සිංදු කියන බුද්ධාගම

Art of Living Ashram in Bangalore
මම දින කීපයක් ඉන්දියාවේ බැංගලෝර්හි ශ්‍රී ශ්‍රී රවි ශංකර් නම් ශාස්තෘවරයා විසින් පවත්වාගෙන යන 'ආට් ඔෆ් ලිවිං' මධ්‍යස්ථානයේ පුහුණුවකට සහභාගි වුණා. සහභාගි වුණා කියනවාට වඩා එය නිරීක්ෂණය කළා ය කියන එක නිවැරදියි. මන්ද, මම ශරීරයට වධ දී සැප අපේක්ෂා කරන සුදර්ශන් ක්‍රියා වැනි මිථ්‍යා විශ්වාස කරන්නේ නැහැ. මම එක් වතාවක් එය කර බලා අතහැර දැම්මා.

පස්සෙ කාලෙක 'ශාස්තෲ' නවකතාව ලියද්දී මෙතැනදී ලැබූ ඇතැම් අත්දැකීම් මට මහත් සේ ප්‍රයෝජනවත් වුණා.

එහි සිටි සන්ධ්‍යා කාලවලදී මා මහත් ප්‍රමෝදයට පත් වූ අවස්ථාවක් තමයි හැන්දෑවට එහි ශ්‍රවණාගාරයේදී භජන් ගායනයන්ට සවන් දීම. ආගමික භක්තියෙන් කරන ගීත ගායනා විසින් ගයන්නාත්, අසන්නාත් මහත් සතුටටට පත් කරනවා.

19වන සියවස අග භාගයේදී ඔල්කට්තුමාගේ පරම විඥානාර්ථ ව්‍යාපාරය විසින් ලංකාවේ බුදු දහම ක්‍රිස්තියානි ආදර්ශය අනුව ප්‍රතිසංස්කරණය කළා‍. නත්තල් කාඩ් වගේ වෙසක් කාඩ්, නත්තල් බැති ගී වගේ වෙසක් බැති ගී ආදී දේ එකතු වී වෙසක් උත්සවයත් නත්තල වගේ ප්‍රීති උත්සවයක් බවට පත් කෙරුණා.

පස්සෙ කාලෙ කුරුසය වගේ ධර්ම චක්‍රය කරේ එල්ලා ගත් අය එහෙමත් දකින්න ලැබුණා. වෙසක් එකටත් සමහරු කැවිලි, පෙවිලි හදනවා. ඒවායින් දන්සැලුත් දෙනවා. වෙසක් පෙරහැරත් පැවැත්වෙනවා. ඔලුබක්‍කන් නටවන එක නම් පසුගිය දිනවල බොදු බල සේනාව තහනම් කළා ය කියනවා.

මේ විදියට ම, මීට සියවස් ගණනකට පෙර, හින්දු බලපෑමත් බෞද්ධ සංස්කෘතියට එකතු වුණා. පන්සල්වල ම දෙවියන් අදහන, පුද පූජා කරන දේවාල බිහි වුණා. “නැකත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසු වී යයි. වැඩට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?” යි විමසූ බුදුන්ගේ දහම අදහන සිංහල බෞද්ධ මෝඩයෝ ජ්‍යෝතිෂය බදාගෙන වධ විඳිති. ‍කේන්දර බලන්නන්ට නම් රජ මඟුල් ය.

ඒ බව දැක්වෙන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය.

"නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"

මෑතක සිට බෞද්ධ අන්තවාදී කල්ලි විසින් ඉස්ලාම් අන්තවාදය අනුගමනය කරමින් බුදු දහම ප්‍රතිසංස්කරණය කරන්නට යත්න දරමින් සිටින බව පෙනේ. 

පහත පළ වන වීඩියෝව බලන්න. මේ වනාහි සායි බාබාගේ, ශ්‍රී ශ්‍රී රවි ශංකර්ගේ ආට් ඔෆ් ලිවිං වැනි ආගමික ප්‍රවණතාවල මෙන් ම කිතු දහමේත් ඇති ආගමික ශ්‍රද්ධාව වැඩීම හා පළ කිරීම පිණිස ගායනා යොදා ගැනීම බෞද්ධ සංස්කෘතියට උපු‍ටා ගැනීම සඳහා වූ සාධනීය උත්සාහයකි. 

මෙවැනි භක්ති සංගීත ශෛලීන් විසින් මිනිසුන් තුළ ශාන්ත රසයක් ජනනය කරන බැවින් මිනිස් සිත් සතන් සන්සුන් කිරීම පිණිස එය ඉවහල් වන්නට පුළුවන.



පහත පළ වන්නේ ආට් ඔෆ් ලිවිං භජන් ගායනයක්.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. බජන් විරාගීව හැසිරෙන වීතරාගීන් හැර සියල්ලටම සමාජය හා නොගැටී ජීවත් වීම අසීරුය.මේ බජන් සංගීත cult following යන්නෙන් හැඳින්වෙන අනුගාමිකයන්ට කියන්නෙ පරදු දරන අය (stakeholders) කියල. ඕනෑම මතභේදයක දී මේ අය කවුරුන් දැයි සොයාගන්නට හැකිනම් අවුල ලිහා ගන්න පහසුයි. සමහර පරදු දරන අය ගැන සදහන් සංගීත අපිට වැඩියෙන් ඇහෙද්දී, ඉතා ඛේදනීය තත්වයන්ට මුහුණ දෙන පරදු දරන්නන් ගැන අහන්නවත් ලැබෙන්නෙ නැති අවස්ථා තියෙනවා.

    බජන් ගීත සොරකම් කළ ක්‍රියාව දිහා බලන්නේ, අජිත් ගේ 'ශාස්තෲ' නවකතාවද අපරාධයක දී දේපල සම්බන්ධයෙන් පවතින සාමාන්‍ය නීති වලින් විමර්ශනය කරද්දී. යම් පුද්ගලික සංගීත සමාගමක් ඔවුන්ගේ දේපල භාවිතයෙන් යම් නීති විරෝධී ක්‍රියාවක නිරත වෙනවා නම් අපරාධය විමර්ශනයේ දී ඒ පුද්ගලික සමාගමට ඒ ගීතය අහිමි වේ. අන්න ඒ ලසුමිතිකය 'ශාස්තෲ' නවකතාව අයිතීන් සමඟ සංස්ථායී (consistent) වන ක්‍රියාවන් අනුව ගිවිසුම් වලට එකඟ වීම සීමාසහිත බවකින් යුක්ත වෙන්නකි.

    එම නිසා රහසිගත වූ නීත්‍යානුකූල නොවන ක්‍රියාවන් ආරක්ෂා කරන්නට නම් විශ්වස්‍ය ගිවිසුම නීත්‍යානුකූල නොවේ. එසේම එවිට ඒවා ආචාර ධාර්මික ද නොවෙති.එම නීතිමීමාංස විද්‍යාවේ (science of jurisprudence) කාර්ය භාරයය ගැන අජිත් පැරකුම් ගේ මතය දැන ගැනීමට කැමැත්තෙන් සිටිමි.

    ReplyDelete
    Replies
    1. තමන් දන්න දැනුම අනිත් එක්ක බෙදා ගන්න උවමනාව මිනිස් ප්‍රාජකයන් අතර වූවක්. ඇහෙන හැම දෙයක ම පටලවා තියෙන මුලාව සහ සත්‍යය හඳුනා ගැනීමේ වගකීම ඇත්තේ තමන් අත.

      බජන් ගීත, සායි බාබාගේ, ශ්‍රී ශ්‍රී රවි ශංකර්ගේ ආට් ඔෆ් ලිවිං වැනි ආගමික ප්‍රවණතා ගැන යාන්තමකින් හෝ දැනුමක් බහුතරයකට නැහැ. ඒ නිසාම බජන් ගීත නොවන ගීත කොතරම් වැදගත් කාර්ය භාරයක් ඉටු කරනවා ද යන්න ද දන්නෙ නැහැ. මුතුන් මුත්තන් සිට භාවිතා වූවා යැයි කියැවෙන සමහර බජන් ගීත වලට අනවශ්‍ය ලෙසින් ඇබ්බැහි වෙලා සිටීමෙන් ඇතිවන අවුල ගැන දන්නත් නැහැ.


      පැරකුම් බජන් ගීත හෙලා දකිමින් මෙවැනි භක්ති සංගීත ශෛලීන් මාකට් කිරීම හරියට නිව් යෝර්ක් නගරාධිපති සෝඩා පානයේ ආදීනව ගැන කියමින් ඊට තහනම් ගෙනෙමින් හොට් ඩෝග් කොච්චරක් ගිලින්න පුළුවන් දැයි උත්සව පවත්වනවා වගේ.

      Delete
  2. meka ada divayine lipiyak... w3 balana ayatath wedagath wei kiyala hithuna... akamethi aya nobala inna... baninawa nam mata baninna.... digata hita ridena comments nam danna epa... karunaakarala....

    ReplyDelete
  3. ආදරණීය දිගා ඔබට දිගාසිරි!

    2013 ජුලි මස 20 වෙනිදා මහරගම යොවුන්
    ර`ගහලේදී පැවැත්වෙන නිශ්ශංක දිද්දෙනිය
    ප්‍රසාද ප්‍රණාම උපහාර උළෙල නිමිත්තෙනි.



    1945 ජනවාරි මාසේ 27 වෙනිද රත්නපුර දිස්‌ත්‍රික්‌කයෙ, කහවත්තෙ, පනාවැන්න ගමේ කොස්‌තැන්නෙ වත්තෙ ගෙදරට විශේෂ දවසක්‌. එදා ඒ පවුලෙ අයගෙ මුහුණු සතුටු සිනාවෙන් පිරිල ඉතිරිලා ගිහිල්ලා... හරියට පුංචි ම`ගුල් ගෙදරක්‌ වාගෙ. දිද්දෙනියගේ පීරිස්‌ සිංඤොa නම් වූ පියාණන්ගෙත්, ඇස්‌ලිස්‌නෝනා නම් වූ මෑණියන්ගෙත් වාසනාවන්ත පවුලට තවත් අලුත් සාමාජිකයෙක්‌ එකතුවුණා. ඒ තමයි අද අපේ කථා නායකයා. හෙන්රි නිශ්ශංක දිද්දෙනිය.

    පස්‌සේ කාලෙ වේදිකාව, සිනමාව, පුංචි තිරේ මේ කොයිකෙත් ජයකෙහෙළි නංවපු නිශ්ශංක දිද්දෙනිය හෙවත් ආදරණීය සහෘදයො 'දිගා' කියල කතාකරන කලාකරුව අපේ රටට හිමිවුණේ එහෙම.

    1950 දසකයෙ පනාවැන්න ගමේ ටීටර් මඩුවෙන් පටං ගත්තු කලාකාර ජීවිතේ අදවෙන කොට බොහෝ දුර ගිහිං. රාජා සුමනපාල කියන කලාකරුවාගෙ 'අංගුලිමාල' වෙසක්‌ නාට්‍යයෙන් ර`ගපෑම පටං ගනිද්දි පුංචි දිගාට අවුරුදු 14 ලැබුව විතරයි. එදා ඉඳල අද වෙනතුරු ගතවෙච්චි අඩසියවසකට වැඩි කලක්‌ ඔහු කලා ලෝකයේ විවිධ මංපෙත් ඔස්‌සේ ශිල්ප දැක්‌වුවා.

    ඒ සියල්ලට මුල්බිම් වෙච්චි ගැමි ර`ගම`ඩලත්, පාසල් වේදිකාවත් ඔහුගේ කලාවෙ තිඹිරිගෙය වුණා. 1963 දී ''නරිඋගුල'' නාට්‍යයෙ ර`ගපාල සමස්‌ත ලංකා මුල් තැන් ගත්තු ඔහු, ටීටර්, නැටුම්, සංගීත හා භක්‌ති ගීත ආදී තරගවලදී තමුංගෙ පාසල නියෝජනය කළේ සෙස්‌සන් අභිබවමින්.

    හාපුරා කියල තමුංගෙ තාත්ත වෙළට බහිද්දි තාලෙට නෙලුම් කවියක්‌ කියල වැඩේට මුල පිරුවෙ අම්ම. දිගාගෙ සුන්දර කලාකාර ජීවිතේ හෝඩි පොතේ පිටු පෙර`ඵනේ ඒ විධියට. රසභාව හඳුනන සහෘදයෙක්‌ගෙ ආත්ම පෞරුෂය වැඩෙන්නට අවශ්‍ය මුල් පදනම වැටුනෙ එහෙම. ඒ අයුරින් දිගාගෙ ජීවිතේ කලාවෙ මුල් බිජුවට රෝපණය වුණේ හොඳ සාරවත් පසක. අම්මගෙ කටහ`ඩින් ගැයුණු නැළවිලි ගීයේත්, නෝඵම් කවියේත් මිහිරි සරය දිගාගෙ පපු කැනැත්තෙ පැළපදියං වුණේ සදා නොමැකෙන විධියට.

    පස්‌සෙ පැල්මඩුල්ලෙ ගංකන්ද මධ්‍ය විද්‍යාලයෙන් උසස්‌ අධ්‍යාපනය සඳහා වරම් ලබාපු ඔහුගෙ ජීවිතේ වසන්තය උදාවුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආවට පස්‌සෙ. අපේ රටේ නාට්‍ය කලාවේ අගතැන්පත් මහැදුරු සරච්චJද්‍ර සූරීන් හමුවීම ඔහුගෙ ජීවිතයෙ සුවිශේෂතම සන්ධිස්‌ථානය වුණා. දිගා පැල්මඩුල්ලෙන් එද්දී පේරාදෙණියට, මනෝ ආව පොරමඩුල්ලෙ ඉඳල. ජාඩියට මූඩිය වාගෙ දෙන්නම සරච්චන්ද්‍ර තුමන්ගෙ ගෝලයො වෙච්චි.

    1969 දෙන්නම එකතුවුණේ 'පේමතෝ ජායතී සෝකෝ' නාට්‍යයට. ඉන්පස්‌සෙ තමයි මනමේ, සිංහබාහු, ලෝමහංස, මහාසාර වාගෙ රට හොල්ලපු වැඩට දායක වුණේ. දයානන්ද ගුණවර්ධනයන්ගෙ ගජමන් පුවත ඇතු`ඵ තවත් විචිත්‍ර නාටක ගණනාවකින් දිගා අපිට මුණගැහෙන්නෙ අතිශය දුලබ ගණයේ ගායන ශක්‍යතා සහිත ප්‍රශස්‌ත රංගධරයෙක්‌ විධියට.

    ධර්මසේන පතිරාජගෙ 'එයා දැන් ලොකු ළමයෙක්‌' හා අඳුරෙන් එළියට, අමරනාත් ජයතිලකගෙ තිලක හා තිලකා හා සුගතපාල සෙනරත් යාපාගෙ පියා හා දරුවෝ ඇතු`ඵ චිත්‍රපට රැසක ර`ගපෑ ඔහු තදින්ම ඇ`ඵම්කළේ වේදිකාවෙ ශිල්ප දැක්‌වීමට.

    2002 හා 2012 වර්ෂවල, ඕස්‌ටේ්‍රලියාවේ නිෂ්පාදනය කෙරුණු චම්පා බුද්ධිපාලගේ 'ක්‍රිෂ්ණා' හා 'නෙත්තාරා' යන වේදිකා නාට්‍යවල ප්‍රධාන චරිත ර`ගපෑ ඔහු දේශ දේශාන්තරවල නම් පතළ කලාකරුවෙක්‌.

    ඒත් ... දිගාට තාමත් හති වැටී නැහැ. ඔහු අදටත් මහාචාර්ය ආරියරත්න ඇතුගලගෙ මහසමයම, කේ.බී. හේරත්ගෙ මායාදේවි හා රෝහණ දන්දෙනියගෙ 'රාස්‌ස පරාස්‌ස්‌ ඇතු`ඵ තවත් නාට්‍ය ගණනාවක ර`ගපානව.

    මහචාර්ය සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, රාජා සුමනපාල, කරුණාරත්න බණ්‌ඩාර, පී. වැලිකල, ඩී.ඩී.ඡේ. විඡේසුන්දර හා සීතා වින්සර් යන ජ්‍යෙෂ්ඨයන් කෘතගුණපූර්වකව සිහිපත් කරන්නට දිගා අදටත් පැකිලෙන්නෙ නැහැ.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ''ගැමි දරුවෝ'' සහෘද ආදී විද්‍යාර්ථි ප්‍රජාවත් අද කරන්නෙ ඒ වාගෙම කෘතගුණ සැලකීමේ කාරියක්‌. ඒ කිව්වෙ, අඩ සියවසකට අධික කාලයක්‌ මේ රටේ රසික සහෘද ජනයා වෙනුවෙන් කලාකරුවකු ලෙස ඔහු කළ කැපකිරීම්වලට උපහාර දැක්‌වීමක්‌. එහෙමත් නැත්තම් ඇගයීමක්‌ ·

    කලාවට සෞන්දර්යට වගේම මේ රටේ සිද්ධවෙන සෑම යහපත් සද්ක්‍රියාවකටම ශක්‌තිය සපයන මමත් ඔහුගෙ ආදරණීය රසිකයෙක්‌ විදියට මේ පිංකමට අතගහන්නෙ ඒ නිසයි.

    ආදරණීය දිගා· ඔබට දිගාසිරි !

    ආචාර්ය සේන නානායක්‌කාර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
    ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

    ReplyDelete
  4. හොඳ ලිපියක්. හරවත් කරුණක් මේ වෙලාවේ ඉදිරිපත් කලාට ඔබට ස්තුතියි. කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි ගීතය මා දෙවරක්ම ඇසුවා. පාලි කොහොමටත් ගීතවත් භාෂාවක්නෙ.

    "යෝවද තම්පව රෝමානු ජේසු " ආදී ගාථා කෙතරම් ගිතමයද?

    හැබැයි ඒවා බජන් සංගීතය සමග එකතු කර ලිවිම ගැන නම් එකඟ වෙන්න බැහැ. බුදු දහමේ පාලි ආභාෂය අනුව සැදුනු ගීතමය ස්වරුපය වෙනමම තියෙනවා.ඔබ සමහර දිනක විවේචනය කරන ගලබඩ අත්තේ ඥානසාර හිමියන් බුදුගුණ වන්දනාවක් කරන ආකාරය අසා බලන්න. කොතරම් ගීතමය ස්වරයක් එතන තිබෙනවාදැයි ඔබම පුදුම වේවි. වේදිකාවේදී කෑගහන ගලබඩ අත්තේ ඥානසාර හිමි සහ බුදුගුණ වන්දනාව කරන ගලබඩ අත්තේ ඥානසාර හිමි අතර ඇති වෙනස ඔබ මවිත කරාවි.

    ReplyDelete
    Replies
    1. පව්..... බුද්ධිය පහල වේවා.... මාළු ඔලු කන්න....

      Delete
  5. http://lankacnews.com/sinhala/main-news/97678/

    ඒයි සමාජ වාජියා මේව ගැන උබගේ කෙල තොලු කටෙන් වචන පිටවෙන් නැත්තේ ඇයි? මට ඔබ ගැන පුද්ගලික තරහක් වෛරයක් නැත, ඇත්තේ ඔබ වැනි දෙබිඩ්ඩන් ගැන පිලිකුලකි. ඒකයි මගේ ප්‍රතිචාර සැර​.

    ReplyDelete
    Replies
    1. මූ තනිකර ෙලඩ කපුෙටක්. මූට අනුකම්පා කරපල්ලා.මූට පහන් තිර ගිල්ලවන්ඩ ඔ්න.

      Delete
    2. ඔයාගේ හාර්ට් කෑල්ල විතරක් ලයන් වුනු හැටිනම් මට තම හිතා ගන්න බැ.මොනවා වුනත් මුස්ලිම් පල්ලියේ කරලා තියන ගොන් අමන වැඩේ ඔයා මෙතන දාන කොමෙන්ට් වගේම හිරිකිත උපදවන තක්කඩි ක්‍රියාවක්. එය ඔබ පවසන අකාරයෙන්ම සිටුවී ඇත්නම් හෙළා දැකිය යුතු, පිටුදැකිය යුතු තත්වයක්. මෙයට පළමුව එරෙහි විය යුත්තේ මුස්ලිම් සමාජයයි. ඔවුන් ආගමට දක්ක්වන බිය කලකිරවන සුළුයි. මුස්ලිම් සමාජයේ ගුප්ත එකමතිය සාකච්චා කලයුතුයි. වැඩේ තියෙන්නේ එවැනි සංවේදී දේ සාකච්චා කරන විට ඔයා වගේ ජාතිවාදියෝ මැද්දට පැනල ගද ගස්සල කැත කරන එක තමයි.

      Delete
    3. AnonymousJuly 19, 2013 at 11:57 AM
      AnonymousJuly 19, 2013 at 11:18 AM

      අනුන්ගේ පඩ වලට වග කියන වට පඩයො නොවී හිටපන්, මම ඒව පැරකුම් එක්ක බලා ගන්නම්. අනුන්ගේ බෝල මිරිකන නපුන්සකයෝ වෙන්ඩ එපා.

      Delete
    4. මචෝ, උඹ ලයන් කෑල්ල ආවේ ඔයලගේ අම්ම කැලේට ගිය නිසාද නැත්නම් සිංහයා ගෙදර ආව නිසාද?

      Delete
    5. මේ වගේ අය තමා බොදු බලසේනාවේ වැඩිපුරම රංචු ගහන්නේ පාදඩ ලුම්පන් පංතිය........... වචන සෙට් එකම පේනවානේ, ඔය වචන සෙට් එක පැරා හමුවුනහම යොදන්ඩ.මොනවා කීවත් මේක දැන් පොදු බ්ලොග් එකක්නේ හුග දෙනෙක් කියවන. .......................
      පැරා මම දැන ගන්ඩ අහන්නේ මේක කී දෙනෙක් විතර බලනවාද?

      Delete
    6. ලයන් හාට් නමැති මේ දරුවාට වැලදී ඇත්තේ ගුල්ම රෝගය නොව අතීසාරයය.එම රෝගය මේ දිනවල හඳුන්වන්නේ නලීසාරය නමින්ය.
      පන්ඩිතකම+වාචාලකම=නලීසාරය.
      නලීන්+ඥාණසාර=නලීසාරය.
      වහාම වෙද මහතාගේ බ්ලොග් අඩවියට ගොඩවී ප්‍රතිකාර ලබාගන්න.
      සැ.යු.
      ඝණකම් අමුඩයකින් සැරසීයන්න.එතැන වැසිකිලි හෝදන සේවකයින් නොමැත.

      Delete
    7. @Thushan D Lion Heart,
      මචං උඹ ජිවත් වෙන්නේ වැසිකිලි වලකද ඇයිබන් උබ වචන දහයක් කෙටුවොත් එයින් අටක්ම මලපහ එක්ක සම්බන්ද වෙන්නේ. සිරාවටම උඹට මනෝ වෛද්‍ය වරයෙක් හම්බෙන්න කාලේ හරි. අනික ඔයා කොහොමද දන්නේ නපුන්සකොයෝ බෝල මිරිකනවා කියල. ඔයා කගේ හරි මිරිකුවද? මටනම් පෙන්නේ උබ සමුහ දුෂණයක ලක්වෙලා වගේ.
      මේ එක නෙමෙයි අර සිංහයා මතක් කළා කියපන් හොදේ.

      Delete
  6. පැරා කැරකිල කැරකිල මට ඕනැම තැනකට ඇවිත්.
    හෘද චක්රය කියන්නේ අපේ සැබැ අනන්යතාවය. සැබැ අනන්යතාවය තුල ප්රධාන ගුණ තුනක් තියනවා. ප්රේමය හෙවත් unconditional Love . දැනුම හෙවත් ප්රඥාව සහ සතුට හෙවත් unconditional Joy.
    මේ කරුණු තුනම එකට එකතු උනහම ඒ තත්වය අමරණිය වෙනවා. ඒකට අපි කියමු supreme consciousness (SC)කියල. ඒ තුල මම කියල කෙනෙක් නැහැ. එය Subject and object කියන එකෙන් තොරයි. තවත් විධිහකින් කියනව නම් Non Duel nature එකක්.
    මෙන්න මේ දේ, Limited consciousness (LC)වශයෙන් ඒ ආකාරයෙන්ම හෘද චක්රයේ තියනවා. මේ කියන SC,LC දෙක අතරෙ තියන වෙනස හරියටම සාගරයයි, එක වතුර බිංදුවකුයි වගේ. වතුර බිංදුවේ සාගරයෙ තියන ගුණ එහෙමම තියනවා. එකම වෙනස තමයි, වතුර බිංදුවට ඒකීයත්වයක් තියන එකත් සාගරය ඒකීයත්වයෙන් තොර වෙන එකත්. හෘද චක්රයේ තිබෙන මේ අමරණියත්වය මාන්නය හෙවත් මමත්වය පවතිනතාක්කල් අවභෝධ කරගන්න බැහැ. මේකට මාන්නය දියකර යැවිය යුතුයි.
    බජන්, ගීතිකා වාවෙග දේවල් භාවිත කරන්නේ මාන්නය, මමත්වය කියන එක දුර්වල කරවල මම අර කියපු Heart Consciousness එක වර්ධනය කරන්න.
    මේ අවශ්යතාවය තේරවාද ඉගැන්වීම් වලින් කවදාවත් සිදු උනේ නැහැ. ඒක තේරවාදි කියල කොටුවක් ඇඳගන ඒක ඇතුලට වෙලා ඉන්න අයට කවදාවත් නොතේරුනාට, ඒ කොටුවෙන් එලියට බැහපුහාම පැහැදිලි වෙන කාරණයක්.
    මෙය ප්රභලවම සිදුවෙන්නෙ ක්රිස්තියානි ආගම තුල. මම හිතන්නෙ ඕල්කොට් තුමා මේ කරේ, ලංකාව ක්රිස්තියානි කරනවා වෙනුවට, කිතුණු ශීල්පීය ක්රම භාවිත කරල ලංකාවේ බෞද්ධයනයන්ගෙ හෘද සාක්ෂිය අවධි කරවීමට උත්සහ කළා කියල.

    ReplyDelete
  7. නමුත් එදා ඕල්කොට් තුමාගෙ වැඩ පිළිවෙල අසාර්ථක උනා වගේම අද කැලණියෙ සරසවියේ වැඩ පිළිවෙලත් සාර්ථක වෙන්නෙ නැහැ. ඒකට හේතුවක් තියනවා.
    බජන් ගීතිකා යාඥා වාගෙ දේවල් එල්ලවෙලා තියෙන්නෙ දෙවියන් හෙවත් Suprem consciousness දෙසට. තවත් විධිහකට කියනව නම් තමන්ගෙ හෘද චක්රය දෙසට. තේරවාදි බුදුදහම තුල නිර්මාණය වන භක්ති ගීත එල්ල වෙලා තියෙන්නේ supreme consciousness හෙවත් "නිර්වාණයට "නෙමේ, ඒ පිළිබඳව කියා දුන් කෙනා හෙවත් බුදුහාමුදුරුවෝ වෙත.
    පණිවිඩ කරුවට ගෞරව කරන එකේ වැරුද්දක් නැහැ. නමුත් වඩාත් වැදගත් අරමුණයි. මොකද බුදුන් ඉන්නෙ හදවතේ නෙමෙයි. හිතේ. නමුත් භක්තිය තියෙන්නෙ හදවතේ. අරමුණ වෙන්න ඕනෙ හදවත අවධි කරන එක.
    මේ උගත්තු තේරුම් නොගත් දෙයක් තියනවා. බුදුගුණ කියන්නෙ බුදුන්ගේ ගුණ කියල. නමුත් නිවැරදි ඒක නෙමෙයි. බුද්ධත්වයේ ගුණ. නැති නම් නිර්වාණයේ ගුණ. නැති නම් Suprem consciousness එකේ ගුණ.
    ඔය වැරුද්ද කවදාවත් හදන්ට පුලුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ. ඒක හැදුවොත් තේරවාදය මහායාන බවට පත් වෙනවා.

    ReplyDelete
  8. බලාගෙන යනකොට හැම ආගමකින්ම කොටස් එකතු වෙලා තියෙනවා බුද්ධාගමට. ඒ කියන්නෙ මේ යන විදියට මුස්ලිම් ආගමේ බලපෑමෙන් තව අවු. 100කින් විතර සිංහල බෞද්ද පිරිමින් කොන කපයි. ඒත් කමක් නෑ ගෝත්‍රිකයෝ වගේ ගහ මරාගන්නේ නැතිනම්.

    ReplyDelete
  9. ඇයි අවුල්ද​?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා