ඒ කේතුමතී රාජ්‍යය ඇත්තට ම පහළ වී තිබේ

පහත පළ වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න ජේ.ආර්.ගේ හා ප්‍රේමදාසගේ පාලන සමය හා අදාළව එදා උපහාසාත්මකව ලියූ, නන්දා මාලිනී විසින් පවන ප්‍රසංගයේ ගායනා කරන ලද ගීයකි. 


දැන් මේ ගීයේ උපහාසයක් නැති අතර, ඒ කේතුමතී රාජ්‍යය දැන් ඇත්තට ම බිහි වී ඇත. සුනිල් ආරියරත්න ද දිසානායක - බාලසූරිය ජෝඩුව සමග එක් වී හැදූ කුස පබා නම් අති විශිෂ්ට, උත්කෘෂ්ට, නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජෂ්ට චිත්‍රපට පෙළ කේතුමතී ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පාසල් දර්ශන තිය තියා පෙන්වමින් 'බුහුමන් කරයි ශිල්ප ශාස්ත්‍රයට.'


'දෙයක් වේ නම් යම් 
සුදුස්සාටම අයිතී වී ඇත.'


'කියමින් නිබඳ ගී මියුරූ 
දකිමින් අවට රූ සොඳුරූ 
සතුටින් රඟති මේ නුවරූ.'


මේ ඡායාරූප පෙළ ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරි ගෝඨාභය රාජපක්ෂ විසින් දෙන ලද වෙසක් දන්සලේදී ගන්නා ලද ඒවා ය. 


දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වල ය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී පුරයයි


නොමැත ඇසක කඳුලක් 
නොවැටුනොත් රොඩු කැබැල්ලක් 
දකිනුනොහැක ලේ බිඳුවක් 
නොමලොත් මකුණෙක් මදුරුවෙක් 
මළ බැඳුණු ගිණි දණ්ඩේ 
දැල් බඳිත් මකුළු සේනා 
වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරවති 
අහෝ රතිඤ්ඤා


මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ උපදින්න මතු වාසනා


දස රජ දම් හි නිති පැවතී 
නරපති ඇමති වඩන රුතී 
සත වෙත පතල මෙත සදතී 
මේ කේතුමතී නුවරයි 
මේ කේතුමතී නුවරයි


රැකෙයි අකුරට නීතිය 
දෙයක් වේ නම් යම් 
සුදුස්සාටම අයිතී වී ඇත 
නැත අක්‍රමිකතා 
වැඩේ සුහදතා සුන්දරතා සුවතා 
අහෝ සැපයි සැපයි මෙපුර විසුම නම් 
මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ උපදින්න මතු වාසනා


කියමින් නිබඳ ගී මියුරූ 
දකිමින් අවට රූ සොඳුරූ 
සතුටින් රඟති මේ නුවරූ 
මේ කේතුමතී නුවරයි මේ කේතුමතී නුවරයි


නැත මුදලේ වටිනාකම් 
බුහුමන් කරයි ශිල්ප ශාස්ත්‍රයටම 
නැත පවුල්වාද, පිල් බේද, කුලවාද, දෑ වාද 
නැත බදුබර, පවුල් බර ජීවන බර 


මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ උපදින්න මතු වාසනා

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. කේතුමතිය පහල වී ඇති බැවින් මෙබඳු ගීත අනවශ්‍ය යයි දැන් සුනිල් ආරියරත්නයන්ට ම කිව හැක...අවශ්‍ය නම් ආරියරත්න ඇතුගලයන් මගින්ම එය පුවත්පත් නිවේදනයක් ලෙස ද නිකුත් කල හැක...නන්ද මාලනියටම ගැයීමට තවත් ගීයක් ලියා මෙබඳු ගීත තහනම් කරන්නට ඉල්ලා ජන මතයක් ගොඩ නැගිය හැක...බාලසුරිය යුවල ට මේ සඳහා පාසල් දරුවන් කැඳවා දෙන ලෙස ද කිව හැක...අධ්‍යාපන අමාත්‍යංශයට මේවා ගැන කිව් පමණින් අවසර ලබා ගැනීමට හැකි තරමට කොන්ද නැති සෙවල ලේකම්ලා ද ලැබී ඇත...අවශ්‍යම නම් 2500 ඇමති ලවා ම එම ගීය ගැයිමටද පුළුවන...ලජ්ජා නැතිකම බලයට පත්වූ කල නොහැකි දෙයක් නැති බව පුරාණේ පංච තන්ත්‍රය වැනි තැන වල ලියා ඇත්තේ කට කහනවට නොවන බව මේ රටේ මනාව ඔප්පු කරමින් සිටින බව තවත් කිව යුතු නැහැ...

    ReplyDelete
  2. මේ ප්‍රතිරුප හිටු කියා බිඳ වැටෙන යුගයකි.ජනතාවාදී ප්‍රගතිශීලී ආදී වශයෙන් ප්‍රතිරූප ගොඩනගාගත් බොහෝ කලාකරුවන් බඩගෝස්තරය එකම දහම කරගනිමින් නිරුවත් වී ඇත.නන්දා මාලනියද සුනිලුන්ද මින් වෙනස් නොවෙයි.80 ගණන්වල නැගෙන තරුණ රැල්ල මාර්කට් කර ගනිමින් නිර්මාණය වූ මෙම ගීත අදාල ටාගට් මාර්කට් එකට හොඳ උත්තේජනයක් සැපයු අතර අද දෙන දෙයක් කා වෙන දෙයක් බලන් ඉන්නා මේ සූකිරි බටිති සමාජයට ප්‍රේමය දේශප්‍රේමය මිස විරෝදාකල්ප ජීර්ණය නොවන බැවින් පවන ශ්වේත රාත්‍රිය වෙත පරිණාමය වී ඇත.නහින දෙහින කාලෙ ආඬි ලින් වලින් ගලන්නෙ වතුර නෙමෙයි ලේ කියා සුදු වෑන් එකක යනවාට වඩා ආයුබෝවේවා මහරජාණෙනි කියමින් සිරසත් එක්ක එකතුවෙලා පොඩි මාර්කටින් කටයුත්තක නිරත වීම ඇඟට ගුණය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා