කොළඹ අයිති අපට ය; එය රාජපක්ෂලාගේ නින්දගමක් නොවේ

කොළඹ වනාතමුල්ලේ අඩු ආදායම්ලාභී පදිංචිකරුවන් නිවාසවලින් ඉවත් කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් මේ වන විට දියත් වෙමින් තිබේ. වතු ගණනාවක ජනතාවට සිය නිවෙස්වලින් ඉවත්ව යන්නැයි විවිධ ආකාර‍යෙන් බලපෑම් කෙරෙමින් පවතී. මේ බලපෑම් නාගරික සංවර්ධන අධිකාරියේ ලියුම්වල සිට, හමුදා බලපෑම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ රැස්වීම් හරහා පුද්ගලයන් පැහැරගෙන යාම දක්වා විහිදී යමින් තිබේ. 

රජය ඔවුන්ට දෙමටගොඩ, මිහිඳුසෙන්පුර මහල් නිවාසවල විකල්ප නිවාස ලබා දෙන බව කීව ද ජනතාව ඒ පිළිබඳ ප්‍රශ්න රැසක් මතු කරති. ඒ ප්‍රශ්න අතර, නිවාසවල ඉඩකඩ මඳ වීම, ප්‍රවේශ ගැටලු, සංස්කෘතික ප්‍රශ්න, ඉදිකිරීම් ප්‍රමිතියේ ගැටලු, සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලු ආදිය තිබේ. ජනතාව කියන්නේ මේ අලුත් තට්ටු නිවාස තමන් කලින් සිටි ගෙවල්වලට වඩා කුඩා, ගුණාත්මකභාවයෙන් අඩු ඒවා බවයි. ආණ්ඩුව එය බොරුවක් ය කියා කියනු අප අසා නැත. එය පැහැදිලි සත්‍යයකි. 

අනෙක් පැත්තෙන් නිවාස අහිමි වන ජනතාවට සිදු වී තිබෙන්නේ මේ අලුත් නිවාස මිළ දී ගන්නට ය. ඒ වෙනුවෙන් මුලින් රුපියල් ලක්ෂයක් ගෙවා ඉන් අනතුරුව වසර 20ක් පුරා මසකට රු. 4000 බැගින් ගෙවන්නට නියම කර තිබෙන බව ජනයා පවසති. 

මේ ඔවුන් තමන් පරම්පරා ගණනක් තිස්සේ පදිංචිව සිටි නිවස වෙනුවෙන් ලබන වන්දියයි. මේ අය අනවසර පදිංචිකරුවන් ලෙස රජය විසින් නම් කර තිබේ. අනවසර පදිංචිකරුවෝ කියන්නේ කවුරු ද? මොවුන්ගෙන් ඇතැමෙකුට තමන්ගේ ඉඩම වෙනුවෙන් ස්ථිර ඔප්පු තිබේ. අනෙක් පැත්තෙන් දිගු කාලීන පදිංචිය මත ඔවුන්ට මේ ඉඩම්වල හිමිකමක් නිර්මානය වී තිබේ. එම නිවාස පරම්පරා ගණනාවක් තිස්සේ කරන ලද වටිනාකම් එකතු කිරීම්වලින් යුක්ත ය. එම වටිනාකම් එකතු කිරීම් කරගෙන තිබෙන්නේ එම නිවෙස්වල පදිංචිකරුවන්ගේ ප්‍රායෝගික ජීවිත පහසුව වෙනුවෙනි.පරමාධිපත්‍යය ජනතාවට හිමි ය කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ ජනතාවගේ මූලික හිමිකමක් වන වාසස්ථාන පිළිබඳ අයිතිය නාගරික සංවර්ධන අධිකාරිය සිතන තරම් සරළ නැත. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ රජය අයිති ජනතාවට ය. රජයට අයිති ඉඩම් යනු ජනතාවගේ ඉඩම් මිස පාලකයින්ගේ ඉඩම් ‍නො වේ. ඉඩම් හිමිකම ගැන තර්ක කළ යුතුව තිබෙන්නේ එකී පදනමින් ය.

තමන් කාලයක් තිස්සේ වාසය කළ ඉඩම් රජයට පවරා දෙන විට, තමන්ට කලින් තිබුණු නිවාසයට වඩා හොඳ නිවසක් ලැබෙන බව තහවුරු කර ගැනීමේ හිමිකමක් මේ ජනතාවට තිබේ. දේශපාලකයන්, නිලධාරීන් හා කොන්ත්‍රාත්කරුවන් විසින් කරන ලද සොරකම් කිරීම් හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමිතිය පිරිහුණු කුකුළු කූඩු වැනි අනාරක්ෂිත ගොඩනැගිලිවලට ඔවුන් තල්ලු කර දැමීම පැහැදිලිව ම මානව හිමිකම් උල්ලංඝනයකි. මෙම නව නිවාස ඔවුන්ගේ ජීවිතය මුළුමනින් ම වෙනස් කරනු ඇත. අඩු ආදායම්ලාභී කාන්තාවෝ මෙහිදී විශේෂයෙන් අනතුරට පත් වෙති. ඔවුන්ගේ සම්ප්‍රදායික ජීවනෝපායන් වූ කඩයප්පන් හැදීම, මැහුම් හා වෙනත් ශ්‍රම සූක්ෂම කටයුතු ආදිය කරගෙන යාමට නො හැකි තත්වයක් තුළ ඔවුන් තවත් දිළිඳු වනු ඇත. 

එසේම, මෙම තට්ටු නිවාසවල තිබෙන ප්‍රවේශ මාර්ග, විදුලි සෝපාන ආදියෙහි අඩුපාඩු හේතුවෙන් අධික තදබදයක් නිර්මානය වේ. එම ජීවිතය අලුත් සංස්කෘතියක් වෙත ඔවුන් ඇද දැමීමකි. මේ නිවෙස්වල කුස්සියේ හා වැසිකිලිවල ඉඩකඩ හේතුවෙන් බරපතල සෞඛ්‍ය හා සනීපාරක්ෂක ප්‍රශ්න මතු වන බව ද ජනතාව කියති. 

දැන් මේ මිනිසුන් උන් හිටි තැන්වලින් ඉවත් කරන්නේ කු්‍මට ද? ආණ්ඩුව කියන පරිදි එසේ කරන්නේ කොළඹ නගරයේ වටිනා ඉඩම් ආර්ථික වශයෙන් ඵලදායී ව්‍යාපෘතිවලට යෙදවීමට හා නගර අලංකරණය වෙනුවෙන් බවයි. ආර්ථික වශයෙන් ඵලදායී ව්‍යාපෘතිවලට යොදවනවා ය කියන්නේ ඒ ඉඩම් දේශීය හා විදේශීය ධනවතුන්ට දීර්ඝ කාලීන බදු පදනම් යටතේ විකුණා දැමීමයි. එමගින් ලැබෙන මුදලින් ආණ්ඩුව එදිනෙදා අවශ්‍යතාවන් පිරිමසා ගනියි. ආණ්ඩුවෙන් ජනතාවට ලැබෙන සේවාවන් අතිශය අප්‍රමාණවත් බව කිව යුතු නැත. ඉතින් මේ පරිත්‍යාගයෙන් ජනතාවට තිබෙන ප්‍රයෝජනය කුමක් ද? ධනපතීන් කීපදෙනෙකුට තමන්ගේ ඉඩම් ටික පවරා දී නිලධාරීන් පිරිසකට කොමිස් ලබා දී, දේශපාලකයන්ට මෙම මජර ක්‍රමය පවත්වාගෙන යාමට  හැකි වන පරිදි ආණ්ඩුවට මුදල් හම්බ කර දීම පිණිස ‍මේ මිනිසුන් උන්හිටි තැන් නැති කර ගන්නේ කුමට ද?

නාගරික ඉඩම් වඩා ඵලදායී ලෙස පරිහරණය කිරීම අතිශය වැදගත් ය. එහෙත්, මේ ඵලදායිත්වයේ ඵලය ලැබිය යුත්තේ ජනතාවට මිස ‍දේශීය හෝ විදේශීය ධනවතුන්ට පමණක් නො වේ. ජනතාවට එයින් අත් වන සෙතක් නැතිනම් ඒ මහා ඵලදායිත්වයට වඩා පවතින අඩු ඵලදායිත්වය හොඳ ය.

රටක් සංවර්ධනය විය යුත්තේ කුමට‍ ද යන්න ආණ්ඩුව යළි සිහිපත් කර ගත යුතු ය. රටක් සංවර්ධනය වනවා ය කියන්නේ ඒ රටේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යාමයි. දිළිඳුකම නැති වීමයි. ආර්ථික හා සමාජ විෂමතා අවම වීමයි. එහෙම නැතිව සුළු පිරිසක් අසීමිත අන්දමින් රටේ සම්පත් හිමි කර ගනිමින් දිළින්දන් තවත් දිළිඳුභාවයට ඇද දැමීම සංවර්ධනයක් වන්නේ නැත. 

කොළඹ අගනගරය සංවර්ධනය විය යුත්තේ කොළඹ වැසියන් සමග කොළඹ හා රටේ සියලු වැසියන් වෙනුවෙනි. එසේ නොමැතිව දේශීය හා විදේශීය ධනවතුන් අතළොස්සක් වෙනුවෙන් නො වේ. කොළඹ වනාහි වනාතමුල්ලේ සුනිල් සමරධීරලාගේ හා අපේ භූමියයි. රාජපක්ෂලාගේ නින්දගමක් නො වේ. 

මෙය වනාතමුල්ලට පමණක් නො ව ලංකාවේ කොයි මුල්ලටත් අදාළ ය. මේ අපේ රට ය. අප එය පාලනය කිරීම කිසියම් කලකට ඔබට පවරා දී ඇතැයි සිතමු. එහෙත්, ඔබට ඕනෑ දෙයක් කරගත හැකි වන පරිදි එය භුක්තියට පවරා දී ඇතැයි නො සිතන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. හැකි නම් හොයා ගෙන බලන්න Castle කියන චිත්‍රපටිය.
    http://www.imdb.com/title/tt0118826/

    ReplyDelete
    Replies
    1. මෙතන කිහිප දෙනෙක් කියලා තිබෙනවා වනාතමුල්ල වගේ ප්‍රදේශ වල තිබෙන්නේ මුඩුක්කු, එම ප්‍රදේශවල ඉන්නා අය කුඩු කාරයෝ කියලා. මේකම තමයි ආරක්ෂක ලේකම්වරයාත් කියන්නේ.
      ඇත්තටම පැල්පත් නිවාස ඉවත්කරලා,මිනිස්සුන්ට ගෙවල් දෙන්න ඕනි නම මේ වැඩේ ආරම්භ කරන්න ඕනි සුදුපාලම අසලින්. එසේ නොකර මේ කරන්නේ කිසිවෙකුගේ උදව් බලාපොරොත්තුවෙන් තොරව, හොදට ගෙවල් දොරවල් හදාගෙන ජීවත්වෙන පිරිසකගේ ගෙවල් කඩා බිඳ දමා ඔවුන්ව කුඩා,ප්‍රමිතියක් නැති ගෙවල් වලට ගාල් කිරීම.

      මේ ජනතාවට චෝදනා කරන්න කලින්,පොඩ්ඩක් ඇවිත් බලන්න මේ මිනිස්සු කොයි තරම් හොදට ජිවත්වෙනවද කියලා.

      ආරක්ෂක ලේකම් කියනවා ඇමරිකාවෙන් බලං ඉන්නවලු අපිට කෙලින්න කියලා. එකටනං මම සම්පුර්ණයෙන්ම එකයි. මොකද ඇමරිකන්කාරයෙක් වන ආරක්ෂක ලේකම්නේ අපේ ඉඩම් වලට කෙලින්නේ.

      පැරා කලින් ලිපියක කියලා තිබුනා නේද ඔබ ජනරළ පුවත්පතට ලියනවා කියා. ඔබ කැමති නම් මට පෙන්නුවහැකි මේ මිනිස්සු ජිවත් වෙන අයුරු සහ ආණ්ඩුව කියන අසත්‍යය කරනා.

      රජීව්-පංචිකාවත්ත

      Delete
  2. වනාතමුල්ල ප්‍රසිද්ධ මොනවාටද කියලා අපි හැමෝම දන්නවනේ අජිත්. ලංකාවේ මේ "වත්ත" සංස්කෘතිය ටිකෙන් ටික නැතිවෙලා යනවා නම් හොඳයි. වත්තක ඉන්න ළමයි පොඩි කාලේදිම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අධ්‍යාපනය විනාශ කරගන්නවා. ඒ මදිවට ලංකාවේ බිම්මට්ටමේ අපරාධකාරයෝ ‍රැසක් ඉන්නේ, බිහිවෙන්නේ වනාතෙන්

    ReplyDelete
    Replies
    1. You are correct, Singapore is a good example.

      Delete
    2. වතු සන්ස්කෘතිය වෙනුවට ගේන්නෙ ....තු සන්ස්කෘතිය  නම්  ලස්සනට තියේවි. සින්ගප්පූරුව තැනීමෙදිත් දැනුත් තියෙන විනය මෙතන නෑ.

      Delete
    3. අනේ ඇනෝ - AnonymousFebruary 28, 2014 at 7:10 AM
      සිංගප්පූරුවෙ එහෙම කරල, ඒ ඉඩම් ටික විකුණල දේශපාලුවන්ගෙ සක්කුවට ගියෙ නෑ. උන්ගේ චන්ද වියාපරෙට ගත්තෙ නෑ. ඒවගෙ ගොඩ නගපුවගෙ තමන්ගෙ නම ගහගත්තෙත් නෑ

      Delete
    4. අනේ බන් ඇනෝ... ඉස්සෙල්ල නමක් දා ගනින්කො,
      උඹ දන්නව වනාතමුල්ල ප්‍රසිද්ධ මොනවටද කියල නේද? උඹ දන්නවද ලංකාවට කුඩු ගෙන්නෙ කව්ද කියල, උබල වගේ බබ්බු නොවන හැමෝම දන්නවනෙ ඒක? ගෝටගෙ, මහින්දයගෙ සපෝට් එකක් නැතුව ලංකාවට කුඩු ගේන්න පුලුවන්ද කියල වර්ථමාන දේශපාලනය ගැන පොඩි හරි අවබොධයක් තියෙන එකෙක් දන්නව. එතකොට වනාතෙ ගංජ එහෙමත් ඕන තරම් තියෙනවනෙ ඒකත් දන්නව ඕන එකෙක්. එතකොට ලංකවට මහ පරිනාමෙන් කේරල ගංජ ගෙන්නෙ කව්ද කියල උබ දන්නවද? එකත් ලංකවට කුඩු ගෙන්නන උන්ම තමයි ගේන්නෙ. ( දුමින්ද සිල්ව, මර්වින් සිල්ව මීගමුවෙ ලන්සා.... ඔය වගේ සෙට් ඉන්නවනෙ ) ඕව කරන උන්ගෙන් ලාබෙන් කොටසක් ගෝටට මහින්දයට එහෙම යනව ඇති කියල උබට හිතෙන්නෙ නැද්ද? උඹ කතා කරන්නෙ මොන සංස්කෘතියක් ගැනද බන්? වනාතෙන් විතරක්ද අපරධ කාරයො බිහි වෙන්නෙ? ලංකවෙ ඉන්න ලොකුම අපරධකාරය කව්ද? සියලු නීතීන්ට ඉහලින් පාර්ලිමේන්තුවටත් ඉහලින් එහෙම දෙයක් නැති ගානට ලංකාවෙ වැඩ කරන්නෙ කව්ද?
      ඉස්සෙල්ල පැරගෙ ලිපිය කියවල ඒක හරියට තේරුම් ගනින්.
      ජනතාව රජයකට නියොජිතයො පත්කරල යවන්නෙ මොකටද කියල හිතපන්?
      ලංකාවෙ සියළු ජන කොටස් වලට රජයකින් සෙතක් මිසක් හිරිහැරයක් වෙන්ඩ පුලුවන්ද?
      ලංකාවෙ අධ්‍යාපනය විනශ කරන්නෙ වනාතෙ උන්ද?

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මුඩුක්කුකාරයො කියන්නෙත් මිනිස්සු බව අමතක කරන්න එපා.එහෙනම් රට කරවන පාර්ලිමේන්තුවේත් ඔය කියන හැම ජාතියේම වුන් ඉන්නේ වුන්වත් කණෙන් අල්ලලා එළියට දාන්න ඕනේ.

      Delete
    2. ඔය කියන ගැටලුව තියෙනව කියල කව්රුත් පිලිගන්න එකක් එව වගේම ඒකට විසදුමකකුත් ඕන. ඒත් මේ ක‍රන දේවල් වලින් කොහොමද ඒ ගැටලු විසදෙන්නෙ කියන එකයි ප්‍රශ්නෙ.
      ඒ මින්ස්සු අපරාධ කාරයො වෙලා තියෙන්නෙ උබල අපි දොස්තරල ඉංජිනේරුවො වෙනව වගේ කැමැත්තෙන් තෝරගෙන නෙවි උන්ටත් ඉගෙනගන්න අවස්තාවක් තියෙනවනම් උන් ඒක නොගෙන ඉන්න එකක් නැහැ.
      මෙතන කථාවෙන්නෙ කොළඹ සංවර්ධනය උනත් කොළඹ ඉන්න මිනිස්සු සංවර්දනය වෙන්නෙ නැති එක ගැන.

      Delete
    3. යකා තරහ නැතිව මේකට උත්තරයක් දෙන්න. ඔයා මේවගේ ගොන් කතා කියන්නේ ඇත්තටම ගොනෙක් හින්දද?නැත්නම් ගොනෙක් වගේ රගපානවද?

      Delete
    4. යකාට කලින් උඹේ පස්ස අතගාල බලපන් වලිගේ පේන්න තියනවා

      Delete
    5. වලිගෙ පාග ගත්තු මෝඩ යකෙක්

      Delete
    6. මේ යකා නමැති පුද්ගලයා මොඩර්න් පේට්රිමයට් බ්ලොග් එකේ තමන්ව හදුන්වා දුන්නේ මෙහෙමයි.
      // මම භේද (පංති )රහිත සාධාරන සමාජයක් වෙනුවෙන් ලියන්නෙක්.
      සම්ප්ර දාය විරෝධියෙක්ප්රතචන්ඩත්වය ප්රරතික්ෂේප කරන්නෙක්,මානව හිතවාදියෙක්.//
      දැන් කතා කරන්නේ මෙහෙමයි. මෙවැනි පුද්ගලයන් හැදින්විය හැක්කේ අමනයන් යනුවෙනි.

      Delete
    7. This comment has been removed by the author.

      Delete

    8. මොඩර්න් පේට්රිරයට් බ්ලොග් එකේදී මේ යකානම් පුද්ගලයා ප්රුකාශ කලේ තමා මාක්ස්වාදයට විරුද්ද බවයි(අතිරික්ත වටිනාකම පිලිබද න්යා ය සාවද්යන වීම. වැනි පට්ට ගොන් කතාද සහිතව) නමුත් දැන් ඔහුට මාක්ස්වාදය මතක් වී තිබේ. න්යාය තැනෙන් තැනට වෙලාවෙන් වෙලාවට වෙනස් කරමින් මොහු තමාගේ අමන ගතිය තව දුරටත් සනාත කරයි. ඔබ පෙනී සිටින න්යාය කුමක්ද.එයට අනුව මිනිසුන් එලවීම සාදාරනය කර පෙන්නන්න. අතිරික්ත වටිනාකම වැරදි වන්නේ කොහොමද? පුලුවන්නම් කියන්න

      Delete
    9. This comment has been removed by the author.

      Delete

    10. මොඩර්න් පේට්රිරයට් බ්ලොග් එකේදී මේ යකානම් පුද්ගලයා ප්රුකාශ කලේ තමා මාක්ස්වාදයට විරුද්ද බවයි(අතිරික්ත වටිනාකම පිලිබද න්යා ය සාවද්යන වීම. වැනි පට්ට ගොන් කතාද සහිතව) නමුත් දැන් ඔහුට මාක්ස්වාදය මතක් වී තිබේ. න්යාය තැනෙන් තැනට වෙලාවෙන් වෙලාවට වෙනස් කරමින් මොහු තමාගේ අමන ගතිය තව දුරටත් සනාත කරයි. ඔබ පෙනී සිටින න්යාය කුමක්ද.එයට අනුව මිනිසුන් එලවීම සාදාරනය කර පෙන්නන්න. අතිරික්ත වටිනාකම වැරදි වන්නේ කොහොමද? පුලුවන්නම් කියන්න

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. මාක්ස්වාදයට විරුද්ද ඔබ භාවිතාකරන න්යාය කුමක්ද යන ප්‍රශ්නයට පිලිතුරු නැත්තේ මොකද.න්යායයක් නැති හින්දද

      Delete
    13. යකා ,ඔබ අතිරික්ත වටිනාකමට විරුද්දනම් ඔබ ඒ කියන්නේ දනවාදයට පක්ශයි එවිට ඔබට පන්ති රහිත සමාජය වැනි කතා කියන්නට බැහැ.දනවාදී සමාජක්‍රමයට අනුව මිනිසුන් එලෙව්වේ ඉතා අතීතයේ.ඒ අනුව දන වාදී ක්‍රමයට අනුව මිනිසුන් එලවීම සාදාරනය කරන්න බැහැ.නිකන් කටට එන ඒවාට න්යාය කියන්නේ නැහැ

      Delete
    14. This comment has been removed by the author.

      Delete
    15. This comment has been removed by the author.

      Delete
    16. ඔබ ඔය කියන පිස්සු කතාව මෙයට කලින් කිහිප දෙනෙකු කියා තිබෙන්වා.හොදම උදාහරනය කප්රා .කියවන්න තාඔව් ඔෆ් පිසික්ස්.ඔවැනි දේ වලට කියන්නේ දේශපාලනය සවුන්දර්යය කිරීම.කප්රාරට මොකද වුනේ .ඇපත් නැහැනේද.දැන්නම් ඔය කතාව කවුරුවත් කියන්නේ නැහැ.චම්පිකනම් ඔය වගේ කතාවක්1993 විතර දිවයිනට ලිව්වා.හැබැයි සපුමල් සේනානායක කියලා නමකින්.මිනිහට ලැන්ඩ් රොවර් දැක්කම ආරෝපනය වුනාද දන්නේ නැහැ

      Delete
    17. ඔබ කියන කතාව ගැන තවදුරටත්
      ඔය කියන කතාව අලුත්දෙයක් නොවෙයි 1960 සහ 1970 කාලවල කුඩා කල්ලියක් විසින් කියපු දෙයක්.කප්‍රා කියන්නේ එහි ප්‍රසිද්දම පුද්ගලයා.නලින් ද සිල්වා ඔය ජාතික චින්තන කතාව පටන් ගත්තේ කප්‍රාගේ පොත් කියවූවාට පසුවයි.දැන් කවුරුවත් කප්‍රාගේ පොතක්වත් ගන්නේ නැහැ.මම ඔය කතාව වසර ගනනාවකින් කවුරුවත් කියනවා අහලානැහැ.අත ඇරලා දාපු න්යායකින් මොකුත් කරන්න බැහැ.

      Delete
    18. අප මාක්ස්වාදීන් ලෙස යම් තියරියක් දුන් කෙනාට ගරුකරනවා.මාක්ස්වාදය මාක්ස් විසින් ලෙස .ඔබට එවැනි ගතිගුනයක් වත් නැති බවයි පෙනෙන්නේ.පරන දෙයක් තමන් හොයාගත්තාවගේ පොරවෙන්න හදන්නේ ඒකයි.

      Delete
    19. This comment has been removed by the author.

      Delete
    20. This comment has been removed by the author.

      Delete
    21. This comment has been removed by the author.

      Delete
    22. ඔබගෙ ඔය තියරිය
      1.ඔබ විසින් තනියෙන් සිතා තනියෙන් නිර්මානය කල එකක්ද? නැත්නම් කන්ඩායමක් විසින් නිර්මානය කල එකක්ද?ලන්කාවේ නිර්මානය කල එකක්ද. පිටරට හැදූ එකක්ද
      2.එය මීට කලින් ඉදිරිපත් කල ප්රදසිද්ද පුද්ගලයන් සිටිනවාද? ඔවුන් කවුද?
      3,එම කරුනු තවදුරත් හැදැරීමට අදාල ලිපිලේඛන තියෙනවාද ඒ මොනවාද?
      4.එම තියරිය මීට කලින් ලොවේ කොතැනක හෝ කුමන අයුරකින් භාවිතාකර තිබෙනවාද හෙවත් ප්රැ ක්ටිකලි උත්සාහ කර තිබෙනවාද?කොහේද?

      Delete
    23. // සියල්ල ආර්ථිකයට ඌනනය කරන එම ආගම//
      උඩින් පල්ලෙන් මාක්ස්වාදය කියවන සමහරුන්ට එසේ පෙනෙන්නට පුලුවන්.මාක්ස්ගේ සමහර ලිපිවල subjectකියා විස්තර කර ඇත්තේ මොකද්ද කියාත් පසුව ජාක් ලැකාන් විසින් තවදුරත් දියුනු කලදේවල් ගැනත් දන්නවානම් ඔවැනි පිස්සු කතා කියන්නේ නැහැ
      අතිරික්ත වටිනාකම වැරදියි කියා දියුනු දනවාදී චින්තකයන් වත් කියන්නේ නැහැ ඔවුන් කියන්නේ තමන් එයට එකග නොමැති බව පමනයි.අතිරික්ත වටිනාකම වැරදියි කියන්නට පුලුවන් බාග පන්ඩිතයන්ට පමනයි
      සපුමල් සේනානායක මහ ලොකු දෙයක් කලේ නැහැ.ඔහු කලේ කප්රානගේ පොත්වල පෙරවදන් ටික සින්හලට පරිවර්තනය කිරීමත් නලින්ට හොරා කියා බැන වැදීමත් පමනයි.
      කප්රා්ගේ පොත කියෙව්වා කියා මහ ලොකු දෙයක් ලබා ගන්න බැහැ. කල යුත්තේ කප්රා පොත ලිව්වේ ඇයි කියා සෙවීමයි.

      Delete
    24. This comment has been removed by the author.

      Delete
    25. This comment has been removed by the author.

      Delete
    26. This comment has been removed by the author.

      Delete
    27. අපේ ඇස්වලට පෙනෙන කන්වලට ඇසෙන දේවල් සත්ය කියා පිලිගන්නවානම් අපිට විද්යාවක් අව්ශ්ය නැහැ.නමුත් එම දේවල් එලෙස නොවන නිසා අපට විද්යාවක් අවශ්යයි.
      මාක්ස් වැරදි කියා පෙන්වනවා කියන ඔබ මාක්ස්වාදයේ වර්දනයන් පෙන්වූ විට ආඩාපාලි කියවීම මට වටහාගැනීමට පුලුවන.
      සමහර පුද්ගලයන් ඔවැනි තමයි.අතීතයේ සොයා ගත් දේවල් ඔවුන් නැවත සොයාගන්නවා.කවුරුහරි පුද්ගලයකු රෝදය නැවත සොයාගත්තා කිව්වොත් කවුරුවත් ඔහු පිලිගනීද.ඔබත් එවැනි කෙනෙක්.
      ඉන්ටනෙට් එකේ සොයමින් තියරි හදන ඔබ වැනි පුද්ගලයන් මේ කාලයේ සුලබ දෙයක්
      සැබැවින්ම මට අවශ්ය වූයේ ඔබ පය තබාගෙන සිටින තැන සොයා ගැනීමටයි.මා ඒය් දැනහෙන අවසානයි.ඔබ සමග තවදුරටත් වාද කරන්නේ නැහැ.ඔබ ලාගැක්ටිල් ගැනීමට සුදුසු පුද්ගලයෙකු ලෙසයි පෙනෙන්නේ

      Delete
    28. This comment has been removed by the author.

      Delete
    29. This comment has been removed by the author.

      Delete
    30. මේ යකා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නොවෙයි.තමන්ගේම මොලෙන් තමන්ගේ ස්රිමය කැපකරලා අලුත්ම දැනුම් පද්ද්තියක් සොයා ගත්ත කෙනෙක්.නමුත් කවුරුවත් ඒක ගනන් ගන්නා පාටක් පෙනෙන්න නැහැ.පොරට මල පැනලා තියෙන්නේ ඒකයි.පව් ඒ දැනුමට අනුව මුලින්ම කල යුත්තේ මහින්ද රැක ගැනීමට චන්දය දීමත් වනාතෙන් මිනිස්සු එලවීමත්.
      පහලින් ලියමි මේ දිනවල රජයේ රෝහල්වල මානසික රෝගීන්ගේ බෙහෙත් හිගයක් ඇතැයි දැන ගැනීමට ඇත

      Delete
    31. මුලු ලෝකයේ ම දැනුම් පද්දතියටම අභියෝග කල හැකි ඉතා දියුනු පුද්ගලයකු ලන්කාවෙන් බිහිවී ඇත.තවම නියම නමින් පෙනී නොසිටින ඔහු යකා නමින් බ්ලොග් එකක් පවත්වාගෙන යමින් අන්තර්ජාලය හරහා පමනක් පොදු ජන ව්යපාරයක් ඇති කිරීමට මුල පුරා ඇත.මොහු සමග සැලකූ විට මාක්ස් වැනි වාමාන්ශිකයනුත් රිකාඩෝ වැනි දක්ශිනාන්ශිකයනුත් පට්ට මෝඩයන්ය.මොහු බිහිවී ඇත්තේ අපේ පරන පිනකටය.මොහු රැක ගැනීම අප්ගේ පලමු අදිශ්ටානය කර ගනිමු

      Delete
    32. This comment has been removed by the author.

      Delete
    33. මාක්ස්වාදීන්ගේ න්‍යාය හා භාවිතය සාවද්‍ය බව මා විසින් පෙන්වා දෙන බව හැමෝම දනිති.මොඩර්න් පේට්‍රියට් අඩවියේ මම මාක්ස්වාදීන්ට රෙදි ගැලවෙන්නට පහර දුන්නෙමි.ඔවුන්ට දුවන්නට පාරවල් මදි විය.



      http://modernpatriot12.blogspot.com/2014/02/blog-post.html

      http://yakaageadaviya.blogspot.com/2014/02/blog-post_22.html

      http://yakaageadaviya.blogspot.com/2014/02/blog-post_20.html

      හා හා.... යකාගේ කමෙන්ට් වල යක් තර්ක ටිකයි ඵ් තර්කවලට බයවෙලා මිනිස්සු දුවපු හෑටියි බලාගන්නකො.යකා තරම් කුජීත උන ඵකෙක් මේ බ්ලොග් අවකාශයේ මෑත කාලෙක නම් හිටියේම නෑත.

      Delete
    34. ආන්ඩුවට කඩේ යන යකා............
      උබේ න්‍යායන් ටික ඉස්සෙල්ල ගිහින් මහින්දටයි, ගෝටටයි කියල දියන්.

      Delete
    35. This comment has been removed by the author.

      Delete
    36. අනෙ යකෝ........
      උබගෙ බ්ලොග් එකට ගියා ඒක ගූ ගොඩක් බන්, මෙලෝ රහක් නෑ, ලිපි දෙක තුනක් බැලුව මෙලො රහක් නෑ බන්, උඹම කියනව පාට කන්නාඩි ගලවන්න කියල ඒ උනාට උඹේ එකම වැඩේ JVP එකට මඩ ගහන එක, 71, 89 ගැන කියන්න කලින් මේ අණ්ඩුවෙන් මිනිසුන්ට කෙලින ව්දිය කතා කරපන්, උබේ ඔය ලොකු න්‍යායන් වලින් වඩක් නෑ බන්, අනික තමයි උඹ තව එකක් කියනවනෙ මාක්ස් අදහන එක අත ඇරල උඹව අදහන්න කියල, උබ මොකෙද්ද බන්, උඹටත් පුලුවන් මාක්ස් වගේ වෙන්ඩ හැබයි මාක්ස්ල එන්ගල්ස්ල කියපුව විවේචනය කර කර ඉන්නෙ නැතුව උඹේ එක උඹ කියපන්, උබට කියන්න තියෙන්නෙත් පාට කන්නාඩි ගලවපන් කියල, JVP එකට ගගහ ඉදල වැඩක් වෙන්නෙ නෑ බන්, ආණ්ඩුවට කඩේ යන පාණ්ඩුවෙක් උබ.

      Delete
    37. This comment has been removed by the author.

      Delete
  4. You are very correct! It is an article that every Srilankan should read.
    Please everybody read it and send your comment.

    ReplyDelete
  5. මුඩුක්කු නැතිවීම හොඳයි. මේ වැඩපිලිවෙල කරන්න ඕන ඒ අදහසින් තමයි. මුඩුක්කු තියන ඉඩම් ටිකට කෙල හලමින් වැඩේ කරද්දි මුල් අරමුණ යට යනව.

    ReplyDelete
  6. para sunilma kiyanawa neda porath kudu vikunuwa kiyala... ai me peara ahaka idan kudu kanne :P

    ReplyDelete
  7. Mudukku ain karanna oni. wanatha mulle kudu walata prasiddai. podi ewunta anagatayak ne. oqa padada culuture ekak tiyena then. aniwaryenma owa kadanna oni. eyalata inna thenak nethnam, oya boruwata kegahana maddayakaroyonge gewal wala gihin dagannaekai eththe

    ReplyDelete
  8. දුප්පත්මක නැති කරන එක ක්‍රමයක් තමයි දුප්පතුන් නැති කිරීම.

    ~Ra

    ReplyDelete
  9. i dont know abt wanatha but i have seen people living in these slums called wathu and the social issues they have, once i saw a guy who sleeps with the mother and her daughter both bear his children, and children get molested when they are very little, if u have been to locket lane near the supreme court u can clearly see that everyone including women live off selling drugs, they all have one water tap,,,, their living standerd has to be uplifted with out a question but the problem is the motive behind this act, if the government is genuinely concernd abt their well bein and doing this, its fine but they have hidden agendas for every thing they do, i respect these peoples right to live on the houses they lived for generations, but para if u go near kelani thissa power station can u remember the bear lands that were there few years back,,,,, now they are no more, peole have made houses and that has expanded to the frnt yard of the nuclear research thingy, as tax payers we pay tax for everything and dont we have a right to see the valuable lands used for someting valuable, i mean if u have a business in such valuable lands it generates income which in turn goes to the bottom due to economies of scale,,,,, so this is a coin that has two sides, im nt educated or matured enough to say who is rite and who is wrong but i can understand that there are two sides,,.. and takin one side any rooting for that is not fair at all, ( neither the government nor the slum dewellers are wrong or right - lets take the middle ground )

    ReplyDelete
  10. ade ajith umba ela mata maragena marenda bari mama moda rajaye sewakayek.... mama hari bayai ban



    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. [මාක්ස්වාදීන්ගේ න්‍යාය හා භාවිතය සාවද්‍ය බව මා විසින් පෙන්වා දෙන බව හැමෝම දනිති.මොඩර්න් පේට්‍රියට් අඩවියේ මම මාක්ස්වාදීන්ට රෙදි ගැලවෙන්නට පහර දුන්නෙමි.ඔවුන්ට දුවන්නට පාරවල් මදි විය.]



      http://modernpatriot12.blogspot.com/2014/02/blog-post.html

      http://yakaageadaviya.blogspot.com/2014/02/blog-post_22.html

      http://yakaageadaviya.blogspot.com/2014/02/blog-post_20.html

      හා හා.... යකාගේ කමෙන්ට් වල යක් තර්ක ටිකයි ඵ් තර්කවලට බයවෙලා මිනිස්සු දුවපු හෑටියි බලාගන්නකො.යකා තරම් කුජීත උන ඵකෙක් මේ බ්ලොග් අවකාශයේ මෑත කාලෙක නම් හිටියේම නෑත.

      Delete
    2. කෝ යකා මහත්තයා?ඵන්න අපි ඔයාගේ සන්වාදය මෙතනින් පටන්ගමු.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. AnonymousMarch 3, 2014 at 11:49 AM @කරමු.මම උබලගෙ තැන්වලට ආවනෙ.ඇයි උඹලට අපේ ගෙදර (යකාගෙ අඩවිය )ට එන්න බැරි.මට ඒක ලේසියි ඒකයි.වරෙන් බන් බය වෙන්න දෙයක් නෑ.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. @ යකා

      දෑන් උබ මාක්ස්වාදීන් ගෑන මෙහෙම කියනවා.

      [පරාජයේදී උබලට තිබෙන්නෙ ආයුධ දෙකයි එකක් අපහාසය අනෙක ප්‍රචන්ඩත්වය.මක්ස්වාදය ලොව පුරාම පැතිරුනේ මෙහෙම]

      හෑබෑයි සහෝදර ඵක්ක උබ කරපු වාදයෙන් උබ පච උනාට පස්සේ උබ සහෝදරට කතාකරන හෑටි බලපන්.

      [යකාMarch 4, 2014 at 1:17 PM

      කවුද බන් සහෝදර කියන්නෙ .මම දන්නෙ නැති නිසා අහන්නෙ .හිකනලෙක්ද කටුස්සෙක්ද?]

      යකා ඵක්ක වාදකරලා යකාගේ මතවාදය පරාජය කරපු පලියට උබ සත්තුන්ගේ නම් යොදාගෙන තමා අනෙක් බ්ලොග් කරුවන්ට අපහාස කරන්නේ.

      ඉතින් මචන් පරාජයේදී වියරු වෑටිලා අනුන්ට අපහාසකරන්නේ මාක්ස්වාදීන්ද ඵහෙමනෑත්නම් උබල වගේ හීනමාන මානසික රෝගීන්ද කියලා අපිට තේරෙනවා.
      උබ ගේන මතවාද උබේ ක්‍රියාවෙන්ම උබ නිසේදනය කරලා ඉවරයි.උබ මාක්ස්වාදීන්ට අපහාසකාරයෝ බෑන්නට උබ තමා වාදයෙන් පච උනාම සහෝදර බ්ලොග්කරුවන්ට සත්තුන්ගෙ නම් කියකිය අපහස කරන්නේ.ලෑජ්ජයි බන්.

      Delete
    8. ha ha chatar yakek na.

      Delete
  12. මුඩුක්කු නැතිවීම හොඳයි. නමුත් ආණ්ඩුව කරන්නේ මුඩුක්කු නැති කිරීමක් නෙවෙයි, එහි ස්ථානය මාරු කිරීමයි. ස්ථානය මාරු කිරීම විතරක් නෙවෙයි, ඒ මිනිස්සුන්ගේ ජීවන තත්වය තවත් පහල දැමීමක් සිදුවෙනවා. මුඩුක්කුවක අපරාධ වැඩිවෙන්නේ භූමි දෝෂයක් නිසා නෙවේ, දුප්පත් කම සහ ඒ සමග බැඳී තිබෙන සාධක නිසයි. ඒ අනුව ආණ්ඩුවේ විසඳුමෙන් ඒ අපරාධ වලට කිසිම විසඳුමක් ලැබෙන්නේ නැත. දැනට තිබෙන සැලසුම නිසියාකාරව ක්‍රියාත්මක කලත් වන්නේ දුප්පත්කම සහ පීඩනය වැඩි වීමයි. ප්‍රායෝගික වශයන් අප දන්නා කාරණයට අනුව සැලසුම ක්‍රියාත්මක වන්නේ ඕනෑවට එපාවටය. එහි පලය වන්නේ සම්පූර්ණ නගරයේම අපරාධ තත්වය උග්‍ර වීමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා