වික්‍රමබාහුගේ පක්ෂයේ ගම්පහ නාම යෝජනාව සහ කවුද මගේ අමුඩේ රුන්නේ කතාව

වාමාංශික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා පත පිළිබඳ ගැටලුවක් ඇති වී තිබේ. 

රජයේ මාධ්‍ය විසින් මතු කර තිබෙන කාරණය වන්නේ නාම යෝජනා පත්‍රයේ ව්‍යාජ තොරතුරු ඇති බවයි. කියන අන්දමින් නම්, ඇතැම් අපේක්ෂකයෝ සම්පූර්ණයෙන් ම ව්‍යාජ ය. 

මේ පිළිබඳ කරුණු දැක්වීම සඳහා වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා 15දා ගම්පහ පොලිසියේ පෙනී සිටින්නට නියමිත ය. 

නෙත් එෆ්. එම්. රේඩියෝවට ඔහු පළ කළ අදහස අනුව එම නාම යෝජනාවට ව්‍යාජ නම් ඇතුළත් කර ඔවුන් අපහසුවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් තිබී ඇත. 

එක්තරා ගමරාළ කෙනෙකු තමන්ගේ අමුඩේ මළ පහ කළේ කවුදැයි ඇසූ බවක් ජන වහරේ තිබේ. කුමන්ත්‍රණ න්‍යායයන් සම්බන්ධයෙන් වාමාංශිකයෝ කොහොමත් ඔස්තාද්ලා ය. 

වාමාංශික පෙරමුණ වැනි පක්ෂවලට දිස්ත්‍රික්කයක නාම යෝජනා සැකසීම සඳහා අපේක්ෂකයන් හතළිහකට වඩා සොයා ගැනීම දුෂ්කර බව ඇත්තකි. එහෙම වී තිබෙන්නේ තම තමන්ගේ ක්‍රියාකලාපයන්ගේ ප්‍රතිඵල නිසා බව ඔවුන් කවදාවත් තේරුම් ගන්නවාද යන්න නම් ප්‍රශ්නයකි.

වාමාංශික පෙරමුණේ ක්‍රියාධරයකු හා බීබීසී ජනමාධ්‍යකරුවකු වන චන්දන කීර්ති බංඩාර පසුගියදා ආණ්ඩුවෙන් පොළී රහිත වාහන ණයක් ඉල්ලා සිටියේ ය. ආණ්ඩුවේ දූෂණවලට එරෙහිව පෙනී සිටින බව කියන මාධ්‍ය ආයතනයක හා දේශපාලන පක්ෂයක ක්‍රියාධරයකු මහජන මුදලින් පොළී ගෙවන ණයක් ආණ්ඩුවෙන් ලබා ගැනීම විසින් අවශ්‍යතා පිළිගැටුමක් නිර්මානය වෙයි. මෙම කරුණ පැහැදිලි කරන්නැයි කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වික්‍රමබාහු කරුණාරත්නගෙන් ඇසූ කල ඔහු හීන් සැරේ මාරු වී ගියේ ය. 

වාමාංශික පෙරමුණ අමාරුවෙන් අමාරුවෙන් මෙසේ ඡන්දය ඉල්ලන්නේ තමන් සම්බන්ධ විදේශ සංවිධානවලින් අරමුදල් ලබා ගැනීම සඳහා ඔවුන් ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව එය කෙතරම් සුළු වුණත් වැදගත් නිසා ය. මේවා රාජ්‍ය නොවන සංවිධාන අරමුදල් වැනි ලොකු අරමුදල් ‍ද නො වේ. 

ශිරානි බංඩාරනායකගේ ප්‍රශ්නයේදී අප සිටි ස්ථාවරය වන්නේ ලොකු හොරුන්ට එරෙහි විය යුතු නිසා පුංචි හොරුන්ට පක්ෂ විය යුතු නැති බවයි. මේ කාරණයේදී ද අදාළ වන්නේ එම ස්ථාවරයයි. 

අනුන්‍ට ඇඟිලි දික් කරන මිනිසුන් මුලින් ම තමන්ගේ ඇඟිල්ල පිරිසිදුව තබා ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. පව් බන් පැරා... උඹ කලින් මේ ගැන ලියපු වෙලාවේ.. මම කිව්වා මගේ නමත් මෙයාලගේ ලිස්ට් එකට දාන්න කියලා.. මටත් ඔය ඇන් ජී ඕ එකකින් හරි කීයක් හරි හොයාගන්න පුලුවන්නේ..

    දින් කින්ඩිය දාන එක වැරදියි සහෝ.. පවු බන් බාහු..

    ReplyDelete
  2. මං හිතන්නෙ ඔතන අවුල වෙලා තියෙන්නෙ අපේක්ෂකයන් සොයාගැනීමේ ගැටළුව නිසා බොරු නම් දැමීම වෙන්න ඕන. නමුත් කාට කාට හරි රුපියල් දාහක් දෙදාහක් දුන්න නං වැඩේ ගොඩදාගන්න තිබුන චාටර් නොවී.

    අනිත් පැත්තෙන් පේන්නෙ හෙළුවෙන් ඉඳගෙන අමුඩෙට හිනාවෙන උදවිය මේ කේස් එක ඇදීමේ විහිළුව.

    ReplyDelete
  3. /වාමාංශික පෙරමුණ අමාරුවෙන් අමාරුවෙන් මෙසේ ඡන්දය ඉල්ලන්නේ තමන් සම්බන්ධ විදේශ සංවිධානවලින් අරමුදල් ලබා ගැනීම සඳහා ඔවුන් ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව එය කෙතරම් සුළු වුණත් වැදගත් නිසා ය. මේවා රාජ්‍ය නොවන සංවිධාන අරමුදල් වැනි ලොකු අරමුදල් ‍ද නො වේ./

    මෙන්න මේක සම්පූර්ණ ඇත්ත. ඔය විදේශ මුදල් නැත්නම් මේ උදවිය ජීවත් වෙලා හමාරයි.

    ReplyDelete
  4. හෙක්.... පැරාත් තමන්ගෙ පුකේ ඇඟිල්ල ගහලා නේද අනුන්ට ඇඟිලි දික්කරන්නේ......

    ReplyDelete
  5. මතුගම අය රෙනවට කියන්නෙ රුන්නා කියල.. හූඌඌඌඌඌඌඌ

    ReplyDelete
    Replies
    1. "කවුද මගේ අමුඩේ රුන්නේ"

      රෙනව කියන ක්‍රියා පදයේ අතීත කාලය තමයි රුන්නා. මං හිතන්නෙ ඔහේටත් අමුඩෙ රෙවිල වගේ.

      Delete
    2. රුන්න කියන්නේ රෙනවා කියන එකේ අතීත කාල පදය බං.මෝඩයෙක් උනාට ඒක ප්‍රදර්ශනය කරන්න එපා.

      Delete
    3. එතකොට උඹ ඉන්න පැත්තේ අය රිල ඉවර උනාමත් ' රෙනව' කියලද කියන්නේ. අතීත, අනාගත, වර්තමාන, ඔක්කොම එකද ?

      Delete
    4. මගුලයි .....! සමාජවාදී ජිවිතේ කොමෙන්ට් මොඩරේට් වෙනවා වගේ. දන්නවනම් දාන්නෙත් නෑ??

      Delete
  6. වික්‍රමබාහු නම් මේ රටේ ජනතාව ආමන්ත්‍රණය කරන කෙනෙක් නොවේ.ප්‍රායෝගික නොවන වචන සෙට් එකක් ඔහෙ දොඩවන වික්‍රමබාහුට ඇත්තටම ඕකට දාන්න මිනිස්සු හොයාගන්න එකත් අමාරු වෙන්න ඇති.වික්‍රමබාහු කියන චරිතය මාධ්‍ය මාෆියාවෙන් පුම්බන එකක්.සීමාව ඉක්මවූ මාධ්‍ය ආවරණය ඔහු ගේ පන්තිය වන ඉහල මධ්‍යම පන්තික පසුබිම වටා ගෙතුනක්.

    ReplyDelete
    Replies
    1. වික්‍රමබාහු කියන්නෙ උගතෙක්(දැනට දේශපාලනයේ ඉන්න හරකුන්ට සාපේක්ෂව). මාධ්‍ය තුලින් ඔහුට යම් ඉඩක් ඇති බව ඇත්ත. ඒ ඔහු දීර්ඝ කාලීන සක්‍රිය දේශපාලනඥයෙක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම වික්‍රමබාහු දීර්ඝ කාලයක් තිස්සේ යම් ප්‍රතිපත්තියක ඉන්න කෙනෙක්. එදත් අදත් ඔහුගේ ප්‍රතිපත්ති වල ලොකු අපගමනයක් නෑ. එයා කියන දේවල් මිනිස්සු පිලිගන්නෙ නැති එක වෙනම දෙයක්. ඒක අවුලක් නෙවේ මොකද මහින්ද රාජපක්ෂ කියන දේවල් ඉස් මුදුනින් පිලිගන්න රට වැසියන් කොටසක් නේ මෙහේ ඉන්නෙ. ඕන නං වික්‍රමබාහුටත් වාසුදේව වගේ දෑත් ශක්තිමත් කරල ගානක් හොයාගන්න පුළුවන්(සමහර විට එන්ජීඕ වලින් ලැබෙනවාය කියන ගානටත් වැඩිය). මට නං වික්‍රමබාහු කියන්නෙ එච්චර කළුවට පෙනෙන කෙනෙක් නෙවේ.

      Delete
    2. වික්‍රමබාහු ගෝලීය ධනවාදයට එරෙහිව ලිප්ටන් වටරවුමේ උද්ගෝෂන කරන්නෙක්.ඔහු නොවෙයි මුළු ලංකාවම උද්ගෝෂන කළත් ගෝලීය ක්‍රියාකාරකම් වලක්වන්න පුළුවන්ද?

      වික්‍රමබාහු ට අනුව ගෝලීය ධනවාදයේ ප්‍රධාන ඒජන්තයන් වුනේ එජාපය.අද ආන්ඩුවත් ඒ මග යනවා.ඉතින් ඔහුට කිසිම විලිලැජ්ජාවක් නෑ එජාපය සමඟ එකම වේදිකාවට නගින්නට.ඔහු කොහොමද ධනපති පක්ෂ (ඔහුම කියන ආකාරයට ) සමඟ එක වේදිකාවට නගින්නේ ? හැම සමාජවාදියෙක්ම වගේ වික්‍රමබාහුත් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නෙක්.

      Delete
    3. වික්‍රමබාහු එජාපය එක්ක ඉඳගත්තෙ මාධ්‍ය නිදහස අතුරුදන්වීම් මානව හිමිකම් ව‍ගේ මාතෘකා ගැන. ඒ‍කෙ තියන වැරැද්ද ‍මොකද්ද? අ‍නෙක් ‍දේවල් ගැන තියන වි‍රෝධය නිසා තමයි ඔහු තනිවම ගමනක් යන්නෙ. නැත්තං යූඇන්පීයටම එකතු‍වෙන්න තිබුන‍නේ.

      Delete
  7. බලපිටියේ සුමනතිස්ස, වැලිතර සුමනතිස්ස,කලුවා දේවගේ වසන්ත හෙවත් කලුවා, දේවගේ වසන්ත යන නම් වලින් පෙනී සිටින, මතුගම ප්‍රා‍ෙද්ශිය සභාවේ නියෝජිතයෙකු වන චීවරධාරි බොන්තුපිටියේ නාගතිස්ස යන මොහු, රාජපක්ෂ ආණ්ඩුවේ අති ප්‍රබල ආධාරකරුවකු වන අතර ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම ගේ කිට්ටු සමීපතයකු වන බව ප්‍රකටය
    2006 දක්වා සිමෙන්ති සංස්ථාවේ අධ්‍යක්ෂ වරයෙකු වශයේන් සිටි මෙම චීවරධාරියා, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වශයෙන් ලේඛන ගතවී තිබෙව අයෙකු බව, එනම් අයි.ආර්.සී. කාරයෙකු බව, පොලීසිය ප්‍රකාශ කර තිබේ.
    මෙම චීවරධාරියා, හැත්තෑ හත් හැවිරිදි ස්වාමීන් වහන්සේ නමක් අක්ෂි කාචයක් සඳහා එකතු කරන ලද රුපියල් 21,000 ක මුදල පැහැර ගැනීම සම්බන්ධයෙන් පානදුර අධිකරණයේ පවතින නඩුවේ විත්තිකරුවේ. ඇප මත සිටින මොහු 2014.02.10 දින නඩුවට ඉදිරිපත් නොවීම නිසා, අත්අඩංගුවට ගෙන අධිකරණයට කරන ලෙසට වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය.
    මතුගම, අගලවත්ත ආසන වල ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම සමග ප්‍රසිද්ධියේ සැරිසරන බව ප්‍රකාශ කරන අගතියට පත් වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ මෙම අපරාධකරුට රාජපක්ෂ ආණ්ඩුව සහය පළ කරන තිස්තුන් කෝටියේම රැකවරණය හිමිව ඇතැයි කියන්නේ, අප රටේ සිටින මහනායක ත්‍රිත්වය මෙවන් දේ ගැන කරන්නේ කුමක්දැයි ප්‍රශ්න කරමින්ය.
    .

    ReplyDelete
    Replies
    1. කව්ද මේ වෙන පෝස්ට් එකක රෙන්නේ...

      Delete
  8. අජිත්, පුහු සුචරිතවාදයත් සමාජවාදී ජීවන මාදිලියේ අංගයක්ද එතකොට?

    ඉහත රාජ් කියපු දේට එකතු කලොත්, වික්‍රමබාහු කියන්නේ තමන්ගේ යුධ විරෝධී ස්ථාවරය යුද්ධ කාලෙදිමත් නිර්භයව ප්‍රකාශ කල කීපදෙනාගෙන් කෙනෙක්. (එහෙම කලේ රෝහිත භාශන, ගම්ලත්, x/දීප්ති සහ සමාජවාදී සමානතා පක්ශය ඇතුලු තව කීප දෙනෙක් පමනයි.) ඒ ගෞරවය මට තියෙනවා. මේ 'පුංචි හොරකම' කලාම උනත් රාජ්ට වගේම මටත් ඔහු එතරම් කලුවට පෙනෙන්නේ නැහැ.

    මේ සුචරිතවාදය අනුව ගියොත්, ජවිපෙ කැරැල්ල සමයේ කරපු පුංචි හොරකමුත්, පුංචි මිනීමැරුමුත් ගැන මේ ආන්ඩුවෙන් හොයන්න ගියොත් ඔබේ ස්ථාවරය අනුව යමින් ඔබ එකඟ වෙනවාද?

    - Dimithri

    ReplyDelete
    Replies
    1. ඔබ කරන්නේ අනියම් තර්ජනයක් නේ ද?

      ඔබත් පිහිටා සිටින්නේ මෙහි කමෙන්ට් ඔස්සේ හා වෙනත් මාර්ගවලින් ඔය අනියම් තර්ජනය කරන අනෙක් අයගේ ස්ථාවරයේ ම නේ ද?

      ඔබ ගැන ඇත්තෙන්ම කණගාටුයි. හඳුනා ගන්න ලැබුණාට ස්තුතියි. ඒත්, ඔබ වැරදියි.

      Delete
    2. නැහැ අජිත් කොහෙත්ම නැහැ. ජවිපෙ ගැන කිව්වෙ කවුරුත් දන්න ප්‍රසිද්ධ සහ ජනප්‍රිය උදාහරනයක් ලෙසයි. ඔබ ජවිපෙ උන්නාද නැතිද කියන එක මම කිසිසේත්ම තකන්නේවත් නැහැ. මට ජවිපෙ ගැන තියෙන විරෝධය ඔවුන් ජාතිවාදී වීමයි. එහි විමතිකයන් යනුද තවමත් ජාතික ප්‍රශ්නය ගැන පැහැදිලි ස්ථාවරයක් නොදරන හෝ හෙලි කිරීමට හොරගල් අහුලන කන්ඩායමක්. ඔබ මේ බ්ලොගය හරහා ඔබේ ජාතිවාදී විරෝධී මතය ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. ඔබ පැහැදිලිවම ජවිපෙ / විමතිකයන්ගෙන් කැඩුනු කෙනෙක් ලෙසයි මා දකින්නේ. මට වැදගත් එය පමනයි. මා ඔබගේ බ්ලොගයට ආසක්ත වන්නේද ඔබේ එම ආස්ථානය (සහ ඔබේ සමාජවාදී ජීවන මොඩලය පිලිබඳ අදහස ද ) නිසායි. මම දන්න තරමින් මේ කියපු 4 වර්ගයේම උනත් ජවිපෙ ගැන තිබෙන විවේචනය වන්නේ ජවිපෙ ජාතිවාදී ස්ථාවරය මිස හොරකම්, මිනීමැරුම් ගැන නොවේ.

      මගේ කොමෙන්ටුව ඔබට තර්ජනයක් ලෙස හැඟුනා නම් මා එය (අවසාන වාක්‍යය ) වහා ඉල්ලා අස්කර ගන්නවා. මකාදමන ලෙසද මා ඉල්ලා සිටිනවා. ඒ පිලිබඳ ව සමාව ඉල්ලා සිටිනවා.

      පුහු සුචරිතවාදය යන තියුනු යෙදුම මා යෙදුවේම සමාජවාදී ජීවන මාදිලියක් තුල නොතිබිය යුතු යැයි මා සිතන හොඳ-නරක හෝ කලු-සුදු වැනි මතුපිට කියවීමක් ගැන තියුනු විවේචනයක් ගෙන ඒමටයි. එය මා අතින් පැහැදිලිව නොකියවුනා හෝ වෙනස් අර්ථයක් ගම්‍යවුනා විය හැකියි. ඒ පිලිබඳ ව සමාව ඉල්ලා සිටිනවා.

      - Dimithri

      Delete
  9. පැරකුම් කියන්නේ ජවිපෙට පුක දෙන එකෙක්නේ. ජාතිවාදී නැතැයි කියන ගමන් බොක්කේ ජාතිවාදෙ තියෙන එකෙක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා