ලංකාවේ උසස් අධ්‍යාපනයේ තිබෙන ලොකුම ප්‍රශ්නය කුමක්ද? | What is the most urgent issue of Sri Lanka's higher education?

වලිගය විසින් බල්ලා වැනීම
(2010 මැයි 07 - W3Lankaලංකාවේ උසස් අධ්‍යාපනයේ තිබෙන ලොකුම ප්‍රශ්නය කුමක්ද?


ඇමති සුමනසිරි බංඩා දිසානායකට අනුව නම් මෙරට විශ්ව විද්‍යාලවල පාඨමාලා මුදලක් ගෙවා හදරන්නට විදේශ සිසුන්ට අවස්ථාව නොදීමයි.


ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිට අනුව නම්, පෞද්ගලික විශ්ව විද්‍යාල නැතිකමයි. පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට එරෙහිව විරෝධතා ඇති වුවත් එම විරෝධතාවන්ට මුහුණ දිය යුතු යෑයිද උන්වහන්සේ කියති.


මේ කරුණු හෙළිදරව් වුණේ උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක සිය ධුරයේ වැඩ භාර ගත් අවස්ථාවේ ය.


ලංකාවේ විශ්ව විද්‍යාලවල තිබෙන ලොකු ම ප්‍රශ්නය ලෙස අප නම් දකින්නේ ලංකාවේ මහජන මුදල්වලින් නඩත්තු වන මෙම ආයතන පද්ධතිය සමස්තයක් ලෙස ගත් විට රටේ අනාගත සුබසිද්ධිය සඳහා ඉවහල් වන දැනුමක් නිෂ්පාදනය කිරීමේ ලා අසමත් වීමයි. 


දැන්, දැන් ලංකාවේ ඇමතිලාගේ පමණක් නොව ඔවුන්ට පිරිත් නූල් බඳින භික්ෂූන්ගේත් නාඩි වැටෙන්නේ ලෝක බැංකුවේ පදයට බව පෙනේ. පරිස්සම් වන්න. හොඳ හොඳ සෙල්ලම් එළි වන ජාමෙට!

Comments

  1. http://muditha05.wordpress.com/2010/05/06/%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A-%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%9A/

    ReplyDelete
  2. දැන්, දැන් ලංකාවේ ඇමතිලාගේ පමණක් නොව ඔවුන්ට පිරිත් නූල් බඳින භික්ෂූන්ගේත් නාඩි වැටෙන්නේ ලෝක බැංකුවේ පදයට බව පෙනේ. මේ මගින් ඔබ කියන්නේ කුමක්ද?

    ReplyDelete
  3. ගීතික, පසුගිය සමයේ ලෝක බැංකුව උපදෙස් දුන්නේ ලංකාවේ ජාතික සම්පත් වෙළඳපළකරණයටයි. එනම් රාජ්‍ය ව්‍යවසාය හා මහජන සේවා හැකි තරම් පෞද්ගලීකරණයටයි.

    ReplyDelete
  4. අපේ විශ්ව විද්‍යාලවල ඇති ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔබ පවසා ඇති

    "මෙම ආයතන පද්ධතිය සමස්තයක් ලෙස ගත් විට රටේ අනාගත සුබසිද්ධිය සඳහා ඉවහල් වන දැනුමක් නිෂ්පාදනය කිරීමේ ලා අසමත් වීමයි."

    යන ප්‍රකශය සම්බන්ධයෙන් මම එකඟ වෙමි. මෙසේ සුබසිද්ධිය සඳහා ඉවහල් වන දැනුමක් නිෂ්පාදනයට නොහැකි වී ඇත්තේ අද කාලයට ගැලපෙන ආකාරයේ පාඨමාලා හඳුන්වාදීමට විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩල සේම අදාල බලධාරීන්ගේ/නිලධාරින්ගේ ඇති "කම්මැලිකමයි". ඔහේ යන්නන් වාලේ යනවා මිස පවතින ක්‍රමය වෙනස් කිරීමට ඔවුන්ට උවමනාවක් නැත.

    පෞද්ගලික විශ්ව විද්‍යාල අනිවාර්යයෙන්ම ඇති කල යුතුවාක් මෙන්ම එයට අදාල තත්ව පාලනයද ඉතා හොඳින් විය යුතු බව මාගේ හැගීමයි.

    ලෝක බැංකුව එයට හා හෝ බෑ කීම අප අදාල කර ගත යුතු නැත.

    මෙයට විරුද්ද වන අය තමන්ගේ කුහක මානසිකත්වයෙන් මිදීමට උත්සාහ කල යුතු අතර එසේ විරුදධ වීමට සාධාරණ හේතුද ඉදිරිපත් කරන්නේ නම් මැනවි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා