Posts

Showing posts with the label කාර් බලපත්‍ර

මධ්‍යම මට්ටමේ රජයේ සේවකයන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍රයට තට්ටු වෙයි ද?

Image
කන්නට ඕනෑ වුණා ම කබරගොයා වුණත් තලගොයා කර ගැනීම මේ රටේ සාමාන්‍ය තත්වයකි. දැන් ආණ්ඩුවට මධ්‍යම මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ට දෙන තීරු බදු රහිත වාහන පර්මිට් එක කන්නට ආසාවක් ඇති වී තිබේ. එහෙත්, එසේ කරනු ඇත්තේ දේශපාලකයන්ට හා ඉහළ ම රාජ්‍ය නිලධාරීන්ට දෙන බලපත්‍ර රැක ගන්නා ගමන් ය.  අද දිනමිණට මුල් පුවත වී ඇති කතාව ලංකාවේ ඕනෑම කෙනෙක් වසර බොහෝ ගණනක් තිස්සේ සිට දන්නා සාමාන්‍ය කාරණයකි.  විජයානි එදිරිසිංහ අද දිනමිණට එය ලියා ඇත්තේ හරියට මාර ගවේෂණාත්මක ප්‍රවෘත්තියක් සේ ය. කියවා බලන්න.  බලපත්‍රයක් ලක්‍ෂ 7-10 අතර මිලකට රජයේ නිලධාරීන්ට ලබාදෙන ‘කාර් පර්මිට්’ ජාවාරමක් ඇතැම් වාහන ආනයනකරුවෝ ජාවාරම පිටුපස විජයානි එදිරිසිංහ රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට සුවිශේෂී වරප්‍රසාදයක් වශයෙන් තීරු බදු සහන යටතේ මෝටර් රථ ගෙන්වීමට ලබා දෙන බලපත්‍රය සහ එමඟින් ගෙන්වූ වාහන දෙවැනි පාර්ශ්වයකට විකිණීමේ ජාවාරමක් සිදුවෙමින් පවතින බව හෙළි වී තිබේ. මෙම බලපත්‍රය මිලදී ගැනීම සඳහා මහා පරිමාණ වාහන ආනයනකරුවන් විසින් වෙනම බ්‍රෝකර්වරුන් පවා යොදවා තිබේ. මෙම බලපත්‍රයක් රුපියල් ලක්‍ෂ 7 සිට 10 දක්වා වූ මිල ගණන්වල...