ග්‍රහයා නීච වූ රටක සැබෑ ආශ්චර්යයක් වූ ග්‍රහලෝකාගාරය | Sri Lanka Planetarium, an astronomical wonder in an astrology venerated land

ගමන් දෙකක් ග්‍රහලෝකාගාරය බලන්නට ගියා මතක ය. ‍


"අපි කොළඹ ඉඳිද්දී ග්‍රහලෝකාගාරය බලන්න ගියා ද?" මම බිරිඳගෙන් ඇසීමි.


"මම නම් ගියේ පොඩි කාලෙ ගමේ ඉස්කෝලෙන් ගිය ට්‍රිප් එක විතරයි. ඒකෙදිත් මට දර්ශනය අතරමගදි නින්ද ගියා." ඇය කීවා ය. පාන්දරින් ඈත සිට කොළඹ එන ළමයින්ට ග්‍රහලෝකාගාරයේ කෘත්‍රිමව ඇති කරන රාත්‍රියේ නින්ද යාම සුලබ තත්වයකි. 


මම හිතන්නේ දෙවෙනි වර මා ගියේ තනිව ය. 


කෙසේ වෙතත්, දෙවෙනි වර තරුණයකු ලෙස ග්‍රහලෝකාගාරය බලන්නට ගිය අතීතකාමී ගමනේ අත්දැකීම වූයේ ග්‍රහලෝකාගාරය පොඩි කාලයේ සිතා සිටි තරම් ලොකු නො වීම හා වැඩසටහන එදා තරම් රසවත් නො වීමයි. 


පොඩි ළමයකු ලෙස මෙන් ම ලොකු මිනිසකු ලෙසත් මගේ රස නහර පිනවූ බෙරි ගෙඩි පිරුණු ජෑම් ගස් ග්‍රහලෝකාගාර වත්තේ තිබුණු බව කෘතවේදීව සිහිපත් කරමි. 


ආණ්ඩුව ග්‍රහලෝකාගාරය වෙනුවෙන් නව ප්‍රක්ෂේපණ පද්ධතියක් මිළ දී ගන්නට යන බවට පුවතක් කියවූයෙමි. ඒ පිළිබඳ තැබූ සටහන මෙහි ඇත. 


තාරකා විද්‍යාවට වඩා ජ්‍යොතිෂයට තැනක් ඇති ආසියාවේ ආශ්චර්යයේ ග්‍රහලෝකාගාරය ඇත්ත ම විස්මයකි. 


ග්‍රහලෝකාගාරය ගැන කරුණු සොයද්දී මම පළමු වරට එය අයත් වන්නේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයට බව දැන ගතිමි. එම අමාත්‍යංශය භාර ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි ය. මා මෙතෙක් සිතා සිටියේ ග්‍රහලෝකාගාරය අයිති තිස්ස විතාරණ ඇමතිගේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට ය කියා ය. 


ලංකාව ඇත්තෙන් ම ආසියාවේ ආශ්චර්යය නො වේ ද? බලන්න ඇමතිකම් දෙක. එකක් විද්‍යා හා තාක්ෂණ. අනෙක තාක්ෂණ හා පර්යේෂණ. මේ අමාත්‍යංශ දෙක ගැන රසබර තොරතුරක් තියෙනවා. මෙතැනත් බලන්න. විස්තර පසුවට.


ග්‍රහලෝකාගාරය කීර්තිමත් සිවිල් ඉංජිනේරු ඒ.එන්.එස්. කුලසිංහගේ සැලසුමකට අනුව සාදනු ලැබුවේ 1965 පැවති තාක්ෂණික ප්‍රදර්ශනයකටයි. ග්‍රහලෝකාගාරය බලන්න යනවා නම් විස්තර මෙතැනින්


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. පාන්දරින් ඈත සිට කොළඹ එන ළමයින්ට ග්‍රහලෝකාගාරයේ කෘත්‍රිමව ඇති කරන රාත්‍රියේ නින්ද යාම සුලබ තත්වයකි. - මටත් ඕකම උදා එදා.

    ReplyDelete
  2. / බලන්න ඇමතිකම් දෙක. එකක් විද්‍යා හා තාක්ෂණ. අනෙක තාක්ෂණ හා පර්යේෂණ. .../

    ෂිස්...වස වැරැද්දක් නෙව වෙලා ඇත්තෙ...පොඩි අමතක වීමක් වෙලා..මම මේ කියන්නෙ ඒ එක්කම පර්යේෂණ සහ විද්‍යා කියල අමත්‍යාංශයකුත් හැදුවනම් වැඩේ සර්ව සම්පූර්ණයි..වටය සම්පූර්ණයි...කාටවත්ම බෑ දොසක් කියන්න...හෙහ්, හෙහ්,

    ReplyDelete
  3. With interent connectivity and good learning content repositories, these types of massive, fund sinking, less maintainable educational buildings have no value than Lumbini/LW/Savoy etc.

    Bottom Line - Let all SL children get access to computing and Internet; miracles would appear!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා