ලාංකීය බ්ලොග් අවකාශයේ අතුරුදහන් වීම් මාලාවක්
ඇනොනිමසයාගෙන් හමු වුණේ මෙන්න මේ චූටි කෑල්ල පමණි ලාංකීය දේශපාලනික බ්ලොග් අවකාශයේ දැවැන්ත අවපාතයකි. ටැබූ සබ්ජෙක්ට්ස් අතුරුදහන් විය. බියොන්ඩ් ෆ්‍රේම්ට මොකක්දෝ අලකලංචියක් විය.Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය ද අතුරුදහන් විය. අලුත් ම අතුරුදහන් වීම ඇනොනිමසයා ය. මොවුන් අතරින් ඇනොනිමසයා පෞද්ගලිකව ම මෙම ලේඛකයා තර්ජනයට පාත්‍ර වන අන්දමින් ලියුවේ ය. එහෙත්, ඇනොනිමසයා බ්ලොගය ලාංකීය බ්ලොග් අවකාශය වර්ණවත් කළ එකක් බව කියන්නට කැමැත්තෙමි. සමහර විට මේ සිය ගිලිහුණු පාඨක පිරිස යළි දිනා ගන්නට ප්‍රචාරක වැඩක් වන්නට ද පුළුවන. අප ඒ ප්‍රචාරය ලබා දෙන්නේ සතුටිනි. මේ කවුරුවත් ප්‍රසිද්ධියේ පෙනී නො සිටි මුත්, W3Lanka එදා සිට අද දක්වා ම ප්‍රසිද්ධියේ පෙනී සිටියි. ඔහු ද අතුරුදහන් කරවන බවට නොයෙක් තර්ජන ඇත. ඉහත කී බ්ලොග් අතුරුදහන් කළා ද? ස්ව කැමැත්තෙන් අතුරුදහන් වුණා ද? එසේ නැතිනම් අතුරුදහන් වන්නට බල කෙරුණා ද? මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න