"අයියෙ..මම තමයි ප්‍රවාහන ඇමති".මම මටම කියාගත්තා

පහත පළ වන්නේ සෑම අතින් ම විශිෂ්ට නිර්මානයක් ලෙස සැලකිය හැකි කෙටි ම‍ කෙටි කතාවකි. රචකයා එය එවැනි කෙටි කතාවක් වීම අරමුණු කරගෙන ම ලියුවා ද යන්න නො දනිමි. එහෙත්, එහි තිබෙන අව්‍යාජ සුන්දරත්වයට මම කැමතියි.

කථකයා දේශපාලනයට කැමති, එහෙත්, දුප්පත් තරුණයෙකි. මෙවැනි අය බොහෝ විට එක් වන්නේ රැඩිකල් වාමාංශික පක්ෂ සමගයි. එහෙත්, සමාජවාදය පිළිබඳ ඔවුන්ගේ සිහින ධනවාදයේ ම රතු පාට අනු පිටපත් වැනි ය. 

මා කියන කාරණය පැහැදිලි කිරීම සඳහා නිර්මාල් රංජිත් දේවසිරි වරක් පැවසූ උදාහරණයක් ගෙනහැර දක්වමි. නිර්මාල් පෙන්වා දුන්නේ සමාජවාදී රටවල නගර නිර්මානයේදී අනුගමනය කරනු ලැබුවේ ධනවාදී රටවල නගර නිර්මාන සැලසුම් ම බවයි. ඔවුන්ගේ සමාජවාදය තුළ සමාජවාදී නගර නිර්මාන සැලසුම් තිබුණේ නැත. 

අප විසින් දිගින් දිගට ම පෙන්වා දෙන ලද කාරණයක් වන්නේ සමාජවාදය යනු හුදෙක් නිර්ධනයන් විසින් බලය අල්ලා ගැනීම නො ව විකල්ප ජීවන විලාසයක් බවයි. සමාජවාදය අද ම, ඔබෙන් ම පටන් ගන්නට පුළුවන. ඒ සඳහා බලය ගැනීමට අවශ්‍ය නැත.

අප මේ කතාව තුළින් ධනවාදී සිහින ම දකින ඊනියා සමාජවාදී රැඩිකල්වාදියකුගේ ජීවිත අත්දැකීමක් විඳින්නෙමු. ඔහුගේ සිහින ඇමති තනතුරු තුන වන  ජාතික ඒකාබද්ධතා ඇමති, ප්‍රවාහන ඇමති සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇමති යන තනතුරු තුන විසින් නියෝජනය කරන්නේ ඔහු බස්වල බෑග් විකුණන මුස්ලිම් තරුණයකු වීම යයි මට සිතේ. 

ජවිපෙ සමග දේශපාලනය කරද්දී මට මෙවැනි පුද්ගලයෝ බො‍හෝ හමු වී තිබේ. සරූක්ගේ කතාව තුළින් ඔවුන්ගේ ෆැන්ටසිය හා යථාර්ථය සමග එහි ඇති ගැටුම අපූරු වදන් සිත්තමක් බවට පත් කර තිබේ. එය ගැඹුරු අරුත් මතු කරන, බොහෝ දේ කතා කළ හැකි කෙටි කතාවකි. කෙටි කතාව නම් මේ යයි මට සිතේ.

මාතෘකාව මගේ ය.  

ප්‍රවාහන ඇමති 
(Mohamed Farshan Zarook ගේ ෆේස්බුක් පිටුවෙන් අවසර සහිතව උපුටා‍ ගන්නා ලදී)

ඊයෙ රෑ හීනය නම් මරු.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාපයෙන් පාර්ලිමෙන්තුවට මේ මම ගිහිල්ලා.ඔව් ඔව්...විමලුත් මට අඩුයි...රනිලුත් මට වඩා අඩුයි.
ඇමතිකම් තුනයි..
ජාතික ඒකාබද්ධතා ඇමති, ප්‍රවාහන ඇමති සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇමති...ලොක්කත් මම ගැන දන්න දේවල්....
ඉස්සෙල්ලාම මොන අමාත්‍යාංශයටද වැඩට යන්නෙ කියලා හිතාගෙනම නැගිට්ටා..
"හුටා අද 14 වෙනිදා....හෙට ගෙවල් කුළී දෙන්න ඕනෙ".
බෑග් ටිකක් මල්ලක දාගෙන ආවා එළියට..
කොන්දොස්තර දැකලා හිනාවක් ගියා..
"අයියෙ..මම තමයි ප්‍රවාහන ඇමති".මම මටම කියාගත්තා.


 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. සමාජවාදය විකල්ප ජිවන ක්‍රමයක් ලෙස තහවුරු කරගැනීමම අතිශය අසීරු කටයුත්තක් යැයි සිතේ. පරිණාමිය වශයෙන් පවා අපගේ සියලු උන්නති කාමිය ජාන (selfish genes) වලට අභියෝග කොට පරාර්ථ කාමී සහ සමාජවාදී වීම අභියෝගයකි. නමුත් මානව සංහතියේ ඉදිරි පැවැත්ම එයමත රදා පවතී.

    Mohamed Farshan Zarook සොයුරාට ප්‍රභාමත් ඉදිරි ගමනකට සුභ පැතුම්!

    ReplyDelete
  2. රටේ ප්‍රවාහන ඇමති ගැන කියමින් රටේ public policy ගැන සිංහලෙන් කියද්දී ජන ප්‍රතිපත්ති වීම රජය සහ ජනතාව අතර පටලැවිල්ල ඒවා හඳුන්වන නාමයන් වලින් වසන් වී කටයුතු කිරීම නොකළ යුතු බව දන්වා ඇත.

    විශ්වස්‍ය බන්ධන ගිවිසුම් යනු ඕනෑම සංවිධානයක පවතින අනේක විධ ආකාරයන් වලින් සිද්ධ වෙන කළමනාකරණයේ නීත්‍යානුකූල පියවරයන් වෙති. මෙය නීත්‍යානුකූල වූ වෘත්තීන් හි දී මෙන්ම නීති විරෝධී ඒවායේ ද පවතින සත්‍යය තත්වයකි.

    ඕනෑම ආකාරයක පොදු ප්‍රවාහන සේවයක ගමන් කිරීමට මිනිසුන්ට හා සංවිධාන වලට හැකි අතර, එවැනි ගමන් වලට පිවිසෙන ඒ ඒ පක්ෂයන්ට නීතිමය හා ආචාර ධාර්මික වූ බන්ධනයන් (obligations) වලට මුහුණ දෙන්නට සිද්ධ වෙයි.

    ඒ අනුව පොදුප්‍රවාහන සේවා වලට බද්ධ වූ චන්ඩින් සිටි. චණ්ඩියෙක් නැති පොදු ප්‍රවාහන සමාජයක දකින්නට ලැබෙන්නේ අලස උදාසීන මිනිසුන් වෙති. සෝවියට් රටවල හා කොමියුනිස්ට් චීනයේ එවැන්නෝ බහුල වශයෙන් සිටියහ. එසේම වර්තමානයේ දී ද කොමියුනිස්ට් කියුබාවේ හා ලතින් ඇමෙරිකන් සමාජවාදී රටවල එවැනි මිනිසුන් බහුල වශයෙන් වාසය කරති.

    උදාරණයක් ලෙස අපි ගෙවල් කුලිය ගෙවීමට යද්දී ගෙවල් හිමියා විසල් ගහන ක්‍රියාවක් තක්සේරු කරද්දී, එයට නීත්‍යානුකූල නොවන කටයුතු ගැන ලියැවිලි සහ තොරතුරු ප්‍රකාශන ඇතුලත් වෙද්දී, එම හෙළිදරව්වට නීතියක් කඩා නැතැයි යන දාර්ශනික පදනම ලැබේ. එහි දී විසිල් ගහන්නා “උදාර වූ නීති කඩා දැමූ අයෙක්” ලෙසින් අදහස් කිරීමක් නොව සැලකෙන්නේ ඔහු කිසිත් නීතියක් කඩා නැත්තෙක් ලෙසටයි.

    එවිට පහත ගැටළුද නිතැනින්ම මතුවේ.
    හුදු චණ්ඩියෙක් හෝ දාමරිකයෙක් වූ පමණින් අයෙක් අපරාධකාරයෙක් වෙනවා ද?

    චණ්ඩි හැදියාවට සහ චණ්ඩි කතාබහට නීතියෙන් දඬුවම් දෙන්නට යනවා ද?

    නැත්නම් චණ්ඩියෙක් හෝ දාමරිකයෙක් කරන අපරාධ වලට පමණක් දැනටමත් පවතින නීතියෙන් දඬුවම් කරනවා ද?

    මේ පිළිබවද දැන් වසර 4 අසන්න කාලයක් බ්ලොග් ලියනා පැරකුම් ගේ පළිතුරු බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. ??????????????????????? පාන්දරම බීලද?

      Delete
    2. ආණ්ඩුව ගැන අප්‍රසාදයෙන් ඉන්නවා නම් කැමැත්තෙන් ම ආණ්ඩුවට ම තව තවත් බලය පවරන්නේ ඇයි?

      Delete
    3. මම දන්නේ නැත.

      Delete
    4. අඩේ අර ඒකීය වූ පුද්ගලයා ගැන කෑල්ලත් දැම්ම නම් උඹෙ කොමේනටුවට මරුම මරු ඕයි!!

      Delete
  3. සුන්දර පසුවදනක්.එය එතරම් සුන්දර වන්නේ සත්‍යම නිසා යැයි මට සිතේ.ඔබගේ අදහස් මගේ සටහන හා ඉතා ලඟින් දැවටේ.මගේ කථානායකයා අතිරේක ආදායමක් සොයාගැනීමට සුළු කර්මාන්තයක් කරන අයෙක්.මගේ සටහන කෙටිකථාවක් වූ අරුමය...., ස්තූතියි Ajith Perakum Jayasinghe සහෝදරයාට... මටත් එක වැකියක් එකතු කරන්න අවසර දෙන්න "ජවිපෙ සමග දේශපාලනය කරද්දී මටත් මෙවැනි පුද්ගලයෝ බො‍හෝ හමු වී තිබේ."

    ReplyDelete
  4. පැරා දැන් ජනරල පත්තරේ උන්ට සහ උන්ගෙ අඹු දරුවන්ට කාලා බීලා ඉන්න පුලුවන් විදිහට බිස්නස් නැගලාද?

    පත්තර බිස්නස් එක වැඩි උනාද?

    ReplyDelete
  5. පැරකුම් බ්ලොග් ලියන ඇල්කෙමියා මට මතකයි ගිය අවුරුද්දේ කලක් ඇමරිකාවේ ජිවත් වෙලා ලංකාවට ආව මිනිහ ආණ්ඩුවට විරුද්ධව දේශපාලන ලිපි ලිය ලිය හිටියේ ඒ කාලේ ඒත් ලංකාවට ආපු ගමන් ගෝඨාභය රාජපක්ෂ කොළඹ නගරය ප්‍රතිසංස්කරණ කරපු හැටි දැකපු ගමන් මිනිහ ගෝඨාභය ට ස්තුති කරලා ලිපියක් දැම්මා. මට පහසුවෙන් ඇල්කෙමියා වැනි චරිත තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය කන බොන රෙන සරල මිනිස්සු ඒත් පැරකුම් උඹල වගේ අය මොනවද මේ කියන්නේ සමාජවාදය උබලගේ ජීවන විලාසයක් බව උඹල කියනවා පිස්සුද බං උඹල ඔලුවෙන් විතරයි ඕව ජිවන විලාස නොවෙයි මනෝ විකාර මනෝ විලාස උඹලගේ ඇත්ත ශරීර කරන්නේ ළමයි හදනවා නෝනා කාර් එකෙන් වැඩට ගෙනියනවා මේ ක්‍රමේ හොඳට ජිවත් වෙනවා හොඳට ගෝඨාභය රාජපක්ෂ හදන පාරවල් වල යනවා ඒත් කොහෙවත් නැති සමාජවාදයක් කතා කරනවා. ආණ්ඩුවට බණින ගමන් මිට වඩා සිය දහස් ගුණයක් ඒකාධිපතිවාදී සමාජවාදී ආණ්ඩුවකට කැමැත්තෙන් ඉන්නවා.පැරකුම්.. ගෝඨාභය රාජපක්ෂ කොළඹ නගරය ප්‍රතිසංස්කරණ කරනවා මහින්ද බැසිල් ලංකාවේ නගර ,පාරවල් හදනවා උඹල විප්ලව කරලා ලේ හලල සමාජවාදය දිනාගෙන මිට වඩා ඒකාධිපති වාමාංශික ආණ්ඩු හදාගෙන මේවා කරන්න හීන මවන්න ඕනෑ නැහැ. සමාජවාදය උදාවෙලා තියෙන්නේ. Enjoy.....

    ReplyDelete
    Replies
    1. මුග්ධත්වයෙන් නොසිටින සෑම පුරවැසියෙකුම තම ආණ්ඩුව ගැන ලැජ්ජාවෙන් සිටින්නෙකි.

      Delete
    2. ඉතින් සතුටු වෙන්න උදිත.

      Delete
    3. කොහොමද මම සතුටුවෙන්නේ විශාල රජයන් (ධනවාදී හෝ සමාජවාදී ) සමග මම සතුටු නැහැ පුරවැසියන් නිදහසේ එකිනෙකා හා ගනුදෙනු කරන නිදහස් වෙළඳ පොළ සමග පමණයි මම එකඟ. රජය අවම වෙන්නේ සමාජවාදය තුල නොවෙයි ඔබ ළඟ මට ඕනෑ දෙයක් තියනවා මම ළඟ උඹට ඕනෑ දෙයක් තියනවා අපි නිදහසේ කැමැත්තෙන් ඒවා හුවමාරු කර ගන්න නිදහස තියන තැන විතරයි මම සතුටු. උඹල හිතන්නේ සමාජවාදී රජය මේ රජයට වඩා හොඳයි කියලද? කොයි රජයත් එකයි බලය පුරවැසියාට හිමි වන්නේ නිදහස් වෙළඳ පොළ තුල පමණයි. මාක්ස් දෙයියා ට වැරදුනා කියල වයසට ගිහිල්ල වත් තේරුම් ගනින් බං මිනිහ තමන්ගේ දරුවන් මැරෙද්දි බෙහෙත් අරන් නොදී බොරු පිස්සු මරගාතේ ලිව්වා ඊට පස්සේ ඒකවත් හරියට ඉවර කරන්නේ නැතිව එංගල්ස්ට ලියන්න ඉතිරි කරලා මරුනේ තවත් ඔයි දෙයියා අදහපන්. උඹල වයසට යන්න යන්න තාමත් කොලු කාලෙටද යන්නේ? grow up.

      Delete
    4. සුද්දන්ටත් වඩා හොදින් සුද්දාගේ සින්දු දන්නා -මෙයා සින්දු කියනාකොට සුද්දෝ පුදුම වෙලා බලනවලු මෙයා කොහොමද මේවා දන්නේ කියලා- ඉතා දියුණු newyork වල ජීවත් වන අති නවීන ජීවන විලාසිතා(මෙයාගේ ගෙදර අති නවීන ශබ්දාගාරයක් තියෙනවලු ) ඇති විනෝදයට මනෝ විශ්ලේෂණය හදාරන කාල් මාක්ස් වැනි මෝඩයන්ට දුවන්න දෙන්නා පුළුවන් උදිත වගේ කෙනෙක් එක්ක ඔයාට හැරෙන්නවත් බැරි බව පරා දන්නේ නැද්ද

      Delete
    5. @උදිත
      "...පුරවැසියන් නිදහසේ එකිනෙකා හා ගනුදෙනු කරන නිදහස් වෙළඳ පොළ..", "...ඔබ ළඟ මට ඕනෑ දෙයක් තියනවා මම ළඟ උඹට ඕනෑ දෙයක් තියනවා අපි නිදහසේ කැමැත්තෙන් ඒවා හුවමාරු කර ගන්න නිදහස තියන තැන..." කොහෙද බබා මේ වගේ සමාජයක් තියෙන්නේ, තවුතිසා දිවියලෝකේද?

      Delete
    6. @AnonymousJuly 15, 2013 at 5:59 PM
      ඇනෝ පැරකුම් සහ මම අතර තරඟයක් නැහැ ප්‍රශ්නෙකුත් නැහැ මම ගාව නයිත් නැහැ පැරකුම්ට දුවන්න දෙන්න උවමනාවකුත් නැහැ වැල් බයිලා එපා මල්ලි බබා හුකුං ගාල්ලේ කොටු තාප්පේ උඩ හවසට සෙට් වෙලා වල බැහැපු සමාජේ පාරේ බැහැපු කොල්ලෝ ලාමක ටින් ටින් නිකං කී බෝර්ඩ් වීරයෝ නොවෙයි හරිද. කෙන් ජි මාතලන් පැරකුම් වගේ කීප දෙනෙක් ඇරුනම මෙතන ඔක්කොම ඇනෝල පාරට බැහැපු නැති කීබෝර්ඩ් ඇනෝ වීරයෝ නොවෙයි කෙලින්ම මගේ නමින්ම මම ඉන්නේ හරිද. පැරකුම් කියන්නෙත් එහෙම එකෙක්. අපේ ප්‍රශ්න අපි බේර ගන්නම්. ඔයා මාක්ස් එක්ක ජිල් බෝල ගහල වයසට යන්න මට කිසි අවුලක් නෑ. අපේ ප්‍රශ්න අපි බෙර ගන්නම් ඔයා අනුන්ගේ සීනි කිරන්නේ නැතිව ඉන්න මල්ලි. නැත්නම් කෙන්ජිව ගෙදරට එවන්නම්. එයා දන්නවා මාක්ස් ට වගේම ඔයාට කරන්න ඕනෑ මොකද්ද කියලත්.

      Delete
    7. @AnonymousJuly 15, 2013 at 6:25 PM
      //කොහෙද බබා මේ වගේ සමාජයක් තියෙන්නේ, තවුතිසා දිවියලෝකේද?//
      උත්තරය මුළු රටක් සාර්වයක්ලෙස කොහෙවත් නැත.
      සර්ව සම්පුර්ණ පරිපුර්ණ සමාජ කොහෙවත් නැතිවා මෙන්ම කල්ප අවසානය දක්වාම කිසිදිනක හැදෙන්නේද නැත. සමාජය තුල අඩුව නිතරම පවතිනු ඇත.
      නමුත් ඕනෑම රජය මැදිහත් නොවන දෙදෙනෙකු අතර ස්වේච්චාවෙන් සිදුකරනු ලබන ඕනෑම පුද්ගලික ගනුදෙනුවක් හුවමාරුවක් තුල මේ නිදහස සහ එම මොහොත ඇත. සාර්වය සමාජය ගැන කතා කරන්නේ වම්මුය. මට එය අදාළ නැත. ඔබේ ප්‍රශ්ණය වැරදිය. මට පැරකුම් ට කියල පරිවර්තනයක් කර ගන්න ඕනෑ මම ඒකට ගෙවනවා අපි දෙන්න ඒක ස්ව කැමැත්තෙන් කරන්නේ එම නිදහස එම මොහොත තුල ඇත.

      Delete
    8. මචන් උදිත,

      මම හිතනවා ඔයා " මාක්ස් දෙයියා" කියල කියන්නේ කාල් මාක්ස්ට වෙන්න ඇති කියල. මචෝ දන්නැති කමට අහන්නේ මාක්ස්ට වැරදුනේ කොතනද බන්?

      Delete
    9. මනොවිශ්ලේශ්නය ගැන පොරටෝක් දුන්නට DSM ගැන කතා කරන්න ගිහින් ඇන ගත්තා
      තුන්වන ලෝකයේ ඉඳලා එක එක ක්රම වලින් පලවන ලෝකයේ රටවලට පැනගත්ත අයට හැදෙන පොදු රෝගයක් ඔය .අතීතය මතක් වෙනකොට මාක්ස් ගැන පුදුම තරහක් එන්නේ නේද උදිත

      Delete
    10. ".....වැල් බයිලා එපා මල්ලි බබා හුකුං ගාල්ලේ කොටු තාප්පේ උඩ හවසට සෙට් වෙලා වල බැහැපු සමාජේ පාරේ බැහැපු කොල්ලෝ...,නැත්නම් කෙන්ජිව ගෙදරට එවන්නම්. එයා දන්නවා මාක්ස් ට වගේම ඔයාට කරන්න ඕනෑ මොකද්ද කියලත්....."
      උබ උම්බැ කියනකම් ගොනා කියල තේරෙන්නේ නෑ. ඒඋනාට උබ මෙතන තප්පුලලා, ගොම දාලා එක මගුලක් කරලනේ බන්.යකෝ තෝ නාකි උනේ අකලටද ? (උබේ ඔය මුද්දරයක් විතර අසු ගණන්වල ගත්තු ෆොටෝ එක අහක් කරලා අලුත් එකක් දාපන්)

      Delete
    11. @AnonymousJuly 15, 2013 at 6:38 PM
      මම නිකං දේවල් කියල දෙන්නේ නෑ මචං නිකමට මම පැය ගානට පඩි ගන්නේ. සල්ලි දුන්නොත් උගන්නන්නම් උඹට දැන ගන්නම ඕනෑ නම් මෙන්න්න මේක බලල තනියම ඉගෙන මා ගනින්.මාක්ස්ට වැරදුන දේවල් කිහිපයක් මෙතන තියනවාමෙන්න ලින්ක් එක කියවල පුලුවන්නම් මේ ලිපියට උත්තර දීපං

      Delete
    12. @AnonymousJuly 15, 2013 at 6:43 PM
      @AnonymousJuly 15, 2013 at 6:51 PM
      සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා , නිරෝගිවෙත්වා.

      Delete
    13. පල වැල රිලවා යන්න උබ ගාල්ලේ බැම්ම උඩ වාඩිවෙලා හිටියට අපිට පාන්ද? නොදකින් උරුලෑව තෝ හිතන් ඉන්නේ වල බහින එක ලොකු වැඩක් කියලද. යකෝ ඕනෑම කල කලකන්නියකුල ඕක කරන්න පුළුවන්නේ. යකෝ උබ නිව් යෝක් නෙමේ මොන තුත්තුකුදියක හිටියත් උබ මොන තරම් පසුගාමී අමනයෙක්ද බන්. කෙන්ජිව ගෙවල් වල එවන්න හදන්නේ කෙන්ජි බොට හවසට අරින එකාද? චු කරලා නිදිය ගනින් නාකියා රෙද්ද උස්සාල නපුංසක කම පෙන්නන් නැතුව.

      Delete
    14. උදිත ,තමන් කකුල් තියාගෙන ඉන්න තැන දෙදරන කොට කේන්ති යන එක සාමාන්‍ය දෙයක් මම ඇනෝ එන්නේ මට ප්‍රසිද්ධ වෙන්න ඕන නැති නිසා ගාල්ලේ මමත් ටික කාලයක් හිටියා කොටු බැම්මේ හිටපු එක මම දන්නා විදියට නම් මහා ලොකු දෙයක් නොවේ ඔබ මාක්ස් ගන කථා කර ඇති විදියට ඔබට ශිෂ්ට විදියට පිළිතුරු අනවශ්‍ය බවය් හැගෙන්නේ පැරකුම් මේක දාන්නේ කාටත් බලන්න්ය් මම හිතුවේ .ප්‍රශ්ණ වෙනම විසදා ගන්න ඕනේ නම් email එකක් දාන්න තිබුනනේ මම දන්නා විදියට කොටු බැම්මේ වල බහින සමාජ වැඩක් නොවේ

      Delete
    15. මචන් උදිත,
      ඇත්තම කියහන් උබ මාර්කස් ගැන මෙලෝ අලයක් දන්නේනැ නේද? උබ හැමදාම මාර්කස් ගැන කතාකරන්න ගිහින් නා ගන්නවා නේද?

      Delete
    16. //කොටු බැම්මේ වල බහින සමාජ වැඩක් නොවේ//
      ආයිත් අනාගෙන මම සමාජ වැඩ කරන්නේ නැහැ පුද්ගලික වැඩ විතරයි කරන්නේ.මම වල බැස්සේ මගේ ආතල් එකට. මොකද මේ මල්ලිලා මල පැනලා උදේ නැගිටින්නේ වැරදි පැත්තෙන්ද? පොඩ්ඩක් හිනා වෙන්නකෝ.

      Delete
    17. උදිත ludwig von mises ගේ දේශපාලන දර්ශනයේ පදනම ඔයා දන්නවද නිකමට මොකක් හරි කියන්න කලින් හදාරලා කියන්න ඔහු සහ ෆැසිස්ට් වාදීන් අතර සම්භන්දයක් නැද්ද .ඔයා නැවත කොටු බැම්මට ගිහින් ඕව හදාරලා එන්න

      Delete
    18. පිස්සුද මෙයා ඔයා වගේ එක්කෙනෙක් මෙතන හෙළුවෙන් නටන කොට මල පනින්නේ අහවල් එකටද? මේ එක නෙමෙයි ඇමරිකාවේ මානසික රෝගීන් වැඩිවෙලා කියන්නේ ඇත්තද?

      Delete
    19. //උදිත ,තමන් කකුල් තියාගෙන ඉන්න තැන දෙදරන කොට කේන්ති යන එක සාමාන්‍ය දෙයක්//
      කාටද මචං කේන්ති ගිහින් තියෙන්නේ... මම මාර ආතල් එකක් ගන්නේ...ලොවේ මෙවන් වින්දනයක් තව කොහෙන්ද ඇනෝල එක්ක කොකු දාගැනීම තරම්. අලුත් වචන Best Cuss Words in the world.

      Delete
    20. හික්කඩුව පැත්තේ ගම්වල අයට තියෙන ලොකුම ටවුම තමය් ගාල්ල ඉතින් එහෙම අයට ගාල්ලේ වල බහින එක ලොකු දෙයක් .එහෙම කෙනෙක් newyork ගිහින් එහෙ කඩ ටික දැක්කහම අම්මට හුඩු කියල හිතල නිදහස් වෙළදාම ගැන පොරටෝක් දෙන එක සාමාන්ය දෙයක් -මේක කිව්වේ ලකාන් ගේ මල්ලිගේ පුතාගේ යාළුවගේ අය්ය

      Delete
    21. උදිත, ඔබේ ගැටලුව මාක්ස්වාදය ගැන මා යම් ආකාරයකට සිතනවා යයි සිතාගෙන ඔබ එයට බැන වැදීමයි. මට ඒ ගැන සංවාදයක් නැත්තේ මා ඒ ආකාරයට නො සිතන නිසායි.

      Delete
    22. @AnonymousJuly 15, 2013 at 9:31 PM
      /හික්කඩුව පැත්තේ ගම්වල/
      ඇනෝ මම හික්කඩුව පැත්තේ ගමක නොව මගේ ගෙදර ඇත්තේ ගාල්ලේ රිච්මන්ඩ් එක අසලය. ඊ මේල් එකක් එවපන් මචං ඇඩ්‍රස් එක එවන්න.
      /newyork ගිහින් එහෙ කඩ ටික දැක්කහම අම්මට හුඩු කියල හිතල නිදහස් වෙළදාම ගැන පොරටෝක් දෙන/
      මම නිදහස් වෙළදාම ගැන ඉගෙන ගත්තේ නිව්යෝර්ක් දැකීමෙන් හෝ ඇමරිකාවේ සිටි පසුගිය වසර 14 තුල නොව 1991 සිට 2001 දක්වා ලංකාවේ සිටින කාලයේ පී බි ජයසුන්දර WA විජයවර්ධන වැනි අයගෙනි. ඇමරිකාවට එන්න පෙර සිටම මට ඇමරිකාව මැජික් නොවේ.අනික් නෝනලා ගැන නම් මම නොදනී.
      මනොවිශ්ලේශ්නය,DSM-IV හෝ ලකාන් මට අදාළ නැත.අර්බුධයට ගිය වමේ දේශපාලනය මේවායේ එල්ලුනේ වෙන කරන්න දෙයක් නැති නිසාය.ධනවාදයට මේවා අවශ්‍ය මිනිසුන්ට ප්‍රතිකාර කිරීමට මිස දේශපාලනයට නොවේ.මේ මාක්ස් ට බැන්න විට මල පැන කොමෙන්ට් 100 ක් විතර දාන ලංකාවේ මාක්ස් තමන්ගේ අයිතිකාරයන් යැයි සිතා සිටින ඇනෝ සෙට් එක කවුදැයි මම හොදීන් දනී.

      Delete
    23. //උදිත, ඔබේ ගැටලුව මාක්ස්වාදය ගැන මා යම් ආකාරයකට සිතනවා යයි සිතාගෙන ඔබ එයට බැන වැදීමයි.//
      පැරා මා මාක්ස්වාදයට බැන වැදුනේ නැත මා බැන්නේ කාර්ල් මාක්ස් නම් පුද්ගලයාටය.
      ඔබ දරන මතවාද දේශපාලන අදහස් ගැනද මට ගැටළුවක් නැත කතරගම දෙවියන් ඇදහිමට උවද ඔබට ඇති අයිතියට මම ගරු කරමි ඔබටද මා බනින්නේ පුද්ගලිකව බ්ලොග් මිතුරෙකු ලෙසය. සමාජය හැදීම මගේ අරමුණ නොවේ.පොදුවේ සමාජ හැදීම වම්මුන්ගේ මායාවකි. එක මිනිසෙක් තව කෙනෙක් ගෙන් සපුරා වෙනස්ය. මම කතා කරන්නේ ඒකීය පුද්ගලයන්ට පමණි.මා ඉහත කමෙන්ට් එක දැම්මේ ඔබටය. අනික් අය එල්ලුනාට මට කරන්න දෙයක් නැත.

      Delete
    24. මම සමාජ ශෝධකයෙක් නො වෙමි. එහෙත් නිරන්තර චලනයක ඇති සමාජය තුළ සිදු වන වෙනස්කම් සාධනීය දෙසකට යොමු කිරීම සඳහා මම මැදිහත් වෙමි. එය දේශපාලනික ය. එසේ ම මාක්ස්වාදී ය. එහි ඇති වරද කුමක් ද?

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. වැල් බයිලා එපා මල්ලි බබා හුකුං ගාල්ලේ කොටු තාප්පේ උඩ හවසට සෙට් වෙලා වල බැහැපු සමාජේ පාරේ බැහැපු කොල්ලෝ ලාමක ටින් ටින් නිකං කී බෝර්ඩ් වීරයෝ නොවෙයි හරිද.
    ගාල්ලේ කිව්වට රත්ගම හරියේ වගේ newyork වල රත්ගම නේද මේ වචන ඉංග්රීසී සින්දුවලින් හොයාගත්තු ඒවා වෙන්න ඇති නේද ඕවා දාල සින්දුවක් කියන්න සුද්දෝ උඩ යන්න pink floyd මොන බල්ලෙක්ද කියල හිතය්

    ReplyDelete
    Replies
    1. වැල් බයිලා එපා මල්ලි
      බබා හුකුං
      කොටු තාප්පේ උඩ හවසට සෙට් වෙලා වල බැහැපු සමාජේ පාරේ බැහැපු කොල්ලෝ
      ලාමක ටින් ටින් නිකං කී බෝර්ඩ් වීරයෝ නොවෙයි හරිද
      . අපේ ප්රශ්න අපි බේර ගන්නම්. ඔයා මාක්ස් එක්ක ජිල් බෝල ගහල වයසට යන්න මට කිසි අවුලක් නෑ
      ඔයා අනුන්ගේ සීනි කිරන්නේ නැතිව ඉන්න මල්ලි.
      කෙන්ජිව ගෙදරට එවන්නම්
      අනිත් සිංහල අය සිරස සුපර් ස්ටාර් බලද්දී ඉංග්රීසි සින්දු අහනවා කියන තමන්ගේ බ්ලොග් එකේ මනොවිශ්ලේෂණයේ මුලික පලකරන ශිෂ්ටකම ගැන පොරටෝක් දෙන මිනිසකුගේ ඇත්ත තත්ත්වය් මේ මොවුන්ට වඩා ඇඹිලිපිටියෙ අයත් දියුණුය් තමන් ඇමෙරිකාවේ මධ්යම පන්තියට අයත් කියල බල කරකර අපට කියන ගමන් මාක්ස්ට අපහාස කරන සමහර නෝනලාත් අය්ති මේ ගොඩටම තමය්

      Delete
    2. අදින් පස්සේ බ්ලොග් ලෝකේ අළුත්ම ප්‍රස්ථා පිරුළ "උදිතයා ගාල්ලේ කොටු තාප්පේ උඩ වල බැස්සා සේ"

      ප්‍රොෆයිල් පොරක් නොදන්න මගුල් දෙසා බාන්න ගොස් කෙලෝ ගත්ත පසු ඔබට මෙම ප්‍රස්ථා පිරුළ යෙදිය හැක.

      උදා:
      මොනවාද ප්‍රොෆයිල් අයියා ඔයා කෙලෝ ගන්නේ "උදිතයා ගාල්ලේ කොටු තාප්පේ උඩ වල බැහැල කෙලොගත්ත වගේනේ" කුජීතයි ඇ!

      Delete
    3. //ප්‍රොෆයිල් පොරක් නොදන්න මගුල් දෙසා බාන්න ගොස් කෙලෝ ගත්ත පසු//
      මා කෙලෝ ගත්තා යැයි කියන්නේ ඔබලාමය. අපේ ෂෝක් අපිට ෂෝක් කියන්නේ ඕකට නේද? සිංහල බෞද්ධ මාක්ස්වාදය හා ඔයාලගේ සමාජවාදය කල්ප අවසානයදක්වා ආයිත් එන්නේ නෑ ඒක නිසා මං වගේ නිකං ආතල් එකට මේ වගේ වැඩ කරන එකෙක්ට අපි කෙලියා කියල වත් ආතල් එකක් ගනින් මචං ධනවාදය එක්ක හැප්පෙන්න ධනවාදයට කෙලවන්න උඹලට හිතන්නවත් බෑ ඒක නිසා අපි පැරා ගේ බ්ලොග් එකේ උදිතට කෙලියා කියලවත් හිත සනසා ගනින්.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා