මල්ලිකා මුදලාලි හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම

අපේ නගරයේ එක් සිල්ලර කඩයක් ඇත. එහි මුදල් කවුන්ටරය භාරව සිටින වයසක මුදලාලි මුදල් ගනුදෙනුවක් අවසන් කිරීම සඳහා සෑහෙන කාලයක් ගනියි. කිසි දිනෙක ගණක යන්ත්‍රයක් පාවිච්චි නො කරන ඔහු වේවල්න අතින් කඩදාසියක ලියූ ගණන් තුන් පාරක් එකතු කර මුදල් ද තුන් පාරක් ගණන් කර සතයට ගණන් බේරයි. 


මේ ගැන උරණ වී සිටි මගේ බිරිඳ එම කඩයෙන් බඩු ගැනීම නැවැත්වූයේ එකී මුදලාලි වෙන කිසිවක් කර ගන්නට බැරි වූ දිනෙක සත පනහක් ඉතිරි සල්ලි වැඩිපුර දී "ඔන්න සත පනහක් වැඩිපුරත් තිබෙනවා" යයි ආඩම්බරෙන් කී දවසේ ය. 


මෙවැනි කුම්මැහි ක්‍රියාවක් ඩයලොග් කොම්පැනිය ද කරයි. රු. 100ක රිලෝඩ් එකක් දැමූ පසු හිටි හැටියේ මහ රෑ 12ට, එකට එවනු ලබන කෙටි පණිවුඩයකින් අප සත අසූවක් උපයාගෙන ඇති බව කියා සුබ පතනු ලැබේ. 


ලංකාවේ ආණ්ඩුව ද එවැනි එකකි. සරසවි ඇදුරන්ගේ අභ්‍යන්තර විභාග උත්තර පත්‍ර බැලීමේ දීමනාව පසු ගුණයකින් වැඩි කළ බව ආණ්ඩව කියයි. මෙතෙක් කල් උත්තර පතුයක් බලන්නට දී ඇත්තේ රපියල් විස්සකි. ඒ විස්ස රු. 100 කර තිබේ. කොහොමද පස් ගුණය?


බාහිඑ දේශනයක් සඳහා දීමනාව තුන් ගුණයකින් වැඩි කර තිබේ. කලින් ගෙවා ඇත්තේ පැයකට පන්සීයකි. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. විශ්ව විද්‍යාල සිසුන් ගැන සමාජය තුල ද්වේශයක් ඇති කිරීමටත්, එතුලින්, ඔවුන් පහසුවෙන් මර්ධනය කිරීමටත්, ආණ්ඩුව සමත් වී ඇත. මේ ගැන ලිපියක් ලියන්න..

    ReplyDelete
  2. මෙ රටෙ ගුරුවරුන්ට හිමිවන්නෙ ඉතා අඩු වැ‍ටුපකි. එමගින් එම වෘත්තිය බාල්දු කර ඇත. විශ්ව විද්යාල අචර්යවරුන්ටද සාපෙක්ශව ලැබන්නෙ අඩු පඩියකි (වහන පෙර්මිට් වනි සිමිත වරප්‍රසාද ලැබුනත්). මෙරටෙ සිටින විශ්ව විද්යාල අචර්යවරු ඇත්තෙන්ම කැපවිමක් කරන පුද්ගලයො වෙති. මන්ද ඔවුන්ට පිටරටක ගොස් වඩා වැඩි පඩියක් ගත්හකි අවස්තා එමට තිබෙන නිසාය. සමජයට අවශ්ය දොස්තරවරු , ඉන්ජිනේරුවරු ,සහ අනෙකුත් දක්ශතා සහිත පුද්ගලයන් නිර්මානය කරන්නො ගුරුවරුය. ඔවුන්ට ඉහල ව‍ටුපක් ලබිය යුතුය.

    ReplyDelete
  3. රටේ අධ්‍යාපනයට GDP න් 6% ක් ඉල්ලන එක අත්‍යවශයි කියන්නේ මෙන්න මේ කාරණයේදී. ලංකාවේ දෙමවුපියන් (විශේෂයෙන් අම්මල) තමන් නොකා නොබී හරි දරුවන්ට උගන්නන්න හිතන නිසා තමයි අදටත් අපි ඔය පම්පෝරි ගහන 92% සාක්ෂරතාවය තියෙන්නේ. මොන අඩුපාඩු තිබ්බත් චෞර රැජිනගේ කාලේදී 95-2005 ඇවරේජ් එකක් විදියට ඒක 2.5% ත් 3% අතර තිබ්බේ, විශ්ව විද්‍යාල අලුතෙන් 8 ක්, අලුත් ෆැකල්ටි, අධ්‍යයන අංශ 150 කට වඩා ඇතිඋනා. සමහරවිට සෝබෝන් බලා කියාගෙන වන්දනා කරගත්ත පිනම රටටත් ලැබෙන්න ඇති.

    ඒකට උගතෙක් හත්මුතු පරම්පරාවේවත් ගෑවිල නැති මදාවි රජපවුලේ පාලනයේදී එක 1.8% ට බැහැල, ඉස්කෝල 1000 ක් වැහිලා, අවුරුදු 7 ටම ඉස්කෝල කෙසේ වෙතත්, හිරගෙවල් ගානක් පිරෙන්න රටේ අහිංසකයන්ට ගේම දීල නම් ඇති.

    ReplyDelete
  4. when doctors are given allowances you oppose. for teachers, you welcome it and even say inadequate. Editor, you are a hypocrite.

    ReplyDelete
  5. @ Doctor
    The typical SL doctors' agony and imperior-complexity on tryting to being the superclass of SL society is overflowing depicting from your statment. Hay Mr. Medic (MBBS doesn't allow you to call your self a Doctor, if you are a one, but MD) had it not been the stupid A/L selection critirion and restrictions imposed to maintain a very low opportunity to become a MBBS bachelor, do not mean anything but the pathetic sitution that Sri Lankans have to experience by getting treated from people with your mentality.

    ReplyDelete
  6. this writer is a teacher, he thinks teachers should be paid most...!!
    we know what teachers to , just smoke and drink, do tuition and idle in schools... and rest of the time writing these crappy blogs and support JVP...
    ha ha u loser...

    ReplyDelete
  7. most teachers just have a 3 yr basic degree, but uni lecturers have post grad degrees, doctors have 5-6 yr degrees plus extensive training, enigneers have 4 yrs degrees, some have masters...
    if u think a teacher with 3 yr degree should be paid more, i would just laugh,,,,, get a life....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා