මල්ලිකා මුදලාලි හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම
අපේ නගරයේ එක් සිල්ලර කඩයක් ඇත. එහි මුදල් කවුන්ටරය භාරව සිටින වයසක මුදලාලි මුදල් ගනුදෙනුවක් අවසන් කිරීම සඳහා සෑහෙන කාලයක් ගනියි. කිසි දිනෙක ගණක යන්ත්‍රයක් පාවිච්චි නො කරන ඔහු වේවල්න අතින් කඩදාසියක ලියූ ගණන් තුන් පාරක් එකතු කර මුදල් ද තුන් පාරක් ගණන් කර සතයට ගණන් බේරයි. මේ ගැන උරණ වී සිටි මගේ බිරිඳ එම කඩයෙන් බඩු ගැනීම නැවැත්වූයේ එකී මුදලාලි වෙන කිසිවක් කර ගන්නට බැරි වූ දිනෙක සත පනහක් ඉතිරි සල්ලි වැඩිපුර දී "ඔන්න සත පනහක් වැඩිපුරත් තිබෙනවා" යයි ආඩම්බරෙන් කී දවසේ ය. මෙවැනි කුම්මැහි ක්‍රියාවක් ඩයලොග් කොම්පැනිය ද කරයි. රු. 100ක රිලෝඩ් එකක් දැමූ පසු හිටි හැටියේ මහ රෑ 12ට, එකට එවනු ලබන කෙටි පණිවුඩයකින් අප සත අසූවක් උපයාගෙන ඇති බව කියා සුබ පතනු ලැබේ. ලංකාවේ ආණ්ඩුව ද එවැනි එකකි. සරසවි ඇදුරන්ගේ අභ්‍යන්තර විභාග උත්තර පත්‍ර බැලීමේ දීමනාව පසු ගුණයකින් වැඩි කළ බව ආණ්ඩව කියයි. මෙතෙක් කල් උත්තර පතුයක් බලන්නට දී ඇත්තේ රපියල් විස්සකි. ඒ විස්ස රු. 100 කර තිබේ. කොහොමද පස් ගුණය? බාහිඑ දේශනයක් සඳහා දීමනාව තුන් ගුණයකින් වැඩි කර තිබේ. කලින් ගෙවා ඇත්තේ පැයකට පන්සීයකි. මේ ලිපිය...