Posts

Showing posts with the label වනාතමුල්ල

කොළඹ අයිති අපට ය; එය රාජපක්ෂලාගේ නින්දගමක් නොවේ

Image
කොළඹ වනාතමුල්ලේ අඩු ආදායම්ලාභී පදිංචිකරුවන් නිවාසවලින් ඉවත් කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් මේ වන විට දියත් වෙමින් තිබේ. වතු ගණනාවක ජනතාවට සිය නිවෙස්වලින් ඉවත්ව යන්නැයි විවිධ ආකාර‍යෙන් බලපෑම් කෙරෙමින් පවතී. මේ බලපෑම් නාගරික සංවර්ධන අධිකාරියේ ලියුම්වල සිට, හමුදා බලපෑම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ රැස්වීම් හරහා පුද්ගලයන් පැහැරගෙන යාම දක්වා විහිදී යමින් තිබේ.  රජය ඔවුන්ට දෙමටගොඩ, මිහිඳුසෙන්පුර මහල් නිවාසවල විකල්ප නිවාස ලබා දෙන බව කීව ද ජනතාව ඒ පිළිබඳ ප්‍රශ්න රැසක් මතු කරති. ඒ ප්‍රශ්න අතර, නිවාසවල ඉඩකඩ මඳ වීම, ප්‍රවේශ ගැටලු, සංස්කෘතික ප්‍රශ්න, ඉදිකිරීම් ප්‍රමිතියේ ගැටලු, සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලු ආදිය තිබේ. ජනතාව කියන්නේ මේ අලුත් තට්ටු නිවාස තමන් කලින් සිටි ගෙවල්වලට වඩා කුඩා, ගුණාත්මකභාවයෙන් අඩු ඒවා බවයි. ආණ්ඩුව එය බොරුවක් ය කියා කියනු අප අසා නැත. එය පැහැදිලි සත්‍යයකි.  අනෙක් පැත්තෙන් නිවාස අහිමි වන ජනතාවට සිදු වී තිබෙන්නේ මේ අලුත් නිවාස මිළ දී ගන්නට ය. ඒ වෙනුවෙන් මුලින් රුපියල් ලක්ෂයක් ගෙවා ඉන් අනතුරුව වසර 20ක් පුරා මසකට රු. 4000 බැගින් ගෙවන්නට නියම කර තිබෙන බව ජනයා පවසති...

ආණ්ඩුව නැවතත් උදුල් ප්‍රේමරත්න පසුපස

Image
ආණ්ඩුව නැවතත් උදුල් ප්‍රේමරත්න පසුපස ය. බොරැල්ල පොලිසිය ඔහු වනාතමුල්ලේ පොලිස් මෙහෙයුමට එරෙහි විරෝධය පසුපස සිටියේ යයි පවසමින් ඔහු අත් අඩංගුවට ගන්නට වරෙන්තුවක් ඉල්ලුවත්, අධිකරණය පැවසුවේ ඔහු වරදක් කර ඇත්නම් අත් අඩංගුවට ගැනීමට පොලිසියට පුළුවන් නිසා වරෙන්තුවක් අවශ්‍ය නො වන බවයි.  උදුල් ප්‍රේමරත්න මෙම මිලිටරි විලාසී සර්ව රාත්‍රික පොලිස් මෙහෙයුමේදී සාමූහිකව අත්අඩංගුවට පත් වූ ලුම්පන් නිර්ධනයන් වෙනුවෙන් මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කරන්නට කටයුතු කළ බව වාර්තා වේ.  කලින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස ඔහු ක්‍රියාකාරී වූ සමයේ ආණ්ඩුව ඔහු පසුපස ලුහුබඳිමින් ඔහු දැඩි පීඩනයකට ලක් කළේ ය. අවසානයේදී එවකට ඔහුට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ ඔහු අඩුවෙන් අවධානයට ලක් වන තනතුරක් වෙත මාරු කළේ ය.  ජවිපෙන් වෙන් වූ පිරිස් ජන අරගල ව්‍යාපාරය බිහි කර ගත් පසු උදුල් ප්‍රේමරත්න නැවතත් ක්‍රියාධරයකු ලෙස අවධානයට ලක් වන්නට වූයේ ය. විශේෂයෙන් ජාතික ප්‍රශ්නය සම්බන්ධ දේශපාලනයේදී ඔහු කැපී පෙනුණේ ය.  වෙනත් බොහෝ වාම ක්‍රියාධරයන් තුළ දක්නට නො ලැබෙන අව්‍යාජත්වයක් උදුල් ප්‍...