ලාංකීය බ්ලොග් අවකාශයේ අතුරුදහන් වීම් මාලාවක්

ඇනොනිමසයාගෙන් හමු වුණේ මෙන්න මේ චූටි කෑල්ල පමණි
ලාංකීය දේශපාලනික බ්ලොග් අවකාශයේ දැවැන්ත අවපාතයකි.


ටැබූ සබ්ජෙක්ට්ස් අතුරුදහන් විය. බියොන්ඩ් ෆ්‍රේම්ට මොකක්දෝ අලකලංචියක් විය.Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය ද අතුරුදහන් විය. අලුත් ම අතුරුදහන් වීම ඇනොනිමසයා ය. 


මොවුන් අතරින් ඇනොනිමසයා පෞද්ගලිකව ම මෙම ලේඛකයා තර්ජනයට පාත්‍ර වන අන්දමින් ලියුවේ ය. එහෙත්, ඇනොනිමසයා බ්ලොගය ලාංකීය බ්ලොග් අවකාශය වර්ණවත් කළ එකක් බව කියන්නට කැමැත්තෙමි. සමහර විට මේ සිය ගිලිහුණු පාඨක පිරිස යළි දිනා ගන්නට ප්‍රචාරක වැඩක් වන්නට ද පුළුවන. අප ඒ ප්‍රචාරය ලබා දෙන්නේ සතුටිනි. 


මේ කවුරුවත් ප්‍රසිද්ධියේ පෙනී නො සිටි මුත්, W3Lanka එදා සිට අද දක්වා ම ප්‍රසිද්ධියේ පෙනී සිටියි. ඔහු ද අතුරුදහන් කරවන බවට නොයෙක් තර්ජන ඇත. 


ඉහත කී බ්ලොග් අතුරුදහන් කළා ද? ස්ව කැමැත්තෙන් අතුරුදහන් වුණා ද? එසේ නැතිනම් අතුරුදහන් වන්නට බල කෙරුණා ද? 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. පිස්සු විකාර කතාවක් නේ ... නමින් පෙනිසිට දේශපාලන බ්ලොග් ලියන අයට වත් තර්ජනයක් නැති එකේ ඇනොනිමස් ලියන අයට තර්ජනයක් තිබ්බ කියල හිතන්න අමාරුය්

    ReplyDelete
  2. --------ප්‍රචාරක දැන්වීමකි-------

    මේ ගැන මම ද ලියුවෙමි.වෙලාව ඇත් නම් කියවා බලන්න.

    meeghaya.wordpress.com/2012/05/04/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%b6%e0%b7%8a%e0%b6%bd%e0%b7%9c%e0%b6%9c%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b6%9a%e0%b7%8f%e0%b7%81%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b0%e0%b7%80%e0%b6%bd/

    තව එකක්

    http://meeghaya.wordpress.com/2012/05/19/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%b6%e0%b7%8a%e0%b6%bd%e0%b7%9c%e0%b6%9c%e0%b6%ba%e0%b6%9a-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%99%e0%b7%83/

    ReplyDelete
  3. අතුරුදහන් වූ ඔය සියළු බ්ලොග් වලට මහා පොදු සාධකයක් විය. ඒවා සියල්ල වෙනස් ආකාර වලට හෝ ආණ්ඩු විරෝධී හා සිංහල බෞද්ධ අන්තවාදී විරෝධී ආස්ථානයක් ගැනීමය. පැරකුම්ට වෙලා තියෙන වෙලාවක "Human Flesh Search Engines" ගැන පොඩ්ඩක් හොයා බලන්න.

    ReplyDelete
  4. අතුරුදහන් වූ තවත් බ්ලොග් එකක් තමයි මොතාගමනය. mothagamanaya.wordpress.com ඒක නැතිවෙන්නට පෙර අවසාන වරට පළකළ පෝස්ට් එක "කේන්දරෙන් කියැවුණු ඔබාමාමාගේ මරණය මාරයා අපේ සැඟවූවාද?" යන්නයි.

    ReplyDelete
  5. විවේචන කියන බ්ලොග් එකත් අතුරුදහන්- අවසන් පෝස්ට් එක "ටැබූ සහ දේව්ගේ අඩවිය (නව ප්‍රවණතා)"

    ReplyDelete
  6. බලහල්ලා එහෙනං රචින්ත ජයවර්ධනයි ලසිත බෙනරගමයි අසංග අමරවංශයි චමින්ද වාසලමුදලියි චමිල ද අල්විසුයි ලිශාන් පුවක්ඕවිටයි හරේෂ් එරංගයිත් අතුරුදහන් වෙලාද කියලා.

    ඔය බ්ලොග් සෙට් එකම කලේ ඔය කාලකණ්නි එකතුවේ උන්.

    ReplyDelete
  7. ඈට මෑස්සාට මොකද වුනෙ?

    ReplyDelete
  8. මහින්ද රාජපක්ෂගේ තාත්තා ඉස්සර මන්ත්‍රී වෙලා ඉන්න කාලේ, එයාලගේ ගමේ ළමයෙක් ඕ-ලෙවෙල් පස් උනොත්, ටක් ගාල එන්න කියල, පොඩි රස්සාවක් දෙනවලු; ඔය මුර වැඩක් වගේ.
    එකෙන් බලාපොරොත්තු වෙන්නේ එයා ඉහලට ඉගෙනගන්න එක වලක්වන එක.
    දැන් මු කරන්නෙත් ඒකම තමයි, මු රටේ මිනිස්සුන්ගේ දැනුවත්, බුද්ධිමත් බව, අඩු කරන්න පුළුවන් තරම් දේවල් කරනවා, අධ්‍යාපනයට වියදම් කරන්නේ, මුළු රටේ වියදමින් 3% කටත් අඩු ගානක්,
    බලන්න එක ළමයෙක් ඉන්න ගෙදරක, ඒයට උගන්නන්න, ගෙදර වියදමින්, අඩුම ගානේ, 20% ක්‌ යනවා.
    රටේ විශ්ව විද්‍යාල වල, පහසුකම් දියුණු කරන්නේ නැ, ඒවාට ගන්න ළමයි ගන වෙඩි කරන්නේ නෑ, S.B.ලට කොමිස් ගහන්න දීල, Private Campus දානවා.
    ඉන්ටෙර්නෙට් Sensorකරලා, මිනිස්සුන්ට තොරතුරු දැනගැනීම අයිතිය නවත්තනවා...
    මුට බෙරිද, රටේ ඉස්කෝලවල, ENGLISH MEDIUM උගන්නන්න,,පුලුවන, නමුත් එහෙම English උගත්තු බිහිවුනොත්, මේ වගේ ගොන්නු ටිකක් රටේ ඉතුරු වෙන්නේ නේ..
    එතකොට මුට ඕන විදියට නටන්න බා. වෙන රට වල මිනිස්සු එක්ක බැලුවම අපේ මිනිස්සුන්ගේ බුද්ධිමත් කම, සැහෙන්න අඩුයි...අපේ උන් දන්නේ මේ පච වාහිනී දෙක තුනේ කියන දෙයක් තමයි....
    උන්ට CNN BBC, තියා CHANNEL NEWS ASIAවත් තේරෙන්නේ නේ.මේක සහගහන අපරාදයක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා