Posts

Showing posts with the label අයුතු ජන රාශි

ඔය තරම් ලොකු ආණ්ඩුව මේ පුංචි සංජීව බංඩාරට බිය වන්නේ මන්ද?

Image
මම නීති විශාරදයෙක් නො වෙමි. එහෙත් මට යුක්තිය ගැන හැඟීමක් තිබේ.  ලංකාවේ නීතිය වනාහි බලවතුන්ට හා උන්ගේ කුක්කන්ට මුක්තියත්, අනෙක් අයට වධයත් ලබා දෙන සල්ලඩයකි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ දේශපාලනය ගැන අපට විවේචන තිබේ. එහෙත්, අපි සිසුන්ගේ දේශපාලනය ගැන මුළුමනින් ම නිශේධාත්මක අදහසක් නො දරමු. අපි ඔවුන්ගේ දේශපාලන නිදහසට ඉහළින් ම ගරු කරමු.  අන්තරේ කැඳවුම්කරු සංජීව බංඩාරට ඇප දුන් නඩුවේ චෝදනා ඔප්පු වී නැත. එසේම ඒ නඩුවේ ඔහුට ඇප දුන් කොන්දේසි ඔහු විසින් කඩ කරන ලද බව ද ඔප්පු වී නැත. අයුතු ජන රාශින් සංවිධානය නොකරන ලෙසට අධිකරණය මගින් ඔහුට ඇප කොන්දේසියක් පනවා ඇති බව වාර්තා වේ. පසුගියදා පැවති ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය උද්ඝෝෂණයට සම්බන්ධ නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වෙමින් ඔහු එම ඇප කොන්දේසියක් කඩ කළ බවට කොළඹ අපරාධ කෙට්ටාසය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු බී වාර්තාවකට අනුව අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සංජීව බංඩාර වෙත අධිකරණය නොතීසි නිකුත් කර තිබිණි. එම නොතීසියට අනුව අධිකරණයේ පෙනී සිටි ඔහුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මවිසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබ...