මධ්‍යම මට්ටමේ රජයේ සේවකයන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍රයට තට්ටු වෙයි ද?

කන්නට ඕනෑ වුණා ම කබරගොයා වුණත් තලගොයා කර ගැනීම මේ රටේ සාමාන්‍ය තත්වයකි.


දැන් ආණ්ඩුවට මධ්‍යම මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ට දෙන තීරු බදු රහිත වාහන පර්මිට් එක කන්නට ආසාවක් ඇති වී තිබේ. එහෙත්, එසේ කරනු ඇත්තේ දේශපාලකයන්ට හා ඉහළ ම රාජ්‍ය නිලධාරීන්ට දෙන බලපත්‍ර රැක ගන්නා ගමන් ය. 


අද දිනමිණට මුල් පුවත වී ඇති කතාව ලංකාවේ ඕනෑම කෙනෙක් වසර බොහෝ ගණනක් තිස්සේ සිට දන්නා සාමාන්‍ය කාරණයකි.  විජයානි එදිරිසිංහ අද දිනමිණට එය ලියා ඇත්තේ හරියට මාර ගවේෂණාත්මක ප්‍රවෘත්තියක් සේ ය. කියවා බලන්න. 



බලපත්‍රයක් ලක්‍ෂ 7-10 අතර මිලකට

රජයේ නිලධාරීන්ට ලබාදෙන ‘කාර් පර්මිට්’ ජාවාරමක්

ඇතැම් වාහන ආනයනකරුවෝ ජාවාරම පිටුපස
රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට සුවිශේෂී වරප්‍රසාදයක් වශයෙන් තීරු බදු සහන යටතේ මෝටර් රථ ගෙන්වීමට ලබා දෙන බලපත්‍රය සහ එමඟින් ගෙන්වූ වාහන දෙවැනි පාර්ශ්වයකට විකිණීමේ ජාවාරමක් සිදුවෙමින් පවතින බව හෙළි වී තිබේ.
මෙම බලපත්‍රය මිලදී ගැනීම සඳහා මහා පරිමාණ වාහන ආනයනකරුවන් විසින් වෙනම බ්‍රෝකර්වරුන් පවා යොදවා තිබේ.
මෙම බලපත්‍රයක් රුපියල් ලක්‍ෂ 7 සිට 10 දක්වා වූ මිල ගණන්වලට අලෙවි කරන බව හෙළිව තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ රේගුව හරහා කළ සොයා බැලීම් වලදී ද හෙළිවූයේ බලපත්‍රය ලබා ගැනීමේ සුදුසුකම් ලත් නිලධාරීන් වැඩි පිරිසක් එය විකුණන බවයි. (වැඩිදුර විස්තර)




මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අර පුරාවිද්‍ය චක්‍රවර්තී ගේ පරමිට් එකට ගෙනාපු බැන්ස් එකේ කේස් එකට මොකද වුනේ?

    ReplyDelete
  2. ඇයි අර බයිලා චක්‍රවර්තිලා බෙන්ස් කාර් ගෙනල්ල විකුණගෙන ඔය යසට ඉන්නේ...එතකොට ඔය දිනමිණ කොහෙද හිටියේ...ඔය දේශපාලකයෝ කී දෙනෙක් ඔය වැඩේ කළාද? මේක ජාවාරමක් ද මම දන්නේ නේ නෑ...සමහර රජයේ සේවකයෝ ඔය වේදය කරනවා...ඔය පර්මිට්වලට කාර් ගන්න සල්ලි නැති උනාම...නය වෙන්න බැරි උනාම...නැතිනම් පොඩි ගානක් අතට ගන්න...වැඩේ වැරදියි තමයි..නමුත් මේ නම් එන්නේ අර අන්තිමට දෙන මේක ගන්න යන පොඩි එවුන්ගේ පර්මිට් එකට වැඩක් දෙන්න තමා...පර්මිට් කීවට මේක නිකන් නෙවි...බදු වලින් සියට ගණනක අඩු කලත් ඉතිරි ටිකට ලොකු ගානක් ආණ්ඩුවට බදු වශයෙන් ගෙවනවා...දෙන තියෙන බදු ක්‍රමය අනුව සහන ගාණත් ලොකු ගණනක්...

    ReplyDelete
  3. තීරු බදු රහිතව වාහන ගෙන්වීමේ වරප්‍රසාධය හිමි සමහර දෙනෙකු ෆර්මිට් එක කෙලින්ම විකුනා දමනවා.මෙය රහසක් නොවේ.මෙහිදී රජය විසින් කල යුත්තේ එම වරප්‍රසාධය නැති කිරීම නොව නීති විරෝධි ජාවාරම මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය නිති රීති හඳුන්වා දීමයි.

    මෙම සුළු පිරිසක් විසින් කරනු ලබන නීති විරෝධි කටයුතු නිසා එම බදු බරත් දැරීමට සිදුවී ඇත්තේ මේ රටේ සාමාන්‍ය ජනතාවටය.

    ReplyDelete
  4. This is a operation that has been going on as long as this privilege has been available. Only people who has not been privy to this is writers of the article to Dinamina & Daily News. Originally when the new number plate system came into operation the letter P or D denoting if the vehicle was petrol or diesel was marked in red to stop any abuse of permit system. But due some political/bureaucratic manipulations this practice was discontinued.May be the original intention was to give this incentive to senior bureaucrats in order for them to earn a few extra rupees!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා