ජාතියට දැන් ලොකු පුතෙක් ලැබිලා (වාසනා දිනේකි මේක) | Colombo Page coins 'Sri Lanka's First Son'

(2010 මැයි 08 - W3Lankaපහත පළ වන්නේ පසුගිය දිනෙක රජයට සම්බන්ධ කලම්බු පේජ් වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියක මාතෘකාවයි. Sri Lanka's First Son emphasizes need for rural development in maiden speech in parliament


First Son: George W. Bush and the Bush Family Dynasty යනුවෙන් Bill Minutaglio විසින් ලියන ලද පොතක් ඇත. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් දෙපළක් බිහි කළ බුෂ් පෙළපත පිළිබඳවයි.


රටක රාජ්‍ය නායකයකුගේ බිරිඳ first lady ලෙස හඳුන්වන ව්‍යවහාරයක් ඇතත්, රාජ්‍ය නායකයකුගේ පුතකු first son ලෙස හඳුන්වන පිළි ගත් ව්‍යවහාරයක් අප නම් දැක නැත. මෙහෙම ගිය විට නුදුරු අනාගතයේදී ම අපේ රටට first uncle, first daughter-in-law, second son ආදීන් ද හමු වනු ඇත.


කඩේ යනවා ය කියා ඔහොමත් යන එක නම් ඇත්තෙන් ම ඉල ඇදෙන වැඩකි.


අපට විහිළු වන සමහර දේ මේ රටේ ඇතැමුන්ට මරු සීරියස් බව දැන් අපට වැ‍ටහේ. ජාතියේ පුතා, ජාතියේ බාප්පා වැනි විහිළු යෙදුම් සම්බන්ධයෙන් වම් අතින් දකුණු කණ ද, දකුණු අතින් වම් කණ ද අල්ලාගෙන සිටීන්, ඉඳීන් කියමින් ඇණ ගසා‍ගෙන වාඩි වන්නට හා නැගිටින්නට අප වෙබ් අඩවියේ Jokeland News ලියන ලේඛකයාට නියෝග කර තිබේ.


මේ ලිපියත් නිකමට බලන්න. 

Jokeland News: දෙහිවල ඉස්පංචියා ජාතියේ පොඩි බාප්පාගේ කණ අත ගායි



ජෝක්ලන්තයේ සිදු වූ මේ සිද්ධිය හා සමාන සිද්ධියක් පසුගිය දිනෙක ඇමති බැසිල් රාජපක්ෂ දෙහිවල සතුන් වත්ත බලන්නට ගිය විට සිදු වූ බව අපේ පාඨකයෙක් ලියා එවා ඇත. එහෙත් ජෝක්ලන්ඩ් නිව්ස් යනු විහිළු කොලමක් මිස සීරියස් ලියවිල්ලක් නොවන බව කරුණාවෙන් සලකන්න.


පහත සඳහන් සබඳතා පුරුකෙන් අදාළ වීඩියෝව බැලිය හැකිය.

Chimp takes a shot at Basil

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා