3Lanka )  කොටින්ගේ පරාජයෙන් පසු ආණ්ඩුවට ශක්තිමත් සතුරකු ඕනෑ වී තිබිණි. දෙමළ ඩයස්පෝරාව කලක් සතුරාගේ භූමිකාව රඟ දක්වමින් සිටියේ ය. එහෙත් ශක්තිමත් සතුරකු නො වූ හෙයින් ආණ්ඩුවට පහසුවෙන් එය පසුබැස්විය හැකි විය.  එක්සත් ජාතික පක්ෂය පමණක් නො ව ජනතා විමුක්ති පෙරමුණ පවා ශක්තිමත් සතුරකු සැපයීමට අසමත් ය.  සතුරකු නැතිව පැවතිය නො හැකි ය. ආණ්ඩුව තම පාක්ෂික බලවේගය හැම විට ම නඩත්තු කළේ සතුරකුට එදිරිව සටන් කිරීමටයි. එසේ ම, සිය සියලු නො හැකියාවන් වසා ගත්තේ ද සතුරා පෙන්වමිනි.  බඩු මිළ ඉහළ යාම, ණය බර වැඩි වීම, පොරොන්දු කඩ කිරීම මධ්‍යයේ විරැකියාව, ජීවන වියදම ඉහළ යාම වැනි තත්වයන් හමුවේ මහජන අසහනය වැඩි වීම නිසා දැන් සතුරාගේ පුරප්පාඩුව ආණ්ඩුවට තද බල ලෙස දැනේ.  ඔන්න දැන් සතුරා සොයාගෙන ඇත.  ආදේශ වීම මෙසේ ය: දෙමළා සරසවි සිසුවා ය.  කොටි අන්තරේ ය. ප්‍රභාකරන් උදුල් ප්‍රේමරත්න ය. වන්නිය සරසවි ය. මුදා ගැනීමේ මෙහෙයුම සඳහා සරත් ෆොන්සේකා එස්.බී. දිසානායකයි. මුදා ගැනීමේ මෙහෙයුම ඉක්මණින් සිදු නො වනු ඇත. මාධ්‍ය මෙහෙයුම දැනටමත් ජ...

ලංකාවේ උසස් අධ්‍යාපනයේ තිබෙන ලොකුම ප්‍රශ්නය කුමක්ද? | What is the most urgent issue of Sri Lanka's higher education?

Image
වලිගය විසින් බල්ලා වැනීම (2010 මැයි 07 -  W3Lanka )  ලංකාවේ උසස් අධ්‍යාපනයේ තිබෙන ලොකුම ප්‍රශ්නය කුමක්ද? ඇමති සුමනසිරි බංඩා දිසානායකට අනුව නම් මෙරට විශ්ව විද්‍යාලවල පාඨමාලා මුදලක් ගෙවා හදරන්නට විදේශ සිසුන්ට අවස්ථාව නොදීමයි. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිට අනුව නම්, පෞද්ගලික විශ්ව විද්‍යාල නැතිකමයි. පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට එරෙහිව විරෝධතා ඇති වුවත් එම විරෝධතාවන්ට මුහුණ දිය යුතු යෑයිද උන්වහන්සේ කියති. මේ කරුණු හෙළිදරව් වුණේ උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක සිය ධුරයේ වැඩ භාර ගත් අවස්ථාවේ ය. ලංකාවේ විශ්ව විද්‍යාලවල තිබෙන ලොකු ම ප්‍රශ්නය ලෙස අප නම් දකින්නේ ලංකාවේ මහජන මුදල්වලින් නඩත්තු වන මෙම ආයතන පද්ධතිය සමස්තයක් ලෙස ගත් විට රටේ අනාගත සුබසිද්ධිය සඳහා ඉවහල් වන දැනුමක් නිෂ්පාදනය කිරීමේ ලා අසමත් වීමයි.  දැන්, දැන් ලංකාවේ ඇමතිලාගේ පමණක් නොව ඔවුන්ට පිරිත් නූල් බඳින භික්ෂූන්ගේත් නාඩි වැටෙන්නේ ලෝක බැංකුවේ පදයට බව පෙනේ. පරිස්සම් වන්න. හොඳ හොඳ සෙල්ලම් එළි වන ජාමෙට!

එස්. බී. ගියේ ශ්‍රීලනිපයේ බලය අල්ලන්න

Image
(2009 දෙසැම්බර් 09 - W3Lanka ) එස්. බී. දිසානායක හදිසියේම ජනපතිට සහාය දෙන්නැයි කියමින් ශ‍්‍රීලනිපයට එක්වුයේ ජනපති සටනින් මහින්ද රාජපක්‍ෂ අනිවාර්යයෙන්ම පරාජය වන බැවින් අනාගතයේදී ශ‍්‍රීලනිප යේ බලය අල්ලා ගැනීමේ හැකියාවක් ඇති බවට කෙරුණු ඉඟි කිරීමක් මත බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සියරට පුවත්පත පවසයි. මෙවර ජනාධිපතිවරණ සටනින් අනිවාර්යයෙන්ම සරත් ෆොන්සේකා ජය ගන්නා බවත්, ඔහු ජය ගත් සැණින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ බැසිල් රාජපක්‍ෂ යන සහෝදරයන් දෙදෙනාත්, ඩලස් අලහප්පෙරුමත් රට පනින සුදානමක් ඇති බවත්, එවිට ශ‍්‍රිලනිපය තුළ බලය අල්ලා ගැනීම පහසු බවත් එම නිසා එස්බී ගියේ ශ‍්‍රීලනිපයේ බලය උදුරා ගන්නය බවත් සියරට පවසයි. වහාම ශ‍්‍රිලනිපයට ඒමෙන් ඔහුගේ දේශපාලන අනාගතය ජයගත හැකි බව අරලිය ගහ මන්දරය පැත්තෙන්ම වටහාදීමෙන් පසු දිසානායක මෙම හදිසි පියවර ගත් බවත් සියරට පවසයි. තමා ශ‍්‍රිලනිපයට ගිය පසු මෛත‍්‍රිපාල සිරිසේන ඇතුළු ශ‍්‍රිලනිප ජේෂ්ඨයන් එම තනතුරුවලින් පන්නා දමන සැටි තමා දන්නේ යැයි දිසානායක තම හිතවතකු සමග පවසා ඇති බව ද, එසේම ජනපතිවරණයෙන් පරාජය වුවහොත් මහින්ද රාජපක්‍ෂ යළි ව...

මහින්ද දිනුවොත් එස්.බී. අගමැති

Image
(2009 දෙසැම්බර් 08 - W3Lanka ) ඊයේ හදිසියේ ම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුණු එජාප හිටපු ජාතික සංවිධායක එස්. බී. දිසානායකට ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයෙන් පසු පැවැත්වෙන මහ මැතිවරණයකදී තරග කර අගමැති තනතුර ලබා ගැනීමට උදව් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බව වාර්තා වේ.  පෙරේදා ජනාධිපතිවරයා එස්.බී. දිසානායකට හිමි හඟුරන්කෙත පිහිටි දැවැන්ත මන්දිරයට ම ගොස් ඔහු හමු වී විනාඩි 45ක් පමණ සාකච්ඡා කිරීමෙන් පසුව දිසානායක සිය පැරණි මිතුරාට උදව් කිරීමට එකඟ වී තිබේ. ‍එස්.බී. දිසානායක මෙම මන්දිරය ඉදි කළේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ සමෘද්ධි ඇමති ලෙස සිටිමින් වන බැවින් මෙම නිවස සමෘද්ධි මහල් ලෙස ඇතැමෙකු විසින් හඳුන්වන ලදී.  ජනාධිපතිවරයා එස්.බී.ගේ නිවසට ගොස් ඔහු සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා කැඳවා ගැනීමට අදහස් කළේ තරගය තියුණු මුහුණුවරක් ගන්නා බවට ඇති වැටහීම නිසා බව ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.  කෙසේ වෙතත්, එස්.බී.ගේ කැඩී යාම එක්සත් ජාතික පක්ෂයට තද බල පහරක් බව ද මේ වන විට එජාප සභාපති රුක්මන් සේනානායක...