Posts

Showing posts with the label නාමල් රාජපක්ෂ

රාජපක්ෂ පවුලේ ශ්‍රීලංකට් ගුවන් සේවය

Image
ශ්‍රීලංකන් ගුවන් සේවයේ සිදු වී තිබෙන දූෂණ, වංචා හා ලිංගික අපචාර රාජපක්ෂ පවුලේ මජරකමේ තරම සංකේතවත් කරයි. අදාළ පරීක්ෂණ වාර්තාව විසින් ශ්‍රී ලංකන් සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ හා එහි ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ ක්‍රියා හෙළිදරව් කරමින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව සඳහන් කර තිබේ. හිටපු ජනාධිපති 'ආර්යා' ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයකු වූ නිශාන්ත වික්‍රමසිංහ 67 හැවිරිදි ජ්‍යේෂ්ඨ පුරවැසියා ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා කර තිබෙන්නේ අන්ත:පුරයක් ලෙස බව වාර්තා වේ. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ද ඉතා පහළ මට්ටමක ඒවා ය. ගුවන් තොටුපළ සමීපයේ ජීවත් විය යුතු බව කියා ඔහු විසින් කුලියට ගන්නා ලද සුවපහසු නිවාස දෙකක් ඔහු විසින් පරිහරණය කර තිබෙන්නේ කාම සම්භෝගය සඳහා බව වාර්තා වේ. කල්බදු පහසුකම් මත සුඛෝ‍පභෝගී වාහන දෙකක් මිළ දී ගැනීම සඳහා නිශාන්ත හා කපිල චන්ද්‍රසේන වැරදි තොරතුරු ඉදිරිපත් කර ඇති බව පරීක්ෂණයේදී හෙළිදරව් වී තිබේ. ගුවන් සේවිකාවන් තෝරාගැනීමේ කටයුතු පෞද්ගලිකව ම මෙහෙයවා තිබෙන්නේ මේ මහල්ලා ය. ඒ හා සම්බන්ධ කාර්යයන්හිදී ඔහු ලිංගික අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වේ. ...

නව අගවිනිසුරු පදවිය කාට දුන්නොත් හොඳද?

Image
ආණ්ඩුව අදත්, හෙටත් දෝෂාභියෝග විවාදය පවත්වා, හෙට එය සම්මත කරගෙන,  හෙට රෑම අග්‍රවිනිශ්චයකාරිය තනතුරෙන් පහකරන ලියුම නිකුත් කර, සඳුදා සිට නව අග්‍ර විනිශ්චයකාරයකු පත් කරන්නට සැලසුම් කර ඇති බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි. අගවිනිසුරුකම බලාපොරොජත්තුවෙන් සරත් නන්ද සිල්වාද දැන් කඩේ යමින් සිටින අතර, ඔහුට එම තනතුර දුන්නොත් හොඳය. මන්ද, ලංකාවේ සිටින විශ්වාස කළ නොහැකිම පුද්ගලයන් අතරින් කෙනෙකු වන ඔහු ඉක්මණින්ම ආණ්ඩුවට ගේම දෙන්නට ඉඩ තිබේ.  නැතිනම් කිසියම් හෙංචයියකු මේ තනතුරට පත් කරනු ඇත. කොපමණ දීනකම් කරන්නට සිදුවුණත් ආණ්ඩුව මේ තනතුර දෙන්නට යෝජනා කළොත් ඕනෑම කෙනෙකු එය භාරගන්නා තත්වයට ලංකාවේ සිවිල් සමාජය පිරිහිලාය. කොටින්ම අද දෝෂාභියෝගයට එරෙහිව සටන්වලට නායකත්වය දෙන නීතිඥයකු පවා හෙට මේ තනතුර දුන්නොත් භාරගන්නා තත්වයකි, සිවිල් සමාජයේ තිබෙන්නේ.  අලුත් පත්වීමට සෙසු විනිශ්චයකාරවරුන් හා නීතිඥයන් විරුද්ධ වන නිසා සිය පැවැත්ම සඳහා නව අග්‍ර විනිශ්චයකාරවරයාට අනිවාර්යයෙන්ම කටයුතු කරන්න සිදුවනු ඇත්තේ හිටපු සංවිධායකයකු පහ කර පැරෂූට් එකෙන් ආසනයට පත් කරන ලද ආසන සංවිධායකවරයකු පරිද්දෙනි....

නව නියෝජ්‍ය ඇමැති පොකුරේ මම නෑ! (වසරේ වඩාත් ම උත්ප්‍රාසාත්මක පුවත)

Image
අද දිවයින පුවත්පතේ පළ වන පහත සඳහන් පුවත වෙනුවෙන් එය ලියූ උපාලි ද සේරම්ට පුවත්පත් සම්මාන උළෙලේදී වසරේ වඩාත් ම උත්ප්‍රාසාත්මක පුවතට හිමි සම්මානය ලබා දෙන ලෙස W3Lanka යෝජනා කරයි. ඉදිරි සති කිහිපයේදී නියෝජ්‍ය ඇමැති ධුර හිමිවන ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන් අතරට තමා අයත් නොවන බව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය. තමාට දැන්ම නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ ලබා නොදෙන ලෙස තම පියා වන ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ කළ බවද සඳහන් කළ මන්ත්‍රීවරයා නැවත මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට නියෝජ්‍ය ඇමැති ධුර ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමා ඉතා සතුටට පත්වන බවත් කීවේය. මහින්ද චින්තන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා තරුණ ජවයද අවශ්‍ය බව පැවසූ නාමල් රාජපක්‌ෂ මන්ත්‍රීවරයා නියෝජ්‍ය ඇමැති ධුර තනතුරු ලබාදීමට යෝජනා වී ඇත්තේ එවැනි ජව සම්පන්න මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට බවද සඳහන් කළේය. මන්ත්‍රීවරයකු ලෙස තමාගෙන් සිදුවන සේවය පිළිබඳව සෑහීමකට පත්වන බව පැවසූ නාමල් රාජපක්‌ෂ මන්ත්‍රීවරයා එබැවින් නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ ලබා ගැනීම ප්‍රතික්‍ෂේප කළ බව ව...

නාමල් පෙර පාසල් ගුරුකමින් නීතිඥ වෘත්තියට

Image
මේ ඡායාරූපය නාමල් රාජපක්ෂ නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන් දිනයේ ප්‍රසිද්ධ වූ ඡායාරූප අතරින් අරුත්බර එකකි. නාමල් රාජපක්ෂගේ නීති වෘත්තියට පිවිසීම ද විවේචනයට ලක් වී ඇත. නීති විද්‍යාලයේ විභාගයක් ලිවීමට පැමිණි ඔහුට නීති විදුහල්පති බුලත් හුරුල්ලක් දී පිළි ගැනීම හා වායු සමනය කරන ලද හා අන්තර්ජාල පහසුකම් තිබුණු බව කියන කාමරයක ඔහුට වෙන ම විභාගය ලියන්නට සැලැස්වීම පිළිබඳ විවේචන ද ඒ අතර විය. ලංකාවේ පාලක පවුල නීතියට ඉහළින් ඇති එකකැයි ද චෝදනාවක් ඇත. නාමල් රාජපක්ෂ 2010 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නාම යෝජනා පත්‍ර පුරවද්දී එහි රැකියාව ලෙස සඳහන් කළේ පෙර පාසල් ගුරු වෘත්තිය බව ඒ දිනවල මාධ්‍යවල වාර්තා විය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ආණ්ඩුවට බදු ගෙවමින් ටෙලි බැලීමේ සංස්කෘතික අභිමානය හා රූපවාහිනී බද්ද

Image
(2011 ජනවාරි 22,  W3Lanka )   රූපවාහිනි ආයතන විසින් ගෙන්වන ලද විදේශීය චිත්‍රපට, විදේශීය ටෙලි නාට්‍ය හා විදෙස්‌ වෙළෙඳ දැන්වීම්වලින් පසුගිය වසර පහ තුළ රජය රුපියල් හැටපන් කෝටි අසූ එක්‌ලක්‌ෂ තිස්‌තුන්දහස්‌ නවසිය තිහක බදු මුදලක්‌ උපයා ඇතැයි ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජාප) රවී කරුණානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක සඳහන් වේ. ඒ අනුව 2010 වසරේ දී රුපියල් දොළොස්‌ කෝටි හැටතුන් ලක්‌ෂ තුන්දහස්‌ හයසිය පනහක්‌, 2009 දී රුපියල් පහළොස්‌ කෝටි දාහතර ලක්‌ෂ නවදහස්‌ නවසිය පනස්‌හයක්‌, 2008 දී රුපියල් දහතුන් කෝටි විසිහත්ලක්‌ෂ පනස්‌ හතරදහස්‌ එකසිය පනහක්‌, 2007 දී රුපියල් දාහත් කෝටි දෙලක්‌ෂ එක්‌දහස්‌ හයසිය හැත්තෑ හතරක්‌, 2006 දී රුපියල් හත්කෝටි හැත්තෑ හතර ලක්‌ෂ හැටහතර දහස්‌ පන්සියයක්‌ මෙසේ බදු ලෙස උපයා ඇත. සිළුමිණ පුවත්පතේ 2010 පෙබරවාරි 21දා 'පික්චර් පිස්සා' යන කොලම යටතේ පළ වූ විස්තරයක සඳහන් වන පරිදි "2006 අංක 1 දරන ටෙලිනාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් බද්ද යන නමින් හැඳින්වෙන බද්ද පැනවීමේ අරමුණ...

ඉහළ තනතුරකට පත් වන්න කැමති නම් කියවන්න

Image
( 2010 දෙසැම්බර් 16,  W3Lanka ) මේ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සභාපති ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා අද දිනමිණ පුවත්පත සමග කරන සම්මුඛ සාකච්ඡාවක කොටසකි. අප මෙය පළ කරන්නේ ඉහළ තනතුරුවලට පත් වන්නට කැමති අපේ පාඨකයන්ට ඒ සඳහා ඇති මාර්ග පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න. * කොහොමද සභාපති පුටුවට ආවේ ? මම පුතාව ඩී. එස්. සේනානායක විද්‍යාලයට දාගන්න ගිහින් එහි ආදි ශිෂ්‍ය සංගමයට කිව්වා මොකක් හරි උදව්වක් ඕනෙ නම් කරල දෙන්නත් කැමැතියි කියලා. එතන දී මට ව්‍යාපෘතියක් කරන්න ලැබුණා. පස්සෙ ඒක මට ප්‍රමාණවත් මදි වගේ හිතුන නිසා මම ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිගෙන් ඇහුවා තව මොනවද කෙරෙන්න ඕනෑ කියලා. එතකොට ඔහු කිව්වා නාමල් රාජපක්ෂ මහත්තයට හම්බන්තොට ව්‍යාපෘතියක් ඇඳල දෙන්න පුළුවන්ද කියලා (මෙම තැනැත්තා වරලත් වාස්තු විද්‍යාඥයෙකි). මම ඒකත් කළා. ඒක ජනාධිපතිතුමාගේත් සතුටට හේතු වුණා. දවසක් නාමල් මන්ත්‍රීතුමා මගේ ජීව දත්ත තොරතුරු පත්‍රයක් ඉල්ල ගත්තා. කිසිම දෙයක් කියන් නැතුව මට කිව්වා ආරක්ෂක අමාත්‍යාංශයට සම්මුඛ පරීක්ෂණයකට එන්න කියලා. පස්සෙයි මම දන්නෙ මේ තනතුරට මාව තෝරගෙන කියලා. මම මුලින් කැමති වුණ...

තරුණයාට දෙවි පිහිටයි | God bless youth

Image
(2010 අගෝස්තු 13,  W3Lanka )  අද තරුණයන්ගේ මුහුණු සිනහවෙන් පිරී තිබෙන බවත්, මෙය තරුණ අපේක්ෂා ඵල දරණ යුගය බවත්, තරුණ පරපුර පිළිබඳ පූර්ණ විශ්වාසයකින් යුතුව මේ රටේ සංවර්ධන කාර්යභාරයේ වගකීම ඔවුන්ට ලබා දෙන බවත්, ඒ සඳහා තරුණ පරපුර පෙරට ආ යුතු බවත් අන්තර්ජාතික තරුණ වර්ෂය ප්‍රකාශයට පත්කර 25 වසරක් සපිරීම හේතු කරගෙන ‘සංවාදයෙන් සංහිඳියාවට’ තේමාව සමඟ ජාතික තරුණ වසර ප්‍රකාශයට පත් කිරීම නිමිත්තෙන් ඊයේ පැවති සමුළුවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය. You may also like to read our English blog   Lanka Polity

ජාතියේ තාත්තේ, බාප්පේ, බුදු පුතේ මෙන්න මූ අගමැතිකමටත් කෙළින්න හදනෝ!

Image
(2010 අගෝස්තු 05,  W3Lanka )  විසි දහසක් පමණ සමෘද්ධි නිලධාරීන් නියෝජනය කරන ප්‍රධාන වෘත්තීය සමිතිය වන සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය ඇමති මර්වින් සිල්වා සමෘද්ධි නිලධාරියකු කැලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ගස්‌බැඳීමට විරෝධය පළ කරමින් අද (05 වැනිදා) පෙරවරු 11.00 ට කිරිබත්ගොඩ නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් පවත්වයි. කිරිබත්ගොඩ මර්වින් සිල්වාගේ සියඹලා ආණ්ඩුවේ අගනුවර වන අතර සමෘද්ධි නිලධාරීන් එහි උද්ඝෝෂණය කර යහතින් ගියහොත් සියඹලා ආණ්ඩුවේ කැළෑ නීතිය අනුව මර්වින් සිල්වාට විලි ලැජ්ජා නැති වැඩකි වනු ඇත. දැන ගන්නට ඇති පරිදි මේ වන විට අදාළ මුස්ලිම් ජාතික සමෘද්ධි නිලධාරියා දැඩි ලෙස බියවද්දා ඇත. තමන් ගස් බැඳුනේ කැමැත්තෙන් යයි පවසන ලියුමක් ද ඔහුගෙන ලබාගෙන ඇති බව වාර්තා වේ. මේ වන විට ඔහු හැංගී ඇත. කට නො ඇර සිටියොත් සලකන බව ද ඔහුට කියා ඇති බව දැන ගන්නට ඇත.  සමෘද්ධි අධිකාරිය අයත් වන්නේ බැසිල් රාජපක්ෂ යටතේ ඇති ආර්ථික සංවර්ධන අමාත්‍යංශයටයි. එහෙත් ඔහු හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අයත් වන රාජ්‍ය පරිපාලන ඇමති ජෝන් සෙනෙවිරත්න හෝ තවමත් සිද්ධිය ග...

පවුල්වාදයේ කොන්ද කැඩෙන පිදුරු ගහ නාමල

Image
(2010 ජුනි 17,  W3Lanka )   ලංකාවට ධනවාදය උත්තරාරෝපණය හෙවත් උඩින් ගෙනත් පැටවීම කරන ලද බව පිළිගත් කරුණකි. මෙහි ඇති ගැටලුව වන්නේ දේශපාලන ප්‍රජාවේ සංවර්ධනය තුළ නිසගයෙන් ඇති විය යුතුව තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය, පුද්ගල නිදහස, මානව හිමිකම්, යහපාලනය වැනි සංකල්ප ද ලාංකීය සමාජයේ පැන නැඟුණේ විකෘති අන්දමින් වීමයි.  ලංකාවේ මිනිස්සු ටයි දමාගෙන සිටින ආදි වාසීන් පිරිසක් වී ඇත්තේ මේ විකෘතියේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙම විකෘතියේ ලක්ෂණ රැසක් ඇත. ඒ අතරින් මේ දිනවල කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ලංකාවේ වැඩවසම් ප්‍රවේණි දාස මනසකින් යුත් ජනතාවට රජෙකු ලැබීමයි.  රජු නිසා බිසවක ද, ඔටුන්න හිමි කුමාරයෙකු ද අපට ලැබී ඇත. සේනාධිපතිතුමා ද රජ පවුලේ අයෙකි. යුවරාජ බැසිල්හු ද වෙති. චමල්හු ද, ඔවුන්ගේ පුත්තු ද නැතුවා නොවේ.  ලංකාවේ රාජාවලියේ සිදු වූ ඛණ්ඩනය නිසා දැන් තිබෙන ප්‍රශ්නය වන්නේ රජුගෙන් ඔටුන්න හිමි වන්නේ කාට ද යන්නයි. නාමල් කුමාරයාට ද? බැසිල් යුව රජ්ජුරුවන්ට ද?  ලංකාවේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නායක්කර් වංශික පරපුරේ පිළිවෙල අනුව නම් රජුගේ අනුප්‍රාප්තිකයා මේ දෙන්නා...

ලොකු පුතා හෙවත් විමල්ගේ පරාවර්තනය | Wimal's new turn

Image
(2010 ජුනි 15,  W3Lanka )  අපේ කරනම්කාර දේශපාලන මිත්‍රයා විමල් වීරවංශ අල්ලන්නට හදන අලුත් අඩව්ව ගැන විමසිලිමත් වීම දේශපාලනික වශයෙන් වැදගත් බව පෙනේ. විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව සටන් කළ දිගු ඉතිහාසයක් හිමි විමල් හිටි හැටියේ ම විධායක ජනාධිපති ක්‍රමයේ නරක තවත් වැඩි කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිට සිය පුත්‍රයා ජනාධිපති අනුප්‍රාප්තිකයා බවට පත් වන තෙක් කල් ගැනීම සඳහා දෙවරකට වඩා එම ධුරය හෙබවීම සඳහා ඇති බාධක ඉවත් කිරීම සඳහා ගෙන එන සංශෝධන ද හොඳ වී තිබේ. එපමණක් නොව, විමල් 'දැනට පවත්නා අන්දමින්' ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුමට ද විරුද්ධ ය. විමල්ට ද අනෙක් හැම මලට මෙන් ම නාමලට හා නාමලගේ තාත්තාට වඩා ප්‍රමුඛ තමන් ම ය.  ගම්වල සදාකාලිකව පෝස්ටර් අලවමින් පක්ෂයට දර දිය අදින මෝඩ ගැමියන්ගේ කර පිටින් මෙතෙක් දුර ආ ගමනේ මේ වන විට විමල් සිටින්නේ ලංකාවේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ ඉහළ ම තැනකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන පෙළ නායකයන් වී සිටින සිරිසේනලා, සිරිපාලලා වැනි දේශපාලන බබාලා සමග තබා බැලූ විට විමල් අම්බානක දක්ෂයෙකි.  ඔහුට තරගයක් දීමට...

බලය අත දරන්නන් බලය විසින් මෙහෙයවෙනවා වෙනුවට බුද්ධිය විසින් මෙහෙයවිය යුතු ය | Those who wield power must be governed not by power but by brainpower

Image
(2010 මැයි 13 -  W3Lanka )  ලංකාවේ ඇමතිවරු විශාල ප්‍රමාණයක් සිටිති. එහෙත් රාජ්‍ය ආයතනවලින් වැඩි හරියක් තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ අතයි. ජනාධිපතිගේ තවත් සොහොයුරකු වන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද රජයේ ප්‍රබල ම චරිතයකි.  නාමල් රාජපක්ෂ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුව ද ඔහු ඇමතිවරුන්ට වඩා ප්‍රබලයෙකි. අමාත්‍යංශ අධීක්ෂණය කරන්නට ඔහු යන්නේ ඔහු ජනාධිපතිගේ පුතා නිසා ය. පසුගිය දිනෙක කලම්බු පේජ් වෙබ් අඩවියේ සඳහන් වූ අන්දමට ඔහු ජාතියේ පළමු පුතා හෙවත් ෆස්ට් සන් ය.  ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබෙන මෙහි පළ වන ඡායාරූප බලන්න. මෙවැනි සේයා රූ හා වීඩියෝ දැන් අපට නිතර දකින්නට ලැබේ. නිලධාරීන් කරුණු පැහැදිලි කර දෙන්නේ පළමු පුතාට ය. ඇමතිගේ මුහුණේ තිබෙන අසරණ පෙනුම බලන්න.  එහෙත්, අප මහත් සද්භාවයෙන් පාලකයන්ට පෙන්වා දෙන්නට කැමති කරුණක් ඇත. මේ ඇමතිවරු ම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බංඩාරනායක බලයේ සිටියදී ඇයට සැලකූ අන්දම හා ඇය බලයෙන් ගිලිහුණු පසු ඇයට සැලකූ අන්දම ඔබට මතක තිබෙනවා නිසැක ය.  එබැවින් සැම දා බලයේ සි...

ජාතියට දැන් ලොකු පුතෙක් ලැබිලා (වාසනා දිනේකි මේක) | Colombo Page coins 'Sri Lanka's First Son'

Image
(2010 මැයි 08 -  W3Lanka )  පහත පළ වන්නේ පසුගිය දිනෙක රජයට සම්බන්ධ කලම්බු පේජ් වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියක මාතෘකාවයි. Sri Lanka's First Son emphasizes need for rural development in maiden speech in parliament First Son: George W. Bush and the Bush Family Dynasty යනුවෙන් Bill Minutaglio විසින් ලියන ලද පොතක් ඇත. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් දෙපළක් බිහි කළ බුෂ් පෙළපත පිළිබඳවයි. රටක රාජ්‍ය නායකයකුගේ බිරිඳ first lady ලෙස හඳුන්වන ව්‍යවහාරයක් ඇතත්, රාජ්‍ය නායකයකුගේ පුතකු first son ලෙස හඳුන්වන පිළි ගත් ව්‍යවහාරයක් අප නම් දැක නැත. මෙහෙම ගිය විට නුදුරු අනාගතයේදී ම අපේ රටට first uncle, first daughter-in-law, second son ආදීන් ද හමු වනු ඇත. කඩේ යනවා ය කියා ඔහොමත් යන එක නම් ඇත්තෙන් ම ඉල ඇදෙන වැඩකි. අපට විහිළු වන සමහර දේ මේ රටේ ඇතැමුන්ට මරු සීරියස් බව දැන් අපට වැ‍ටහේ. ජාතියේ පුතා, ජාතියේ බාප්පා වැනි විහිළු යෙදුම් සම්බන්ධයෙන් වම් අතින් දකුණු කණ ද, දකුණු අතින් වම් කණ ද අල්ලාගෙන සිටීන්, ඉඳීන් කියමින් ඇණ ගසා‍ගෙන වාඩි වන්නට හා නැගිටින්නට අප වෙබ් අඩවියේ Jokeland News ලියන ලේ...

ව්‍යවස්ථා සංශෝධනය තුන්වන වරටත් ජනාධිපති වන්නයි | Sri Lanka President's constitutional reform is to hold the post for the third term

Image
(2010 අප්‍රේල් 29 -  W3Lanka )  ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හුදෙක් ම සිය පුත්‍රයා වන නාමල් රාජපක්ෂ රාජ්‍ය නායකත්වය සඳහා යෝග්‍ය තත්වයට ගොඩනැ‍ඟෙන තෙක් සිය ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා කරනු ලබන්නක් බව පෙන්නුම් කරන මාධ්‍ය වාර්තා නිකුත් වෙමින් තිබේ.  ඩේලි මිරර් හා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත් වාර්තා කරන ආකාරයට ජනාධිපතිවරයා උත්සාහ කරමින් සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට නොව විධායක ජනාධිපති ධුරයේ තුන් වරක් ඉන්නට පුළුවන් ක්‍රමයක් සකස් කර ගන්නටයි.  දැනට විපක්ෂයේ සිටින මන්ත්‍රීන් කීපදෙනෙකු බාගෙන මෙම සංශෝධනය 2010 නොවැම්බරයේ සිය දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දීමට පෙර කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව වාර්තා වේ.  අදාළ සංශෝධනය කෙරුණොත් මහින්ද රාජපක්ෂ 2022 දක්වා මේ රටේ ජනාධිපතිවරයා වීමට ඉඩ තිබේ. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 77ක් පමණ වන අතර නාමල් රාජපක්ෂගේ වයස අවුරුදු 36ක් පමණ වනු ඇත. 

ඔබ සැමට මල් මල් අනාගතයක්!

Image
නාමල පිපෙන විට චා-මල චා වෙනවා නි-මල පර නොවී ඌවේ නැළවෙනවා මැයි මල පළාගෙන වි-මල නැග එනවා බිම් මල් අපි ඉතින් පොළවේ පස් කනවා මල් මල් අනාගතයක සුබ ලකුණු ගෙනා නාමල් විමල් දරු දෑලේ දරාගෙනා පොල්මල් පුන්කලස් තුළ ඉන්නවා මෙනා සපුමල් කුමරු බලනුය අර රජ වෙනා වනමල් කැළෑවල පිපිලා පර වෙනා ඉටිමල්වල සොඳුරු කාලය එළඹෙනා තණමල්විල වැවෙන මල්වල සෝබනා ආතල් ඉතින් ආතල් රටම පාවෙනා අජිත් පැරකුම් ජයසිංහ

W3Lanka නිෂ්පාදනයක් වන 'රන්මිනිතැන්න' චිත්‍රපටයේ කතාව | Story of Ranminithenna movie

Image
(2010 මාර්තු 29- W3Lanka  )  ජනාධිපතිතුමා අතින් මහ ඡන්දයට පෙර විවෘත වන රු. මිලියන 600ක වියදමින් තිස්සමහාරාමයේ රන්මිනිතැන්න ගමේ අක්කර 200ක භූමියක ඉදි කරන ලද ටෙලි සිනමා ගම්මානයේ චිත්‍රපටයක් රූපගත කිරීම සඳහා අප විසින් තිරනාටකයක් ලියමින් තිබේ. 'රන්මිනිතැන්න' නම් වන මෙම චිත්‍රපටයේ කතාව මෙසේයි: රෙනෝ නම් කූට ව්‍යාපාරිකයෙක් සිටියි. ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වන ඔහුගේ සෙල්ලක්කාර මල්ලී වන දුමින්ද, ආකර්ශා නම් සුරූපී තරුණියක් පැහැරගෙන යයි. කෙල්ලගේ අම්මා වන ගීතා මේ පිළිබඳ ම‍හින්ද නම් වූ වීරයාට පවසයි. වීරයා වහා කෙල්ල බේරා ගැනීම සඳහා පිටත් වේ. මේ අතර, අධ්‍යාපනය සඳහා පිටරට ගොස් සිට පැමිණෙන වීරයාගේ පුතා වන නාමල් ගුවන් තොටුපළේ පියා නොදැක ඔහු කොහි ගියේදැයි මවගෙන් අසයි. "අන්න අර සක්කරවට්ටමක් එක්ක කාවද නැට්ටච්චියෙකු බේරා ගන්න කියල ඔය ගියේ," යි අම්මා කියයි. "එහෙම කියන්න එපා අම්මා, මපියාණන්ගේ උතුම් අරමුණු ඔබ නොදන්නෙහිද? මපියාණන්ට දැන් මගේ උපකාර අවශ්‍යව තිබේ. එහෙයින් මම වහා පිටත් වෙමි," යි කියමින් නාමල් වහා පිස්තෝලයට පතුරම් පුරවාගෙන නවීන පන්නයේ ක්‍රීඩා වාහනයකින් හෙ...

නාමල්, ඔබට සුබ අනාගතයක්!

Image
(2010 පෙබරවාරි 12- W3Lanka )  මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂගේ දේශපාලන සම්ප්‍රාප්තිය ඊයේ තංගල්ලේදී පියාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකින් සනිටුහන් කෙරිණි. සාමාන්‍යයෙන් ලිහිල් බැගී කමිස උඩින් දමා ඇඳීම ප්‍රිය කරන 24 හැවිරිදි නාමල් එදා සිය පියා මෙන් සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසී සිටිනු දක්නට ලැබිණි. රාජපක්ෂ පවුල් පාලනයේ ඔටුන්නේ නිල හිමිකරු වන නාමල් රාජපක්ෂ දේශපාලනයට සම්ප්‍රාප්ත වන්නේ පවුලේ ඇතැම් සාමාජිකයන්ගේ ක්‍රියාකලාපයන් තුන්වන රාජපක්ෂ පරපුරේ අනාගතය මත අයහපත් ප්‍රතිඵල ඇති කරන්නට පවා ඉඩ තිබෙන සිදුවීම් සිදු වෙමින් පවතින සමයකයි.  එහෙයින් නාමල් රාජපක්ෂගේ දේශපාලන ප්‍රවේශය කැපී පෙනෙන ආකාරයකින් සිදු වීම අත්‍යවශ්‍ය ය. රජ හා දේශපාලන පෙළපත්වල බල පරිණාමය සිදු වූ ආකාරය අධ්‍යයනය කිරීම රසවත් ය. බෙලිඅත්ත මන්ත්‍රී ව සිටි ඩී.එම්. රාජපක්ෂගේ අභාවය හේතුවෙන් ඔහුගේ සොහොයුරු ඩී.ඒ. රාජපක්ෂට පාර්ලිමේන්තු ඒමේ අවස්ථාව ලැබුණ අතර රාජපක්ෂ පෙළපතේ දේශපාලන බලය එතැන් සිට අත්පත් වූයේ ඔහුගේ දරුවන් වූ මහින්ද රාජපක්ෂට හා ඔහුගේ සොහොයුරන්ටයි. ඩී.එම්. රාජපක්ෂගේ දියණිය වන නිරූපමා රාජපක්ෂ 1994 පා...

ජනාධිපතිගේ මැතිවරණ දැන්වීම් රජයේ රූපවාහිනිය ප්‍රචාරය කරන්නේ නොමිළේලු

Image
(2009 දෙසැම්බර් 15 - W3Lanka ) මේ දිනවල දවස පුරා රජයේ රූපවාහිනියෙන් ප්‍රචාරය වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්වීම් සඳහා එම ආයතනවලට මුදල් නො ගෙවන බව ද, ඒවා ප්‍රචාරය කරන්නේ වැඩසටහන්වල පූර්ව ප්‍රචාරක දැන්වීම් මුවාවෙන් බව ද රූපවාහිනී සංස්ථා සේවකයෝ පවසති. මෙය වංචනික ක්‍රියාවක් බව මීඩියා වොච් ආයතනය පෙන්වා දෙයි. ටමම දැන්වීම් නොමිළේ ප්‍රචාරය කර දෙන්නැයි පෞද්ගලික රූපවාහිනී ආයතනවලට ද බලපෑම් එල්ල වන බව එම සංවිධානය පෙන්වා දෙයි.  ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ විසින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානයක් වන තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ දැන්වීම්වල පෙනී සිටීම සඳහා ප්‍රසිද්ධ පුද්ගලයන්ට විවිධ බලපෑම් එල්ල වන බව ද පසුගිය දිනවල ප්‍රචාරය විය.