සෝමාවතියේ පෑගී මිය යාම හා බුදුන්ගේ පෙළහර තහනම | Stampede at Somawathi in Sri Lanka and Buddha's ban on miracles

(2010 මැයි 11 - W3Lankaඇල්ල වැලිමඩ පදිංචිව සිටි ඩබ්ලිව්. පොඩිඅප්පුහාමි හැත්තෑ හැවිරිදි ය. ඔහු මිය ගියේ සෝමාවතී පුදබිමේදී ය. ඒ තමන් පැමිණි ලොරි රථයට ගොඩවීමට ගොස් බිමට වැටී බව දිනමිණ පුවත්පත පවසයි.


ගලේවෙල එම්. පී. ලයනල් සමරවික්‍රම 42 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සෝමාවතී පුදබිම තුළ බස් රථයකින් ගමන් කරමින් සිටියදී හෘදයාබාධයකින් හදිසියේ මිය ගොස් ඇත. රාජගිරියේ පදිංචිව සිටි එම්. විමලාවතී (53) ද මිය ගියේ හෘදයබාධයකිනි. කිසිවෙක් සෝමාවතියේදී පෑගී මිය නොගිය බව කියන්නට ඇතැමෙකුට උවමනා වී තිබේ.


එහෙත්, අධික තදබදය නිසා 25දෙනෙකු රෝහල්ගත කරන්නට තරම් මිරිකී ඇක. තවත් 25දෙනෙකුවත් අතරමං වූහ. මහා ජන තෙරපීම හෙවත් stampede කියා සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ මෙවැනි සිද්ධි ය. මක්කම වැනි තැන්වල සිදු වන මෙවැනි සිද්ධි ලංකාවේ ඉතා දුලබ ය. මීට පෙර බොහෝ විට අපට අසන්නට ලැබුණේ පෙරහැරවල අලි කුලප්පු වීමෙන් සිදු වූ අනතුරු පිළිබදවයි.


සෝමාවතියේ 'පෑගී මිය යාම' සිදු වූයේ එහිදී බුදු රැස් විහිදුවන බවට එක් භික්ෂුවක් විසින් කරන ලද ප්‍රචාරයට රැවටී එම ආශ්චර්යය දැක ගැනීමට අති විශාල ජනකායක් එහි රැස් වූ බැවිනි. මෙකී ආශ්චර්යයන් හෙවත් පෙළහර දැක ගැනීමට යන බෞද්ධයන් නොදන්නා කරුණක් වන්නේ බුදුන් මෙවැනි ක්‍රියා තහනම් කර ඇති බවයි.


සවැනි වස සැවතෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ වස් අවසන රජගහනුවර වැඩම කළහ. මෙසමයෙහි නදීයෙහි පාවී ආ සඳුන් ලියක් ලද රජගහනුවර සිටුවරයා ඉන් සඳුන් පාත්‍රයක් තනා සැට රියන් උසට උණ ගසක් නංවා ඒ මත තබා “නගරයේ රහත්හු වෙත්නම් එය ගනිත්වා” යි ප්‍රචාරය කළේය. නොයෙක් තිර්ථකයන් හා පූරණ කාශ්‍යප ආදී විවිධ ශාස්තෘවරු ද පැමිණ එය උපායෙන් ලබා ගැනීමට උත්සාහ ගත් නමුත් නොහැකි විය. සත්දිනක් ඉක්ම යද්දී පිණ්ඩෝල භාරද්චාජ තෙරුන් අහසින් වැඩ සෘද්ධි ප්‍රාතිහාර්යය දැක්වීම නිසා පැහැදීමට පත් සිටුවරයා එය උන්වහන්සේට පුජා කළේය.


මෙම සිද්ධිය දැනගත් බුදුරජාණන් වහන්සේ ලාභ ප්‍රයෝජන සඳහා සෘද්ධි ප්‍රාතිහාර්යය පෑම නොකළ යුතුයැයි භික්ෂු සංඝයාට නියම කළහ. බුදුහු සෘද්ධි ප්‍රාතිහාර්යය පෑම මෙහිදී තහනම් කර වදාළ හෙයින් ඉදිරියට බුද්ධ ශාසනයේ ප්‍රාතිහාර්යය පෑමක් නොසිදුවෙතැයි කල්පනා කළ තිර්ථකයෝ ප්‍රාතිහාර්යය පෑම සඳහා බුදුරදුන්ට අභියෝග කරන්නට වූහ.


මේ කාරණයෙහි ලා බිමිබිසාර රජතුමා බුදුරදුන් විමසන ලදුව, “රජතුමනි, ඔබගේ අඹ උයනෙහි අඹ අනුභව කිරිම යම් කලක තහනම් කළ විට ඒ තහනම වැසියනට මිස තමාගේ උද්‍යානයේ අඹ කෑම රජුට බලනොපන්නාසේම ප්‍රාතිහාර්යය පෑම පිළිබඳ තහනම බුදුරනට බලනොපාති”යි පැහැදිලි කොට, එතැන් සිට සාරමසක් ඉක්ම ගිය තැන සැවැත්නුවර ගණ්ඩම්බ රුක් මුල්හිදී සෘද්ධි ප්‍රාතිහාර්යය පාන බව වදාරා සැවැත්නුවර බලා වැඩම කළහ.


වර්තමානයේ ඇතැම් පුද්ගලයන් ආගම් මාරු කරන්නේ ද ලාභ පතාගෙනයි. එසේම, පුද්ගලයන් සතු විවිධ ගුප්ත බලයන් පිළිබඳ ප්‍රචාරය කළ දැවැන්ත ජන රාශීන් රැස් කර ඔවුනට පොත් පත්, කැසට්, සංයුක්ත තැටි ආදිය විකුණා ලාභ ගරා ගන්නා භික්ෂු ව්‍යාපාරික පිරිසක් ද ලංකාවේ බිහි වී සිටිති. මේ පිරිස් සිය කටයුතු සඳහා යම් යමි ප්‍රසිද්ධ සිද්ධස්ථාන පාවිච්චි කරන අතර එම ස්ථානවලට රැස් වන බැතිමතුන්ගෙන් ලැබෙන පඬුරු හා ඔවුන්ට භාණ්ඩ විකුණන වෙළඳුන්ගෙන් ලැබෙන කොමිස් ආදිය හේතුවෙන් මෙම සිද්ධස්ථාන භාර භික්ෂූහු ද මෙම ව්‍යාපාරවලට ඉඩ සලසා දෙති.


අන්ධ බැතිමතුන් අතර සිටින මාධ්‍යකරුවන් ආදීන් සියුම් ලෙස උපයෝගී කරගෙන මෙම ප්‍රාතිහාර්ය සිද්ධි පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබා ගැනීමට මෙම ආගමික ව්‍යාපාරික පිරිස් සමත් වෙති.


එහෙත්, සෝමාවතියේ සිදු වූ අසිරිමත් සිද්ධිය යයි දිනමිණ පුවත්පත දකින්නේ වෙනත් දෙයකි. තමන්ට රැවටී ජීවිතය අහිමි කර ගත් මිනිසුන්ගේ සිරුරු ආදාහනය කරන්නත් පෙර මේ කූට ව්‍යාපාරිකයන් ජනතාව තව දුරටත් නොමග යැවීම ආරම්භ කර ඇති බව අපේ නිරීක්ෂණයයි. 


(Read this article in English; visit Lanka Polity)


සෝමාවතියේ අසිරිමත් සිද්ධිය
පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය චෛත්‍යය අබියස ඉකුත් 8 වැනිදා රාත්‍රී 7ට ආරම්භ කළ මහා සෑ වන්දනාව පැවැති අවස්ථාවේදී කඩා හැළෙන්නට වූ වර්ෂාව බුදු අනුහසින් සම්පූර්ණයෙන් නැවැත්වීමට හැකි වී ඇත.


මෙදින සවස් යාමේ පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරාම අකුණු සර හා විදුලි කෙටීම් සමඟ මහ වැසි ඇදහැළෙන්නට විය. එහෙත් සෝමාවතිය පුද බිම පිහිටි ප්‍රදේශයටද වර්ෂාව ඇද හැළෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී කිරිබත්ගොඩ ඥානානන්ද හිමියෝ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සහභාගීත්වයෙන් මහ සෑ වන්දනාව ආරම්භ කළහ.


මේ අවස්ථාවේදී සෝමාවතිය පුද බිම සිසාරා මල් වැස්සක් වැටුණේය. බුදුරජාණන් වහන්සේගේ දකුණු දන්ත ධාතූන්වහන්සේ තැන්පත් කොට ඇති මෙම පින් බිමෙහි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාධු නාද මධ්‍යයේ පවත්වන මහ සෑ වන්දනාව පැවැත්වීමට මහ වැස්සෙන් බාධාවක් නොවේවායි බුදු අනුහසින් ප්‍රාර්ථනා කරන විට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ප්‍රකාශ කිරීමත් සමඟම ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ගේ සාධු නාදයෙන් සෝමාවතිය පුද බිම ගිඟුම් දෙන්නට විය.


සෝමාවතිය රජ මහා විහාරාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ වන විට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මහ සෑ වන්දනාව ආරම්භ කොට පැය තුනක කාලයක් ගත විය. සෝමාවතිය පුද බිම හැර ඈත අහස ගිගුම් දෙමින් මහවැසි ඇඳ හැළෙන්නට වූ නමුත් මෙම පුද බිම පිහිටි ප්‍රදේශයට වැසි බිඳකින්හෝ කිසිදු හානියක් සිදු නොවීය.


ශ්‍රී ලංකාවේ කිසිදු සිද්ධස්ථානයකට එකවර එක් නොවූ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් රැසක් සහභාගී වීමෙන් සෝමාවතිය පුදබිම මෙදින යළි ඉතිහාසගත විය

Comments

  1. දැන් මේකට ලක්ෂ 8ක් ආවද ? ගිය පාර මරද මඩු මංගල්ලෙට ලක්ෂ 8ක් ආවා පෝස්ටර් 1ක්වත් නැතිව ටීවී ඇඩ් 1ක්වත් නැතිව රේඩියෝ ඇඩ් එකක්වත් නැතුව.

    ReplyDelete
  2. දැන් මේකට ලක්ෂ 8 හරි ලක්ෂ 10 ක් හරි කියල ආගමික ප්‍රශ්ණයක් කරගන්න එපා. මේ රටේ ඉන්න ක්‍රිස්තියානි පිරිසකට ඔනෙ මේක ඒ අයගෙ ආගමේ රටක් කර ගන්න. ඒකනෙ ඔය දැන් කරන්නෙ. නමින් බෞද්ධ උනාට අදහස් වලින් දුප්පත් අපි වගේ රටක් සල්ලි බලෙන් හරවගන්න එච්චර අමාරු නැහැ. හැබැයි එහෙම උනා කියල ලංකාවෙ බෞද්ධයො බය වෙන්න දෙයක් නැහැ. මෙහෙ ඉවර උනත් ඇමරිකාව වගේ රටවල දැන් වේගයෙන් බෞද්ධාගම පැතිරෙනව. 1990 තිබුනු තත්වය නෙමෙයි දැන් තියෙන්නෙ. එක් කෝටි පනස් ලක්ශයකට වැඩිය ඇමරිකාවෙ දැන් බෞද්ධයො ඉන්නව. ඉන් 50% ආසන්න පිරිසක් ක්‍රිස්තියානි හෝ කතෝලික ආගමෙන් හැරවුන අය. හැබැයි වෙනස තියෙන්නෙ මෙහෙ වගේ සල්ලි වලට හෝ වෙන යාච්ඤා වලට අන්ධ වෙලා නෙමෙයි ඒ මිනිස්සු හැරිල තියෙන්නෙ. නියම විදියට තේරුම් අරගෙන.

    ReplyDelete
  3. No Comments, How stupid these people are?

    ReplyDelete
  4. ලංකාවෙ හැමදාම මිනිස්සු යම් කිසි ගානක් මැරෙනවා. වැඩි දෙනෙක් ඉස්පිරිතාල වලදී වුනත්, බලාපොරොත්තු නොවූ හදිසි මරණත් තියෙනවා. ලක්ෂ ගානක් ඉන්නකොට මේ වගේ දේවල් වීමේ හැකියාවක් තියෙනවා.

    ලක්ෂ තුනක් ඉන්න අනාත කඳවුරු වල දිනපතා වෙන මරණ ගැනත් පහුගිය කාලෙ ඔය වගේ කතානෙ කියුවෙ. ලංකාවෙ හැමදාම ලක්ෂයකට කෙනෙක් මැරෙනවානම් (ඒ වගේ ගානක්, හරි ම ගාන නෙවෙයි), ලක්ෂ තුනක් ඉන්නකොට දවසකට තුන් දෙනෙක් මැරෙන එක අසාමාය්‍ය දෙයක් නෙවෙයි. මොකද අනාත කඳවුරු වල හරි සෝමාවතියෙ හරි ඉන්නකොට අමරණීය වෙන්නෙ නෑනෙ.

    එකම දේ මේ වගේ දේවලට යන්නෙ සෞඛ්‍යය නරකම අය නොවන නිසා මේ වගේ තැනක මැරෙන්න තියෙන අනුපාතය රටේ අනුපාතයට වඩා අඩුයි තමයි. ඒත් හදිසි මරණ (පපුවෙ අමාරු වගෙ) වෙන්න බැරි නෑ.

    ReplyDelete
  5. 1. ස්වාභාවිකව සිදුවන 'හොඳ' දේවල් වල (උදා: දීර්ඝ නියඟයකින් පසුව එන වැස්ස ) ක්‍රෙඩිට් එක ගන්නට පනින උදවිය ස්වාභාවිකව සිදුවන 'නරක' දේවල් වලත් (උදා: ආගමික උත්සවයක් මැද දරුණු වැස්ස) වගකීම භාර ගත යුතුය.

    2. අපේ 'බුද්දාගම්කාරයින්ට' අවශ්‍ය වී ඇත්තේ ක්‍රිස්තියානි ආගමට තරගයක් දෙන්නට නම් එය කළ හැක්කේ ප්‍රාතිහාර්යය පෑම් වැනි ක්‍රිස්තියානි උපක්‍රම භාවිතයෙන් නම් නොවේ.

    - Taboo

    ReplyDelete
  6. There is no point in criticising the Dinamina, as it is catering to its' readers. After all who reads Dinamina?

    ReplyDelete
  7. @Sahan
    මේ රටේ කතෝලිකයන්ට මේ රට අයිති කර ගන්න ඔනේ නෑ. එහෙම අදහස් තියන ක්‍රිස්තියානි නිකායන් තියනවද කියල මම දන්නේ නෑ. එත් ජේසුස් වහන්සේගේ ධර්මය අදහන වැඩිම පිරිස අයත් වන කතෝලික සභාවට එහෙම අදහසක් නෑ. අපිට ඕනේ හැමෝටම තමන්ට අයිති වන නිසි තැන ලැබීම. කිසිඳු ආගම් භේදයක් නැතිව. හැබැයි ඉතින් එතකොට ඔය වැඩ බැරි බෞද්ධයන්ට(ඔක්කොම නොවේ.) තැනක් නැතිව යනවට කරන්න දෙයක් නෑ.

    ReplyDelete
  8. As long as people have fasle beliefs, some other groups makes use of it, be it newspapers, other religeons, and politicians and monks. at somawathi people died of a stampede and many wounded. there was no water, no food, no santitary facilities, but there were floods, people walked about 8 km. Poor planning by organisers.
    on the other hand, 03 people killed/ over 30 wounded in Somawathi; 01 child is missing in kelaniya ( child robbers).
    More of these are to be expected.
    Apita Was /Dos wedilada ape aparadha walata?

    ReplyDelete
  9. Did you write about the two deaths happened during the praying session at the Viharamahadevi park conducted by a "Fundamentalist" Christian group?

    Hope "Malmama" can shed some light about that!

    ReplyDelete
  10. පාලකයො ධර්මිෂ්ඨ වුනාම වහිනවලු.
    දැන් ඉන්න පාලකයා ඕනෙවටත් වඩා ධර්මිෂ්ඨ වැඩියි

    ReplyDelete
  11. //මේ අවස්ථාවේදී සෝමාවතිය පුද බිම සිසාරා මල් වැස්සක් වැටුණේය.//

    අම්මට සිරි!පට්ට ආතල්නෙ.මොන මල්ද දන් නැහැ වැටුනෙ.මෙහෙම පත්තරකාරයෝ ඉන්න රටකනේ අනේ අම්මේ අපි මාධ්‍ය නිදහස ඉල්ලන්නෙ.

    ReplyDelete
  12. We respect religions in their true meanings. Fundamentalism either in Christianity or Buddhism are lucrative businesses led by fanatics and other unscrupulous elements that mislead blind devotees for their personal gains.

    This Buddhism is not what preached by Lord Buddha. We respect Lord Buddha's teachings but not the doctrines of today's Lords.

    Do not try to cover to anti-Western or anti-Christian ideas to hide the fact that this kind of things are not true Buddhism

    ReplyDelete
  13. Poor Editor check your language.I am sure it is not right.
    'Do not try to cover to anti-Western or anti-Christian ideas to hide the fact that this kind of things are not true Buddhism"

    ReplyDelete
  14. Editor,

    I'm not questioning the conduct of the organizers of the Somawathie Pooja or whatever. I'm questioning your bias against Buddhism in Sri Lanka.

    "Do not try to cover to anti-Western or anti-Christian ideas to hide the fact that this kind of things are not true Buddhism"

    Same applies to you...

    Do not try to cover anti-Sri-Lankan and anti-Buddhist agenda of yours.

    ReplyDelete
  15. niran-1960, this is not an English class and you are not asked to be the teacher.

    I do not give a damn to your 'good English'. This is the way poor Sri Lankans speak or write. So why?

    You can go to your Queen of England and complain to her that there are poor Sri Lankans who kill her. We are proud of doing it our way.

    Adieu!

    ReplyDelete
  16. මල් මාමා

    "දැන් මේකට ලක්ෂ 8ක් ආවද ? ගිය පාර මරද මඩු මංගල්ලෙට ලක්ෂ 8ක් ආවා පෝස්ටර් 1ක්වත් නැතිව ටීවී ඇඩ් 1ක්වත් නැතිව රේඩියෝ ඇඩ් එකක්වත් නැතුව"

    ඒ කියන්නේ ක්‍රිස්තියනි අය විහින්ම ගොනාට අදිනවා කියන එකද?

    ReplyDelete
  17. @SL
    මොකක්ද කොළුවො ගොනාට අඳින කථාවේ තේරුම ? එහෙනම් කවුරුත් නෑවේ නෑ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා