සමාජවාදය වෙනුවෙන් විකල්ප පත්තර - 1

දැන් මම බ්ලොගර් කෙනෙක්. පුරවැසි මාධ්‍යකාරයෙක්. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්. හැබැයි, මම මුලින් පත්තරකාරයෙක්. අපි පත්තර කෙරුවාව කළේ බඩ රස්සාවට නොවෙයි. සමාජවාදය වෙනුවෙන් කරන අරගළයේ කොටසක් හැටියට. 

පත්තර කියන්නේ සුවඳ හමන කඩදාසි. ඒවා අතට අහු වෙනවා. පිටු පෙරළනකොට කොළ සර සර ගානවා. එක පත්තරේ කීපදෙනෙක් බලනවා. අපි පත්තරෙන් බතුත් ඔතනවා.ඉස්සර මම පත්තර එකතු කළා. ලිපි කපලා ගොනු කළා. මා ළඟ පරණ නවයුගය පත්තර මිටියක් කහ ගැහි ගැහී බොහෝ කාලයක් තිබුණා.පත්තරවලට ලියපු මුල් කාලේ ඒ ලියපු ලිපි කපලා අලවලා තියා ගත්තා. පස්සෙ කාලේ සමහර පත්තර ළඟ තියා නො ගෙන විනාශ කරන්නත් වුණා. අන්තර්ජාලයට ආවාට පස්සේ කඩදාසි එක්ක සම්බන්ධය නැතිව ගියාට, ඒ ස්පර්ශයේ, සුව‍ඳේ රොමැන්තික ගතිය තවමත් තියෙනවා. 

බ්ලොගර්වරයෙක් වුණාට තවමත් මගේ හිතේ පත්තරවලට ලියන්න ආසාවක් තිබෙනවා. පත්තරවලදී අපට අන්තර්ජාලයේදී හමු වන පාඨකයන්ට වඩා වෙනස් පිරිසක් හමු වෙනවා. සමාජ මාධ්‍ය හරි ම අන්තර් ක්‍රියාකාරීයි. පාඨකයෝ ක්ෂණිකව ම ප්‍රතිචාර දක්වනවා. ඒත්, පුවත්පත් ලිපි එහෙම නෙවෙයි. ඒවායේ ප්‍රතිචාර කල්ගත වනමුත්, ඒවා ගැඹුරුයි කියා මට හිතෙනවා. තවමත් ලංකාවේ පුවත්පත් විසින් කරන බලපෑම අන්තර්ජාලයේ බලපෑමට වඩා ගැඹුරුයි.

ජනරළ උත්සාහ කරනවා හොඳ විකල්ප පත්තරයක් කරන්න. පත්තරවල මූලික ම අභියෝගය තිබෙන්නේ ප්‍රාග්ධනයත් එක්ක. වෙළඳ දැන්වීම් ආදායම මත පදනම් වූ ප්‍රධාන ධාරාවේ වානිජ පුවත්පත් එක්ක තරග කිරීම ලෙහෙසි කාර්යයක් නොවෙයි. විකල්ප පුවත්පත්වලට වෙළඳ දැන්වීම් යාන්ත්‍රණයට සම්බන්ධ වෙන්න අමාරුයි. ඒ සඳහා මුලින් ම විකල්පබව නැති කර ගන්න ඕනැ. ලංකාවේ වෙළඳපොළ රාජ්‍ය මූලික එකක්. දැන්වීම් ගන්න නම් ආණ්ඩුවත් එක්ක ගානට ඉන්න ඕනැ. රාවය පත්තරේ ආණ්ඩුවේ දැන්වීම් ලබාගන්න මේ වෙනස ඇති කර ගත්තා. ඒත්, තවමත් රාවය ස්ථාවර නැහැ. 

දැන්වීම් නැති පත්තර කෙට්ටුයි. මි‍ළ වැඩියි.ඒත්, විකල්ප පත්තරවලට සන්සන්දනය කරලා පෙන්වා දෙන්න පුළුවන්, දැන්වීම් නැති තමන්ගේ පත්තරේ කෙට්ටු වුණත්, කරුණු අතින්, ඉදිරිපත් කිරීමෙන් පිරිපුන්බව. හැබැයි, ඒක ඇත්තට ම එහෙම වෙන්න ඕනැ. පත්තරයක් මිළ දී ගැනීමේදී බත් එතීම මූලික ම සාධකය කර නො ගත් පාඨක පිරිසක් සොයා ගැනීම තවමත් අමාරු නැහැ. හැබැයි, පත්තරය සැබැවින් ම විකල්ප වෙන්න ඕනැ.

මේ වන විට වානිජ පුවත්පත් විසින් ආවරණය නො කරන කලාපයක් නැහැ. ‍ප්‍රවෘත්ති, දේශපාලනය, කලාව, ටියුෂන්, ලෙඩ විතරක් නොවෙයි, කැරළිකාරිත්වය පවා ප්‍රධාන ධාරාවේ පුවත්පත් විසින් විකුණනු ලබනවා.එතකොට විකල්ප පුවත්පත්වලට ඉතිරි වන්නේ මොනවාද? විකල්ප පුවත්පත් විසින් අලුත් දෙයක් සොයා ගත්තත්, ඒවා වැඩි දවසක් යන්න කලින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් කොපි කරනවා. 

ප්‍රධාන ධාරාවේ පුවත්පත්වලත් බොහෝ සාරගර්භ ලිපි පළ වෙනවා. ඒත්, බොහෝ විට මේවායේ සෝදුපත් කියවීම් වැරදියි. සංස්කරණය දුර්වලයි. සැලසුම් සහගත මෙහෙයවීම් තුළින් ලියැවුණ ලිපිවලට වඩා මේවායේ තිබෙන්නේ ලේඛකයන් විසින් තෝරා ගන්නා ලද මාතෘකා අනුව ලියැවුණ ලිපි එකතු. 

ලංකාවේ ලේඛකයන්ට, පුවත්පත් කලාවේදීන්ට පමණක් නොවෙයි, උප කර්තෘන් හා ප්‍රධාන කර්තෘන්ට පවා සංස්කාරක භූමිකාව ගැන අවබෝධයක් නැහැ. ලංකාවේ බොහෝ පුවත්පත්වල සංස්කාරකවරුන් වෙන්නේ ලොකු ලොකු සම්බන්ධකම් තිබෙන අය මිස සංස්කරණය කරන්න දන්න අය නොවෙයි. විකල්ප පුවත්පත් මේ තත්වය තේරුම් ගන්නවා නම් තමන්ට ක්‍රීඩා කරන්න තිබෙන අවකාශය සොයා ගන්න පුළුවන්. සංස්කාරක කෙනෙකු මූලිකව ම කරන්නේ තාක්ෂණික කාර්යයක්. තමන්ගේ පිටුව හෝ අංශ‍ය හෝ පාඨකයන්ට ඉතා හොඳින් ඉදිරිපත් කරන්න වෙහෙසෙන සංස්කාරකවරුන් අද පුවත්පත්වල නැති තරම්. හොඳ සංස්කාරක කෙනෙක් උත්සාහ කරන්නේ පාඨකයන්ට වඩාත් හොඳ ලිපි ඉදිරිපත් කරන්න මිසක ලැබෙන ලිපි ඒ අන්දමින් පළ කරන්න නොවෙයි. අපේ  පුවත්පත් ලේඛකයන්ටත් මේ සංස්කාරක භූමිකාව ගැන අවබෝධයක් නැහැ. ඒකත් ගැටලුවක්. 

විකල්ප පුවත්පත්වලට හොඳ භාෂා දැනුමක් ඇති, පාඨක රුචිය තේරෙන, නිර්මාණාත්මක සංස්කාරකවරුන් පිරිසක් බිහි කරගන්න පුළුවන් නම් පාඨකයන් හා ලේඛකයන් අතර සම්බන්ධීකාරක භූමිකාවක් කරමින් ලිපිවල ගුණාත්මකභාවය නංවන්න විශාල මෙහෙයක් කරන්න පුළුවන්.

පත්තරවල පළ වෙන මෙලෝ රහක් නැති පල් හෑලි වෙනුවට අදට ගැලපෙන කෙටි, රසවත් ලිපි පළ කරන්න බැරි ඇයි? සංස්කාරකවරුන් භාෂාව සංස්කරණයට මැදිහත් විය යුතුයි. ලිපි නැවත ලිවිය යුතුයි. තමන් ලියන ලිපියක අකුරක්වත් වෙනස් කරනවාට අකැමැති ලොකු, ලොකු නම් තිබෙන විශාරදවරු දැන් දුවන්නේ ප්‍රධාන ධාරාවේ පත්තර පස්සේ නේ. විකල්ප පත්තරවලට පුළුවන් ඔවුන් පසුපස නො ගොස් අලුත් මිනිසුන්ට ඉඩ විවර කර දෙන්න. ඔවුන් සමග මූලික එකඟතාවකට එන්න ඕනැ සංස්කාරකවරයාට ඒ ලිපි නැවත ලියන්න පවා තිබෙන අයිතිය ගැන. සංස්කාරකවරුන් සමග ගොඩනැ‍ඟෙන අලුත් මිනිසුන් තමයි විකල්ප පත්තරයකට වඩාත් ගැ‍ලපෙන්නේ.

අනෙක් පැත්තෙන් ලිපි දෘෂ්‍යකරණය හෙවත් විෂුවලයිස් කිරීමත් ඉතා වැදගත්. විකල්ප පත්තරේක හොඳ රූ රටා නිර්මාණකරුවෙක් ඉන්න ඕනැ. ඒක බොහෝ විකල්ප පත්තර තේරුම් අරගෙන නැහැ. ජනරළ පත්තරය පසුගිය කාලයේ අනුගමනය කළ පිටු සැලසුමේ වුණත් තිබුණේ අතෙන්ට පිංතූරයක්, මෙතෙන්ට මේ විධියේ අකුරු පාවිච්චි කරන ජිමික් ‍එක ඉක්මවා නො ගිය දෙයක්. පත්තරේක රූ රටා කියන්නේ ඉන් එහා ගිය කලාත්මක වැඩක් විය යුතුයි. මම නම් හිතන්නේ සිංහල පුවත්පත්වල මේ කාර්යය නිර්මාණාත්මක ලෙස කරන්න උත්සාහයක් දැරුවේ විකල්ප පත්තරකාරයන්ට වඩා දිවයිනේ ශාන්ත කේ. හේරත් ය කියලායි. 

ඡායරූපකරණය ගැන විකල්ප පත්තර මීට වඩා අවධානයක් යොමු කළ යුතුයි. හොඳ පිංතූර කියන්නේ පත්තරවලට නැතුව ම බැරි දෙයක්. කැමරාව මෙතරම් සුලභ කාලෙක, තමන්ගේ හිතවතුන් ජාලය හොඳ ඡායාරූප ගන්න මිනිසුන් ලෙස පුහුණු කරන්න විකල්ප පත්තරවලට පුළුවන්. හොඳ විකල්ප පත්තරේකට හොඳ කාටුන් ශිල්පියකුත් අවශ්‍යයි. කාටුන් නිර්මාණකරුවා තනි මතයට වැඩ නො කරන අනුන්ගේ අදහස් සාකච්ඡාවට ගන්න, ඒ ඔස්සේ නිර්මාන කරන විවෘත කෙනෙකු වෙන්න ඕනැ.  

විකල්ප පත්තරවල මූලික ගැටලුවක් තමයි, පුවත්වල නැවුම්භාවයක් හා වෘත්තිකභාවයක් නැතිකම. ප්‍රධාන ධාරාවේ පුවත්පත්වලට මග හැරෙන වැදගත් ප්‍රවෘත්ති ඕනැ තරම් තිබෙනවා. විකාශය වන පුවත්වල පවා ඇතැම් කොටස්වල වැදගත්කම ඒ පුවත්පත්වල සංස්කාරකවරුන්ට මග හැරෙනවා. ප්‍රධාන ධාරාවේ පුවත්පත් විසින් ආවරණය කරනු ලබන දේ ම ආවරණය කරන්න විකල්ප පුවත්පත් අවශ්‍ය නැහැ. මම හිතන්නේ අද වන විට කවුරුවත් එක ම ජන මාධ්‍යයක් විතරක් ඇසුරු කරන්නේ නැහැ. ඒ නිසා විකල්ප පුවත්පත් උත්සාහ කරන්න ඕනැ අනෙක් අය පළ නො කරන දේ පළ කරන්න මිස ඒ රැල්ල අනුව ම යන්න නොවෙයි. ප්‍රවෘත්ති කියන්නේ සිදු වන සිද්ධි වාර්තා කිරීමක් නොවෙයිනේ. ප්‍රවෘත්ති කියන්නේ සිදු වන සිද්ධි භාවිතා කරමින් කරන නිර්මානයක්. විකල්ප පුවත්පත් විකල්ප පුවත් නිර්මානය කරන අවකාශයක් විය යුතුයි.

සංවිධානයකට සම්බන්ධ ජනරළ වගේ පත්තරයකට තිබෙන ලොකුම හයිය තමයි තමන්ට පක්ෂපාතී මිනිසුන් පිරිසක් සිටීම. ඒත්, මට පෙනෙන විදියට නම් ඒ ජන බලවේගය පුවත්පතට ආයෝජනය වෙන්නේ නැහැ. අන්තර්ජාලයට විතරක් නොවෙයි, පුවත්පත්වලටත් පුළුවන් පුරවැසි මාධ්‍යකරුවන් බිහි කරන්න. ස්වර්ණවාහිනී වැනි ජනමාධ්‍ය මෙවැනි පුරවැසි මාධ්‍යකරුවන්ගෙන් ලබා ගන්නා වීඩියෝ බාල අන්දමින් විකුණන ආකාරය බලන්න. තමන්ගේ බලවේගයේ හැම කෙනෙක් ම සමාජ වගකීමක් සහිත පුරවැසි මාධ්‍යකරුවෙකු කරන්න ජනරළ උත්සාහ කළ යුතුයි. ඒ සඳහා පුහුණු කිරීම් අවශ්‍යයි. විකල්ප පත්තරයක් වුණා ම විකල්ප පාඨක පිරිසකුත් නිර්මානය කර ගන්න උත්සාහ කළ යුතුයි.

ප්‍රධාන ධාරාවේ පුවත්පත්වලට හසු නො වෙන කොයි තරම් කරුණු ප්‍රමාණයක් රටේ ඈත ගම් නියම්ගම්වල වගේ ම කොළඹ වුණත් තියෙනවා ද? ජනරළ වගේ පුවත්පතක‍ට තමන්ගේ හිතවතුන් මේවා අධ්‍යයනය කරන පුරවැසි මාධ්‍යකරුවන් බවට පත් කරන්න පුළුවන්. හැබැයි, ඒවා රටට ම වැදගත් පුවත් හා විශේෂාංග බවට පත් කරන්න ඕනැ. නිර්මානශීලී සංස්කාරකවරයකුගේ මග පෙන්වීම වැදගත් වන්නේ එතැනදීයි.

මෙතැනදී මවිසින් මතු කරන ලද කාරණාවල මූලික හරය තුළ තිබෙනවා, විකල්ප පුවත්පත්වල සංස්කාරකවරුන්ගේ භූමිකාවේ වැදගත්කම ගැන. සරළව කිව්වොත්, විකල්ප පුවත්පත්වල සංස්කාරකවරුන් පළමුවෙන් ම සිය වෘත්තිකභාවය ඉහළ නංවාගන්න ඕනැ. ඔව්, එතැන තමයි, විකල්ප පුවත්පත්වල විකල්පභාවය නිර්මානය වෙන්නේ.

අද විකල්ප පුවත්පත්වල වැඩිපුර පළ වන්නේ අදහස්. විවිධ පුද්ගලයන්ගේ විවිධ අදහස් වැදගත් බව ඇත්ත. අදහස්වලින් තමයි, සංවාද ගොඩනැ‍ඟෙන්නේ. ඒත්, සංවාද පෝෂණයවන්නේ කරුණුවලින්. විකල්ප පුවත්පත් කරුණු අතින් හා කරුණු ඉදිරිපත් කරන ආකාරයෙන් සරුසාර හා හරබර විය යුතුයි.

අන්තර්ජාලය ප්‍රධාන මාධ්‍ය අවකාශය වූ මේ සමාජ මාධ්‍ය යුගයේ විකල්ප පුවත්පත් හා සමාජ මාධ්‍ය අතර අන්තර් සම්බන්ධය ගැන මීළඟ ලිපියේ වෙන ම ලිවිය යුතුයි කියලා මට හිතෙනවා.

(ජනරළ පුවත්පතේ ආරාධනයෙන් ලියන ලදී)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. "ජනරළ" කියන්නේ පිටපත් දෙතුන්සියක් වත් යන්නේ නැති අර කැරලිකාරයන්ගේ පත්තර කඩමාල්ල නේද?
    ඔව්වයින් පුලුවන්ද බං ආණ්ඩු පෙරලන්න.

    රාවය පත්තරේ දෙමලා ගැන කතා කරාට මට ප්‍රශ්නයක් නෑ. මොකද දෙමලා එක්කවත්, වෙන ආගම් අදහන උන්දලා එක්කවත් (ඉස්ලාම් ත්‍රස්තවාදය ඇරෙන්න), ආගම් අදහන්නේ නැති උන්දලා එක්කවත් මගේ කිසිම ගැටලුවක් නැති හින්දා.

    හැබැයි රාවය ඉස්ලාම් ත්‍රස්‌තවාදය සධාරණය කරනවා දැන් දැන්. ඒක ගැන නං පැහැදීමක් නෑ.

    ReplyDelete
    Replies
    1. මෙතන කොමෙන්ට් දන්නේනැ, පැත්තපළාතේ එන්නේ නැ කියල බදාගෙන අඩලා ඉබල ගිය ප්‍රොෆයිල් පොරවල් ටික ඇනෝ ඇවිත් කොමෙන්ට් දාන එකනම් පට්ටම අතල්.

      Delete
    2. පත්තර කඩමලු වලින් නෙමෙයි සුදා ආණ්ඩු පෙරලෙන්නේ පත්තර බලන මිනිස්සුන්ගෙන්. ඔයා දිගටම කොමෙන්ට් කොටලා ආණ්ඩුව පෙරලන්න බලන්නකෝ. අනිත් අය දේශපාලනය කරල ආණ්ඩුව පෙරලයි

      Delete
    3. දැන් මම බ්ලොගර් කෙනෙක්. NGO කාරයෙක්. ඩොලර් කාක්කෙක්. රටපවා දෙන්නෙක්. ආණ්ඩුවෙන් පඩි අරං ළමයින් පච උගන්නන පල් හොරෙක්. මට පඩයක් ගියත් ඒකට ආණ්ඩුවට බනින මිනිහෙක්. මගේ බ්ලොග් එකේ මාව විවේචනය කරන අයට ඇනෝ ඇවිත් කොමෙන්ට් දාන පොන්නයෙක්.


      මම අජිත් පැරකුම් ජයසිංහ

      Delete
    4. දෙයියෝ සාක්කි, පිස්සන් කොටුවේ ඉන්න අයට ලැප් ටොප් දීලද බන්

      Delete
  2. (ජනරළ පුවත්පතේ ආරාධනයෙන් ලියන ලදී)

    කීයක් හම්බ වුනාද ඇන්. ජී. ඕ. කාරයින්ගෙන්?

    ReplyDelete
    Replies
    1. NGO-Non-governmental organization

      අයිති කාරයයි අයිති කාරයාගේ පවුලේ අයයි ආණ්ඩුවේ ලොකු ලොකු තනතුරුයි ඇමතිකමුයි දැරුවැට සිංහල බෞද්ධ දිවයිනත් NGO තමා. හැබැයි ලැප්ටොප් දෙන්නේ ආණ්ඩුවෙන්.

      ඒ සල්ලි හොද සල්ලිද??

      Delete
    2. පැරා එන්නත් කලින් ජනරල පත්තරෙන් ඇවිත් මෙතන තපුල්ලලා ගිහින් තියෙන්නෙ.... පව් බන් උඹලා...

      මොනවා කරන්නද ඉතින්, කුලී වැඩක්, ගොවිතැනක් කරලා හම්බකරන් කන්න ඇගේ පතේ හයියත් නැතිකොට, රස්සාවක් කරන්න සුදුසුකම් හරි හැකියාවක් හරි නැතිකොට, මොකක් හරි පත්තර කඩමාල්ලක් අටවගෙන හාල් කෑලි ටිකකට ඒක විකුණලා ඒදා වේල ටුවර්ස් ජීවිතේ ගෙවනවා...

      Delete
    3. ඇයි ඔයා දිවයිනෙන්ද සිළුමිනෙන්ද ?

      Delete
    4. @AnonymousJuly 12, 2013 at 2:42 PM
      ඔයා දත්ත වලින් නිගමන වලට එන අපුරුව දැක්කාම තණකොළ මිටියකුයි පුන්නක්කු බල්දියකුයි තෑගි දෙන්න හිතෙනවා.keep it up ඔයා වගේ හරක් තමයි මහින්ද අයියට ඕනේ.

      මිට
      ගෝටා

      Delete
    5. AnonymousJuly 12, 2013 at 2:42 PM
      කුලී වැඩක්, ගොවිතැනක්, ඇගේ පතේ හයියත්, හම්බකරන් කන්න, හාල් කෑලි, ඒදා වේල ටුවර්ස්
      ඔයාගේ වචන වලින් ඔයා ඔයාගේ වටපිටාව දෙමව්පියන් ගැන පහසුවෙන් සිතා ගන්න පුළුවන් . කට අරින කොට පරිස්සමෙන්

      Delete
    6. උඹලම කාපල්ල බන් පුන්නක්කු.... මම ගෝඨා යටතෙ තමයි වැඩ කරන්නෙ... ඇයි උඹලට මොනවා හරි උදව්වක් ඕනිද?

      මුගේ බ්ලොග් එකේ ඇඩ් එකක් දාලා පත්තර කඩමාල්ලක බිස්නස් වැඩි කර ගන්න හිතන උඹලා තමයි නියම ගොන්නු... පත්තරේ නම වෙනස් කරලා "ගොන් රැල" කියලා දාගනින්...

      Delete
    7. ගෝටා යටතේ වැඩ කරන ටින්කිරි මහතාණනි මගේ ඇටේ කහන්ව කහලදිල යන්න පුළුවන් වෙයිද?

      එනකොට ගෝටවත් එක්කන් එන්න.

      Delete
    8. ගෝටාගේ කසල සෝදකයානනි,

      ඔයගොල්ලෝ කරන ජඩ වැඩ මිනිස්සු දැකල ආණ්ඩුව එලෙව්වොත් ඔයාගේ රස්සාව නැතිවෙයි කියල බයද? පවු අනේ ඔයා. කවුද දන්නේ දිවි හිමියෙන් කඩේ යන්නේ රස්සාව බේරගන්න කියල.

      මේ කැල්ල ඔයාට ටොප් එකට මැච් වෙනවා නේද?

      "මොනවා කරන්නද ඉතින්, කුලී වැඩක්, ගොවිතැනක් කරලා හම්බකරන් කන්න ඇගේ පතේ හයියත් නැතිකොට, රස්සාවක් කරන්න සුදුසුකම් හරි හැකියාවක් හරි නැතිකොට, මොකක් හරි විකුණලා ඒදා වේල ටුවර්ස් ජීවිතේ ගෙවනවා..."

      ඔයාගේ ජිවිත අත්දැකීම් කොමෙන්ට් වගේ ලියන කොට කියවන අපිට
      මාර ෆන් අනේ.

      දිගටම කොටන්න සුදා කියවන අපේ ලේ පිරිසිදු වෙනවා.

      ගෝටා මතක් කළා කියන්න හොදේ.

      Delete
  3. ජනරල කාරයා හිතනවා මුගේ බ්ලොග් එකේ ඇඩ් එකක් දාලා තව පත්තර 100ක් හරි බිස්නස් වැඩි කර ගන්න ලැබෙයි කියලා....

    පැරා හිතනවා ලබන මාසෙ ඉදන් පත්තර බිස්නස් එක වැඩිවෙලා ඒකෙන් කොමිශන් එකක් තමන්ට ලැබෙයි කියලා....

    අපිට නම් හිතෙන්නෙ මුන් දෙගොල්ලොම මෝඩයො කියලා....

    ReplyDelete
    Replies
    1. අපිටනම් හිතෙන්නේ සේනාවේ අමන ජාතිවාදියෝ ටිකයි ඊලග චන්දෙදි රනිලා දිනයි කියල උඩ බලන් හිටපු ප්‍රොෆයිල් කාරයෝ ටිකයි වැඩේට දැම්ම ඉදන්ම බය වෙලා කියල.

      අනිත් එක හැම මෝඩයම හිතන්නෙත් අතමන්ට ඇර අනිත් ඔක්කොම මෝඩයි කියල තමයි. මොනවා කරන්නද ලබා උපන් හැටි කොල්ලෝ.

      Delete
    2. පැරා එන්නත් කලින් ජනරල පත්තරෙන් ඇවිත් මෙතන තපුල්ලලා ගිහින් තියෙන්නෙ.... පව් බන් උඹලා...

      මොනවා කරන්නද ඉතින්, කුලී වැඩක්, ගොවිතැනක් කරලා හම්බකරන් කන්න ඇගේ පතේ හයියත් නැතිකොට, රස්සාවක් කරන්න සුදුසුකම් හරි හැකියාවක් හරි නැතිකොට, මොකක් හරි පත්තර කඩමාල්ලක් අටවගෙන හාල් කෑලි ටිකකට ඒක විකුණලා ඒදා වේල ටුවර්ස් ජීවිතේ ගෙවනවා...

      Delete
    3. AnonymousJuly 12, 2013 at 2:42 PM
      කුලී වැඩක්, ගොවිතැනක්, ඇගේ පතේ හයියත්, හම්බකරන් කන්න, හාල් කෑලි, ඒදා වේල ටුවර්ස්,
      ඔයාගේ වචන වලින් ඔයාගේ වටපිටාව දෙමව්පියන් ගැන පහසුවෙන් සිතා ගන්න පුළුවන් . කට අරින කොට පරිස්සමෙන්

      Delete
    4. අපි පරිස්සමෙන් කට ඇර ගන්නම්.... ඔයගොල්ලො මොනවා හරි ලියලා කීයක් හරි හොයා ගන්න බලන්න... තුට්ටු දෙකේ පත්තර ලියලා කාටද බන් හරි ගියේ.... ඔයිට වඩා හොදයි කලර් ලයිට් එකක් ගාව හිගා කාපන්....

      එක අතකට බැලුවාම මේ කරල තියෙන්නෙත් ඒ වගේ වැඩක් තමයි.... පැරාට කියවලා ආටිකල් එකක් ලියවලා කොහොමහරි පත්තර 100ක මාකට් එකක් ගොඩ දාගන්න දාපු ට්‍රයි එකක් මේක... මොනාද බන් රුපියල් 2000ක් 3000ක් වෙනුවෙන් ඔය බොරු මාකටින්.....

      Delete

    5. තුට්ටු දෙකේ පත්තර ලියලා කාටද බන් හරි ගියේ...

      වීරවංශ ,අලහප්පෙරුම ,වික්ටර් i , තව ඕනද
      පොඩි අතුරු ප්රශ්නයක් ,ගමේ යනකොට කොච්චර දුර පයින් යන්න තියේද හැතැප්ම 6 වත් ඇති නෙද ඔයාගේ උඩ වචන අනුව කිව්වේ .මම හරි නේද

      Delete
    6. මල්ලි දැන් කලර් ලය්ට් ගැන එහෙමත් දන්නවා නේද අනේ හොදය් හෝ ගාන පොකුණ එහෙමත් දැක්කාද දැම්ම ගමේ එනවාද අර උඹේ පරණ කෙල්ල සිරියාවතී මතක් කලා කියන්න කිව්වා

      Delete
  4. පත්තර රස්සාවෙන් එලවලා ලියා ගන්න පත්තර කෑල්ලක් නැතුව ඉන්න කොට යන්තම් බ්ලෝග් එකක් අටව ගෙන පල් හෑලි ලිය ලියා හිටපු පැරාට දැන් ආයෙත් පත්තර කඩමාල්ලකට ලියන්න අඬ ගහලා...

    බ්ලොග් එකක් විතරක් ලියන කාලේ කිව්වේ ජනමාධ්‍යයේ ආනාගතය බ්ලොග් කලාවයි කියලා..
    දැන් යන්තන් පත්තර කෑල්ලකට ලියන්න අඬ ගහපු ගමන් මෙන්න මේ යකා කියනවා බ්ලොග්වලට වඩා පත්තර හොදයි කියලා...

    අර මොකක්ද බ්ලොග් සම්මාන උළෙලක මූට සම්මානයක් හම්බ උනේ නෑ කියලා ඒකට පතුරු ඇරියා..ඊට හදිස්සියෙන්ම ඒ සම්මාන උළෙලෙන්ම සම්මානයක් හම්බ උනාම ඒක අතිවිශිෂ්ඨ බ්ලොග් සම්මාන උළෙලක් උනා..අනේ පැරෝ අපි නොදන්නවාද උඹේ කෙරුවවා....චූ කරන විදිහෙන් සමාජවාදේ කොරන්න හදන එකානේ...

    අනෙක් අතට මේවාට උඹට දොසක් කියන්නත් බෑ..මොකද මේක උඹ හැදිච්ච අච්චුවේ වැ‍රැද්ද....අච්චුවේ නම කුහක සමාජාවාදේ නේ...

    ReplyDelete
  5. අජිත් සමාජවාදය හදන්න යන්නේ කලක් යුධවාදීන් වුන පෙරටුගාමී සමාජවාදීන් සමගද?

    - Dimithri

    ReplyDelete
    Replies
    1. කොහොමද දිමිත්‍රි හිතන්නේ සමාජවාදයට දීප්ති අයියත් එක්ක යන්න පුළුවන් වෙයි කියලද? දිමිත්‍රි යෝජනා කරන වෙන විකල්පයක් තියනවනම් අපි කැමැති ට්‍රයි කරන්න.

      Delete
    2. පැරා එන්නත් කලින් ජනරල පත්තරෙන් ඇවිත් මෙතන තපුල්ලලා ගිහින් තියෙන්නෙ.... පව් බන් උඹලා...

      මොනවා කරන්නද ඉතින්, කුලී වැඩක්, ගොවිතැනක් කරලා හම්බකරන් කන්න ඇගේ පතේ හයියත් නැතිකොට, රස්සාවක් කරන්න සුදුසුකම් හරි හැකියාවක් හරි නැතිකොට, මොකක් හරි පත්තර කඩමාල්ලක් අටවගෙන හාල් කෑලි ටිකකට ඒක විකුණලා ඒදා වේල ටුවර්ස් ජීවිතේ ගෙවනවා...

      Delete
    3. ඔබ යොජනා කරන වැරදි අඩු පාඩු නැති ලංකාවෙ ඇති සමාජවාදි පක්ෂය (කට්ටියක් නෙමෙ) මොකක්ද?
      A.Fernando

      Delete
    4. @A.Fernando;

      යුද්ධයට සහාය දීම පක්ශයක අඩුපාඩුවක් නොවෙයි..

      - Dimithri

      Delete
    5. එය අඩුපාඩුවක් බව මම දනිමි. පෙ.ස.ප. නිවරදියැයි මාපවසා නැත.මා නැවතත් අසන්නෙ ඔබ යොජනා කරන වැරදි අඩු පාඩු නැති ලංකාවෙ ඇති සමාජවාදි පක්ෂය (කට්ටියක් නෙමෙ) මොකක්ද?
      A.Fernando

      Delete
    6. සමාජවාදි පක්ෂයක් යුද්ධයට සහායදීම අඩුපාඩුවක් නොවෙයි; එහි න්‍යාය සහ භාවිතය පිලිබඳ බරපතල ප්‍රශ්නයක්...

      වැරදි අඩු පාඩු නැති ලංකාවෙ ඇති සමාජවාදි පක්ෂය? අවංකවම මේකට උත්තරයක් නැහැ.

      - Dimithri

      Delete
    7. We should politically engage with all of them. Then only we can be the change makers.

      Delete
  6. පැරාට මෙච්චරම බනින්න තරම් දෙයක් මේ ලිපියෙ නෑ. අන්තවාදය කොයි පැත්තෙන් උනත් නරකයි.

    ReplyDelete
  7. ajith ge blog eka kiyawanne olmaada karayo set ekak.

    indika

    ReplyDelete
    Replies
    1. ලියන එකාත් එහෙමනේ බං.....ගනන් ගන්න එපා...

      ආ මට සුභ පතන්නත් බැරි උනා උඹට.... ඔල්මාදකාරයෙක් කියලා තමුන්ම කියා ගන්න එකෙක් හම්බ උනාමයි මට

      Delete
    2. මචං ඉන්දික,
      මෙතන පැරාගෙන් ගේම ඉල්ලලා කොමෙන්ට් ගොඩක් දාල තිබුනට කොමෙන්ට් ඔක්කොම කොටලා තියෙන්නේ එකෙක්. බොහෝවිට මෙතන චාටර් වෙච්ච ප්‍රොෆයිල් පොරක් වෙන්න පුළුවන්.
      උබ හරි ඔල්මාදකාරයෙක් තමයි.

      Delete
    3. එකෙක් කියනවට මම විරුද්ධයි. මොකද මං එක කමෙන්ට් එකක් දැම්මා..අනිත් එවා දාලා තියෙන්නේ වෙනෙ එකෙක්...
      එක හින්දා අඩු ගානේ දෙන්නෙක්වත් වෙන්න ඕනා මචං

      Delete
  8. පැරාට බනින්න දෙයක් නෑ කියල කමෙන්ට් කරේ මම...ඒත් පස්සෙ බලනකොට පැරාත් ඇනෝ ඇවිත් උත්තර දීලා වගේ....

    පැරෝ, ඇනෝ ඇවිත් උත්තර දෙන්නෙ නැතුව ප්‍රොෆයිල් එකෙන් උත්තර දෙන එක තමා හරි ක්‍රමය......නැත්නම් මේ සමහර කතා වලට වලංගු බවක් එනවා....

    ReplyDelete
    Replies
    1. මචන් උඩ තියන සමහර කොමෙන්ට් දැම්මේ අපි ( මම නෙමේ අපි. අපිනම් හිතන්නේ ජාලේ අනන්‍යතා හොයන එක වැඩක් නැති වැඩක් කියල. අදහස් තමා වැදගත්.
      (අපිට පැරා හොදත් නැත නරකත් නැත)

      Delete
    2. //ජාලේ අනන්‍යතා හොයන එක වැඩක් නැති වැඩක් //

      එකඟයි. ඒත් තමන් ලියපු පෝස්ට් එකක් ගැන කවුරුහරි මතු කරන ගැටලුවකට පිලිතුරු දෙන එක නමින් කරන එක හරි ක්‍රමය බවයි මම කිව්වෙ.

      //අදහස් තමා වැදගත්//

      එකඟයි.ඒත් තමන්ගෙ අදහස් කවුරු හරි ප්‍රශ්න කරාම උත්තර දෙන්න පුලුවන් වෙන්න ඕන. එතකොට තමයි මත ගැටිලා වඩා හොඳ මතය ඉස්සරහට යන්නෙ.

      මම ඇනෝ එන්නෙ මට ප්‍රොෆයිල් එකක් නැති නිසා. මම මතු කරන්න හදන්නෙ කවුරු හරි බ්ලොගර් කෙනෙක්ගෙන් එයා ලියපු දෙයක් ගැන යමක් ඇහුවම ඒකට පිලිතුරු දෙන විදිය ගැන. ඉන්දියාව ගැන ලියපු පෝස්ට් එකක ඇවිත් ලියපු එකාගෙ තාත්තගෙ රස්සාව ගැන කමෙන්ට් කරන පිස්සොන්ට උත්තර දෙන විදිය ගැන නෙවි.

      Delete
    3. //ඉන්දියාව ගැන ලියපු පෝස්ට් එකක ඇවිත් ලියපු එකාගෙ තාත්තගෙ රස්සාව ගැන කමෙන්ට් කරන පිස්සොන්ට උත්තර දෙන විදිය ගැන නෙවි//.....agreed bro!

      Delete
  9. ලංකාවේ බ්ලොග්කරණයේ තිබෙන අලුත් ප්‍රවණතාව ලිපි නො කියවා කමෙන්ට් පමණක් කරන පිරිසක් බිහිවීමයි.

    ReplyDelete
    Replies
    1. මේක ආශ්චර්යයේම කොටසක්. මර්වින්ලා පබාල උඩින් චන්ද දිනන රටක වෙනසක් කරන්න උත්සාහ දරනවා නම් මේක ඉවසන්න ඕන.

      Delete
    2. KAKKA BUWA TAMAYI OYA LEDE BO KARE

      Delete
  10. පැරා පෙර‍ටුගාමි සාමාජිකයින් ගොඩනැගිමට ඔබ දෙනලද උපදෙස් වලට මෙයත් එක්කලා නම් හොඳයි කියා සිතමි.ඔවුන්ගෙ සාමාජිකයින් එහෙයියන් ලෙස නැතුව විචාරශිලි සාමාජිකයින් ලෙස ගොඩනැගිම.
    A.Fernando

    ReplyDelete
  11. දාහත්වසරක දුෂණය සහ භීෂනය අවසන් කරලා 1994 දී චන්ද්‍රිකා බලයට ආ වෙලාවේ පත්තර කඩ කාරයෝ වය වුණාලු විකල්ප පත්තර යුගය අවසාන වෙයි කියලා!

    http://kathandara.blogspot.com/2010/10/blog-post_06.html

    ReplyDelete
    Replies
    1. මන් හිටියේ තනියම ඇනෝ ගහලා එපා වෙලා එකෙක් වත් ආවා මදැයි

      Delete
  12. Last Chance to See Castro's Cuba

    මෙන්න සමාජවාදය පුලුවන්නම් බලන්න

    සමන්

    http://www.cbc.ca/passionateeye/episode/last-chance-to-see-castros-cuba.html

    ReplyDelete
  13. මම ඔබව හඳුනන්නේ “බ්ලොගර්“ කෙනෙක් හැටියට.මම මේළඟදි තමයි දැන ගත්තේ ,ඔබ පත්තරේට ලියන විත්තිය.ඒකත් බොහොම අහම්බයෙන්. මාත් තව සඟයෙකුත් ඔබ ලිවූ එකම ලිපියක් ගැන කතා කරා.මම ඔහුගෙන් ඇහුවා ,සර් මෙහෙම හිටියට බ්ලොග් බලනව නේද කියලා.ඒ සැරේ ඒ මනුස්සය කියනව මොන බ්ලොග්ද ,ඒ මොනාද කියලා. බැලින්නම් ඒ ලිපිය ජනරළේ ලු තිබ්බේ.ලියල තිබ්බෙත් අජිත් පැරකුම්... අන්න එදා තමයි මං දැන ගත්තේ හැමදාම උදේට මං බ්ලොග් එකෙන් කියවන ලිපි ඔබ “ජනරළ“ ටත් ලියනව කියලා.

    මා හා කතා කළ කෙනා ඔබ කවුදැයි දන්නෑ. ඔහුත් ඔබ වාගේම පාසල් ඉංග්‍රීසි ගුරුවරයෙක් විත්තිය මම ඔහුට කීවම ඔහු පුදුම වුනා. “ ඉතින් ඔහොම බය නැතිව ලියන්න පුලුවන් ද? “ ඔහු ඊළඟට මගෙන් ඇසූ නැපය එයයි.....

    මම නම් “ජනරළ“ පත්තරයක් ජීවිතේට දැකල නැහැ.දැන් ගොඩාක් වෙලාවට මිනිස්සු බලන කියවන පත්තරයක් තමයි බස් වලට ඇවිත් රු.10ට විකුණන “අද“ පත්තරේ.... ලේසි පහසු ලාබයි....

    ReplyDelete
  14. සෙංකෝලය;ඔබගේ තෙවැනි ලිපියට කොමන්ට් කරල ඉන්න අයට පිළිතුරු දීල ඉන්න ළමයො.
    කොමන්ට් කරපු අය නැවත එන එකක් නැහැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා