ඒ කේතුමතී රාජ්‍යය ඇත්තට ම පහළ වී තිබේ
පහත පළ වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න ජේ.ආර්.ගේ හා ප්‍රේමදාසගේ පාලන සමය හා අදාළව එදා උපහාසාත්මකව ලියූ, නන්දා මාලිනී විසින් පවන ප්‍රසංගයේ ගායනා කරන ලද ගීයකි. දැන් මේ ගීයේ උපහාසයක් නැති අතර, ඒ කේතුමතී රාජ්‍යය දැන් ඇත්තට ම බිහි වී ඇත. සුනිල් ආරියරත්න ද දිසානායක - බාලසූරිය ජෝඩුව සමග එක් වී හැදූ කුස පබා නම් අති විශිෂ්ට, උත්කෘෂ්ට, නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජෂ්ට චිත්‍රපට පෙළ කේතුමතී ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පාසල් දර්ශන තිය තියා පෙන්වමින් 'බුහුමන් කරයි ශිල්ප ශාස්ත්‍රයට.' 'දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිතී වී ඇත.' 'කියමින් නිබඳ ගී මියුරූ දකිමින් අවට රූ සොඳුරූ සතුටින් රඟති මේ නුවරූ.' මේ ඡායාරූප පෙළ ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරි ගෝඨාභය රාජපක්ෂ විසින් දෙන ලද වෙසක් දන්සලේදී ගන්නා ලද ඒවා ය. දන්සල් දොරෙහි නැත යදියෝ සල්පිල්වල ය පුරවැසියෝ පන්සිල් රකිති මැරවරයෝ මේ කේතුමතී පුරයයි නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක් දකිනුනොහැක ලේ බිඳුවක් නොමලොත් මකුණෙක් මදුරුවෙක් මළ බැඳුණු ගිණි දණ්ඩේ දැල් බඳිත් මකුළු සේනා වෙඩි හඬ අසනු ...