මහ රජතුමනි, අපේ ලොකු මස්සිනා වැනි මිනිසුන් වෙනුවෙන් හෝ යමක් කරන්න

අපේ ලොකු මස්සිනා සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි. ඔහු කරන ව්‍යාපාරය වන්නේ දකුණේ ගස් කපා මොරටුවට පැටවීමයි. ණයට මිළ දී ගත් ලොරියක් ඔහු සතු ය. ණය වෙනුවෙන් ගෙය උගසට තබා තිබේ. ඊට අමතරව තවත් ණය ද එමට ය. මේ ලියන මට ද ගානක් ලැබෙන්නට ඇත. එය බොල් ණය ලෙස කපා දමන්නට සිදු වී තිබේ. 

මේ මනුස්සයා නැගිටින්නට උත්සාහ කරන්නේ මං අපේ බිරින්දෑ කසාද බැඳපු දවස්වලටත්කලින් සිට ය. අපොස උසස් පෙළ සමත් අයකු වුවත් ඔහු කිසි දිනෙක ආණ්ඩුවේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවකට අයදුම් කළේ නැත. හැම විට ම උත්සාහ කළේ ව්‍යාපාරිකයකු වන්නට ය. වතාවක් ණය බර උග්‍ර වූ විට ඔහු වසර දෙකක කාලයක් මැද පෙරදිග රටක රියදුරු රැකියාවක ද යෙදුණේ ය. දැන් ඔහු ඔහුගේ ම ලොරියේ අමතර රියදුරා ය. 

දරුවන් මල්ලන් ද නැති හතළිස් විය ඉක්මවා සිටින මිනිසාගේ ජීවිතයේ ස්ථාවර නැගීමක් මට නො පෙනේ. ඔහු යටතේ සේවය කරන මිනිසුන් කීපදෙනාට පඩි නඩි බේරූ විට ඔහුට ඉතිරි වන දෙයක් නැති තරම් ය. තිබෙනවා නම්, අප වැනි අයගෙන් ගත් ණය නො ගෙවා ඉන්නට තරම් ඔහු නරක මිනිසකු නො වේ.

ඔහු තදබල මහින්දවාදියෙකි. ගෙයි ඉදිරිපස ‍ජීව ප්‍රම‍ාණයේ මහින්ද රූපයක් ප්‍රදර්ශනය කරයි. ඔහුගේ ජංගම දුරකථනයේ තවමත් තිබෙන රිං ටෝං එක මහරජාණනේ ය. ලොරියේ ද ඉදිරිපස කාටත් පෙනෙන්නට මහින්ද රූපයක් ප්‍රදර්ශනය ‍කරයි. ඔහු කොන්දේසි විරහිතව මහින්ද වෙනුවෙන් ඕනෑම කෙනෙකු සමග තර්ක කරයි. ආවේගශීලී නො වුණාට සෙන්ටිමෙන්ටල් වෙයි. කොයි තරම් සෙන්ටිමෙන්ටල් ද කියනවා නම් ඔහුගේ බිරින්දෑ වතාවක් කී පරිදි ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී මහින්දගේ රැස්වීමක් ගාල්ලේදී නරඹා ඇත්තේ අඬ අඬා ය.

එහෙත්, ඔහු ගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවක හෝ සාමාජිකයකු නො වේ. ඔහු කිසිදු ප්‍රාදේශීය දේශපාලනඥයකු වෙනුවෙන් වැඩ කරන්නේ ද නැත. පක්ෂයෙන් යමක් කර ගැනීමේ බලාපොරොත්තුවක් ද නැත. ජනාධිපතිවරණයේදී මහින්දට ඡන්දය දෙන ඔහු සෙසු ඡන්දවලදී මහින්ද වෙනුවෙන් බුලත් කොළයට පමණක් ඡන්දය ප්‍රකාශ කරයි. 

'බලන්න අයියේ පාරවල් එහෙම හදන හැටි, නේද?' ඔහු නිතර කියයි. 

ණය හා දූෂණය ගැන පෙන්වා දුන් කල ඔහු තමන් සනසා ගන්නේ යූඇන්පිය ආවොත් ඔයිට එහා ය කියා ය. මොනවා කළත්, යුද්දෙ ඉවර කළ‍ා නේ යි කියමින් ඔහු සිය අවසන් ආරක්ෂක ස්ථානයට යයි. 

'මේ ක්‍රමයෙන් ඔයාට ඇති වැඩේ මොකක් ද? ඔයා කරන්නේ පණ යනකල් වැඩ කර, කර බදු ගෙවන එක විතරයි නේ ද? කෝ ඔයාට මේ සමාජ ක්‍රමය තුළ යහපත් ජීවිතයක්?' යන ප්‍රශ්නය ඇසූ කල ඔහු කදිම පිළිතුරක් දෙයි.

'මං අයියෙ මේ පෙනී ඉන්නෙ මං වෙනුවෙන් නෙමෙයි. මට මොනවාවත් නො ලැබුණාට කමක් නැහැ. රටට වැඩක් වෙනව නම්.' 

මට මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් අසන්නට තිබෙන ප්‍රශ්නය වන්නේ අඩු තරමේ මෙවැනි මිනිසුන් ගැනවත් සෙනෙහසක්, ආදරයක් ඔබ තුළ නැත්තේ ඇයි ද කියා ය. මෙවැනි මිනිසුන් වෙනුවෙන් හෝ යමක් කළ යුතු ය කියා සිතක් ඔබට නො එන්නේ ඇයි ද යන්න ඇත්තට ම සිතා ගන්නට බැරි ය. 

ඔබත්, ඔබගේ පවුලත් වෙනුවෙන් තම ආත්මය කැප කර සිටින, පෞද්ගලික ලාභාපේක්ෂා නැති, මෙවැනි මිනිසුන්ට ‍ගෞරවනීය පුරවැසියන් ලෙස ජීවත් වී මිය යන්නට පුළුවන් සමාජයක් හදා දෙන්නට දායක වන්නට ඔබට බැරිකමක් නැත. ඔවුන් වෙනුවෙන් වෙන මොනවා නැතත්, නීතියේ පාලනයක් ඇති, දූෂණය අවම වූ සමාජයක් හෝ හදා දිය යුතු යයි ඔබට නිකමට හෝ නො සිතෙන්නේ ඇයි ද යන්න මට නම් පුදුමයකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. තේරෙන්නෙම නැද්ද පරකුම්ට..හාමුලායි සාමාන්‍ය මිනිස්සුයි කියන්නේ සත්ව කොට්ටාස දෙකක්.!

    ReplyDelete
    Replies
    1. This is called capitalism or market economy or whatever you call (most people seem to like it) no way of going back to traditional system. No place for small time people in business. Only big companies (soon multinationals) will own businesses, you and I will have to work for them. One example is companies like CIC getting into large scale agiri business, soon local farmers who are working with loans will go out of agri business; soon you and I will have to pay CIC prices.

      Delete
  2. "මාව ප්‍රේමදාස කෙනෙක් කරන්න එපා" කියල එහෙම වැඩ පටන් ගත්තම මමත් හිතුව වටේ ඉන්න ඇම්බැට්ටයන්ට රටේ සුඛිත මුදිත කම කියලා මහින්දවත් ප්‍රේමදාස කෙනෙක් කරන්න ටිකක් අමාරු වෙයි කියලා. මහින්ද ගැන මම හිතපුවයින් ලොකුවට වැරදුනේ ඒක විතරයි.

    හැබැයි ඉතින් මේ "තදබල මහින්ද හිතවාදී කම" ඇරුනම මේ මනුස්සයගෙ පොයින්ට් එකට පැරා උත්තරයක් දීල නෑ නේද මේ පෝස්ට් එකෙන් වත්? මහින්ද වෙනුවට ඊට වඩා හොඳ විකල්පයක් තියනවද පැරාට මේ මනුස්සයට පෙන්නල දෙන්න? යහපාලනේ/අවංක කම/මූල්‍ය විනය තුන අතින් නම් රනිල් මහින්දට වඩා හොඳයි. ඒත් රනිල් ජනාධිපති කම හම්බ උනොත් මහින්ද විතර වත් ප්‍රජාතන්ත්‍රවාදී වේවි ද? රනිල්ගෙ ආන්ඩුවක ඇමතිල වෙන්නෙ මංගල, රවි, ජෝන් වගේ උන් නෙවෙයිද?

    ආණ්ඩුවක් හරි පාරෙ යන්න ලොකුම හේතුව, තමන්ට වඩා විපක්ෂය හොඳයි කියල මිනිස්සුන්ගෙ තරමක වත් ට්‍රෙන්ඩ් එකක් ඇවිත් බලේට තර්ජනයක් වෙනව නම්. දියුනු ලෝකෙ ප්‍රජාතන්ත්‍රවාදෙ වැඩ කරන්නෙ එහෙම නේ. දැන් විපක්ෂෙට වෙලා තියෙන්නෙ එහෙම මිනිස්සු ඒත්තු ගන්නන්න බැරි කම. සිස්ටම් එක ඔහොම ම තියන් උන් බලේට එන එක විතරයි උන්ට ඕන.

    අඩු ගානෙ මිනී මරපු ගෑනු ජනාධිපති සමාවෙන් නිදහස් වෙනකොට ඒකට විරුද්දව කට ඇරියද ඔය විපක්ෂෙ එකෙක්?

    ReplyDelete
    Replies
    1. //ඒත් රනිල් ජනාධිපති කම හම්බ උනොත් මහින්ද විතර වත් ප්‍රජාතන්ත්‍රවාදී වේවි ද? // අනේ බුදු ඇනෝ අයියෙ මට කියා දියංකො ඔය මහින්දගෙ ප්‍රජාතන්ත්‍රවාදී කොයි කෑල්ලද කියල...?

      Delete
    2. මයේ අනෝ මල්ලියේ......, මහින්ද මිරික මිරික ඉන්න බෝල කැල්ල ප්‍රජාතන්ත්‍ර වාදී බව සොයාගෙන ඇත.

      Delete
    3. අහල තියන ප්‍රශ්නෙ සම්පූර්නයෙන් කියවන්න කෝ...

      Delete
  3. පැරාගේ ලොකු මස්සිනා පුරවැසියෙක් නෙවෙයි ඔහු ඡන්ද දායකයෙක්.වරක් පත්තර කාරයෙක් චිත්‍රපට නළු ගාමීණී ෆොන්සේකාගෙන් ඇහැව්වා ආධුනිකයින්ට දිය හැකි පණිවුඩය මොකක්ද කියලා,එවිට ගාමිණි කිව්වේ හැකි ඉක්මනින් ආධුනික බවෙන් මිදෙන්න ,යන්නයි.

    ReplyDelete
  4. ඔබේ මස්සිනාට මතුගම ලංකා බැංකුවෙන් අඩු පොළී යටතේ ණය මුදලක් ලබා දීමට හෝ ඔහු කැමති නම්, ජනසවිය ප්‍රතිලාභියෙකු ලෙස නම් කිරීමට කුමාර වෙල්ගම මහතා වෙත යොමු කරණ ලදි..

    - මහරජානෝ -

    ReplyDelete
    Replies
    1. ඒකා මතුගම පැත්තේ ආපු කාලයක් මතක නැහැ අඩේ. ඌ රුහුණේ සිංහයෙක්.

      Delete
  5. Para, over 50% of Sri Lankans are people like your bil. They have been the deciding factor to enthrone Mahendra. As a learned and influential person you could have transformed your bil. If you can't no point of writing this blog.

    ReplyDelete
  6. අපේ පැත්තේ මේ වාගේ එවුන් කීපදෙනෙක් ඉන්නවා. උන් හිතන්නේ මහින්ද මාමා අණදුන්නා ගෝටා මාමා යුදපිටියට ගිහින් යුද්ද කරා කියලා. මුන් මේ ප්‍රදේශයෙන් එලියට යන්නෙත් බොහොම කලාතුරකින්. මුන්ට මීහරක් කියලා පවු පුරවගන්න මම කැමති නැහැ.

    ReplyDelete
  7. සුළුවෙන් බිස්නස් කරන ලංකාවෙ ඉන්න හෑම ලොක් අයිය කෙනෙකුගෙම තත්වෙ ඕක තමයි.

    ReplyDelete
  8. මේ තනි පුද්ගලයෙකුගෙ ප්‍රශ්නයක් නොවෙයි.මේක තමයි ජනවිඥානය.අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඉන්නේ.කියන මානසිකත්වය. ජේ ආර් ගෙ,ප්‍රෙමදාසගෙ,චන්ද්‍රිකාගෙ ආන්ඩු වලට වඩා මේ ආන්ඩුව වෙනස්. එදා කැබිතිගොල්ලෑවෙ බෝම්බෙ පිපුරුව වෙලාවෙ මහින්ද එතනට ගියා.ඒක දැකපු මුළු රටම තේරුම් ගත්ත මේ තමන්ගෙ මිනිහෙක් බව.චන්ද්‍රිකාල රනිල ඒ වගෙ දෙයකදි ඒ වගෙ දෙයක් හිතන්නෙ ජිනීවා මානසිකත්වයකින්.මාක්ස්වාදීන් ඒ ප්‍රශ්නෙ බලන්නෙ මාක්ස්ගෙ ලෙනින්ගෙ පොත් වල තිබුන විදියට.එහෙම නොවෙයි රටේ මිනිස්සු හිතන්න තමන්ගෙ මිනිහෙක් රජපුටුවෙ ඉන්න ඕන කියන එක.ඒක තමයි ජනවිඥානය.

    චන්ද්‍රිකාගෙ කාලෙ යුද්දෙ කලේ එකපැත්තකින් සාම තවලම යන අටහ්‍රෙ.රටේ යුධ මානසිකත්වයක් ඇති කරන්න හුඟක් බලවේග දායක වුනා.දලදා මාලිගාවට බෝම්බ ගැහුවට රට අවදි වුනේ නෑ.රට අවදි කරන්න දශක දෙකක් විතර හුඟක් මහන්සි වෙන්න ඕනවුනා.

    මමත් සම්ප්‍රදායන් වගෙ දේවල් වලට කැමති නෑ.හබැයි හැම වරැද්දකටම සිංහලය විත්තිකාරය කරන මාක්ස්වාදී සහ ජිනීවා මානසිකත්වයට නම් විරුද්ධයි.ඒ වෙන හේතුවක් නිසා නොවෙයි.ඒක අසාධාරන නිසා.

    චන්ද්‍රිකාගෙ කාලෙ බෝම්බයක් පිපුරුනොත් ඒකටත් බනින්නෙ දුටුගැමුනුට.කොටි කරන වැරදි පශ්චාත් සංසිද්ධීන්.
    වෙන මොනව වුනත් මේ රටේ ජනතාව මහින්දට විරුද්ධව චන්දිකාල,ශිරානිල,රනිල්ල,ෆොන්සේකල වගෙ ජිනීවා ප්‍රජාවෙ කට්ටිය පත්කර ගන්නෙ නැහැ.

    ReplyDelete
  9. මෙවැන්නන් ගැන රජ තුමාට කෙසේ වෙතත් සිංහල රාවයට නම් හැගීමක් ඇති බව පෙනේ.

    ReplyDelete
  10. ලොකු මස්සිනාට තියෙන්නේ එහෙනම් කොහොම හරි රජතුමාගේ පවුලට (ආර්යාවට නෙමේ මචංලා)සෙට් වෙන්න.එහෙම වුනොත් ගොඩ.නැතිනම් සොරිම තමයි ලොකු මස්සිනාට.

    ReplyDelete
  11. මස්සිනාට කොළම නගර සභාවේන් ගෝල්ෆේස් එකේ කුණු අයින්කරන කොන්ත්‍රාත්ත එක ගත්ත නං සෑහෙන්න ගානක් හොයා ගන්න තිබුණා.

    ඒත් ඉතිං රජාත් කුණු ගොඩේ ඇවිදින්නේ ප්‍රශ්ණයක් නැති විදියට.

    ReplyDelete
    Replies
    1. කතන්දර ලංකාවේ නිවුස් ගැන අප්ඩේට් වෙනවා මදි වගේ. එහෙමත් නැත්නම් අනෝලට කොමෙන්ට් කර කර ඉන්න කැරට් අල විසිකරනවද මන්ද ?

      Delete
  12. මට මගේ තාත්තා දුන්න උපදෙසක් තියෙනවා. මේක ලොකු කතාවක්.
    මගේ තාත්තා සුළු පහේ ව්‍යාපාරිකයෙක්. ඒත් තවමත් අපි ජීවත්වේනේ එතුමා හදලා දුන්න අඩි තාලමේ.
    මමත් A/L එහෙම කරලා තාත්තත් එක්ක අවුරුදු පහක හයක් වැඩ කරලා . තනියෙන් වැඩ කරන්න තාත්තගෙන් සහෝගයක් ඉල්ලුවා. තාත්තා කිවුවේ "මම ගමෙන් ( දකුනේ) එනකොට වැඩිපුර සරමයි කමිසයයි විතරයි ගෙනාවේ " කියලා.
    තාත්තගේ උපදේශය එදා මම තේරුම් ගත්තේ නැහැ. පස්සේ කාලෙකයි නියම අන්දමට තේරුම් ගත්ත්‍ේ.
    මම පරාදවෙලා නැහැ ජීවීතයෙන්.
    මහින්දට වදින්න ඕනි නෑ. මස්සිනාට වගේම මේ තත්වයේ ඉන්න බොහෝ දෙනා මේ රටේ ඉන්නවා. තමන්ගේ වේගය අවශ්‍යතා පාලනය කරගෙන තියෙන තරමින් ඉලක්කයට යන්න සැලසුම් හදාගන්න ඕනී. එහෙම නැතිව බැංකු වලටයි අහල පහලටයි ණය වුනොත් නින්ද යන්නේ නැතිව අවසන් ගමන් යන්න වෙනවා.පොතක් ලියන්න මගේ ජීවතේ අත්දැකීම් තියෙනවා.
    මම එක දේශපාලකයෙකුටවත් අතපාලා නැහැ. කන්න ටිකක් හරි දුන්නා මිසක.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා