රජය විසින් රජය බුල්ඩොසර් කරමින් තිබේ

මේ ආණ්ඩුව අපූරු ආණ්ඩුවකි. එහි සුපිරි අංශ තිබේ. එම සුපිරි අංශවල සිටින සුපර්මෑන්ලා සුපිරි නො වන අංශවලට සලකන්නේ ඒ අංශවල අය මහජනතාවට සලකන ආකාරයටයි. 


හොඳම උදාහරණය කොළඹ කොටුවේ හදන්නට යන (මහින්ද රාජපක්ෂ) නෙළුම් කුළුණට ඉඩ ගැනීම සඳහා පසුගිය 20දා තැපැල් දෙපාර්තමේන්තුවේ දේශීය පාර්සල් අංශය ඉවත් කර ඇති අන්දමයි. 


ඉවත් කර ගන්නැයි දැනුම් දී තිබුණත්, ඉවත් කර නො ගත් නිසා රුපියල් කෝටියකට වඩා වටිනා මහජන මුදලින් මිළ දී ගත් තැපැල් සේවා අමාත්‍යංශයට අයත් පරිගණක,කාර්යාල උපකරණ ආදිය සමග ම ගොඩනැඟිල්ල කඩා ඉවත් කර තිබේ. එම භාණ්ඩ භාර නිලධාරීහු ද කිසිත් නො කර නිකම් සිට ඇත. 


රජය රජයේ දේපල බුල්ඩෝසර් කරද්දී ඒවා ඉස්සරහට පනින්න කාටවත් අමාරුවක් තියේවියැ. 


හැබැයි අපි නම් හිතන්නෙ මේවා දේශපාලනික සංකේතාත්මක ක්‍රියා.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඇමැත්තෝ, උපදේශකයෝ, වේදිකාවල රජු වෙනුවෙන් පෙනී සිටින්නන් තමන් ගේ තැන නැති වීමේ බයට ඇත්ත කියන්නේ නැති නිසා...තමන් හෙළුවෙන් ඇතා පිට ගිය බව අර ඉන්දියාවේ හිටිය මහා රාජා කොහොමටත් දැන හිටියේ නෑ නේ...

    ReplyDelete
  2. rate yam sanwardana katayuthu karaddi mehema dosar karana eka waradie,neethiya athata aragenawada karana rata paluwo nisa mewage wada wenawa mehema karanna puluwannam neethi, adhikarana ona nahane mehema karana aya mahajanathawa wisin buldosar karanna ona lankawata jayawewa

    ReplyDelete
  3. දේශපාලනික සංකේතාත්මක ක්‍රියා? what is this? pls explain...Thanks

    ReplyDelete
  4. මේ නිවුස් එකට දාපු හෙඩින් එකට වඩා ඒකට දාපු ලේබල් ටික මරු

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා