වොලිබෝල් සිරා ක්‍රිකට් සිරා වුණා නම් | If volleyball Sira was cricket Sira

මාධ්‍යවලට ඔහු  තරුණ කාලයේ
හොඳ සේයාරුවක් නොතිබිණි.

(2010 මැයි 17 - W3Lankaවොලිබෝල් සිරා නමින් ලංකාවේ පුරාවෘත්තයක් වී සිටි ගම්පහ ඩබ්.එල්. සිරිවර්ධන 72 වියේදී වොලිබෝලයෙන් ද ගම්පහින් ද ලංකාවෙන් ද සමු ගත්තේ ය. 


ඔහු වෙනුවෙන් ජනාධිපතිවරයා ශෝක ප්‍රකාශ නිකුත් කළේ නැත. ක්‍රීඩාවේ විශිෂ්ඨයන් කැඳවා දහසින් බැඳි පියලි පිරිනමන විට ඔහුගේ ක්‍රීඩා උපදේශකවරු සිරා කියා කෙනෙක් සිටින බව ඔහුට කීවේ ද නැත. 


කලක් ගම්පහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වී සිටිමුත් සිරා ‍දේශපාලනයෙන් ඩෑෂ් ගැසුවේ නැත. ඔහු  මිය ගියේ ද සාමාන්‍ය මිනිසකු ලෙසයි. 


එහෙත් ඔහු වොලිබෝල් ක්‍රීඩාවේ අසාමාන්‍ය දක්ෂතා පෙන්නුම් කළ අයෙකු බව ඔහු පිළිබඳ දන්නෝ දනිති. සිරා පිළිබඳ ලියා ඇති හොඳ බ්ලොග් සටහනක් මෙම සබඳතා පුරුක ඔස්සේ ගොස් කියවිය හැකි ය. 


වොලිබෝල් සිරා වොලිබෝල් සිරා නොවී ක්‍රිකට් සිරා වූවා නම් සිරා මිය යන්නේ සල්ලි උඩයි. 


‍වොලිබෝල් සැබැවින් ම ජාතික ක්‍රීඩාව වුණා නම් සිරාට සිදු වන විපර්යාසය කුමක් වුවත් ලංකාව නම් මීට වඩා නිරෝගී ජාතියක් වන්නට තිබිණි. 


කුඩා ඉඩකඩක, අඩු පහසුකම් ඇතිව, ලංකාවේ ඕනෑ නියම් ගමක ප්‍රමිතිගත ලෙස වොලිබෝල් ගසන්නට හැකියාව තිබියදී ලංකාවේ මිනිස්සු රූපවාහිනිය ඉදිරියේ ක්‍රීඩකයන් වෙමින් දියවැඩියා, අධි රුධිර පීඩන ආදියෙන් මිය යති. 


ලංකාවේ සැබෑ ජාතික ක්‍රීඩාව ක්‍රිකට් ය. එහෙත්, මුළු ලංකාවේ ම ප්‍රමිතියක් සහිත ක්‍රිකට් ක්‍රීඩාව කරන දහසක් දෙනාවත් නැත. තණ තිලි තිබෙන්නේ සාමාන්‍ය ජනයාට ක්‍රීඩා කිරීමට ඉඩක් නැති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනවල හා කොළඹ හා නුවර ක්‍රීඩාංගන දෙක තුනක පමණි. කොළඹින් බැහැර බොහෝ පාසල් හා සමාජ ක්‍රිකට් ගසන්නේ ලණු පැදුරු මතයි. එතැනින් එහාට ප්‍රමිතිය ගැන කතා කිරීමේ තේරුමක් නැත. 


ක්‍රීඩාශීලී ජාතියක් නොවීම ලංකාවේ මිනිසුන්ට තිබෙන ප්‍රධාන ගැටලුවකි. ලංකාව ක්‍රීඩාශීලී නොවන්නේ ක්‍රිකට් නිසා ය. ක්‍රිකට් නිසා ලංකාව රෝගී වී ඇත.


වොලිබෝල් සම්මේලනය විසින් ගම්බද ප්‍රදේශවල තනන ලද වොලිබෝල් පිටි කීපයේ ද දැල් වැට මත මදු වැල් ඇදී ඇත. 


ලංකාවේ පාලකයන් වොලිබෝල් පිළිබඳ දක්වන උනන්දුව කෙතරම් ද යන්න ඩිලාන් පෙරේරා එහි සභාපතිකමට පත් කිරීමෙන් ම පෙනේ. ඊයේ පෙරේදා පාර්ලිමේන්තු ආ ජොන්ස්ටන්ටත් කැබිනට් ඇමතිකම් ලැබෙද්දී නාහෙන් අඬ අඬා නියෝජ්‍ය ඇමතිකමේ සිටින ඩිලාන්ට වඩා ලොක්කෙකු සොයා ගැනීමට වොලිබෝලයට හැකි වී නැත. 


ආණ්ඩුව ජාතික ක්‍රීඩාවට සලකන්නේ එපා වාහෙට හොදි බෙදන්නා සේ ය. ජනතාවට ක්‍රීඩා අවශ්‍ය තම ජීවිතය සුඛිත මුදිත කර ගන්නට බව ඔවුහු නොදනිති. එහෙයින් ඔවුන්ට සූදු පිටියක බූරු ක්‍රීඩාවත්, මැතිවරණ ක්‍රීඩාවත්, රති ක්‍රීඩාවත්, සැබෑ ක්‍රීඩාත් අතර වෙනසක් නොතේරේ.

Comments

  1. ලංකාවේ අමනුස්සයෝ ගැන නම් දුක් වෙලා වැඩක් නෑ. වවුලෝ වගේ බෙල්ල කඩා ගෙන බස් එකේ එල්ලිලා ගෙදර ඇවිල්ලා, යන්තම් ලෙවකාලා, සල්ලි වලට රට වෙනුවෙන් ක්‍රිකට් ගහන අපේ කාලයේ වීරයන්ගේ වැඩ ලයිට් පුච්චාගෙන බලලා, නිදිමරගාතෙම ඊලඟ දවසෙත් දුක් විදගෙන වැඩට යන එක තමා මුන්ගෙ උරුමේ. පවුකාරයෝ....!!

    ReplyDelete
  2. "ක්‍රීඩාශීලී ජාතියක් නොවීම ලංකාවේ මිනිසුන්ට තිබෙන ප්‍රධාන ගැටලුවකි. ලංකාව ක්‍රීඩාශීලී නොවන්නේ ක්‍රිකට් නිසා ය. ක්‍රිකට් නිසා ලංකාව රෝගී වී ඇත". -

    ලාන්කවේ මිනිස්සු මෙහෙමවත් ජීවත් වන්නේ ක්‍රිකට් නිසාය, රාජ දැන් එකටත් කෙලවලා ඉවරය
    අපේ රටේ පුස් බෝල වගේ මහත් වෙලා නැති පොඩි කොල්ලෝ ටික එසේ ඉන්නේ එක්කො මහින්දට පින්සිද්දවෙන්න මන්දපෝශනය නිසාය එසේත් නැතිනම් ක්‍රිකට් නිසාය -
    වොලි බොලේට නොසලකන එකට ක්‍රිකට් පලි නැත - ධීවරයාට නොසලකන එකට ගොවියා පලි නෑ වගේ
    මිනිස්සුන්ගේ හැදිය යුත්තෙ ඇඟ පමනක් නොවේ,
    ප්‍රමිතියක් නතුව හෝ ලන්කවේ උන් අතට අහුවෙන තැන ක්‍රිකට් ගසති,
    ලෝක කුසලනේ ගෙනා නායකයෙකු අමතක උන ආන්ඩුවට සිරා අමතක් වීම පුදුමයක් නොවේ
    කාට කාටත් කවුරු හෝ මතක් වෙන්නේ තමන්ගේ වැඩකට පමනි - චන්දේ කලේ අමරදෙවව මතක් උනා වගේ
    ඒකට ක්‍රිකට් පලි නැත

    ReplyDelete
  3. අනේ මන්ද අප්ප..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා