ගෝඨා භය දුරු වීම
මේ දිනවල පුවත්පත්වල හා රූපවාහිනියේ ගෝඨාභය රාජපක්ෂ සමග කරන සම්මුඛ සාකච්ඡා නිරීක්ෂණය කළ විට මහින්ද රාජපක්ෂ පාලනයේ පරාජයෙන් පසු උදා වී තිබෙන මාධ්‍ය නිදහසේ තරම තේරුම් ගත හැකි ය. වෙනත් දෙවන පෙළ දේශපාලකයන් ප්‍රශ්න කරන නිදහස් ස්වරූපයෙන් ම ගෝඨාභය රාජපක්ෂ ද ප්‍රශ්න කිරීමට සාමාන්‍ය ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යකරුවන්ට ගට ලැබී තිබේ. එය ඇත්තෙන් ම ලොකු වෙනසකි. එපමණක් නොව, බලයෙන් ගිලිහුණු ගෝඨාභය රාජපක්ෂට ද පළමු වතාවට මාධ්‍ය ඉදිරියේ මහත්මා ලෙස හැසිරෙන අභියෝගය භාර ගන්නට සිදු වී තිබේ. රාජ්‍ය බලය පාවිච්චි කරමින් චන්ඩි භූමිකාවක් රඟ ගෝඨාභය රාජපක්ෂ පෑ කලින් ඇඳගෙන සිටි සන්නාහ ගැලවී නිරුවත් වන විසුළු ස්වරූපය ජනමාධ්‍යයන්ගෙන් නිරූපණය වේ. ලේක්හවුසියේ වැඩ කළ පෝද්දල ජයන්ත හිංසනයට ලක් කර මරා දමන්නට තැත් කරන්නට පෙර ගෝඨාභය රාජපක්ෂ ඔහු හා සනත් බාලසූරිය ගෙන්වා තර්ජනය කළ ආකාරය ඔවුන් විසින් එකල ජනමාධ්‍යවලට හෙළි කර තිබිණි. ඒ ගෝඨාභය රාජපක්ෂ දැන්නම් තොත්ත බබෙකි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි බරපතල සිද්ධි ගැන ඔහු කිසිවක් දන්නේ නැත. දුමින්ද සිල්වා, ගලගොඩඅත්තේ ඥානසාර වැනි අය සමග සම්බන්ධයක් ද...