බස්නාහිර පළාත හෙවත් හයිලෙවල් පාර | Is Western Province in Highlevel Road?

(2010 මැයි 08 - W3Lankaදිනමිණ පුවත්පත කියන අන්දමට බස්නාහිර පළාතේ පාසල් සිසුන් සඳහා නොමිලේ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.


කොට්ටාව - රුක්මල්ගම සිට පිටකොටුව දක්වා සතියේ දින පහේම මෙම බස්රථ සේවාව ක්‍රියාත්මක වේ. මේ සද්කාර්යය සඳහා බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට අයත් පෞද්ගලික බස්රථ හිමියන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බව ද කියැවේ.


මේ පුවතට අනුව, දැන් බස්නාහිර පළාතේ ළමයින්ට තිබෙන්නේ කොහේ සිට හෝ කොට්ටාවට ඒමයි. එතැන් සිට පිටකොටුවට නොමිලේ බසයෙන් යා හැකිය. තමන්ගේ පාසල අතරමග හමු වන්නේ නැතිනම් පිටකොටුවෙන් බැස වෙනත් බසයකින් එහි යා යුතු ය. බස්නාහිර පළාතේ නිසා එකහමාරට වන්නට පෙර කෙසේ හෝ පාසලට යන්නට පුළුවන.


පුංචි දෙයක් කර මහා ප්‍රචාරයක් ගන්නට ගිය විට මෙවැනි දේ සිදු වේ. හයිලෙවල් පාරේ පාසල් සිසුන් සඳහා නොමිලේ ප්‍රවාහන සේවාවක් කියූ විට එය එක පාරකට පමණක් සීමා වී පෙනෙන නිසා බස්නාහිර පළාත් ප්‍රවාහන ඇමති උපාලි කොඩිකාර එය ලොකු කර පෙන්වන්නට එය බස්නාහිර පළාත සඳහා ම වූ එකක් බව කියයි. මහරගම, කොට්ටාව පැත්තෙන් ඡන්දය අපේක්ෂා කරන්නකු වන ඔහුට බස්නාහිර පළාත ම ආවරණය වන සේ මෙය කරන්නට උවමනාවක් හෝ බස්නාහිර පළාත් සභාවට එවැන්නක් කිරීමේ හැකියාවක් ද නැත.


එබැවින් කියන්නේ මෙය නියැදියක් බව හා පසුව පළාතේ අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්ත කරන බවයි. මෙවැනි බොරු නියැදි කතා වෙනුවට ඇත්ත කියන්නට අපේ දේශපාලකයන්ට බැරි ඇයි?

Comments

  1. කිව්වාට තරහා වෙන්න එපා. හැම දෙයකම වැරදි දකින්නේ නැතුව හොඳ දෙයත් අගය කරන්න පුරුදු වෙන්න

    ReplyDelete
  2. හොද දේ අගය කරන්නේ තවත් ඒ තුල ඇති නරක දේ වැඩි කරවන්න දෙන අනුබලයක් විදියට නම් ඒ අගය කිරීම තබා ඒ ගැන සිතීමවත් අවශ්‍ය නැත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා