Posts

Showing posts with the label බ්ලොග් අවකාශය

බ්ලොග් අවකාශයේ අලුත් ම රැල්ල

Image
සිංහලයන්ගේ සමාජ මාධ්‍යවල සුවිශේෂ ලක්ෂණ රැසක් තිබේ.  ෆේස්බුක්හි කුමන අන්දමක හෝ ගැහැනියක පිංතූරයක් දැමූ විට පිරිමි එය ලස්සනයි කියති . සමහරු විවෘතව ම ලිංගික ආරාධනා කරති.  තවත් ඇතැමෙක් ගැහැනුන්ගේ ඉතා සාමාන්‍ය පිංතූර සිංහල වල් කෙල්ලෝ, සිංහල වැල වැනි යෙදුම් සහිත ෆේස්බුක් කණ්ඩායම්වල හා බ්ලොග්වල දමති. කොටින් ම කියනවා නම් දැන් ලංකාවේ ගැහැනියකට තමන්ගේ පිංතූරයක් ෆේස්බුක්වල පළ කරන විට දෙවරක් හිතන්නට සිදු වන තත්වයක් නිර්මානය වී තිබේ.  මා මෙම ලිපියේ සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ තවත් අමුතු තත්වයකි. එය සිදු වන්නේ බ්ලොග් අවකාශයේ ය. ලංකාවේ බ්ලොගර්වරුන් ලෙස පෙනී සිටින ඇතැමුන් කරන්නේ බ්ලොග් ලිවීමට වඩා වෙනත් පාඨකයන් පැමිණෙන වෙබ් අඩවිවල කමෙන්ට් දැමීමයි.එය නරක දෙයක් යයි මම නො කියමි. මේ කමෙන්ට් දැමීම ද බොහෝ විට සිදු වන්නේ බ්ලොග් ලියන පුද්ගලයාට නිස්කාරණේ බැන වැදීමට, කුණුහරුප කීමට ආදියටයි. ඇතැම් කමෙන්ට් බලන විට පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ එම අදහස් පළ කරන අය අදාළ ලිපිය කියවා නැති බවයි. කතන්දරකාර‍යාගේ බ්ලොගයේ නම් ඇතැම් අදහස් පළ කරන්නෝ විවෘතව ම තමන් එහි එන්නේ ඔහු ලියන ඒවා බැලීමට නොව කමෙ...

ධනවාදය යනු කුමක්ද? - බ්ලොග් අවකාශයේ ධනවාදී පකීර්ලාගේ දැනගැනීම පිණිසයි

Image
සිංහල බ්ලොග් අවකාශයේ අලුත් ධනවාදීන් පිරිසක් රංගනය ආරම්භ කර තිබේ. ධනවාදය ගැන අපි මීට ඉහතදී ලාංකීය බ්ලොග් අවකාශයේ මහෞෂධ වන්නට උත්සාහ කරමින් සිට හිටිහැටියේ සිය බ්ලොග් අඩවියත් මකාගෙන අතුරුදහන් වූ ටැබූ සබ්ජෙක්ට්ස් සමග දීර්ඝ ලෙස සංවාද කළෙමු. සිංහල බ්ලොග්කරණයේ නවකයන් වූ අලුත් ධනවාදී පකීර්ලාගේ (fakir) දැනගැනීම පිණිස පැරණි සටහන් කීපයකින් උපුටාගත් කොටස් කීපයක් මෙසේ පළකරමු. අපි සංවාද කරමු. ධනවාදය යනු ක්‍රියාවලියක් මිස දෘෂ්ටිවාදීමය සුරුවමක් නොවන බව W3Lankaහි අප විසින් නැවත පළ කරනලද රාමචන්ද්‍රගේ අදහස් පළකිරීමක දැක්විණි. එහි මෙසේ සටහන් විය. "ධනවාදීන් අමෙරිකාවේ තියෙන්නෙ ධනවාදයක් කියල බොහොම සන්තෝසෙන් කියනවා.නමුත් ලංකාවේ තියෙන්නෙ මොකක්ද කියල ඇහුවම ලංකාවේ ධනවාදීහු කොරවෙලා වැල්වටාරම් කියනවා. "ලංකාවෙ තියෙන්නෙ අමෙරිකානු පන්නයේ ධනවාදයක් නෙමෙයි තමයි. ඒ ගැන විවාදයක් නැහැ. ලංකාව වගේ රටවල තියෙන්නෙ පසුගාමී පන්නයේ ධනවාදයක්.මේකත් ධනවාදයේ තවත් 'වර්ෂන්' එකක් මිස රාජ්‍යවාදයක්වත් වැඩවසම් ආර්ථිකයක්වත් වෙන මුකුත් කෙහෙල්මලක්වත් නෙමෙයි. "(ලංකාවෙ තියෙන්නෙ වැඩවසම් ආර්ථිකයක් කියල කියන කෙනෙක් එ...

ලාංකීය බ්ලොග් අවකාශයේ අතුරුදහන් වීම් මාලාවක්

Image
ඇනොනිමසයාගෙන් හමු වුණේ මෙන්න මේ චූටි කෑල්ල පමණි ලාංකීය දේශපාලනික බ්ලොග් අවකාශයේ දැවැන්ත අවපාතයකි. ටැබූ සබ්ජෙක්ට්ස් අතුරුදහන් විය. බියොන්ඩ් ෆ්‍රේම්ට මොකක්දෝ අලකලංචියක් විය.Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය ද අතුරුදහන් විය. අලුත් ම අතුරුදහන් වීම ඇනොනිමසයා ය.  මොවුන් අතරින් ඇනොනිමසයා පෞද්ගලිකව ම මෙම ලේඛකයා තර්ජනයට පාත්‍ර වන අන්දමින් ලියුවේ ය. එහෙත්, ඇනොනිමසයා බ්ලොගය ලාංකීය බ්ලොග් අවකාශය වර්ණවත් කළ එකක් බව කියන්නට කැමැත්තෙමි. සමහර විට මේ සිය ගිලිහුණු පාඨක පිරිස යළි දිනා ගන්නට ප්‍රචාරක වැඩක් වන්නට ද පුළුවන. අප ඒ ප්‍රචාරය ලබා දෙන්නේ සතුටිනි.  මේ කවුරුවත් ප්‍රසිද්ධියේ පෙනී නො සිටි මුත්, W3Lanka එදා සිට අද දක්වා ම ප්‍රසිද්ධියේ පෙනී සිටියි. ඔහු ද අතුරුදහන් කරවන බවට නොයෙක් තර්ජන ඇත.  ඉහත කී බ්ලොග් අතුරුදහන් කළා ද? ස්ව කැමැත්තෙන් අතුරුදහන් වුණා ද? එසේ නැතිනම් අතුරුදහන් වන්නට බල කෙරුණා ද?  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න