ආණ්ඩුව නැවතත් උදුල් ප්‍රේමරත්න පසුපස

ආණ්ඩුව නැවතත් උදුල් ප්‍රේමරත්න පසුපස ය. බොරැල්ල පොලිසිය ඔහු වනාතමුල්ලේ පොලිස් මෙහෙයුමට එරෙහි විරෝධය පසුපස සිටියේ යයි පවසමින් ඔහු අත් අඩංගුවට ගන්නට වරෙන්තුවක් ඉල්ලුවත්, අධිකරණය පැවසුවේ ඔහු වරදක් කර ඇත්නම් අත් අඩංගුවට ගැනීමට පොලිසියට පුළුවන් නිසා වරෙන්තුවක් අවශ්‍ය නො වන බවයි. 


උදුල් ප්‍රේමරත්න මෙම මිලිටරි විලාසී සර්ව රාත්‍රික පොලිස් මෙහෙයුමේදී සාමූහිකව අත්අඩංගුවට පත් වූ ලුම්පන් නිර්ධනයන් වෙනුවෙන් මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කරන්නට කටයුතු කළ බව වාර්තා වේ. 


කලින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස ඔහු ක්‍රියාකාරී වූ සමයේ ආණ්ඩුව ඔහු පසුපස ලුහුබඳිමින් ඔහු දැඩි පීඩනයකට ලක් කළේ ය. අවසානයේදී එවකට ඔහුට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ ඔහු අඩුවෙන් අවධානයට ලක් වන තනතුරක් වෙත මාරු කළේ ය. 


ජවිපෙන් වෙන් වූ පිරිස් ජන අරගල ව්‍යාපාරය බිහි කර ගත් පසු උදුල් ප්‍රේමරත්න නැවතත් ක්‍රියාධරයකු ලෙස අවධානයට ලක් වන්නට වූයේ ය. විශේෂයෙන් ජාතික ප්‍රශ්නය සම්බන්ධ දේශපාලනයේදී ඔහු කැපී පෙනුණේ ය. 


වෙනත් බොහෝ වාම ක්‍රියාධරයන් තුළ දක්නට නො ලැබෙන අව්‍යාජත්වයක් උදුල් ප්‍රේමරත්න තුළින් ප්‍රදර්ශනය විය. අපට පෙනෙන පරිදි ඔහු තමන් කරන දේ තුළ සියට සියයක් සිටියි. මෙය වනාහි ඉදිරි පෙළ වාම ක්‍රියාධරයන් අතර අතිශය විරල ලක්ෂණයකි. 


නිදසුනක් ලෙස, ප්‍රේමකුමාර් ගුනරත්නම් හා දිමුතු ආටිගල පැහැරගෙන යාම වනාහි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ම ප්‍රබන්ධයකි යන මතය සමාජය තුළ පතුරුවා හරින්නට ආණ්ඩුවට හැකි වූයේ ද, ඒ පැහැර ගැනීම සමාජයේ කම්පනයක් ඇති නො කළ සිල්ලර සුඛාන්ත නාට්‍ය ජවනිකාවක් බවට පත් කරන්නට හැකි වූයේ ද, පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයන් තුළ මේ ලක්ෂණය නො තිබීමයි. 


මේ වනාහි යම් සංක්‍රාන්ති සමයකි. ජවිපෙ හා ආණ්ඩුව අතර එදා තිබුණු අවබෝධය ආණ්ඩුව හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර නැත. පෙරටුගාමීන් පැහැරගෙන යාමට ලක් වන්නට හේතුව එයයි. දිමුතු ආටිගල කියන අන්දමට නම් දැන් ආණ්ඩුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉන්නේ හොඳ ළමයින් පිරිසක් බව දනියි. 


කොහොම වුණත්, උදුල් පරිස්සම් විය යුතු ය. තනිව බස්වල නො යා යුතු ය. තනිව පාළු නිවෙස්වල රාත්‍රිය නො ගෙවිය යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. උදුල් ප්‍රේමරත්න දැන් ලෝයර් කෙනෙක් නේද? මම ටෙලිවිෂන් එකේ නිවුස් වල එහෙම දැක්කා. වැරදිනම් නිවැරදි කරන්න.

    ස්තුතියි.

    -ලංකා-

    ReplyDelete
  2. Namal wage lawyer kenek unoth thamai, mu dental karanna gihin, ana gaththa ekek.

    ReplyDelete
  3. විමල් වීරවංශ ඇතුලු අප රටෙන් බිහිවු නව සොයාගැනීම් කල ශේෂ්ඨ යන් ගේ ගුණ සැමරීමටත්,ඔවුන් ලෝකය වෙනුවෙන් කල උදාර මෙහෙය ඇගයීමටත් මම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා.මොවුව ඇගයීමකට ලක් කර උත්සවයක් පවත්වා සම්මාන ලබාදීමට හැකි කෙනෙක් ඉන්නව කම් ඒක කරන්න.

    1.බන්දුල ගුණවර්ධන - රු 2500 කින් මාසයක් ජීවත් වීවිය හැකි බව සොයා ගනිමින් ලෙවකන්නා වාදය ලොවට හදුන්වා දීම.
    හාල්පිටි කිලෝවකින් ඉඳි ආප්ප 350 ක් නිපදවිය හැකි ක්‍රමයක් හදුන්වා දීම.
    2.විමල් වීරවංශ - මහල්ලා සහ මුහුද" ලිව්වේ "ගී ද මෝපසාං" යැයි ගවේෂණාත්මකව සොයා ගැනීම .
    බුදුන්ට ගල් පෙරලුවේ අංගුලිමාල බව පුරාවිද්‍යා පරීක්ෂණයකින් සොයා ගැනීම.
    3.සුසිල් ප්‍රේමජයන්ත - මුලින්ම හඳට ගියේ යූරි ගගාරින් බව සොයා ගැනීම
    4.විජිත් විජිතමුණි - ජේසුස් වහන්සේට ඇන ගැහුවේ අරාබි ජාතිකයින් බව පුරා විද්‍යා පර්යේෂණයක් සිදු කර සොයා ගැනීම.
    5.ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න - ගැලිලියෝට වස දීමෙන් මරා දැමුණු බව සොයා ගැනීම.
    6.ජැක්සන් ඇන්තනි - ජනපති බුදුන්ගේ ලේ නෑයෙක් බව ගුප්ත DNA පරීක්ෂණයකින් සොයා ගැනීම.
    7.මහින්ද යාපා අබේවර්ධන - ගොයම් පැලය පර පරාගනය සිදු කරන බව සොයාගැනීම
    8.ලලිත් වීරතුංග - පෘතුග්‍රීසීන් ලංකාවට පැමිණියේ 1905 දී බව සොයාගැනීම (08/04/12 දොරමඩලාව)
    9.රත්නසිරි වික්‍රමනායක - සීයා වරුන් (70+) සහ මිණිපිරියන්,මී මිණිපිරියන් (18-)අතර ලිංගික ක්‍රියාකාරකම් ප්‍රතිපලදායක බව වසර ගණනාවක් තිස්සේ තමා විසින්ම පර්යේෂණ කටයුතු වල නියලෙමින් ඔප්පු කර පෙන්වීම.
    10.චම්පික රණවක - මාධ්‍ය ඉදිරිපිට ප්‍රසිද්ධියේ තට්ටේ බෑමෙන්,කාන්තා ලිංගික පරපීඩික ක්‍රියා සිදුකරමින්,බේගල් ඇද බෑමෙන් නිවන් යා හැකිදැයි පර්යේෂණ යක් සිදු කිරීම.(ප්‍රතිඵල තාම ලැබී නැත)

    මොවුන් කවුරුන් හෝවෙනුවෙන් උපහාර හෝ සම්මාන් උත්සවයක් පවත්වන්නේ නම් පැමිණෙන ජනතාවගේ රස වින්දනය පිණිස 18 වන ව්‍යවස්ථා සංශෝධනය,බලය බෙදීම පිලිබද දේශනයක් සිදු කිරීමට උපේකෂා සවර්ණමාලි මැතිනියට ලබාදෙන මෙන් මා ඉල්ලා සිටිනවා.

    ReplyDelete
  4. read these words from sugath

    සරසවි සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් තමන්ගේ අධ්‍යාපනයට වල කපාගත් සේ අන්‍යන්ගේ අධ්‍යාපනයට ද වින කොටා සිසු ජිවිත කාලකන්නි කරන අන්තරයේ සාමාජිකයන්ද එක්තරා අකාරයක බිලි බෝයිස් ලා කොටසකි. ඔවුන් විභාග වලින් අසමත් අනාගතය පිලිබඳ සිහින නොදකින නරුමයන් කොටසක් බවට පත් කොට ඇත්තේ පක්ෂයේ විශේෂිත ආත්මාර්ථකාමී උපායමාර්ගයකට අනුවය. උදාහරණයක් ලෙස අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකයා ව සිටි උදුල් ප්‍රේමරත්න ගැන සලකා බලන්න. ඔහු හිටපු දන්ත සිසුවෙකි. ඔහුට දන්ත පිඨයේ විභාග වලින් සමත් වීමට නොහැකි විය. ඔහු තමන්ගේ අධ්‍යාපනය විනාශ කරගෙන අනෙකුත් සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය විනාශ කිරීමේ යටි අරමුණු ඇතුව ක්‍රියා කළේය. ඔහු නොමිලේ දෙන නිදහස් අධ්‍යාපනයෙන් එලක් ගත්තේ නැත. ඔහු වෙනුවට වෙනත් අයෙකුට දන්ත පිඨයට ගොස් ඉගෙනීමට අවස්ථාවක් දුන්නේද නැත. මෙවැනි නොමල බිලි බෝයිස් ලා ට සිදු වන්නේ එක්කෝ පසු කාලයක තම ඉරණම භාර දුන් පක්ෂයෙන්ම ද්‍රෝහියා කාඩ් එක වැදී නිරුවත් වීමට හෝ තමන් සිසු දිවිය පුරා විරෝධය පෑ ධනපති ක්‍රමය වෙත ගොස් එම ක්‍රමයේ සුවච බලු කුක්කෙකු වීමටය. මිට පෙර අන්තරයේ සිටි පතාකයන්ට ද ඔවැනි ඉරණම් අත් වූ ආකාරය අප දැක තිබේ.

    අරගල කිරීමට පෙර අරගල වල ස්වභාවය අඳුනගන්න. අරගලයට බිලි බෝයි කෙනෙකු නොවන්න. මනුෂ්‍යත්වයේ දේශපාලනය සොයා යන්න.

    (අවශ්‍ය වන්නේ විරු සිසුවන්ද ? නැතහොත් බිලි බෝයිස්ලාද ?
    | ඩී සුගත් රාජපක්ෂ )

    ReplyDelete
  5. udul lawyer kenek..pera dental faculty inna kalema law karala pass una-udulge samakaleenayek

    ReplyDelete
  6. උදුල් දැන්නම් කවුද කියල හරියටම දන්නේ නැ. එත් මම උදුල් එක්ක එක පන්තියේ ඉදල තියෙනවා 1996, 1997 අවුරුදු වල. ඒ කාලේ ගැන හිතුවම අද උදුල් ගැන හිතා ගන්නවත් බැ. මමනම් හරිම සතුටුයි ලංකාවේ දේශපාලනේ කරලා රට වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන්නම්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා