සාරිය පිච්චියට ගියත් දකුණු පළාතේ බල්ලො හෙළුවෙන්

දකුණු පළාත් මහ ඇමති ශාන් විජයලාල් සිල්වා මව්වරුන්ගේ පෝෂණය ඉහළ නැංවීමට තිබෙන අරමුදල්වලින් සාරි 16,000ක් බෙදමින් සිටින බව එම පළාත් සභාවේ ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අජිත් ප්‍රසන්න චෝදනා කරයි. 


ප්‍රධාන ඇමතිවරයා කියන්නේ සාරි බෙදන්නේ මව් සෞඛ්‍ය සමාජවල ඉල්ලීමට ය කියා ය. 


එක අතකට ඔය වැඩකට නැති බාල ආහාර ද්‍රව්‍ය ටිකකට වඩා සාරිය වටිනවා ය. මන්ද, එය බාල කරන්නට පුළුවන් එක්තරා සීමාවකට පමණක් නිසා ය. අනෙක, සාරියෙන් ගහන්නට පුළුවන් ද ලෝක්කන්ට පමණ ය. සබ්බේ සත්තා ආහාරත්තිථිකා නිසා ආහාරවලින් උඩ සිට පහළට ම ගහනු ලැබේ.  


ලොකු ලොක්කන්ගේ බිරියන් බාල සාරි නො අඳින නිසා අඳින්නට කියා ඒවා සොරකම් කරනු ඇතැයි සිතිය නො හැකි ය. ඒ නිසා එය දූෂණය පාලනය කිරීමට ගත් පියවරක් ලෙස සලකන්නට ද පුළුවන. 


ඇමතිවරයාගේ පැත්තෙන් බැලූ කල සාරි බෙදනකොට එය පෙනෙන්නේ හරියට ඇමතිගේ අතින් මිටින් දෙන එකක් ය කියා බැවින් එය මනාප පොරයේදී වාසිදායක ය. අනෙක මේ රටේ නිර්මානශීලිත්වය කියන්නේ මෙවැනි අදහස්වලට ය. දැන් ඔය චිත්‍රපටි ගහන සුනිල් ආරියරත්න වැනි කලා රත්නයන් පවා කරන්නේ මෙවැනි ම වැඩ නොවේද? 


අනෙක් පැත්තෙන් සාරි 16,000ක් යනු දැවැන්ත බිස්නස් එකකි. රෙදි යනු ආහාරවලට වඩා විශාල ලාභයක් තබාගෙන විකුණන ද්‍රව්‍යයකි. 


අනෙක, මේ පළා බබාලා මහ ඇමතිගේ ගේම් හෙව්වාට අනෙක් මහ එවුන්ගේ ගේම් හොයන්නට යනවාදැයි ද ඇසිය හැකි ය. 


අර කට්ටිය දෙන ගේම්වල හැටියට මේවා නිකම් ඇට බෝල ය. 


කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන් ය. 

තවත් විස්තර මෙතැනින්

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඇමති නිමල් සිරිපාල ද සිල්වා සෞඛ්‍ය ඇමතිව සිටි සමයේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසිදු ටෙන්ඩර් ප‍්‍රතිපත්තියක් උල්ලංඝනය නොකරන ලද අතර, කිසිදු සැපයුම්කාර සමාගමකට විශේෂ වරප‍්‍රසාද ලබා නොදී ‘මිස්ටර් ක්ලීන්’ ආකාරයෙන් වැඩ කළ අයෙකි. එය මතුපිට තත්ත්වයයි. ගේම යන්නේ යටිනි. එම ගේම පිළිබඳව කිසිදු ජනමාධ්‍යයකට සුළඟක්වත් නොදැනීමට තරම් පරිස්සම් සහගතව කි‍්‍රයා කිරීමට ඇමති නිමල් සිරිපාලට හැක්කේ ඔහු සටකපට පෙරකදෝරුවෙක් බැවිනි.

    ඇමති නිමල් සිරිපාල ද සිල්වා කි‍්‍රයා කරන්නේ පහත ආකාරයටය.

    පළමුව යම් බෙහෙත් ද්‍රව්‍ය හෝ උපකරණ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට ටෙන්ඩර් කැඳවනු ලබයි. එය ඉතා විවෘතව සිදු කරන්නකි. එම ඉල්ලූම්කරුවන් අතරින් සමාගම 04 ක් 05 ක් ‘ෂෝට් ලිස්ට්’ කරනු ලබන අතර, ගේම පටන් ගන්නේ එතැනින්ය.

    මෙසේ ‘ෂෝට් ලිස්ට්’ කරනු ලබන සමාගම් සියල්ලේම නියෝජිතයන් ඇමතිවරයා වෙන වෙනම හමුවෙයි. එම හමුවේදී ඔහු පවසන්නේ ඔවුන්ගේ සමාගමට ටෙන්ඩරය ලබාදීමට හැකි බවත්, එසේ කළහොත්, තමාට ටෙන්ඩර් මුදලින් 5% ත් 10% ත් අතර ප‍්‍රතිශතයක් අවශ්‍ය බවත්, එම මුදල ‘පලාවූ’ දූපත්හි ‘මැක්රෝනීෂියා’හි පිහිටි යම් විදේශ ගිණුමකට බැර කරන ලෙස දන්වා අදාළ බැංකු අංකය පමණක් සැපයුම්කරුවන්ට ලබාදෙයි.

    ඇමති නිමල් සිරිපාල ද සිල්වා මෙම ‘මැක්රෝනීෂියා’හි බැංකු තෝරා ගෙන ඇත්තේ ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන් වැඩිපුරම ‘ස්විස්’ බැංකු තෝරා ගන්නා නිසාය. ‘මැක්රෝනීෂියා’ බැංකුත් කි‍්‍රයාත්මක වන්නේ ‘ස්විස්’ බැංකු ආකාරයටමය. ‘පලාවු’ දූපත් පිහිටා තිබෙන්නේ ඉන්දුනීසියාව හා ඕස්ටේ‍්‍රලියාව අතර ‘වනවටු’ දූපත්වලට ආසන්නවය. මෙම ‘මැක්රෝනීෂියා’ බැංකු පිළිබඳව දන්නේ ශී‍්‍ර ලංකාවේ දේශපාලනඥයින්ගෙන් ඉතා සුළු පිරිසකි.

    සියලූම ‘ෂෝට් ලිස්ටඞ්’ සැපයුම්කරුවන්ට මෙසේ ‘මැක්රෝනීෂියා’ බැංකු අංකය ලබාදෙන ඇමති නිමල් සිරිපාල, කිසිදු ටෙන්ඩර් ප‍්‍රතිපත්තියක් උල්ලංඝනය නොකර පැත්තකට වී බලා සිටී. සැපයුම්කරුවන් සිතන්නේ ඇමතිතුමා ඔවුන්ට ෆුල් සපෝර්ට් කියාය. ඔවුන් එකිනෙකා එය රහසක් වශයෙන් තබා ගනී. අවසානයේ නියමාකාරයට අඩු මිල දක්වා ඇති සැපයුම්කරුට ටෙන්ඩරය ලැබේ. කිිසිදු ටෙන්ඩර් ප‍්‍රතිපත්තියක් උල්ලංඝනය වී නොමැත. නමුත් ටෙන්ඩරය ලබාගත් ටෙන්ඩර්කරු සිතන්නේ ඇමතිතුමාගේ පිහිටෙන් තමන්ට එය ලැබුනු බවය.

    ටෙන්ඩරය ලබා ගැනීමෙන් පසු ටෙන්ඩරය ලබාගත් සමාගමේ පළමුවැනි කාර්යභාරය ඇමතිතුමාට පොරොන්දු වූ ඔහුගේ කොමිස් මුදල ‘මැක්රෝනීෂියා’ බැංකුවට බැර කිරීමයි. ඊළඟ සුමානයේ ඇමති නිමල් සිරිපාල ද සිල්වා විවේකයක් ගත කිරීම සඳහා ‘පලාවු’ දිවයින බලා පිටත්වේ. ඇමතිතුමා යන්නේ ස්විස්ටර්ලන්තයට නොවන නිසා කාටවත් කිසිම සැකයක් හට නොගනී. ‘පලාවු’ බලා යන ඇමතිවරයා කරන්නේ කොමිස් මුදල් බැර වී ඇති අදාළ බැංකු ගිණුම වහාම අහෝසි කොට එම මුදල වෙනත් බැංකුවක තැන්පත් කිරීමයි. මෙම අයථා ගනුදෙනුවේ කිසිදු සාක්‍ෂියක් ඉන්පසු ඉතිරි නොවේ. යම් හෙයකින් සැපයුම්කරුවා කාලයකට පසු තමන් ඇමතිවරයාට කොමිස් මුදලක් අදාළ ගිණුමට තැන්පත් කළ බව කිවහොත්, එය සොයා ගැනීමට කිසිවෙකුට නොහැකිය.

    ඇමති නිමල් සිරිපාල ද සිල්වාට මෙම අයථා ගනුදෙනු ක‍්‍රමවේදය කියා දී තිබෙන්නේ මියගිය ගාමිණී දිසානායක මහතා සහ ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් බව ඔහු පිළිගනී. මියගිය ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතාට කොතරම් වෑයම් කළත් ගාමිණී හෝ ලලිත්ව අල්ලස් දැලට මැදි කර ගැනීමට නොහැකි වූයේ ඒ නිසාය. අද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කොතරම් වෑයම් කළත් ඇමති නිමල් සිරිපාල ද සිල්වා කොටු කර ගැනීමට නොහැකි වන්නේද මේ නිසාය.

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මේ පිළිබඳව තවත් වැඩිදුර විස්තර අවශ්‍ය නම් බම්බලපිටියේ ‘නෙශානීස්’ අධිපති අමරරත්න අමරපති මහතාගෙන් ලබාගත හැක. අමරපති මහතා යනු ඇමති නිමල් සිරිපාලද සිල්වාගේ නාලන්ද විද්‍යාලයේ ‘ක්ලාස් මේට්’ය. ඔහු ඇමති නිමල් සිරිපාලද සිල්වා සෞඛ්‍ය ඇමතිව සිටි සමයේදී ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කටයුතු කළ අයෙකි. තාමත් දෙදෙනා ගජ මිතුරන්ය.

    ReplyDelete
  2. දුෂණයෙන් රට විනාශවුණු කලක් නොමැති තරම් වුව ඒ හැම කටයුත්තකින්ම ගැලවී සැගවී සිටීමේ උපායමාර්ග මෙම මහින්ද රාජපක්ෂට ඇත්තේය අපි මහින්දගේ දුෂණ කිහිපයක් ගෙනහැර බලමු.

    ඉන්ධන හෙජින් සූදුව
    මෙය ලංකාවේ කවුරුත් දන්නා දුෂණ වාර්තාවකි. මෙහි සියලු පව් කරගැසුවේ එවකට සිටි තෙල් සංස්ථාවේ සභාපති වරයාය අදටත් ඇමතිවරයා සහ ජනාදිපතිවරයා අහිංසකයන්ය.
    තෙල් සංස්ථාවේ සභාපති තබා කිසිම සභාපති වරයෙකුට මහින්දගෙන් අවසරයකින් තොරව කිසිවක් කල නොහැක. සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයක සභාපති වරයෙකු මුල්‍යමය තීරණ ගත හැක්කේ සිමා සහිතවයී අනෙකුත් කටයුතු සදහා මහා භාන්ඩාගරයෙන් සහ මහා බැංකුවේ අවසරයත් කැබිනට් අනුමැතියත් අත්‍යවශයයී. නමුත් සැම විටම මහින්ද හොරකම් කිරීමේ කටයුතු කැබිනට් අනුමැතිය ලබා දීමෙන් අනතුරුව මහබැන්කුවත් භාන්ඩාගරයත් දැනුවත් කොට අදාල රාජ්‍ය ආයතනයේ සභාපති වරයාට දැනුම් දීමක් කරයී. නමුත් යම් විදියකින් හොරකම් මාද්‍ය වෙත වාර්තා වී වැඩේ කුණු වීමට එන්නේනම් මහින්ද රාජපක්ෂ යන හොරාම වීරයාගේ චරිතයට පණ පොවා තමාගේ මස් කටු බුදින රිවිර /දිවයීන වැනි නපුන්සක හෙන්චඊ කතෲවරුන්ට දිනපතා සවස අරලියගහ මන්දිරේ සිට පසුවදා පුවත් පත්වලට අදාල හෙඩිම සහ කතු වැකි පවා සපයයී. එමගින් සියලු ජඩ කම් අනුන් පිට පටවා විපක්ෂය එය ඔස්සේ පිස්සු බල්ලන් මෙන් යාමට සලස්වයී මෝඩ විපක්ෂයේ තිස්ස අත්තනායක වැනි මොලේ කළදක් නැති හරක්ද මහින්දගේ ප්ලැනට යමින් මෝඩකම් කරයි. පසුව මහින්දම වීරයා ලෙස මැදිහත් වී ගනුදෙනු නවත්වා ඇත සොදගනී සභාපති වරුනට සුදු වැන්වලින් යාමට සිදුවන නිසා කටපියාගෙන සිටීමට සිදුවේ සියලු ගැරහිලි මඩනාමින් මහින්ද රාජපක්ෂ යන තක්කඩි හෝරාව බේරාගැනීමට සිදුවේ. මෙම සංසිද්දී පිළිබද කිසිවෙකු බුද්ධියෙන් මෙම කටයුතු විග්‍රහ නොකරයී පසුගිය සතිය තුලදී සිදුවූ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුල්‍ය වංචා සිද්දියද එසේ සිදු වූ කටයුත්තකි. මහින්ද සියල්ල සුදානම් කොට මහබැංකුව සහ මහා භාන්ඩාගරය යන දෙඅන්ශයම දැනුවත් කොට ප්‍රදීප් කාරියවසම් යන මෝඩ සභාපති මගින් බළලුන් ලවා කොස් ඇට බෑමේ මෙහෙයුම ඇරබිය. පසුව සිදුවීම වෙබ් මගින් පළවීමත් සමග එකගලින් කුරුල්ලෝ දෙන්නෙකු මෙල්ලකිරීමේ න්‍යාය දමා ශිරාණි බණ්ඩාරනායක නැටවීමේ උපාය ලෙස අගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් වෙත වරද පටවා මහබැංකු අදිපති බබා වී මහා භාන්ඩාගර ලේකම් බබා වී නියම රංගනයක් දී ඇත. මෝඩ රටේ මිනිස්සු සම්පූර්ණ ගූලිය ගිල්ලේය ජනතාවට දැන් මහින්ද යනු වංචාවට එරහි රජෙකි මහින්දගේ මාද්‍ය ජිමික් පලදරා ඇත. නපූන්සක කත්රූවරු වන දිවයින සහ රිවිර මස් කටු කන බල්ලන්ගේ ව්‍යායාමය සාර්ථක වී ඇත. අනේ මෝඩ ජනතාවනි දෙයක් අසන විට සිහිබූද්දීයෙන් අසන්න යයී බුදුන් පවා කිවා මතකද ? විධායක ජනාදීපතී සිටින අපේ රටේ සභාපති වරුනට මෙසේ මුදල් හම්බකිරීමට දීම මහින්ද කිසිදිනෙක කරයිද ? තමන්ගේ රාජපක්ෂ පරම්පරාවෙන් පිට කිසිවෙකුට බුලත්විට කඩයක් හෝ දමාගෙන හම්බකිරීමට නොදෙන ඉර්ෂාකර හිගණ රාජපක්ෂ පරපුර එසේ කරන්නේ නැත රටේ මහජන ධනය තම ගිණුම්වල පූරවන කාලකන්නි රාජපක්ෂ පරපූර දේව සාපයකින් හෝ අතුග දැමීමට හැකිනම් ! දෙවියනි මොවුනට දඩුවම් දෙනු මැනව.

    ReplyDelete
  3. මේවගේ කම්බ හොරු ඉන්න රටේ, ඕවත් මොනවද මල්ලි ? අපිට තමයි හෙන ගහන්නේත්

    ReplyDelete
  4. දකුණේ විතරක් නෙවි, මුළු රටේම බල්ලෝ හෙළුවෙන් ...!

    ReplyDelete
  5. http://www.lankaleaks.com/
    http://www.elakirinews.com/

    All frauds exposed

    ReplyDelete
  6. massive corruption
    http://www.anticorruptsl.com/

    ReplyDelete
  7. paramkum, Write an article/book about the western concept of |"The God"| (the ultimate pure, kind, honest, etc) extensively practiced,in the SL politics ( you know the role in present context)

    By doing that always MR appear as the God to solve all problems and he provides the hope to the people, so people don't question him but he plays the every pimp work behind the scene!

    but, no one even the god can fool all in all times! we'll see!

    ReplyDelete
  8. අයියෝ මේ නිකම් පී නට්ස් නේ...ඔය වරායවල්...මහා මාර්ග...පාලම්...බෙහෙත්...තෙල් බැරල්...ගිලින හැටියට...මේවත් වැඩ ද? චෛත්යයේ හැටියට කොත කීවලු...

    ReplyDelete
  9. කොමෙන්ට් දාන අය කොමෙන්ට් කරද්දී අනුන්ගේ දෙයක් දානවා නම් අඩුම ගානේ උපුටා ගත්ත එකක් කියලවත් ලිව්වා නම් වඩාත් ගෞරවාන්විතයි.

    මෙන්න මේ කොමෙන්ටුව බුරුත පිටින්ම මෙතන.

    http://www.paparasinews.com/2012/05/blog-post_12.html?m=0

    ReplyDelete
  10. කොමෙන්ට් දාන අය අනුන්ගේ දෙයක් දානවා නම් අඩුම ගානේ උපුටා ගත්ත එකක් කියලවත් ලිව්වා නම් වඩාත් ගෞරවාන්විතයි. නැත්නම් ලේඛකයාටත් හොද නෑ.

    මෙන්න මේ කොමෙන්ටුව බුරුත පිටින්ම methhttp://www.paparasinews.com/2012/05/blog-post_12.html?m=0

    ReplyDelete
  11. http://www.lankaleaks.com/2012/05/14/%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F-%E0%B6%94%E0%B6%B6%E0%B6%A7-%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%9A%E0%B7%99%E0%B7%83/

    හිරුණිකා, ඔබට යුක්තිය කෙසේවෙතත් ලංකාවේ යථාව සම්මුඛ වී ඇත – සහන් බාලසූරිය

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා