හිරුගෙන් පසු විකල්ප පත්තර වලංගු ද?

නිවේදනයයි: W3Lanka බ්ලොග් අඩවියේ රචකයා ජනරළ පුවත්පත හැර වෙනත් කිසිදු සිංහල පුවත්පතක‍ට හෝ වෙබ් අඩවියකට හෝ ලියන්නේ නැති බව ද කරුණාවෙන් සලකන්න. 

මේ බව සඳහන් කරන්නට සිදු වූයේ අප විසින් ලියන ලද ලිපියක් ලංකා ඊ නිව්ස් විසින් තමන්ට ලියන ලද ලිපියක් ලෙස පෙනෙන සේ පළ කර තිබෙන ආකාරය දැකීමෙනි. 

මෙම බ්ලොග් අඩවියෙන් උපුටා ගත් බව සඳහන් කරමින් ලිපි නැවත පළ කිරීම අපි හැම විට ම උනන්දු කරන්නෙමු. එහෙත්, මේ අන්දමින් අනවසරයෙන් ලිපි නැවත පළ කිරීම ආචාර ධාර්මික නො වේ. 

කරුණාකර අප අපහසුවට පත් වන අයුරින් ලිපි නැවත පළ නො කරන ලෙස අපි සහෝදරත්වයේ හා මාධ්‍ය ආචාර ධාර්මිකත්වයේ නාමයෙන් ඉල්ලා සිටිමි. 

අද පැවැත්වෙන  'හිරුගෙන් පසු විකල්ප පත්තර වලංගුද?' යන මැයෙන් වූ සම්මන්ත්‍රණයට අදාළව අප විසින් ලියන ලද ලිපි දෙකක සබැඳි මෙහි නැවත පළ කරමි.

සමාජවාදය වෙනුවෙන් විකල්ප පත්තර

සමාජ මාධ්‍ය යුගයේ විකල්ප පුවත්පත්

මෙම කරුණට අදාළව 'රාවය' පුවත්පත විකල්ප පුවත්පතක් ලෙස සලකා බැලිය හැකි ය. ඇත්තෙන් ම රාවය වනාහි ප්‍රධාන ධාරාවේ අදහස් හා මතවාදවලට වෙනස් අදහස් හා මතවාද ඇති ප්‍රභූ මාධ්‍යකරුවන් පිරිස‍කගේ නිර්මානශීලිත්වයෙන්, ශ්‍රමයෙන් හා සමාජ හා භෞතික ප්‍රාග්ධනයෙන් පවත්වාගෙන යනු ලබන මාධ්‍යයකි. එමගින් කිසියම් ප්‍රභූ අවකාශයක් ද නිර්මානය කර තිබෙන බව මගේ අදහසයි. ඒ තුළ අප ඉහත සඳහන් කළ ලිපිවල හුවා දක්වන කර්තෘ මාණ්ඩලික ආධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය සාකච්ඡාවට භාජනය කළ හැකි ය. 

විකල්ප පුවත්පතක් ලෙස රාවයේ සීමාව මෙම ප්‍රභූ කර්තෘ මණ්ඩලය විසින් සලකුණු කරනු ලබන බව මගේ අදහසයි. එසේ නම් ජනරළ හෝ වෙනත් පුවත්පතක් විසින් සලකුණු කරනු ලබන්නේ ද මෙවැනි ම සීමාවක් වන්නට පුළුවන. 

විකල්ප යයි කියන පුවත්පත්වලට තව දුර‍ටත් විකල්ප විය නො හැක්කේ මෙම කාරණය නිසා යයි මම සිතමි. මන්ද, විකල්ප අදහස් නිදහස් අන්දමින් පළ කළ හැකි වෙනත් අවකාශයන් ගොඩනඟා ගැනීමේ අවස්ථාව සමාජ මාධ්‍ය විසින් උදා කර දී තිබෙන බැවිනි. අපගේ මෙම බ්ලොග් අඩවිය පවා ඒ සඳහා උදාහරණයකි. 

අද වන විට ස්මාට් ජංගම දුරකථන ඉතා සුලබ වී තිබේ. ඒවා පරිහරණය කරන්නන් ඇත්තට ම මාධ්‍යකරුවන්ට වඩා ස්මාට් ය. විකල්ප මාධ්‍යකරුවන්ට පවා වේගයෙන් දුවන ඒ අවකාශය ස්පර්ශ කිරීම දුෂ්කර වී තිබේ. 

අප මාධ්‍යකරණයේ යෙදෙන්නේ කුමක් වෙනුවෙන් ද? 'කවිය, කවිය වෙනුවෙන් ය' යන සංකල්පය මෙන් විකල්ප මාධ්‍ය ද මාධ්‍ය වෙනුවෙන් කරන දෙයක් නම් සම්ප්‍ර්‍රදායික මාධ්‍ය වෙත තබන බර වැදගත් විය හැකි ය. 

අප මාධ්‍යකරණයේ යෙදෙන්නේ සමාජ වෙනසක් වෙනුවෙන් නම්, මාධ්‍යයට වඩා පණිවුඩය වැදගත් බව මගේ අදහසයි.  එහිදී මාධ්‍ය ආකෘතිය අපට බාධාවක් නො විය යුතු ය. 

'විකල්ප පත්තර' යන යෙදුම අද දිනයට ඒ තරම් අදාළ නො වන්නේ මේ නිසා යයි මම සිතමි. අප මහන්සි විය යුත්තේ විකල්ප මාධ්‍ය වෙනුවෙන් මිස විකල්ප පත්තර වෙනුවෙන් නො වේ. විකල්ප පත්තර විකල්ප මාධ්‍ය අවකාශයේ අනිවාර්ය කොටසකි. මන්ද, කඩදාසිවල රොමැන්තික් සරසරය හුදු ස්පර්ශමය හෝ දෘෂ්‍යමය සුවයක් පමණක් නො වන බලයක් ව නිසා ය. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. පැරාගේ ස්වාමියා, ටිරාන් හුලස් බැන්නලු නේද, පැරකුම්ගේ ලිපියක් ඊ නිවුස් එකේ යාම ගැන?

    පැරා පව්. මරුතියට පෙට්‍රල් ටිකක් ගහන්න නේ මේ විදියට ආත්මේ පාවලා දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපි නං අහන්නේ හිරු එෆ් එම්. හිරු නං සල්ලි තමයි.

      Delete
    2. සන්ධානයට අභියෝග නෑ
      දේශපාලන විචාරකයෝ කියති
      ටී.චන්ද්‍රසේකර
      විපක්ෂයේ පක්ෂ සෑම එකක්ම පාහේ බෙදීම් ඇතිවී අභ්‍යන්තර ආරවුල් පැනනැඟීම හේතුවෙන් බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට කිසිදු අභියෝගයකින් තොරවූ පහසු හා විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

      මේ මැතිවරණයේ දී ආණ්ඩුව පරාජයට පත්කිරීම සඳහා විපක්ෂයේ පොදු සන්ධානයක් ගොඩනැඟීමට එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කීපයක් උත්සාහ කළත් එය ලත් තැනම ලොප් විය. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර මත ගැටුම් උත්සන්න වීම නිසා එ.ජා.ප.ය තවදුරටත් දුර්වල අඩියකට වැටී තිබේ.

      මේ අතර බස්නාහිර පළාතේ සියලු දෙමළ ජනතාවගේ ඡන්ද එකම සන්ධානයක් යටතට ලබාගැනීමේ අරමුණින් දෙමළ පක්ෂ එක්ව තරග කිරීමට යෝජනා වී තිබුණ ද එම පක්ෂවලට එකඟතාවකට පැමිණීමට නොහැකි වීමෙන් ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතාන්ත්‍රික ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ තනි තනිවම තරග කිරීමට අමතරව තවත් දෙමළ දේශපාලනඥයන් ස්වාධීනව තරග කිරීම තුළින් දෙමළ ඡන්ද බෙදීයාමෙන් දෙමළ නියෝජිතයින් පත්කර ගැනීම අසීරු කරුණක් වනු ඇත.

      ‍මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා සමස්ත ලංකා ජනතා කොංග්‍රසය තනි තනිවම තරග කිරීම තුළින් මුස්ලිම් ඡන්ද ද බෙදී යනු ඇත.

      ‍මේ තත්ත්වයේ වාසිය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවීමෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවනු ඇතැයි එම දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් කියා සිටියි.

      Delete
  2. හිරූ කියන බ්ලොග්කාරිට කියපු තිත්ත කුණුහාරප ඉතුරු කරල කාතන්දරකාරයගේ බලු කුක්කට දාපු කමෙන්ට් මැකුවේ මොකද කියල කියමුකෝ පැරා

    ReplyDelete
    Replies
    1. හිරුගෙ කොමෙන්ට් එක දැම්මෙ හිරුගෙ නැන්දම්මා... පැරා ඒ ඇත්තිව අදුනනවා.... ඒකට බොට තියන රුදාව මොකක්ද....

      Delete
    2. පැරා දන්නේ නැහැ කකා තට්ටෙන් සොමිය දෙන විදිය.
      මෝඩ පැරෝ, කොමෙන්ට් ඩිලීට් කරන්න කලින් තට්ටෙන් සොමිය දීම ගැන කකාගෙන් ඉගෙන ගන්නවා.

      කතන්දර: තට්ටෙන් සොමිය දීම

      http://kathandara.blogspot.com/2010/07/blog-post.html

      Delete
  3. හිරු පුවත් පත පලවූයේ කොයි කාලයේ ද?

    ReplyDelete
    Replies
    1. කකා කක්කා කරලා පුක නොසෝදා ඉන්න පටන් ගත්ත කාලයේ...

      Delete
    2. අනේ බන් කතන්දර...! ඔයා ලංකාවෙන් ගියේ කොයි කාලයේ ද ?

      Delete
    3. ලංකාවෙන් ගිය කාලය = කක්කා කරලා පුක නොසෝදා ඉන්න පටන් ගත්ත කාලය

      Delete
    4. මේ පිළිතුරු දී ඇත්තේ හිරු පාඨකයෙක් ද, හිරු විරෝධියෙක් ද?

      Delete
    5. කකාගේ කක්කා පාඨකයෙක්...

      Delete
    6. කකා, කකාගේ හෙට පොස්ට් එක දාන්නේ මොකක් ගැනද? අපේ ඉල්ලීම පරිදි කකාගේ ලිංගික ජීවිතයේදී තෘප්තිමත් වෙන්නේ කොහොමද කියලා නේද?
      කකා කියන්නේ දැනුම් සාගරයක්. අපිට නිවැරදිව කක්කා කරන හැටි ඉදලා, නිවැරදිව ජොකා අදින්න හැටි දක්වාත් කකා කියලා දීලා තියෙනවා.

      කෑම හදන හැටි වගේම එව්වා කක්කා, පඩ විදියට බැහැර වෙන හැටිත් කකා කියලා දීලා තියෙනවා.

      අනේ ප්ලීස් කකා, ඒ හින්දා කකාගේ ලිංගික ජීවිතය ගැන මෙගා සීරීස් එකක් දාන්න. අපි හරි අසාවෙන් ඉන්නේ ඒ ගැන දැන ගන්න.

      Delete
    7. හිරු හිරු
      චික් විතරක් අද යන්න බැරිවුනානේ සන්වදේට.....
      ගියානම් හැම ප්‍රශ්නෙකටම උත්තර හොයාගන්න තිබුණා.....

      Delete
    8. යක්‍ෂ කතාවක් නේ මේක!

      වැරදි නිගමන සහ කතා බොහෝ අඩංගු නිසා වහාම පිළිතුරු ලියන්න හිතුණා.

      අන් බොහෝ දෙනකේමෙන් මා බ්ලෝ ලියන්නේ විනෝදයටයි. මෙතන එක තේකඩයක් ලඟ තවත් තේ කඩයක් දැම්මා මෙන් තරගයක් නැත. ඔබේ චර්යා, සිතුවිලි, හැසිරීම් මට ආදේශ කරන්න එපා.

      මා බ්ලොග් ලෝකෙ චක්‍රවර්ති කියා මා කිසි දිනක කියා හෝ සිතා නැත.

      මා කිසි දිනක මට විරුද්ධව හො ්පක්‍ෂව හෝ මගේ හෝ අන් අෙැයකුගේ බ්ලොගයක කමෙන්ට් කර නැත. නැවතත්, ඔබේ චර්යා, සිතුවිලි, හැසිරීම් මට ආදේශ කරන්න එපා.

      එසේම ණැවතත්, මගේ පෝස්ට්වල වටිනාකම ඇත්තේ මටය. ඒ එයින් මට වින්දනයක් ලැබෙන හෙයිනි. මෙය මගේ විනෝදාංශයයි. මගේ බ්ලොග් එක කියවන්නට මට කිසි කෙනෙකුට අණ කළ නොහැක. ඔබට අවශ්‍යනම් කියවන්න. නැත්තම් අනේ නිකං ඉන්න.

      ඊලඟට තියෙන චෝදනා සියල්ලටමත් කිව යුත්තේ ඔබේ දේ මට ආදේශ කරන්න එපා යන්නයි. මා මේ බ්ලොගය පටන් තග්තේ මට අවශ්‍ය කතන්දර මට අවශ්‍ය වෙලාවට, මට අවශ්‍ය ආකාරයට ලිවීමටය. එයින් ඔබට සිදුවෙන අවැඩ කුමක්ද? එය පෙන්වා දුන්නොත් මා එම වරද නිවරද කරගන්න බලන්නම්.

      අවසාන චෝදනාවට කිව යුත්තේ මා තුන්වෙන පාර්ශවවලට අපහාස කෙරෙන කමෙන්ටු හැර අන් කිසිවක් කලකට පෙර මොඩරේෂන් තිබූ කාලයේ හෝ දැන් හෝ ඉවත් කර නොමැති බවයි. නිරණාමික කමෙන්ටුවලට මගේ විරුද්ධත්වයක් නැත. උපහාසයද අගයමි. මට අපහාස කළද කම් නැත. ඉන් පිට ඒවා නම් වානා ය.

      මා කපා දැමූ ඔබේ (හෝ අන් අයෙකුගේ) කමෙන්ටුව කුමක්ද?

      Delete
    9. කකා,

      ඔබේ කමෙන්ට් එක සාකැස්ටික් එකක් නෙමෙයි කියල හිතල කියන්නෙ. හිරු ගැන විස්තරයක් හෙන්‍රිගෙ "නොකී කතා" පොතේ තීනව.

      Delete
    10. "හිරු පුවත් පත පලවූයේ කොයි කාලයේ ද?"

      තමන් දන්නා තරම හෙළිදරව් කිරීම ගැන අපගේ ප්‍රණාමය!

      Delete
    11. @ ඉන්දික
      ස්තුතියි ඉන්දික. මා ඒ පොතේ ඇතැම් චැප්ටර්ස් කියවා තියෙනවා විවිධ පත්තරවල පලවුණු ඒවා. නමුත් මුළු පොතම කියවා නෑ.

      Delete
    12. @ Anonymous February 10, 2014 at 1:53 PM

      ඉතිං හිරු කියන පත්තරේ පලවුණු කාලවකවානුව මං හරියටම කවදාද කියා කටපාඩම් කර තබා ගත යුතුද?

      එය මා හරි හැටි නොදන්නවා වීමේ ඇති වරද මොකක්ද?

      ඔබ එය හරිහැටි දන්නවා නම් මට නොකියන්නේ ඇයි?

      Delete
  4. කොහොමත් විකල්ප පුවත් පත් වලට වඩා සෙවයක්, ගොසිප් සයිට්ස් වලින් කෙරෙනවා.. සති අන්තයේ පුවත් පත ඒනකොට.. ඒක නිව්ස් එකක් වත් ගොසිප් එකක්වත් නෙමෙයි. මිනිස්සු අද ප්‍රොක්සි වලින් හරි වෙබ්ස් හිටන් බලනවා..

    ReplyDelete
  5. "මන්ද, කඩදාසිවල රොමැන්තික් සරසරය හුදු ස්පර්ශමය හෝ දෘෂ්‍යමය සුවයක් පමණක් නො වන බලයක් ව නිසා ය. "

    කථාව ඇත්ත. මමත් සියයට සියයක් එකඟයි. නමුත් මට තියෙන ප්‍රශ්නෙ මේක මෙහෙම වෙන්නෙ ඇයි කියන එක.

    ReplyDelete
    Replies
    1. සම්භාව්‍ය මාක්ස්වාදය අනුදත් ලෙනින්වාදය,ස්ටැලින්වාදය,මාඕවාදය සහ ට්‍රොට්ස්කිවාදය මගින් දෘෂ්ටිවාදය විවේචනය කිරීමේ දී අදාල කරන්නේ යථාර්ථය දෘෂ්ටිවාදය මගින් අවුල් කරන බවයි. නමුත් ලැකාන් අනුදත් මාක්ස්වාදය යටතේ ( මෙහි ප්‍රධාන ප්‍රකාශකයා ස්ලොවෝ ජිජැක්ය) දෘෂ්ටිවාදය විචාරය වන්නේ කෙනෙකු අනුදත් යථාර්ථය නොව ඉන් ගිලිහී යන විනෝදයයි. දැනුම වෙනුවට අප ජීවත් වන නරුමවාදී යුගයේ දී විචාරයට ලක් විය යුත්තේ විනෝදයයි. තවම ලංකාව මෙම අදහස වටහා ගෙන නොමැත. මෙය වටහා ගත් දිනක සිට අපට දෘෂ්ටිවාදය විචාරය කිරීම දෙවන අධියරකට රැගෙන යා හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස විප්ලවවාදී පක්ෂයක් විසින් හදුනා ගත යුතු යථාර්ථය පිළිබද අවබෝධයද කණපිට හැරෙනු ඇත. මාක්ස්වාදී දේශපාලනයේ ඉලක්කය මිනිසුන්ට සතුට ලබා දීම නොවන බව එවිට වැටහෙනු ඇත.

      Delete
  6. 3මාන වෙබ් අඩවියට අනුව පෙරටුගාමී පක්ශය වැනි සමාජ ව්යාපාරයක් ඔවුන්ව විවේචනය කරන තනි පුද්ගලයන්ට පිලිතුරු දිය යුතු නැත.නමුත් ඔවුන්ට අනුව අරුනි ශපීරෝ නම් තනි කාන්තාව ජවිපෙ විවේචනය දියුනු වැඩකි.මේකට කියන්නේ දයලෙක්තිකයක්ද නැත්නම් විරුද්ධාභාශයක්ද

    ReplyDelete
    Replies
    1. දීප්ති අයියා අරුණි ශාපිරෝව 'ආයන් රෑන්ඩි' ට සමාන කරලා තියනවා දැකල හතර කොනින් හිනා ගියා. අරුණි සමාජවාදය ගැන අසත්‍ය, අර්ධ සත්‍ය, සත්‍ය විකුර්ති කිරීම් කරන කොට කටයි පුකයි වහන් හිටපු දීප්ති එකපාරටම අරුණිව උඩ දාන්න ගන්නේ ඇමරිකාව පැත්තේ රවුමක් යන්නද 'හිස්ටෙරියව' අච්චු ගහන්න ගානක් කොටා ගන්නද දන්නේ නැ. ඇත්තටම දීප්ති ධනවාදයට විරුධව හරි සමාජ වාදයට පක්ෂව හරි කරපු දෙයක් තියනවද, දර්ශනිකයෝ ටිකක් සිංහලට පරිවර්තනය කිරීමයි, පුද්ගල චරිත වලට මඩ ගැසීමයි හැරුණු කොට.

      Delete
  7. හිරු කියන බ්ලොග්කාරි ගැන නේද මේ පැරකුම් මහත්තය කියන්නෙ. මට නම් තේරෙන්නෙ නෑ http://ahamudhakimu.wordpress.com/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා