වෛද්‍යවරුන්ට ප්‍රවාහන දීමනා; සෙසු රජයේ සේවකයන්ට බදු

රජයේ වෛද්‍ය නිලධාරීන්ට රු. 29,000ක ප්‍රවාහන දීමනාවක් ගෙවීමට රජය එකඟ වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කලින් ඔවුන්ට රු. 15,000ක ප්‍රවාහන දීමනාවක් ගෙවනු ලැබූ අතර එය රු. 14,000කින් වැඩි කර තිබේ. ඒ ඔවුන්ට ලබා දෙන තීරු බදු රහිත මෝටර් රථවලින්  වැඩට එන්නට ය.


සෙසු රජයේ සේවකයෝ ආයතන තුළ පදිංචි වූ අය නො වෙති. ඔවුහු ද බස්වල, කෝච්චිවල, මෝටර් සයිකල්වල, කාර්වල වැඩට එන්නෝ වෙති. පහළ පංතික රජයේ සේවකයන් පාවිච්චි කරන මෝටර් සයිකල් හා කාර් ආදියේ මිළ පසුගිය දිනවල අධික ලෙස ඉහළ ගිය බව කවුරුත් දනිති. 


වෛද්‍යවරුන්ට ලබා දීමට එකඟ වී ඇති ප්‍රවාහන දීමනා වැඩි කිරීම රජයේ සේවකයන්ගේ ආරම්භක මූලික වැටුපට වඩා වැඩි බව ගුරු සංගම් පෙන්වා දෙති.


මෙවැනි තෝරා ගත් රජයේ සේවකයන්ට පමණක් ඉහළ වැටුප් වැඩිවීම් හා වරප්‍රසාද ලබා දීමට රජය කටයුතු කරන්නේ ඇයි ද යන්න අපගේ විමසීමට ලක් විය යුතු ය. 


තමන්ගේ වෘත්තීය ශක්තිය නිසා හා තමන් ඉතා වැදගත්, අත්‍යවශ්‍ය සේවාවක් නිසා තමන්ට මෙවැනි අවස්ථාවත් හිමි වන බව ඇතැම් වෛද්‍යවරු සිතති. තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන තමන් සටන් නො කරන්නේ මන්දැයි ඔවුහු සෙසු රජයේ සේවකයන්ගෙන් අසති. එහෙත්, කෙතරම් සටන් කළත්, ලංකාවේ රජයේ සේවකයන්ට කිසි සේත් ම රජයෙන් රු. 14,000ක වැටුප් වැඩි වීමක් ලැබෙන්නේ නැත. 


අපගේ යෝජනාව නම්, රජය මේ අන්දමින් තෝරා ගත් රජයේ සේවකයන්ට වරප්‍රසාද ලබා දෙන්නේ ඒ හරහා සෙසු රජයේ සේවකයන් තුළ තම දරුවන් පිළිබඳ උන්නතිකාමී බලාපොරොත්තු ජනිත කර ඔවුන් ඒ කෙරෙහි ඇද බැඳ තබා දෛනික ප්‍රශ්න අමතක කිරීමට බවයි. 


මෙය ද හරියට සුපර් ස්ටාර් තරග වැනි ය. දහස් ගණනකින් එක් සුපර් ස්ටාර් කෙනෙකු තෝරා ගන්නා විට තවත් ලක්ෂ ගණනක් සුපිරි තරු සිහින තුළට රිංගාගෙන දෛනික ජීවිතයේ කාලකන්නිකම නො දැක ජීවත් වෙති.


රජයේ සේවකයන් බහුතරයක් තම දරුවන් පත් කරන්නට උත්සාහ කරන සුපිරි තරු තත්වය වන්නේ දොස්තර රස්සාවයි. 


දොස්තර රස්සාවට ඇති වැටුප් හා දීමනාවලට අමතරව ප්‍රයිවට් ප්‍රැක්ටිස් කිරීමට ඇති අවස්ථාව නම් සම්භාව්‍ය දූෂණය හරහා කෙටි කලකින් පහළ මධ්‍යම පංතියේ සිට ධනය හිමි පංතියක තත්වයට ඉනිමගක් තනා ගැනීම දෙමව්පියන්ගේ අරමුණයි. 


ඒ සමගම උතුම් සංස්කෘතියක් ඇති ගමින් සංකර නගරයට සංක්‍රමණය වීම හා ලෝකෙන් උතුම් රට හැර දමා අධිරාජ්‍යවාදී, කොටි හිතවාදී බටහිර රටක පදිංචියට යාම වැනි තවත් අහිංසක සිහින ද ඒ පසුපස වේ. 


තමන්ගේ දරුවන් තුළින් මේ සිහිනය සැබෑ කර ගන්නට බැරි වුවහොත් දරුවන්ගේ දරුවන් හරහා හෝ එය සැබෑ කර ගන්නට රජයේ සේවකයන් උත්සාහ ගන්නා නිසා විශ්‍රාම ගියත් ඔවුන් අසමපාතිකව වෛද්‍යවරුන්ට වැටුප් වැඩි කිරීමට විරුද්ධ වන්නේ නැත. 


ඒ නිසා වෛද්‍යවරුන්ට කෙතරම් වැටුප් වැඩි කළත් රජයේ සේවකයෝ විරුද්ධ වන්නේ නැත. ඔවුන් තමන්ගේ අසහනය දුරු කර ගන්නේ වැඩ නො කර සිටීමෙනි.


ගෙවන වැටුපේ තරමට වැඩ කිරීම වරදක් යයි කාටවත් කිව නො හැක. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. පුද්ගලික් වෛද්‍ය විශ්වවිද්‍යාලවලට යොමුවෙන පිරිසත් වැඩි වේවි...

    ReplyDelete
  2. දවසින් දවස ඉහළ සහ පහළ අතර පරතරය වැඩි කරන එක තමයි මේ කාලකණ්නි පාලකයො කරන්නෙ. දැන් වෙන්න ඕනි හරියට නම් මේ අත්තනෝමතික විදියට සකසල තියෙන වැටුප් හා දීමනා ඉහළ සහ පහළ අතර වැඩි පරතරයක් නැති අලුත් ක්‍රමයකට ඇතුළත් කිරීමයි. ඒත් මුං කරන්නෙ දවසින් දවස පරතරයන් වැඩි කරන එක. මේක කවදාවත් ගොඩ යන රටක් නෙවෙයි. කාළකණ්නි දේශපාලකයො සහ කාළකණ්නි ජනතාවක් ඉන්නකම්.

    ReplyDelete
  3. උන් මහන්සිවෙලා ඉගෙනගත්තට උඹට ජෙලස් ද? උඹටත් ඕනේ නම්, ඉගෙන ගන්න තිබුනන්නේ, අනේ යකෝ උඹල වගේ මේ බ්ලොග් පඩංගු කාරයොන්ට පඩි ගෙවන්න කියලද කියන්නේ ? උඹට අමාරු නම් මොන්ටිසෝරි පන්තියට ටියුෂන් කරපන්...

    ReplyDelete
  4. අනුන්ට හූල්ලන්නේ නැතුව තමන්ගේ රස්සාවක් බිස්නස් එකක් කරගෙන ඉන්නවා

    ReplyDelete
  5. ප්‍රවාහන දීමනාව දෙන්නේ උදේ වැඩට ඇවිත් හවසට යනවට නෙවෙය්.oncall ඒ කියන්නේ වැඩ කරන වෙලාවට අමතරව රෝහලට එන්න වුනාම, doctors ල එන්නේ තමන්ගේ car එකෙන් petrol ගහල. ගොඩක් doctors ලට නවතින්න හොස්පිටල් quarters නෑ.හදිස්සි ලෙඩෙක් ආවම දුර ඉදන් එන්න බැරි නිසා hospital එක ලග තැනක හොයාගන්න ඕන.hospital එක ලග තැන්වල ගැන වැඩිය්.එකට වෙනම කීයක්‌ වත් දෙන්නේ නැ.අනිත් රස්සා කරන අයට එහෙම රැට හදිස්සියේ call කරලා ගෙන්වන්නේ නැ එක නිසා ප්‍රවහන් දීමන දෙන්නේ නැ..doctors නොවන අය (eg. MLT) වගේ අය රැ ගෙන්වල lab test එකක් කරන්න ඕන වුනාම hospital එකෙන් ambulance එකක් යවල ගෙන්නගන්නේ.doctors ලට එහෙම කරන්නේ නැ.එහෙම කරොත් hospital එකකට ambulance 10, 15 එකට විතරක් යොදවන්න ඕන වෙය්.

    තීරු බදු රහිත වාහන දෙන්නේ dr ලට විතරක්ද??? ministers,GA,AGA, magistrates....
    වාහන දෙන්නේ සේර්විචේ එක 5 එවර වුනාම. එකියන්නේ අවුරුදු 6 කට පස්සේ.ඊට කලින් ගන්න ඒවා ගඑන්නේ loan වලින්.
    Dr ලගේ වුරතියට සමාන වුර්තීන් කරන අයට නොමිලේ පෙට්‍රෝල් දෙනවා,වහනයක් එක්ක driver කෙනෙක් දෙනවා...

    වෙන රටවල doctor කෙනෙක්ගේ salary එකය් අඩුම salary එකය් අතර පරතරය 12:1,14:1 වගේ වෙනවා.(එහෙම බැලුවොත් සාමාන්‍යයෙන් doctor කෙනෙක්ගේ salary එක 180000 ලක්ෂ 2 අතර ගණක වෙන්න ඕන. මුල් අවුරුද්දේ doctor කෙනෙක්ගේ පඩිය 26000 . ඊට පස්සේ basic එක 26 500 , ඔය කියන allowances හම්බවුනාම 46 000. OT (හැමෝටම OT දාන්න බැ)දැම්මොත් 60000-70000 වගේ ගණක හම්බ වෙන්නේ. ලංකාවේ වැටුප් අනුපාතය ගත්තොත් 4:1 වගේ ගණක තම තියෙන්නේ.UK වල dr කෙනෙක් ලක්ෂ 8- 30 පඩියක් ගන්නවා.එහෙ අවම පඩිය 80 000 - 250 000 විතර. ඒ කියන්නේ අනුපාතය 10:1 විතර වෙනවා.
    හොස්පිටල් එකේ අනිත් staff එකේ අයට වගේ uniform allowances වගේ ඒවා ලැබෙන්නේ නෑ. nurse ල MLT ල 70000-90000 පඩි ගන්නවා කාටවත් පෙන්නේ නෑ.electricity board එකේ කෙනෙක්ගේ පඩිය කීයද කියල බලන්න.doctor සමාන වුර්තිකයෙකුගේ salary eka(eg Engineer)ගැන කාටවත් ප්‍රශ්නයක් නෑ.
    http://www.empire-locums.co.uk/doctor-salary.asp
    http://www.direct.gov.uk/en/Employment/Employees/TheNationalMinimumWage/DG_10027201

    ආණ්ඩුවට එච්චර පඩියක් දෙන්න බැරි නිසා තම PP කරන්න නීතියෙන්ම අනුමත කරලා තියෙන්නේ.(හැමෝම PP කරන්නෙත් නෑ)අනික අනිත් රස්සා කරන අය වැඩ කරන වේලාවෙන් පස්සේ වැඩ කරලා කීයක්‌ හරි හොයාගන්නේ නැද්ද. එත හැමෝටම පෙන්නේ dr කරන PP එක විතරය්.

    මේ හැම එකටම හේතුව ඊර්සියව. doctor කෙනෙක් වෙන්නේ විබාග පස්ස කරලා මහන්සි වෙලා මිසක් කාගෙවත් පස්සේ ගිහින් නෙවෙය්. doctor කෙනෙක් විදින කට්ට දන්නේ එක කරන අයය් පවුලේ අයය් විතරය්. ඒ නිසා ඉර්සියාවට බොරු කතා ලියන්න එපා.
    MBBS Doctor

    ReplyDelete
    Replies
    1. aniwaryenma doctor kenek nowana kenekta me dewal therennne na....

      Delete
  6. මම මාතෘ වාට්ටූවේ ජෙෂ්ඨ වෛද්‍යවරයෙක්.මේ ලිපිය ලියන මහත්තයගේ පවූල ඒ කියන්නේ ලැබෙන්න ඉන්න දරුවගේ අම්මා රූ හදිස්සියේ අමාරුවෙලා ඇඩ්මිට් වෙනවාකියමූකෝ.ඔන්න මේ තාත්තා ගේ නූපන් බබා හිරවෙලා කියලා කොල් එකක් .අපට රූට ඉන්න තැනක් නැ.ඒ කියන්නේ හොස්පිටල් එකේ ක්වාටස් නැ . කුලියට හොයාගත්ත ගෙදර ඉඳන් එන්නඕනේ ! ආංඩූවේ ඇම්බියූලන්ස් එක දෙනවැයි හිතමූකෝ(දැන් එහෙම දෙන්නේ නැ) පොත ලියලා ගොලයා ඇහැරවලා ඩ්‍රයිවර්ට කියලා තෙල් වතුර බලලා එනකොට බබා ට හත්දොහේ දානේත් කිට්ටූවෙලා !.මහත්තයා කියන විදිහට පර්මිට් එක නැතිව 28000 පඩියෙන් රස්සාව අරං කාරෙකක් ගන්න කොට මම පැංසොන් යන්නත් කිට්ටූයි.ඉතිං අර බබා දොස්තර මහත්තයා එන්නැතිපාර වෙන හිරනොවෙන ආත්මෙක ඉපදිලා එයාටත් බබෙක් ලැබෙන්න ලඟයි.හොඳයි පරණ කාරෙකක එනවැයි කියමූ.මග කාරෙක හිරවූනොත් හෙට මහත්තයා මේ පිටූවේ දොස්තර සංහතියම පට්ටගහවීනේද?.නොදැන බොරු ඉරිසියා ටෝක් එපා ! බඩ ගොස්තරේ හොයාගන්න සාධාරන ක්‍රමේකට !

    ReplyDelete
  7. ambulance driver කෙනෙක් ගන්නවා 50000 විතර පඩියක්.ඒ රස්සාව වැදගත් නෑ කියල නෙවෙයි මන් කියන්නේ . එත් ඊට වඩා මේකේ කලින් comment කරලා තියෙන මාතෘ වාට්ටූවේ ජෙෂ්ඨ වෛද්‍යවරයා වැදගත් නැද්ද??
    නිකන් කාටවත් කඩේ යන්නේ නැතුව හිටියොත් නරකද?

    ReplyDelete
  8. යකෝ දෙයක් ලියන්න කලින් කරුණු හොයල හිතල කල්පනා කරලා ලියපන්. නැත්තම්, උඹත් අර ඇස් බී කාරය, බන්දුලය, විමලෙය වගේ ජෝකර් කෙනෙක් වෙනවා...

    කට වහගෙන ඉන්නකම් ඕන මෝඩයෙක් පණ්ඩිතයෙක් තමා.....

    ReplyDelete
  9. හරි කියපන්, උඹේ නීත්‍යානුකූල රස්සාව මොකද්ද ? ගුරුකම නේද ?
    එහෙනම් උඹ පත්තර වලට ලියන්නේ, ටියුෂන් කරන්නේ, වෙන බිස්නස් කරන්නේ????????
    අද කලේ කවුරුත් ජොබ් දෙකක් තුනක් කරනවා...
    උඹට ඩොක්ටර්ලත් එක්ක තියෙන්නේ වෙනම මලක්..

    ReplyDelete
  10. ""නොදැන බොරු ඉරිසියා ටෝක් එපා ! බඩ ගොස්තරේ හොයාගන්න සාධාරන ක්‍රමේකට !"""

    මුගේ නොදැනුවත් කම නෙවි ජඩ කම.. ..

    ReplyDelete
  11. දොස්තරලා ඇතුළු වුර්තිකයන්ට හරි වැටුපක් ගෙවන්න බැරි රටක් මේක...දේශපාලකයන් ට තියෙන සැලකිලි ඔවුන්ට නැහැ ඔවුන්ට විතරයි අතට පයට දැසි දස්සොද ඉස්ස්රහටද පස්සටද වාහන ප්ලීට් දාල යන්න සල්ලි වෙන් වෙන්නේ ...තමන්ගේ වාහනයකින් රස්සාවට එන පරිපාලන නිලධාරීන්ටත් ආණ්ඩුව වෙනම දීමනා දෙනවා නැතිනම් නිල රථ දෙනවා...
    දොස්තරලා වගේ පැය විසි හතරම සේවයට බැඳී ඉන්න වුර්තිකයන්ට අතිරේක දීමනාවලින්වත් ඔවුන්ගෙන් වැය වෙන වියදම ගෙවන්න ඕන...

    මම හිතන්නේ මෙතන කොමෙන්ට් දාල තියෙන දොස්තරලා කියන දෙය හරි...ඔවුන්ගෙන් වැඩි දෙනකු ඔය අතිරේක අදායම් ගන්න මැරී ගෙන පී පී කරන ය නෙවේ...පී පී කරන අයත් මිනිසුන්ට සේවයක් කරනවා...සේවයක් නැතිනම් නිකන් මිනිස්සු ඒවාට ගෙවන්නේ නෑ

    මේ 1:4 අනුපාතයක් දමා ගෙන ආණ්ඩුව කාටවත් හරි මුලික වැටුපක් දෙන්නේ නෑ...පහලම අයට වැඩි කරනකල් උඩ අයටත් වැඩි කරන්නේ නෑ...පහල අයට ඉල්ලන්න බැරි දීමනා ජාති හදල උඩ අයට ගෙවනවා...අන්තිමට පැන්සොන් යනකොට මුලික වැටුප කියන සොච්චමට පැන්සොන් හදා ගෙන ගෙදර යනවා...

    පහලම රාජ්‍ය සේවකයාට රුපියල් 11000 ක් ගෙවනවා ඔය අනුපාතයට අනුව...අද උපාධිධරයෙක් පුහුණුවන්නෙක් කියල ගත්තම ගෙවන්නේ රු 10000 යි. අද 11000 කින් පඩි අරන් දරු පවුලක් එක්ක මොනවා කරන්නද...කවුරු කවුරුත් අතිරේක දීමනා ඕවර් ටයිම් පිට වැඩ කරලා ජිවත් වෙනවා...

    මේ 1:4 අනුපාතය කියන ඊනියා සාධාරනත්ව පදනම වෙනස් කරලා එක එක රැකියාවේ විශේෂ තත්වයට අනුව වැටුප් ක්‍රම හදන්නත්...තම තමන්ගේ කාර්ය සාධනයට අනුව අතිරේක ගෙවීම් කරන්නත්...තමන් කරන අතිරේක සේවා සැපයීම වලට යන වියදම ආපසු ගෙවෙන දීමනා දෙන්නත් ඕන...විශේෂ වැටුප් ක්‍රම රාජ භාණ්ඩාගාරයේ...රාජ මහා බැංකුවේ ඉන්න අයට ත් අයිති වරප්‍රසාදයක නෙවේ...නැතිනම් සියලු දෙන මේ අවම මුලික වැටුප තව 15000 කින් වත් වැඩි කරලා දෙන්න පාරට බහින්න වෙනවා..

    ReplyDelete
  12. දොස්තරලට මල පැනල තියෙන්නෙ මොකෝ මේ මේක දැකල?....හෙහ්, හෙහ්, අනිවාර්යයෙන් හේතුව තමයි කතාව ඇත්තම ඇත්ත....

    වැඩිදුර විස්තර අවශ්‍ය නෑ...අද රටේ හැමෝම දන්නව දොස්තරල කියන්නෙ කවුද , කොහොමද එයාලගෙ වැඩ පිළිවෙල කියල...හෙහ්, හෙහ්,

    ReplyDelete
  13. මෙහි කමෙන්ටු දමා තිබෙන දොස්තරවරු හෝ වරයා තමන් තෙතරම් පහත් පුද්ගලයෙක්ද පුද්ගලයෝද යන්න පදර්ශනය කරති.

    ReplyDelete
  14. අනේ ඇත්තට ලංකාවේ ඩොකාලා මෙච්චරම මෝඩයෝද?

    ReplyDelete
  15. දොස්තරලා කියන්නෙ දෙයියො නෙමෙයි. උන්ගේ හොර මැර දූෂන ගැන ලිව්වාම මොකෝ මේ සමහර හිපොක්‍රටිස්ලා හිපොක්‍රිට් විදිහට හිපපොටේමස්ලා වගේ හැසිරෙන්නෙ

    ReplyDelete
  16. එඉ මේ රටේ දොස්තර සේවය කියල කියන්නේ? මේකට කියන්න ඕනේ දොස්තර බිස්නස් කියල නෙමෙඉද? අද දොස්තර කඩයක් දාගත්තම හොඳ ගානක් හොයාගන්න පුළුවන්. බලපල්ලා දැන් මන්ත්‍රී කෙනෙක් බිහිකරන්න කොන් දොස්තර කෙනෙක් බිහිකරන්න එක සත පහක් යනවද? ඒ උනාට දොස්තර කෙනෙක් බිහිකරන්න බදු සල්ලිවලින් කෝටි ගානක් යනවා. අනෙක මුන් කියන්නේ පිටරට වල පඩි වෙඩි කියලඊ. ඒ උනාට පිටරටවල පිගන් හෝදන එකෙකුත් රුපියල් ලක්ෂ දෙකක් විතර ගන්නවා මාසෙකට. දීපන්කො උත්තර? අනෙක මුන් ඔච්චර හොඳ නම් ආණ්ඩුවේ වේදකරන එඋන් මොකද පොද්ගලික සේවයේ යෙදෙන්නේ? මම දන්නා දෙමල දොස්තර කෙනෙක් හිටිය පේරාදෙණිය ටෙචින්ග් හොස්පිටල් එකේ. කොට බඩුවක්. ඒ බඩුව හිටියේ හිඳගල. රැට වෙඩ ඉවරවෙලා මම දැකල තියෙනවා අම්බුලන්ස් එකෙන් තමඊ ගෙදර යන්නේ. දවසක් මට අතටම මට්ටු අම්බුලන්ස් එක නවත්තගෙන රියදුරු එක්ක සේපක් ගන්නවා. මම එතකොට වේදකරේ හොස්පිටල් එකෙම වෙන තැනක මූර කාරයෙක් හැටියට වැඩ. දැන් නම් මම ප්‍රාදේශීය සබාවේ දොස්තරට වැඩිය ගානක් කපාගන්නවා දුප්පත් මිනිස්සුන්ට සේවය කරලා. ඔය මතී කියන දොස්තර බඩුව එක්කන් එන්නත් අම්බුලන්ස් එක යවනවා මහා රැට. එයට පොඩි කොළ පට කාර් එකකුත් තිබුන. ටිකක් වල් බඩුවක්.කොටින්ටත් සපෝට් කරපු LTTE දොස්තර කෙනෙක්.
    දැන් නම් ඒ දොස්තර ඖස්ට්‍රලියාවේ ඉන්නේ. මේක උනේ 2004 වර්ෂයේ.

    ReplyDelete
  17. ඩොකා ල හන පව් කියලත් හිතෙනවා. එෂ් පැත්තෙන් මෙලෝ රහක් නෙහ. එකනේ අම්මල කෙමති උනත් කෙල්ලෝ ඩොක ලට කෙමති නෙත්තෙ? කසාද බැන්දත් ගනී පිට යඅනවමි

    ReplyDelete
  18. [මෙවැනි තෝරා ගත් රජයේ සේවකයන්ට පමණක් ඉහළ වැටුප් වැඩිවීම් හා වරප්‍රසාද ලබා දීමට රජය කටයුතු කරන්නේ ඇයි ද]

    ගුරුවරු, පත්තර කාරයො හෙම නයිට් ඩියුටි කොරනවනේ? නැත්ද මං අහන්නෙ?

    ReplyDelete
  19. above mentioned 29000 is for Disturbance,availability and transport.Not for transport.Parrallal categories of the government are getting official vehicles, official drivers and free petrol 180 liters pre month,wich cost more than 70,000 Rs per month. As doctors we know that goverment can not spend that much of money for 14,000 goverment medical officers. This 29,000 was approved in 2007 and as the war situation it was postponed till war is over. It is true that blog sites indicates the bloggers personal views.As this is an open site please try to cover every aspect equally.

    ReplyDelete
  20. දන්නේ නැති නිසා අහන්නේ දැන් දොස්තර ගෙවල් වල යන්නේ ambulance වලින්ද?

    ReplyDelete
  21. දොස්තර කෙනෙක්ට වියදම් කරන මුළු මුදලම අවුරුදදක් වැඩ කලත් ගෙවිල ඉවරයි.
    private සීසර් සැත්කමකට 70 000 විතර ගන්නවා.මාසෙකට එක් දොස්තරකෙනෙක් 50 ක් කර කියමුකෝ.(70 න් 30 ක් ඔපරේෂන් එකට ගන්නවා කියමුකෝ. ලක්ෂ 15 ක් වුනාට වුනත් පඩිය 46 000 )

    ReplyDelete
  22. ලංකාවේ මේ තරම් හරි ෞබ්‍යය ක්ෙෂ්ත්‍රය හොදින් තියෙන්නේ ඔය බැනල comment දාන අය නිසානෙ . ඔය බනින අයටත් කවද හරි දවසක තෙරෙයිනේ... දොස්තරලා තරම් දූෂණ මර වැඩ අය කරන අය කොහෙද ඉන්නේ (මන කියන්නේ සුළු පිරිසක් නෙවෙය් ගොඩක් අය නරක අයනේ)...

    ReplyDelete
  23. පරා කවදද නෝනට පොලේ යන්නයි, බබව ස්කෝලෙට දාන්නයි ආණ්ඩුවේ වාහනේ යවන ඔය පොලිස් මහත්තරු, රජයේ අනෙක් නිලදාරීන් ගැන ලියන්නේ .....

    ReplyDelete
  24. onna mama padam karala amaruwen igena gaththa. mage anith yaluwo eyalata hamba wechcha nidahas adyapanen prayojanayak gaththe nethi wunata. eath itin duk widila igena gena doctor kenek welaa thawa peya 24ma job ekata stand by idala minissungen kunu kathaathath ahanna oni nea ne..so puluwan ikkmanta australia yanawa.lamayinta hoda iskola..hoda geyak. wahanwalata petrol walata tax gewanna oni ne, deshapalakayo nadaththu karanna..peya 8i dawasata weda. marayonta baya inna oni ne..nidahase kaala adala inna puluwan.kawruwath irisiya karanneth ne :)

    ReplyDelete
  25. I am a doctor, I know how SL people think about doctors, bloody disgusting, no point even serving them. I migrated, now i am happy, i am serving much more civilised people, yet maintaining my respect.
    Bloody SL never develops.... frogs in the well !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා