අනේ අපොයි “හරි මග ගෙන යන උදය ගම්මන්පිල"

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ නීතිය ද, නැතිනම් නීතිය කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ද යන ප්‍රශ්නය අදාළ නො වේ.

මේ රටේ අද පවත්නා ක්‍රමය අනුව ගෝටඨාභය රාජපක්ෂ යනු නීතියට ඉහළින් පිහිටි බලයකි. එය වත්මන් පාලන ක්‍රමයේ ප්‍රකාශිත මූලික ලක්ෂණයකි.

ගම්මන්පිල එච්චර බලයක් නො වේ. ඒත්, ගම්මන්පිල බලය විෂයෙහි ඇඹලයෙකි.

මැතිවරණ නීති උල්ලංඝනය නො කරමින් සිය ඡන්ද ව්‍යාපාරය කරන බව කීවත් ඔහු එය දියත් කිරීම සඳහා ‍ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ ගෙන්වන්නට කටයුතු කළේ ය.

මෙය ඉතා පැහැදිලිව ම නීති විරෝධී ක්‍රියාවකි. ඒ බව මැතිවරණ කොමසාරිස් ද පිළි ගනියි. එහෙත්, නීතියට ඉහළින් සිටින කෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට පුළුවන් කාට ද?

මේ ගැන උදය ගම්මන්පිල රාවය පුවත්පතට කියා ඇති කතාව මෙසේ ය: "අමාත්‍යංශයක ලේකම් තනතුර පරිපාලන තනතුරක් නොව දේශපාලන නිලධාරි තනතුරකි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන කටයුතුවලට සහභාගි වීමට බාධාවක් නැත."

ඇත්තට ම මේ නම් අලුත් ම ප්‍රවෘත්තියකි. ඒ අනුව ලංකාවේ දේශපාලන නිලධාරි සේවාව කියා එකකුත් තිබේ. සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් අයත් වනවා ඇත්තේ ඒ සේවාවට ය. 

මැතිවරණ කොමසාරිසුත් මෙම සේවාවට අයත් වුණොත් කුමක් වනු ඇද්ද?

මෙතැන නරක ම දේශපාලනය කරන්නේ උදය ගම්මන්පිලයි. මන්ද, තමන් පවත්නා අවනීතිය මත පදනම් වූ අසාධාරණ පාලන ක්‍රමයට විකල්පය යි පෙනී සිටින්නට ඔහු සහ ජාතික හෙළ උරුමය උත්සාහ කරන බැවිනි. එහෙත්, ඔවුන් පදනම් වන්නේ පවත්නා ක්‍රමයේ උපරිම අගතිය මතයි.

ගම්මන්පිලගේ මෙවර තේමාව වන්නේ “හරි මග ගෙන යන උදය ගම්මන්පිල" යන්නයි. 

ඇත්තම කීවොත්, ජාතික හෙළ උරුමය යනු අනුකම්පා සහගත ලෙස කුජීත වූ දේශපාලන ව්‍යාපාරයකි. තමන් පළාත් සභා යන්නේ එය අහෝසි කරන්නට යයි කියූ ජාතික හෙළ උරුමයට නැවතත් එහි බලය ඉල්ලන්නට සිදු වීම ම ඔවුන්ගේ කණගාටුදායක තත්වය පෙන්නුම් කරයි. එය ද කරන්නේ තමන් විරුද්ධ යයි කියන දේවලට නියමින් හෝ අනියමින් හෝ අනුග්‍රහය දක්වන දේශපාලකයන්ගේ සරණින් වීම ඔවුන් පත් වී තිබෙන අසරණකමේ තරම පෙන්වා දෙයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. රාජ්‍ය නිළධාරියෙක් ලෙස ගෝඨාභය මහතාගේ විධායක බලයේ හොද මෙන්ම නරකද තිබෙනවා. ගෝඨාභය මහතාවිසින් කොළඹ නගරය මේ දිනවල ඉතාම අලංකාර විදියට සංවර්ධනය කරනවා. ඒවායේදී එතුමා බෝඩ් එල්ලගෙන හැම එකටම උත්සව තියාගෙන සාම්ප්‍රදායික දේශපාලන පොරක් වෙන්න යන්නෙ නැහැ..වැඩේ කොලටි එක ගැනත් බලනවා. ගෝඨාභය මහත්මයාගේ හොඳ පැත්ත වැඩිදියුනු වෙන්න නම් එතුමාට ගම්මන් පිල වගේ අදහස් තියෙන අලුත් පිරිස එකතු වෙන්න ඕනි. හැමදේම වැරදි දැකල අපි අවසානෙ හොද මිනිස්සු කියල පත්කරගන්න හිතන අය සමාරවිට දැන් ඉන්න අයටත් වැඩිය මෙලෝ දෙයක් කරගන්න බැරි පතෝල මිනිස්සු වෙන්න තියෙන හැකියාව වැඩියි.

    ReplyDelete
    Replies
    1. Umba Mona Modayeka da Booruwo. Issella Me Lipiya Therun Ganin ....Bath Kana Haraka.......


      Indika

      Delete
    2. එතුමාට තමන්ගේ නිලයේ ගරුත්වය තියාගෙන,ස්වාදීනව ඉන්න පුළුවන්නේ.

      Delete
    3. ඔබ හරි.ගෝඨාභයල වගෙ අය අවශ්‍යයි.ගම්මන්පිළලත් අවශ්‍යයි.වික්‍රමබාහුල .සිරිතුංගල ඉන්න රටේ,ජිනීවා ගිහින් සමහරු කේලම් කියන කාලෙ රට ගැන හිතන මේ වගෙ අය ශක්තිමත් කරන එක කාගෙත් වගකීම

      Delete
    4. මෙච්චර රටේ හොරකම්, දූෂණ කම් වෙද්දි ගෝඨාභය මේකට ආපු එක ගැන තමයි මුන්ට කතා කරන්න තියෙන්නෙ. කන්න ඕනෙ උනාම කබරගොයි තලගොයි වෙනස් වෙනවා කියන්නෙ ඕකට තමයි ඕයි.

      Delete
    5. යකෝ රාජ්‍ය නිළධාරින්ට කොහෙද යකෝ විධායක බලය තියෙන්නෙ එ්ක තියෙන්නෙ උගෙ අයියට, තොපි වගේ උන් ඉන්න රටක මීට වඩා හොද පාලකයො කොහෙන්ද?

      Delete
    6. මට දවසක් හම්බඋන, මහනුවර මහවැලි ගඟ දෙපස අලංකාර කරන 'කම්කරු හමුදා සෙබලෙක්' කිවුවේ "අපිට පැය 10ක් 12ක් වැඩ කරන්න කිව්වම අය්යාලට වගේ ස්ට්‍රයික් කරන්න බෑ නෙ" කියල. කවුරු හරි හිතනවානම්, 'නියමිත ආරක්‍ෂිත උපකරණ නැතුව හමුදා සෙබළුන්ට බෙරේට හරි දියවන්නාවට හරි කිරුලපනේ ඇලට හරි (අනෙක් ඒවා ඒවගේ නොවුනට සෙබළුන්ගේ කම්කරු ශ්‍රමය සුරාකෑම එසේමයි) බහින්න කිව්වම හරි අසාවෙන බැස්ස කියල', ඒ අයගේ කොළඹ ලස්සන වීම මටනම් අසාමාන්‍ය නරුම කමක්. ගෝඨාභය කරන දේවල් හොඳයි නම් වහල් ක්‍රමය තමයි හොඳම වෙන්න ඕනේ.

      Delete
  2. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරක් දේශපාලන තරතුරක් එතකොට

    ReplyDelete
  3. // "අමාත්‍යංශයක ලේකම් තනතුර පරිපාලන තනතුරක් නොව දේශපාලන නිලධාරි තනතුරකි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන කටයුතුවලට සහභාගි වීමට බාධාවක් නැත.""අමාත්‍යංශයක ලේකම් තනතුර පරිපාලන තනතුරක් නොව දේශපාලන නිලධාරි තනතුරකි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන කටයුතුවලට සහභාගි වීමට බාධාවක් නැත."// -

    පරණ සී ඒ ඇස් කාරයෙකුට ඇහුනොත් වහ කනව...

    ReplyDelete
  4. මෙතන නම් මහා විශාල වරදක් මම දකින්නෙ නෑ.ආරක්ෂක ලේකම්වරයා පරිපාලන සේවයේ කෙනෙක් නොවෙයි.ප්‍රායෝගික වශයෙන් ඔහු නිළධාරි තත්වය ඉක්මවා ගිය සේවයක් රටට කරන කෙනෙක්.වෙනත් අමාත්‍යාංශ ලේකම් වරයෙක් දෙස බලන ලෙස ඔහු දෙස බලන එක වැරදියි.

    ගම්මන්පිලගේ මධ්‍යම පන්තික සාජ්ජ නම් වැඩියි තමයි.හැබැයි බස්නාහිර මධ්‍යම පාන්තික මිනිස්සු ගම්මන්පිළට කැමතියි.ඉහළ මධ්‍යම පන්තික කතාව පැත්තකින්ම තියමුකො.ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය අපේ රටට විරුද්ධව කඩප්පුලිකම් කරන මේ වෙලාව ගම්මන්පිළගෙ දේශපාලන ආස්ථානයට මම නම් කැමතියි.ගම්මන්පිළල ප්‍රතිපත්ති ගැන මිස දුප්පතාගෙ දුක ගැන කතා කරන්නෙ නෑ.ඔහු වගෙ අයට පරිසරයේ කාබන් ප්‍රතිශතය මිස කම්හල් Vඇසීමෙන් රැකියා අහිමිවන දුප්පතුන් ගැන හැඟීමක් නෑ.ඒක වෙනම දෙයක්.

    ලොව පුරා අපරාධ කිරීමෙහි සිටින ඇමරිකාව ජිනීවා වලදි කරන මේ වැඩේ වැරදියි.අපි ගම්මන්පිලල ශක්තිමත් කරන්නම ඕන.ලොව පුරා ත්‍රස්තවාදී සංවිධාන 71 කට ඇමරිකාව කෙළින්ම සම්බන්ධ බව හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් කැස්බර් වයින්බරිගර් ප්‍රසිද්ධියේ පැවසුවා.ඔහුට සිදුවුනේ වැරදීමක්.ඔහු කට වැරදුනාට පස්සෙ ඉල්ලා අස්වුනා.

    කොටි සංවිධානෙත් ඇමරිකානෞ හුරතලෙක්.කොටි මරපු එකේ පලිය තමයි ඇමරිකාව මේ රටේ ජනතාව ගෙන් ගන්නෙ.ජනතාව කළ යුත්තේ අවස්තාවට අනුව වඩාම හොද දෙයයි.එනම් රජය ශක්තිමත් කිරීමයි.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එක හොඳයි.මධ්‍යම පන්තික සාජ්ජ කතාව නම් මගෙනුයි මාතලන්ගෙනුයි කොපි පේස්ට් කරපු එකක් වෙන්න ඇති ( විහිලුවක් හොදේ ) .කොහොමටත් මමත් දෙයක් ඉගෙන ගත්ත ඔබෙන්.කොමෙන්ට් දැමීම සම්බන්ධව ඔබ යම් දියුණුවක් ලබලා.හොඳයි.

      Delete
    2. හුරතලෙක් නං ඇයි අනේ මැරෙන්න ඉඩ දුන්නෙ

      Delete
    3. //ප්‍රායෝගික වශයෙන් ඔහු නිළධාරි තත්වය ඉක්මවා ගිය සේවයක් රටට කරන කෙනෙක්.//ඇත්ත,නමුත් ඔහුට තිබෙන අසීමාන්තික බලය තුල ප්‍රායෝගිකත්වය ඉක්මවා යාම එතරම් දෙයක් නොවේ.ඔහුට වැඩක් කරන විට අනෙක් නිලධාරීන්ට වගේ චක්‍ර ලේඛ වල හිරවිමක් නැහැ.අසීමාන්තික බලයක් සහිතව ක්‍රියා කරන ඔහුට මේ විදියට වැඩ කරන්න බැරිනම් ඔහුගෙන් ඇති වැඩකුත් නැහැ.

      Delete
    4. රාජ්February 17, 2014 at 9:21 AM @

      ලෝක දේශපාලන රිද්මය කලින් කලට වෙනස් වෙනවා .ප්‍රභාකරන් මැරෙන එක ඇමරිකා බ්‍රිතාන්‍ය කැමැත්ත නොවෙයි.කොටින්ගේ අවශ්‍යතාවය 2001 න් පසු ඔවුන්ට නැතිව ගියා.1991 න් පසු ඉන්දියාව කැබලි කිරීමේ අවශ්‍යතාවයත් නැතිව ගියා.කොටි දුර්වල කර ලංකාන්ඩුව සමඟ තරඟකාරී බලවේගයක් කිරීමයි ඇමරිකන් අවශ්‍යතාවය වුනේ.ඒත් මේ රජය තමන්ට ලැබුන අවස්ථාව සමඟ සෙල්ලම් කළේ නැහැ.කොටි දුර්වල කිරීමේ සටන ඇමරිකාවටත් අවශ්‍ය වූවක්.ඇත්තටම අල් කයිඩා සමඟ කොටින්ගේ ලින්ක් පවා තිබුනා.කොටි පමනක් නොව සියලුම ගරිල්ලා සංවිධාන දුර්වල කිරීමට ඇමරිකාවට ඕන වුනා.ඇත්තටම හුඟක් ඒ වගෙ කල්ලි රජයන් සමඟ සම්මුතීන්ට ආවා.රජය ඇමරිකන් පදේට නටන්න ලෑස්ති වුනේ නෑ.එහෙම නැටිල්ලක් ජනතාවට අවශ්‍යත් නෑ.

      Delete
  5. දේශපාලන නිලධාරි තනතුර = UNP බලයට පැමීණි පසු ඒළියට විසි වෙන නිලධාරි තනතුර

    ReplyDelete
  6. කපුවා දේවාලේ බොග දැම්මට දෙයියන්ට අවුලක් නැහැලුනේ,

    ReplyDelete
  7. "කොටි සංවිධානෙත් ඇමරිකානෞ හුරතලෙක්.කොටි මරපු එකේ පලිය තමයි ඇමරිකාව මේ රටේ ජනතාව ගෙන් ගන්නෙ."
    පුදුම දැනුම් තේරුම් තියෙන මුග්ධත්වයක් :)

    ReplyDelete
  8. කන්ඩායම් නායකයා හිටගෙන මුත්තරා කොරන කොට ගොලයො ගෑන කවර කතාද

    ReplyDelete
  9. මේ වගේ වැඩ වලින් පෙනෙන්නේ රටේ ඉන්න මිනිස්සුන්ගේ සිතුවිලි වල ස්වභාවය.ගොන්නු තන කති.තණ ගොන්නු කයි.

    ReplyDelete
  10. When fresh efforts are being made to create Ellam you idiots could'nt utter a single word, now we need both Gotabaya n Udaya to do the needful

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා