නව නියෝජ්‍ය ඇමැති පොකුරේ මම නෑ! (වසරේ වඩාත් ම උත්ප්‍රාසාත්මක පුවත)

අද දිවයින පුවත්පතේ පළ වන පහත සඳහන් පුවත වෙනුවෙන් එය ලියූ උපාලි ද සේරම්ට පුවත්පත් සම්මාන උළෙලේදී වසරේ වඩාත් ම උත්ප්‍රාසාත්මක පුවතට හිමි සම්මානය ලබා දෙන ලෙස W3Lanka යෝජනා කරයි.

ඉදිරි සති කිහිපයේදී නියෝජ්‍ය ඇමැති ධුර හිමිවන ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන් අතරට තමා අයත් නොවන බව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.
තමාට දැන්ම නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ ලබා නොදෙන ලෙස තම පියා වන ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ කළ බවද සඳහන් කළ මන්ත්‍රීවරයා නැවත මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට නියෝජ්‍ය ඇමැති ධුර ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමා ඉතා සතුටට පත්වන බවත් කීවේය.
මහින්ද චින්තන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා තරුණ ජවයද අවශ්‍ය බව පැවසූ නාමල් රාජපක්‌ෂ මන්ත්‍රීවරයා නියෝජ්‍ය ඇමැති ධුර තනතුරු ලබාදීමට යෝජනා වී ඇත්තේ එවැනි ජව සම්පන්න මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට බවද සඳහන් කළේය.
මන්ත්‍රීවරයකු ලෙස තමාගෙන් සිදුවන සේවය පිළිබඳව සෑහීමකට පත්වන බව පැවසූ නාමල් රාජපක්‌ෂ මන්ත්‍රීවරයා එබැවින් නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ ලබා ගැනීම ප්‍රතික්‍ෂේප කළ බව වැඩිදුරටත් සඳහන් කළේය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. MP kame idagena hama reddatama atha dana eke, D/minister kamak labunama kohoma nataida kiyala hitha ganna puluwan.

    ReplyDelete
  2. ටයිටල් එක නැතත් වැඩ ප්‍රයිම් මිනිස්ටර්ටත් එහා.

    ReplyDelete
  3. ක්‍රිෂ්ණාMay 20, 2012 at 7:32 PM

    ගනිං ගනිං නිධන් හාරන ඇමතිකම ගනිං.

    ReplyDelete
  4. මේක පළවුණේ විහිලු තහළු තීරයේද? දිවයින ස්වභාවයෙන්ම විහිලු සහගතයි නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා