ඔය තරම් ලොකු ආණ්ඩුව මේ පුංචි සංජීව බංඩාරට බිය වන්නේ මන්ද?

මම නීති විශාරදයෙක් නො වෙමි. එහෙත් මට යුක්තිය ගැන හැඟීමක් තිබේ. 

ලංකාවේ නීතිය වනාහි බලවතුන්ට හා උන්ගේ කුක්කන්ට මුක්තියත්, අනෙක් අයට වධයත් ලබා දෙන සල්ලඩයකි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ දේශපාලනය ගැන අපට විවේචන තිබේ. එහෙත්, අපි සිසුන්ගේ දේශපාලනය ගැන මුළුමනින් ම නිශේධාත්මක අදහසක් නො දරමු. අපි ඔවුන්ගේ දේශපාලන නිදහසට ඉහළින් ම ගරු කරමු. 

අන්තරේ කැඳවුම්කරු සංජීව බංඩාරට ඇප දුන් නඩුවේ චෝදනා ඔප්පු වී නැත. එසේම ඒ නඩුවේ ඔහුට ඇප දුන් කොන්දේසි ඔහු විසින් කඩ කරන ලද බව ද ඔප්පු වී නැත.

අයුතු ජන රාශින් සංවිධානය නොකරන ලෙසට අධිකරණය මගින් ඔහුට ඇප කොන්දේසියක් පනවා ඇති බව වාර්තා වේ. පසුගියදා පැවති ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය උද්ඝෝෂණයට සම්බන්ධ නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වෙමින් ඔහු එම ඇප කොන්දේසියක් කඩ කළ බවට කොළඹ අපරාධ කෙට්ටාසය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු බී වාර්තාවකට අනුව අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සංජීව බංඩාර වෙත අධිකරණය නොතීසි නිකුත් කර තිබිණි. එම නොතීසියට අනුව අධිකරණයේ පෙනී සිටි ඔහුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මවිසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නීති විරෝධී රැස්වීමක් යනු කුමක්ද? 

එතකොට රැස්වීමේ නිදහස  කියන්නේ කුමක්ද? 

ඒක තිබෙන්නේ ජාතිවාදීන්ට පමණක් ද? ඔවුහු රැස් වීමේ නිදහසට අමතරව මස් කඩ කැඩීමේ නිදහස, මාධ්‍යකරුවන්ට පහර දීමේ නිදහස ආදිය පවා භුක්ති විඳිද්දී පොලිසිය කරන්නේ කුමක්ද? 

අප කියන්නේ එක දෙයකි. ඔය තරම් ලොකු ආණ්ඩුව මේ පුංචි සංජීව බංඩාරට බිය වන්නේ මන්ද? ඔහු වහා නිදහස් කරනු! ශිෂ්‍ය දේශපාලනය සමග දේශපාලනය කරනු!

එහෙත්, මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. පැරාගේ බ්ලොගේ අරමුණ එක්ක මෙහෙම පෝස්ට් එකක් තමයි දාන්න වෙන්නේ...

    මාත් ඉතින් හූ මිටියක් දුන්නොත් දෙන්නේ සංජීව බණ්ඩාරට පක්ෂව තමයි.. ( ඒකෙන් කියවෙන්නේ නැහැ වත්මන් J## විශ්ව විද්‍යාල සිසු කැළඹවීම් අනුමත කරනවා කියලා )

    මට නම් "රටේ පාලකයනුත්" , "පීඩිත පන්තියේ නායකයනුත්" දෙගොල්ලොම එකයි..

    ReplyDelete
  2. හීනෙන් ඇවිදින සමාජයක "මුදා නොගත්" ප්‍රදේශ වල ඉන්න කැරලි කාරයෝ නිදියන් ඉන්න උන් නැගිට්ටේවුව්ත් ආණ්ඩුව චන්ද දිනන්නේ කොහොමද? ආණ්ඩුවේ මුළු මර්දන යන්තරේම මුදා හැරලත් කජු කිරි කොල්ලෝ ටිකක් පාලනය කරගන්න බෑ කියන එක කාලා ඉන්නේ කොහොමද?

    උම්මත්තක මහින්දයෝ සංජිව බණ්ඩාර කොලුවා නිදහස් කරපිය !

    ReplyDelete
  3. අවිශිබම ට නීතිඤයෝ නැතිද?

    එදා කරපු මර්ධනය අදත් එලෙසම. උනුත් එකයි, මුනුත් එකයි.

    ReplyDelete
  4. "ලංකාවෙ ශිෂ්‍ය ව්‍යාපාරය" හෙවත් "අන්තරේ" ගැන මට හරියටම කියන්න දන්නෙ නෑ, මොකද මම ලංකාවෙදි ඉගෙන ගත්ත පීඨයේ එහෙම දෙයක් තිබ්බෙ නැති නිසා. නමුත් ශිෂ්‍යයෝ දේශපාලනය කල යුතුයි. ඒ ගැන විවාදයක් නෑ. නමුත් මේ අන්තරෙ කරන්නෙ හරි දෙයක්ද කියන ප්‍රශ්නෙ මට හැමදාම තියනවා. මට ඔවුන්ව පේන්නෙ නිකන් රූකඩ විදියට මිස ශිෂ්‍ය අරගලයක කොටස් කරුවෝ හැටියට නොවේ.

    පැරා, මේ ආණ්ඩුව "සංජීවට" බය නෑ (පුද්ගලයා නොව ඔහුගේ රෝල් එක ), උන් සංජීවට බය නම් සංජීවගෙ අත් හොල්ලන නූල් කරකවන උන් බැලන්ස් කරන එක දෙයක් නෙවේ. මෙතන වෙලා තියෙන්නෙ "සංජීව" ව වදයක් වෙලා, හරියට කෝඳුරුවෙක් කණ වටේ කැරකෙනව වගෙ. ඉතින් පොඩ්ඩක් හුලන් පාරක් ගහල ටිකක් ඈතට එලවනවා. හැබැයි ඉවර කරන්න තරම් හිතිලා නෑ. මොක්ද මේවා ඔක්කොම පවතින්නෙ එකිනෙකාගෙ පැවත්ම උඩ. සමහර වෙලාවට මේවගෙ සීන් වලට අපි කියනවා දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය කියල.

    සරලව, පාලනය කරන්න පුලුවන් සතුරා පරාජය කරොත්, ඒ රික්තය පුරවන්න එන සතුරා මොකෙක්ද කියන බය.

    ප.ගෝ.

    ප.ලි. මොකක්ද "සල්ලඩයකි" කියන එකෙ තේරුම?

    ReplyDelete
    Replies
    1. වැලි හලන දැල් ගහපු උපකරණයට

      Delete
  5. සල්ලඩය කියන්නේ මේසන් බාස්ලා වැලි හලන්න ගන්න පෙනේරයට කියන නම

    ReplyDelete
    Replies
    1. @පැරා, @ඇනෝ July 9, 2013 at 10:53 AM,

      එක දැනගෙන හිටියෙ නෑ. හැබැයි අපේ ගම් පැත්තේ ඔය අයිටම් එකට කිව්වෙ "සල් අඩිය" වගෙ නමක්. මට හරියටම මතක නෑ.

      ප.ගෝ.

      Delete
    2. අපේ පැත්තෙ කියන්නෙ රැයිසිය කියලා....සල්ලඩය කියන නම ඇහුවමයි......

      Delete
    3. සල්ලඩය හා රැයිසිය කියන නම් දෙකම විදේශ භාෂාවකින් බිඳුනු වචන වෙන්න ඕනෑ. සල්ලඩිය කියලත් කියනව මටත් ඇහිලා තියනවා.

      හෙනහුරා

      Delete
  6. අලියා ලොකු සතෙකි. ඒත් අලියා බය තවත් ලොකු අලියෙකුට නොව පුංචි කටුස්සාටය.

    ReplyDelete
  7. ඔය උද්ඝෝශණය දවසේ රෑ 10 නිව්ස් වලට ඔය කොලු පැටියා ආවා. මේ විරෝධය මොකටද ඇහුවම් කියන්න නිශ්චිත කාරණයක් නෑ. බැලුවම නිදහස් අධ්‍යාපනයට කෙලවෙන එකට දෙමාපියන් දැණුවත් කරන්නලු මේක කලේ. ඉදිරි පියවරයන් ඇහුවම ගොළු උනා. මේක මේ අන්තරෙයි ආන්ඩුවයි අවුරුද්දකට සැරයක් කරන සෙප්පඩ විජ්ජාව. අජ්ජාපනේ වලලලා ගොඩක් කල්. අපරාදේ ඉගෙන ගන්න තියෙන වෙලාව. එක්කෝ අර ඩෙංගු මර්ධනය වගේ දෙයක් කරානම් හෙන ගහනවද? දෙමාපියන් දැණුවත් වීම කෙසේ වෙතත්, උන්ගේ දෙමාපියන් නම් මතක් කලා පාරේ ගියපු හැම එකාම.

    හයිලෙවල් එක බ්ලොක් කරපු එකම ඇති හිරේ දාන්න.

    ReplyDelete
    Replies
    1. කොහෙද බං ඔය කියන නිදහස් අධ්‍යාපනේ තියෙන්නෙ! මමත් මගෙ කොළුවව යවන්න 'අධ්‍යාපනය නිදසේ දෙන' තැනක් හොයනවා.

      Delete
    2. පට්ට කතාව ලංකාවේ දැන් කොතනද නිදහස් අධ්‍යාපනේ තියෙන්නෙ

      Delete
  8. විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය දේශපාලනය බාහිර දේශපාලකයන්ගේ අතකොලු බවට පත්වූ සුළුපිරිසකගේ වැඩකි. අප සරසවියේ ඉන්න කාලයේ අපගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා විශාල සටන් මෙහෙයවූ නායකයා අද ආණ්ඩුවේ ලොකු කකුලකි. ඔහු නමින් කරුණාරත්න පරණවිතාන නම් වෙයි. ඒ කාලයේම අන්තරේට විරුද්ධව සටන්කළ තවත් ශිෂ්‍ය නායකයෙකි දිලිත් ජයවීර. ඔහු නීති පීඨයේ ශිෂ්‍ය නායක කමට තරග වදිනවිට එහි විරුද්ධ පාර්ශවයේ නායිකාව වුයේ වරුණි අමුණුගම නම් ආණ්ඩුවේ ඇමැතියෙකුගේ දියණියකි. පසුව මුන් දෙන්නා එකතුවී ලංකාවේ විශාලතම අඩ්වෙර්ට්යිසින් කොම්පැනිය පටන්ගන්න ලදී.
    පෞද්ගලික වෙද විදුහල ආරම්භ කල අවස්ථාවේ තිරිමවිතාන මරුම්කද්දී අපි පෙළපාලිවල ගිහින් පොලිසියේ කඳුළු ගෑස් කෑවා තාම මතකය. සරසවියේ දේශපාලනය ඔහොමය.

    ReplyDelete
  9. //එතකොට රැස්වීමේ නිදහස කියන්නේ කුමක්ද?

    ඒක තිබෙන්නේ ජාතිවාදීන්ට පමණක් ද? ඔවුහු රැස් වීමේ නිදහසට අමතරව මස් කඩ කැඩීමේ නිදහස, මාධ්‍යකරුවන්ට පහර දීමේ නිදහස ආදිය පවා භුක්ති විඳිද්දී පොලිසිය කරන්නේ කුමක්ද? //

    පැරා ඉන්නෙ ආසියාවෙ ආශ්චර්යෙ බව අමතක උනාද?

    මේවා දකින සූරියප්පෙරුම උන්නැහෙ නම් කියන්නෙ "ආඩම්බරයි හසන්ත" කියලා.

    ReplyDelete
  10. මේ දෙවන වැඩවසම් යුගයේ නැතනම් නවීන වැඩවසම් යුගයේ අාරම්භක

    අවධියයි. වැඩවසම් යුගයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදීව තම රටවල් දියුනුවේ හිනි පෙත්ත

    දක්වා ගෙනගිය බොහෝ බටහිර රටවල් මෙන්ම සිංගප්පූරුව සහ ජපානය වැනි

    පෙරදිග රටවල් අද මුහුණ දී අැති තම අාර්ථික සංවර්ධන වේගය දිගටම පවත්වා

    ගෙන යාම වැනි ප්‍රශ්ණ, තම රටවලට ද මුහුණ දීමට වන අවස්තාව ප්‍රමාද කිරීමේ ඒක්

    පියවරක් වශයෙන් අද ලෝකයේ දියුනු වෙමින් පවතින අැතැම් රටවල් මෙන්ම

    චීනය සහ ඉන්දියාව වැනි රටවල්ද අනුගමනය කරන්නේ රටේ වැඩි කොටසකට

    උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්තාව අහුරා ලීමයි. උසස් අධ්‍යාපනය ලැබීමේ

    අවස්තාව සමාජයේ සුළුතරයකට පමණක් සීමාකොට අනෙකුත් බහුතරය සාමාන්‍යය

    අධ්‍යාපනයකින් පසුව කය වෙහෙසා වැඩ කරන ශ්‍රමිකයින් වශයෙන් සමාජයට මුදා

    හැරීමේ කූට වැඩපිලිවෙල අනෙකුත් රටවල් වලට වඩා සීඝ්‍රගාමී ලෙස ඉටු කිරීමට

    අපේ ජාතිද්‍රෝහී අාණ්ඩුව දරන උත්සාහයේ ඒක් ප්‍රතිඵලයක් ලෙස තමයි සංජීව

    බණ්ඩාර අැතුළු ශිෂ්‍යය ක්‍රියාකාරීන් මර්ධනය කිරීම මෙතරම් දැඩිලෙස ක්‍රියාත්මක

    කරන්නේ. තම A S P පියා සමග මිනීමැරුම් වලට හවුල් වී අැතැයි සාක්ෂි

    තිබියදීත් වාස් ගුණවර්ධනගේ පුතාව අත්අඩංගුවට නොගන්නා පොලිසිය ඒම

    වයසේම සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යය ක්‍රියාකාරිකයා මහජනතාවට අවහිර වන

    අාකාරයෙන් හැසිරුනා යයි කියා සිරගත කරන්නේ ඒ නිසාය.

    පසුගිය මාස කහිපය තුල විශ්වවිද්‍යාල සිසුසිසුවියන් කිහිප දෙනෙකුගේම දිවිනසා

    ගනීම් මෙන්ම සාපරාධී ක්‍රියාවලට සම්බන්ධ වීම් වැනි ප්‍රවෘත්ති නිසා දෙමව්පියන්ද තම

    දරුවන් උසස් අධ්‍යාපනයට යොමුකිරීම පිලිබදව දෙගිඩියාවකට පත්වීම වැනි කරුනු

    අාණ්ඩුවේ අභිලාශය මුදුන් පමුණුවා ගැනීමට උපකාරීවේ.

    අප නැවත වැඩවසම් යුගයක් කරා ගමන් කරමින් සිටි.

    ReplyDelete
  11. මේ සුදුවන සිද්දි දාමයට අන්තරේ ක්‍රියාකලාපය වැරදිද නිවැරදිද යන්නෙහි අදාළත්වයක් නැත. සංජීව බණ්ඩාර අත්ඩංගුවට ගැනීම කොන්දේසි විරහිතව හෙළා දැකිය යුතුය.

    එම කොන්දේසියට යටත්ව මෙහි ද්වීතියික කාරණය (අවශ්‍ය නම් ප්‍රාථමික කාරණය) වන්නේ මෙය මහින්දගේ වරදක්ද සිස්ටම් එකේ වරදක්ද යන්නයි. බලය නැති (හෝ බලය ගිලිහෙමින් පවතින) අන්තරයත් තම බලපුළුවංකාරකම් පෙන්වන්නේ ‍තෝරා බේරාගෙනය. අන්තරය පැත්තක තිබියේවා සරසවි ඇදුරන්ගේ සිට ඊනියා සිවිල් සමාජය ඔස්සේ UN එක දක්වාම වූ ආයතන/ සංවිධාන/ පුද්ගලයන් තම බලපුළුවංකාරකම් පෙන්වන්නේ ‍තෝරා බේරා ගෙනය. සංජීව බණ්ඩාර අතඩංගුවට පත්වීමට එරෙහිවීමට පෙර යමෙක් මේ සියලුම ආයතනවලට එරෙහිව යුද්ධ ප්‍රකාෂ කළ යුතුයැයි මෙයින් නොකියවෙයි. නමුත් අවම වශයෙන් ඒ ගැන යම් අවබෝධයක්වත් තමුන්ට ඇතැයි ප්‍රකට වන ලෙසවත් අදාළ විරෝධතාවයන් දැක්විය යුතුය. මේ විරෝධතාවයන්ගේ ඇත්තේ සරල මහින්ද විරෝධයක්වත් රෙජිම් විරෝධයක්වත් නොව ඉන් ඔබ්බට ගිය බලය අසමාන ලෙස පාවිච්චි කිරීමට විරෝධයක් බව ප්‍රකට විය යුතුය. එසේ නොවන විරෝධතාවය්න් දකින්නට අපුලය. හිරිකිතය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා