අනෝමා මල් ලෑස්ති කර ගන්න; මෙන්න තවත් ළමා මවක් දරුවකු ප්‍රසූත කරලා


ඉහත ඡායාරූපය අප උපුටා ගත්තේ 2010 සැප්තැම්බර් 30 දිනමිණ පුවත්පතෙනි. රැවටීමකට හා දූෂණයකට ලක්ව 14හැවිරිදි වී සිටියදී දරුවකු ප්‍රසූත කළ දැරියක ගැන එම පුවතේ පළ විය.

"සිද්ධිය පිළිබඳව ළමා ආරක්ෂක අධිකාරියට තොරතුරු ලබාදුන් කොළඹ කාසල් රෝහලේ වෛද්‍ය ශ්‍රියානි ලියනගේ මහත්මිය ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය මල් කළඹක් දී පිළිගත් අයුරු. නියෝජ්‍ය ඇමැති එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා සහ කාසල් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රානි ප්‍රනාන්දු මහත්මියද මෙහි වෙති," යනුවෙන් එදා මෙම ඡායාරූපය සමග සඳහන් විය. 

මේ අද නෙත් රේඩියෝවේ වෙබ් අඩවියේ පළ වූ පුවතකි: "බණ්ඩාරවෙල අඹදණ්ඬේගම ප‍්‍රදේශයේ 14 හැවිරිදි දැරියක් දරුවෙකු ප‍්‍රසූත කර තිබෙනවා. නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ එම දැරියගේ සහෝදරයෙකුගේ නිවසේදී මෙම දරු ප‍්‍රසූතිය සිදුව ඇති බවයි. මේ වන විට දැරිය සහ බිළිඳා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවද නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා." 

දැන් මෙවරත් ජාතික ළමාරක්ෂක අධිකාරිය හා වෙනත් ආයතන මෙම සිදුවීම සමරමින් සිනා සිසී මල් කළඹ හුවමාරු කර ගන්නවා ද? නැතිනම් ඒ සම්බන්ධ තමන්ගේ වගකීම පිළි ගනිමින් මෙවැනි දේ සිදු වන්නට තිබෙන ඉඩ වළක්වන්නට අවශ්‍ය පිය‍වර ගන්නවා ද? 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. අනෝමා එන්න, මල් පිපී දැයි බලන්න!

    ReplyDelete
  2. පැරා නිකම්ම නිකං දිණමිණ පාඨකයෙක් නොවෙයි, සංරක්‍ෂකයෙක් වගේ!

    ReplyDelete
  3. මෙන්න මෙම සිද්ධිය සම්බන්ධ පුවත් යාවත්කාලීන කිරීමක්:

    බණ්ඩාරවෙල, අඹදණ්ඩේගම ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් දැරියක් 31 වැනි දා රාත්‍රියේ සිය නිවසේ දී දරුවෙකු ප්‍රසූත කර ඇති අතර එම ප්‍රසූත කළ දරුවා මරණයට පත් ව තිබේ.
    එම දැරිය මීට මාස ගණනකට පෙර පස්සර ප්‍රදේශයේ ජීවත් ව ඇති බවත් එහි දී සිය මස්සිනා කෙනෙකු විසින් අතවරයට ලක් ව ඇති බවත් වාර්තා වේ.

    සිය සොහොයුරියගේ ස්වාමිපුරුෂයා විසින් කාලයක් තිස්සේ එම දැරිය අතවර කර ඇති බව අප වාර්තාකරු පවසයි.

    දරුවා ප්‍රසූත කළ එම දැරියගේ තත්ත්වය බරපතල බැවින් ඇය දියතාලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

    පාසල් යන වියේ පසු වූ එම දැරිය පාසල් නොයන බවත් ඇගේ දෙමව්පියෝ වතු කම්කරුවෝ බවත් වාර්තා වේ.

    ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය සිදු කරයි.

    ReplyDelete
  4. එකසත් ජාතින්ගේ සංවිධානයේ මොකක්ද ආයතනයකින් වාර්ථාවක් දුන්නා. ලංකාවේ අඩු වයස් විවාහයන්ගේ ප්‍රථිශතය මොහොම ඉහල අගයක්, ඒ වගේම ළමා අපචාර බහුල රටක් කියලා. දෙවිවරු වගේ මිනිස්සු හිටපු තැනකට, මෙළෝ රහක් නැති උන් දැම්මම වෙන කරුමය තමයි මේ. මුළු රටම කුණු වෙලා ඕජස් ගලන වෙලාවක එකම මේ ආයතනයෙන් හොඳක් බලා පොරොත්තු වෙනවනම් ඒක විකාරයක්..

    ඕන් ආඩම්බරකාර තාත්තා කිරි පිටි වලටත් කෙලලා ඇරලා..

    ReplyDelete
    Replies
    1. ඒ වුනත් මාතලන්ගේ අසහාය වීරයා එයානේ.

      Delete
    2. අපිට හතේ හත වැදුනත්, ඔබ තුමාට මේ අවුරුද්ද ඉතරක් නෙමෙයි, ඉස්සරහට එන අවුරුදුත් "උන්ගල් එල්ලෝරුමිනිය පුත්තන්ඩු වාල්තුක්කල්" වෙන්නෙයි කියා ප්‍රාර්ථනා කොරනවාය. ඒ වාගෙම ඉස්සරහට එන පලා බබාලාත්, ඔබ තුමාගේ පිහිටෙන්ම ගොඩ යන්නෙයි කියා ප්‍රාර්තනා කොරනවාය, ආයේ දෙකක් නැතුව ඒවා කොහොමත් ගොඩ යනවාය. ඒ මොකෝ, මොනා නැතත්, බතික් ෂර්ට් එකක් ගහලා, විජේ වගේ පඩි පෙල නැගලා, අත් දෙකම උස්සලා අපිට ටටා කියන කොට, සරම කඩාගෙන වැඩුනත්, අපිත් අත් දෙකම උස්සලා ඔබ තුමාට ටටා කියනා නිසාමය.

      ඔබ තුමාට සුබ අනාගතයක්...!!

      Delete
  5. ඔත්තු දුන්න කෙනාට මල් මාලා දාන එක පැත්තකට දාමු .. බාල වයස් කාරියක් දූෂනය කරපු එකා රිමාන්ඩ් එකෙන් එලියට එනකොට මල් මාල දාල පිලිගත්තු අමන හැත්තක් ඉන්න රටක් මේක ...

    ReplyDelete
  6. මෙන්න මගෙන් පැරාට මල් මිටක් ....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා