හිරුගෙන් පසු විකල්ප පත්තර වලංගු ද?
නිවේදනයයි: W3Lanka බ්ලොග් අඩවියේ රචකයා ජනරළ පුවත්පත හැර වෙනත් කිසිදු සිංහල පුවත්පතකට හෝ වෙබ් අඩවියකට හෝ ලියන්නේ නැති බව ද කරුණාවෙන් සලකන්න. මේ බව සඳහන් කරන්නට සිදු වූයේ අප විසින් ලියන ලද ලිපියක් ලංකා ඊ නිව්ස් විසින් තමන්ට ලියන ලද ලිපියක් ලෙස පෙනෙන සේ පළ කර තිබෙන ආකාරය දැකීමෙනි. මෙම බ්ලොග් අඩවියෙන් උපුටා ගත් බව සඳහන් කරමින් ලිපි නැවත පළ කිරීම අපි හැම විට ම උනන්දු කරන්නෙමු. එහෙත්, මේ අන්දමින් අනවසරයෙන් ලිපි නැවත පළ කිරීම ආචාර ධාර්මික නො වේ. කරුණාකර අප අපහසුවට පත් වන අයුරින් ලිපි නැවත පළ නො කරන ලෙස අපි සහෝදරත්වයේ හා මාධ්‍ය ආචාර ධාර්මිකත්වයේ නාමයෙන් ඉල්ලා සිටිමි. අද පැවැත්වෙන 'හිරුගෙන් පසු විකල්ප පත්තර වලංගුද?' යන මැයෙන් වූ සම්මන්ත්‍රණයට අදාළව අප විසින් ලියන ලද ලිපි දෙකක සබැඳි මෙහි නැවත පළ කරමි. සමාජවාදය වෙනුවෙන් විකල්ප පත්තර සමාජ මාධ්‍ය යුගයේ විකල්ප පුවත්පත් මෙම කරුණට අදාළව 'රාවය' පුවත්පත විකල්ප පුවත්පතක් ලෙස සලකා බැලිය හැකි ය. ඇත්තෙන් ම රාවය වනාහි ප්‍රධාන ධාරාවේ අදහස් හා මතවාදවලට වෙනස් අදහස් හා මතවාද ඇති ප්‍රභූ මාධ්‍යකරුවන් පිරිසකගේ නිර්මා...