ගව මස් නො කනු! මිනී මස් කනු!



අන්තවාදයට උඩගෙඩි දෙන කුමන දේශපාලනයක් වුව එකී අන්තවාදය විසින් ම ගිල ගනු ලබන බවට උදාහරණ ඉතිහාසයෙන් ඕනෑ තරම් සොයා ගත හැකි ය. 

මේ දිනවල තවත් උදාහරණයක් රඟ දැක්වෙමින් තිබේ. 

මස් කෑම මිනිසා පරිණාමයේ මුල සිට ම කළ ක්‍රියාවකි. මස් නො කෑම පෞද්ගලික තේරීමකි. මේ පෞද්ගලික තේරීම පොදු සමාජයක් මත පටවන්නට යත්න දරන මුග්ධ අන්තවාදීන් පිරිසක් මේ දිනවල පිටකොටුවේ සංදර්ශනයක් පවත්වති. මුන් ගව මස් නො කෑව‍ාට මිනී මස් කන්නට නම් සූදානම් බව මේ සමග පළ වී තිබෙන ඡායාරූපවලින් පෙනේ. 

බල්ලන් මැරීම තහනම් කළ දා සිට බල්ලෝ අයාලේ යති. මේ වන විට පාසල්, පන්සල් වැනි පොදු තැන් බලු අනාථාගාර වී තිබේ. 

හරකුන් මැරීම නැවැත්වූ පසු අයාලේ යන ගවයන්ට නවාතැන් දෙන්නේ කොහේ ද? 

මේවා අපට අදාළ නැත. මෙවැනි මුග්ධ අන්තවාදයන් පෝෂණය කළ ආණ්ඩුව ම මේ බූරුවන් සමග කටයුතු කරනවා ඇත. අපි නම් කොහොමත් මස් කෑවත් බෙල්ලේ බැඳගෙන කාලා නැත. හරක් ම්‍ස් නැතිනම් ජාතියේ මාංශ ආහාරය කුකුළා ද නරක නැත. 

ඉන්දියාවේදී මට හමු වූ එක් ආගමික අන්තවාදියකු ජීවිතය කැප කර තිබුණේ පිරිමි ළමයින් හස්ත සංසර්ගයේ යෙදෙන එකට විරුද්ධව උද්ඝෝෂණ කරන්නට ය. එහෙත්, එහි ආණ්ඩුව සමග එක් වීමට ඔහුට අවස්ථාව ලැබී නො තිබිණි. 

ලංකාවේ නම් හස්ත සංසර්ග විරෝධී ව්‍යාපාරය නැගලා ගියොත් හාමුදුරුවරු හා ආණ්ඩුව එතනත් ඉන්නවා නිසැක ය. 

බල්ලන් එක්ක ලැග්ගා නම් ඉතින් මැක්කන් ගැනත් වග බලා ගැනීම ආණ්ඩුවේ ම වැඩකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. සම්පූර්ණයෙන්ම එකඟයි. ම‍ගෙ අම්‍මේ අර සිවුරු කාර‍යෙක් ‍කොල්‍ලෙකුට ගහපු ගැහිල්ල!

    ReplyDelete
    Replies
    1. මොකක්ද බන් මේ කේස් එක

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ගවයන් මිනිසුන් වී මිනිසුන් ගවයන් වීම.
      http://rateweda.blogspot.com/2014/02/blog-post.html

      Delete
    4. ගව මස් නෙමේ ඇත්තට මේ මුස්ලිම් එවුන් මිනී මරන ඒවා ලියපල්ලාකොත... සාජන්ට් බන්ඩාරලාව මැරුවෙ පළවෙනි දරුවගෙ මූණ බලන්න මාසයකට ඉස්සර... ඒවා කරන හම්බයන්ව නලවන්න තොපිට තොගෙ අම්මලා කිරි වෙනුවට කරි ද දුන්නෙ... වල් හැත්ත..

      Delete
    5. https://www.facebook.com/photo.php?v=731577300216177

      Delete
  2. කෝ කොමෙන්ට්? එව්වා එඩිට් කරනවද? දන්නවා නං මේකේ කොමෙන්ට් දාන්නෙත් නෑ.

    -කුස්සියේ රජු-

    ReplyDelete
  3. හරකා මරණ එකා , මරා ගත්තාවේ , පව පින ඌට , තමන් හරියට උන්නම හරිනේ ..අනෙක ලොව්තුරා බුදු හාමුදුරුවොත් මාංශ අනුභව කොළා නං , මේ මොංගල්වහන්සේලාට මොන අමාරුවක්ද ?

    http://wigadam.blogspot.ca/

    ReplyDelete
  4. මචං පැරා මේක නම් නියම banana republic එකක්. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු. සංඝයො කෙලින්නෙ මංඤ්ඤං.

    ReplyDelete
  5. සමස්ත ලංකා අතේ ගසන්නන්ගේ සංගමයFebruary 19, 2014 at 9:44 PM

    අඩෝ අතේ ගහන එක නවත්තන්න ආවොත් තොපිලට එක පිරිමියෙකුගෙවත් චන්දෙ හම්බුවෙන්නෙ නෑ.

    ReplyDelete
  6. පැරා මේ ලිපියෙ පොඩි ගැටළුවක් තිබෙනවා.මේ ඡායාරූප මොනවද කියල තිබුනනම් හොඳයි.අපි බ්ලොග් වල සංවාදවලට එක්වුනාට නිව්ස් බලන්නෙ නෑ.හුඟක් චැනල් ගැන කලකිරීම නිසා ඒ පැත්ත පළාතෙ යන්නෙ නෑ.හරක් මැරීමට විරුද්ධ උද්ගෝෂනයක් වුන බව දන්නවා.පොලීසිය එක්කා ගැටුන බවත් දන්නවා.ඒත් මෙතන සිවිල් කොල්ලො දෙතුන් දෙනෙකුට පිරිසක් එක්වී ගහන බව පේනවා.ප්‍රවෘත්ති නොබැලූ අයට මෙතන පටලැවිල්ලක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ගුටිකන එකා පොලිස් ඔත්තු කාරයෙක්ය හිතලයි මේ නෙලන්නේ.කොහොමද දේශප්‍රේමය සිවුරු පල්ලෙන් වැක්කෙරෙන හැටි.

      Delete
  7. ඒ විරෝධතාවය කැනිබලිස්ම්වලට එරෙහිවයි.

    හරක් නැට්ටෙන් ගහලා මැස්සෝ මරනවා.

    ගොන්කවඩි කිනිතුල්ලන් මරා කනවා.

    QED.

    ReplyDelete
  8. අලුත් ට්‍රෙන්ඩ් එක මේකද දැන්?

    දැන් අර වෙනුශලාගේ කේස් එක ඉවරද?
    නිළියෝ ඡන්දේ ඉල්ලන එකත් ඉවරයිනේ නේද?
    මේවා කාගේ උවමනාවට එලියට එනවද කියලා අපේ මිනිසුන්ට තවමත් හිතාගන්න බැරිද අප්පා.

    ReplyDelete
  9. udama pinthure, kalisama baageta galawechchi ekaa 'underware' andala nahane !

    ReplyDelete
  10. හරක් මස් කන්න එපා යැයි දෙසන්නෝය

    කැමති තැනකින් කොමා, ෆුලුස්ටොප් දාගන්න...

    ReplyDelete
  11. ජනගහනයට වඩා හරක් ඉන්න රටේ හරක් වෙනුවෙන් පෙනි සිටීම වරදක් වෙන්නේ කොහොමද..?:D

    ReplyDelete
  12. මුග්ධ අන්තවාදයන් පෝෂණය කළ ආණ්ඩුව ම මේ බූරුවන් සමග කටයුතු කරනවා ඇත.

    ReplyDelete
  13. මුග්ධ අන්තවාදයන් පෝෂණය කළ ආණ්ඩුව ම මේ බූරුවන් සමග කටයුතු කරනවා ඇත.

    ReplyDelete
  14. මේ ගොන් පාර්ට් කොහෙන් කෙලවර වෙයි ද කියලයි බය.

    ReplyDelete
  15. ade meke video link dapanko

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා