මංපහරනවා වෙනුවට මහජන මුදල් කොල්ලකෑමට එක්සත් ජාතික පක්ෂයටත් අවස්ථාවක් දිය යුතු ය.

දිවයින පුවත්පතේ මුල් පිටුවේ පළ වූ මෙම ඡායාරූපය වෙබ් අඩවියේ නම් කර තිබෙන්නේ thief කියා ය. http://www.divaina.com/2014/02/24/thief.jpg
වෙන්ට ඇමති කෙනෙකු වන එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග මීගමුවේ තමන්ගේ ගෝලයකු වන පළාත් සභා මැතිවරණ අපේක්ෂක රොයිස් ප්‍රනාන්දු ගැන අද දිවයින පුවත්පතට මෙසේ කියා ඇත.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන අපේක්‍ෂක ලැයිස්‌තුවලත් විවිධ සිද්ධීන්වලට සම්බන්ධ අය සිටිනවා. ඒගොල්ලෝ නිදැල්ලේ. එජාපයට පමණක්‌ අලුත් නීති. රොයිස්‌ ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගත් ආකාරයට රජයට සම්බන්ධ නිදැල්ලේ සිටින සැකකරුවනුත් අත්අඩංගුවට ගත යුතුයි. මීගමුවේ සිදුවූ මුදල් කොල්ලය පසුපස රොයිස්‌ ප්‍රනාන්දු මහතා සිටිනවා නම් එය ඔප්පුකර පෙන්වා දිය යුතුයි. ඔහු තවම සැකකරුවකු පමණයි.

ජනාධිපතිතුමාත් සමග මහජන මුදලින් වන්දනාවේ යන වෙන්ට ඇමති ජ‍ෝන් ගැන සලකා බැලුවා ම ඇත්තෙන්ම රොයිස් ප්‍රනාන්දුට ද රජයට සම්බන්ධ සැකකරුවන්ට මෙන් නිදැල්ලේ සිටීමට අයිතිය ඇතැයි ජෝන් අමරතුංග සිතනවා වෙන්නට පුළුවන. එහෙත්, පොලිසියට අභියෝග කරන්නට යන එක එච්චර සුදුසු නැත. මන්ද, ආවේක්ෂණ කැමරා යුගය කියන්නේ අලුත් සංදර්භයකි. ලොකු අයියා ඔබ දෙස බලා හිඳියි. පොලිසිය ආවේක්ෂණ කැමරා භාවිතා කරමින් මෙම අපරාධයේ සුල මුල සොයා ගත් ආකාරය ඉතා රසවත් ය. 

ජුවෙල් ලංකා ආයතනයේ ආවේක්ෂණ කැමරාවල සටහන්ව තිබුණු හෙල්මට් අනුව, ඊළඟට පොලිසිය ගියේ හෙල්මට් විකුණන කඩයකට ය. අනුමානය නිවැරදි ය. හෙල්මට් කඩයේ කැමරාවල අදාළ පුද්ගලයා සිටියේ ය. ඔහු ‍කවුරුදැයි හඳුනා ගැනීමට ඔහු ඇඳ සිටින ටී කමිසය ඉවහල් වේ. 

කොල්ල කෑ මුදලින් කොටසක් සමග මාට්ටු වන රොයිස් ප්‍රනාන්දු පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු නිලධාරියෙකි. මීට පෙර ද රොබරියකට මාට්ටු වී ඇති ඔහු නිදහස් වී ඇත්තේ සාක්කි ප්‍රමාණවත් නො වීම නිසා ය. අධික ණය බරින් පෙළෙන මොහු මෙම මුදල් මංකොල්ලය කා ඇත්තේ ඡන්දයට වියදම් කරන්නට යයි පොලිසියට පවසා ඇති බව මාධ්‍ය වාර්තා කරයි. 

එක්සත් ජාතික පක්‍ෂයේ සිටින මෙවැනි දේශපාලකයන්ට ආණ්ඩුවක් හදිසි වී තිබෙන්නේ ඇයි ද යන්නත්, එක්සත් ජාතික පක්ෂයට බැරි ය කියා ආණ්ඩුවට පැන ගන්නට හදිසි වී ඇත්තේ ඇයි ද කියාත් දැන් පැහැදිලියි නේද? ආණ්ඩුවට ගියාම මෙහෙම අනතුරුදායක රොබරි දෙන්නට ඕනෑ නැත. දේශපාලනය කියන්නේ මහජන මුදල්වලට රොබරි දීමේ ක්‍රීඩාවට ය.

එක්සත් ජාතික පක්ෂයේ සිටින මුග්ධ පාක්ෂිකයෝ ද මෙවැනි පිරිස් සභාවලට පත් කර යවන්නට දක්ෂයෝ ය. මැරවරකම හැර අන් යමක් නො දත් පාලිත තෙවරප්පෙරුම පාර්ලිමේන්තු ගියේ නීති විරෝධී ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබියදී ය. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. "මංපහරනවා වෙනුවට මහජන මුදල් කොල්ලකෑමට එක්සත් ජාතික පක්ෂයටත් අවස්ථාවක් දිය යුතු ය"
    පැරා හරි!

    ReplyDelete
    Replies
    1. ඒක මෙහෙම කරන්න පුළුවන්.සංවර්ධන කාර්යයන් වේගවත් කිරීමට විපක්ෂයේ සහාය ලබා ගැනීමේ ක්‍රමයක් හදුන්වා දී විපක්ෂ මන්ත්‍රීවරු යෝධ සංවර්ධන ව්‍යාපෘති ( හොරා කන ) වල කොටස් කරුවන් කරපුවම මේ වගෙ අනතුරුදායක වැඩ විපක්ෂයෙ අයට කරන්න වෙන්නෙ නෑ.

      Delete
  2. මෙතනදි ජෝන් වුනත් කියන්නෙ නෑ රොයිස් නිවැරදියි කියල.කියන්නෙ ආන්ඩුවෙ හොරුන්ට දී ඇති සහන එජාප හොරුන්ටත් දෙන්න කියල.ඇත්තටම ඒ කතාව නම් සාධාරණයි.අනික ආන්ඩු බලය නැති නිසා එජාපයට සිදුවෙලා තිබෙන්නෙ මෙහෙම මංකොල්ල කන්න.මුගෙ මූණ දැක්කහමත් තක්කඩි පෙනුමක් තිබෙනව.එජාපයට සුබ අනාගතයක්.කලිනුත් ගෙම් දීල සාක්කි පරස්පර වෙලා නිදහස් වුනා නම් මූ ගේම් හැටහුටාමාරක් දීල ඇති.
    මට නම් හිතෙන්නෙ මූ උගෙ තරුණ කාලෙ විපක්ෂෙ චාටර් වෙන වට වැඩිය ආන්ඩුවට ආවනම් නරකද කියල.අනික හොරෙකුත් වෙලා නිකම් විපක්ෂෙ ඉන්නව කියන්නෙ ඌට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ.ලඟදිම රොයිස් ඇමතිතුමා කියල කියන්න අපට වාසනාව ලැබේවා.

    ReplyDelete
  3. එක්සත් ජාතික පක්‍ෂයේ සිටින මෙවැනි දේශපාලකයන්ට ආණ්ඩුවක් හදිසි වී තිබෙන්නේ ඇයි ද යන්නත්, එක්සත් ජාතික පක්ෂයට බැරි ය කියා ආණ්ඩුවට පැන ගන්නට හදිසි වී ඇත්තේ ඇයි ද කියාත් දැන් පැහැදිලියි නේද? ආණ්ඩුවට ගියාම මෙහෙම අනතුරුදායක රොබරි දෙන්නට ඕනෑ නැත. දේශපාලනය කියන්නේ මහජන මුදල්වලට රොබරි දීමේ ක්‍රීඩාවට ය.

    එක්සත් ජාතික පක්ෂයේ සිටින මුග්ධ පාක්ෂිකයෝ ද මෙවැනි පිරිස් සභාවලට පත් කර යවන්නට දක්ෂයෝ ය.//

    මේ චන්ද ක්‍රමයේ විප්ලවකාරී වෙනසක් අවශ්‍ය ඒ නිසයි.මේ ක්‍රමය තුල මොනවා කළත් තක්කඩියයි මුග්ධයයි කරන ගේමක් බවට පත් වෙනවා.භුගෝලීය වශයෙන් සකස් වී ඇති මැතිවරන කොට්ටාස ක්‍රමයට විකල්පයක් නැද්ද.පෝස්ටර් ගහන රැස්වීම් වලට සෙනග අද්දන තැන ඉදන් තක්කඩි මැරය තමයි ප්‍රධාන ජවනිකාව රඟන්නෙ.මෝඩයන්ගෙ ගිණිකන වැටෙනව.උන් ගිහිල්ල අන්තිම ජරා තක්කඩි ඌරට චන්දෙ දෙනවා.දිනපු දා ඉදන් වියදම් කරපුව හොයන්න අලුතෙන් තක්කඩි වැඩ කරනව.

    ReplyDelete
  4. බැරිද මෙහෙම දෙයක් යෝජනා කරන්න.භූගෝලීය ක්‍රමය වෙනුවට වෘත්තීන්වලට නියෝජනය දීම.උදාහරනයකට ගුරුවරු ඉන්නව ලක්ෂයක් විතර,ලිපිකරුවො ලක්ෂයක් විතර ඉන්නව.ස්වයන් රැකියා කරන අය වෙනම.දොස්තරල වෙනම.මේ වගෙ සිස්ටම් එකක්.එහෙම වුනොත් මේ වගෙ උන් එක පැත්තකට කොටු වෙයි.නැත්නම් වෙන්නෙ අර ඉස්සරවෙලා කියපු අය ගම්වල හුදකලා වෙනව.අරුනුත් රටපුරා විසිරිලා.උන් මැර බලයෙන් චන්ද මෙහෙයවනව.මම නම් කියන්නෙ වෘත්තීන් හා විශයයන් වගෙ ක්‍රමයකට මැතිවරන කොට්ටාස වෙන් කළොත් වැදගත් මිනිස්සු ඉස්සරහට එයි.මේ වගෙ බල්ලොත් උන්ගෙ ඒව නියෝජනය කරමින් එයි.ඒත් මුන්ගෙ බලය අඩුවෙනව.මේක ටිකක් විප්ලවකාරී අදහසක්.කාටත් හිතල බලන්නයි කොමෙන්ට් කළේ.ඒ වගෙම හැම වෘත්තියකටම සමානාත්මතාවත් ළැබෙයි.

    ReplyDelete
  5. // දේශපාලනය කියන්නේ මහජන මුදල්වලට රොබරි දීමේ ක්‍රීඩාවට ය. // පට්ටය.

    ReplyDelete
    Replies
    1. පත්තරේ හරහා එහෙම කරන ආණ්ඩු පක්ෂයේ උන්ව පුම්බා හා විපක්ෂයේ උංව පිචං කර හා එමගින් ගතමනාවක් ගරා ගැනිමේ ක්රීවඩාව මොකක්ද බොස්? ජනමාධ්ය වේදය ද කඩේයාම ද?

      Delete
    2. පත්තරේක වැඩට ඇවිල්ලම ඒක තේරුම් ගනිං මචං...

      Delete
    3. AnonymousFebruary 24, 2014 at 3:37 PM @ නලින් ට කරන ඒ චෝදනාව ඉතා අසාධාරණයි බන්.පත්තරයක් කියන්නෙ බ්ලොග් එකක් නොවෙයි.එතන වැඩ කරන කෙනා කරන්නෙ රැකියාවක්.එයාට ඉහලින් නිළබලධූරාවලියක් තිබෙනවා.මාධ්‍යවේදියෙක් දැතිරෝදයක් විතරයි.දැතිරෝදයකට තමන් කැමති අතට කැරකෙවෙන්න බෑ

      Delete
  6. තාමත් ඔහු සැකකරුවකු පමණයි නේද.?හැබයි මධ්‍ය ප්‍රකාශක නම් පොරව වැරදිකරුවකු කර අවසානයි.

    ReplyDelete
  7. අනේ පව් අප්පා රොයිස් මහත්තයා.. ඡන්දෙට වියදම් කරන්නලු..සංසාරෙදි දිනන්නෙත් නෑ..ආයෙත් ඉතින් හොරකමම තමයි.. බලාගෙන ගියාම ජෝන් බාසුත් පට්ට පොරක්නේ..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා