Posts

Showing posts with the label බුදු දහම

සිංදු කියන බුද්ධාගම

Image
Art of Living Ashram in Bangalore මම දින කීපයක් ඉන්දියාවේ බැංගලෝර්හි ශ්‍රී ශ්‍රී රවි ශංකර් නම් ශාස්තෘවරයා විසින් පවත්වාගෙන යන 'ආට් ඔෆ් ලිවිං' මධ්‍යස්ථානයේ පුහුණුවකට සහභාගි වුණා. සහභාගි වුණා කියනවාට වඩා එය නිරීක්ෂණය කළා ය කියන එක නිවැරදියි. මන්ද, මම ශරීරයට වධ දී සැප අපේක්ෂා කරන සුදර්ශන් ක්‍රියා වැනි මිථ්‍යා විශ්වාස කරන්නේ නැහැ. මම එක් වතාවක් එය කර බලා අතහැර දැම්මා. පස්සෙ කාලෙක 'ශාස්තෲ' නවකතාව ලියද්දී මෙතැනදී ලැබූ ඇතැම් අත්දැකීම් මට මහත් සේ ප්‍රයෝජනවත් වුණා. එහි සිටි සන්ධ්‍යා කාලවලදී මා මහත් ප්‍රමෝදයට පත් වූ අවස්ථාවක් තමයි හැන්දෑවට එහි ශ්‍රවණාගාරයේදී භජන් ගායනයන්ට සවන් දීම. ආගමික භක්තියෙන් කරන ගීත ගායනා විසින් ගයන්නාත්, අසන්නාත් මහත් සතුටටට පත් කරනවා. 19වන සියවස අග භාගයේදී ඔල්කට්තුමාගේ පරම විඥානාර්ථ ව්‍යාපාරය විසින් ලංකාවේ බුදු දහම ක්‍රිස්තියානි ආදර්ශය අනුව ප්‍රතිසංස්කරණය කළා‍. නත්තල් කාඩ් වගේ වෙසක් කාඩ්, නත්තල් බැති ගී වගේ වෙසක් බැති ගී ආදී දේ එකතු වී වෙසක් උත්සවයත් නත්තල වගේ ප්‍රීති උත්සවයක් බවට පත් කෙරුණා. පස්සෙ කාලෙ කුරුසය වගේ ධර්ම චක්‍රය කරේ එල්ලා ගත...

නූපන් මෙතේ බුදුන්ටත් බිස්නස්වලින් ගැලවුමක් නැත |

Image
බුදුරුවගල (ස්තුතියි: ලක්දසුන් වෙබ් අඩවිය) ( 2010 සැප්තැම්බර් 05,  W3Lanka )  බුදු දහම විකුණාගෙන කන අසපු හිමියන් විසින් දැන් අලුත් ආගමික පූජාවක් පරීක්ෂණ මට්ටමින් දියත් කර තිබේ. ඒ වනාහි මෛත්‍රී බෝසතුන්ට පූජා පැවැත්වීමයි. කලින් කලට නිර්මානාත්මක ආගමික ව්‍යාපාරිකයන් විසින් හඳුන්වා දෙන ලද බෝධි පූජා, පහන් පූජා, අධිෂ්ඨාන පූජා, අටවිසි බුද්ධ පූජා, තෙසැත්තෑ ඥාන පූජා ආදී වූ ලැයිස්තුවට මෙම පූජාව ද එක් වනු ඇත. බුදුන් දෙසූ දහම පිළිපැදීමට ජනයා පෙළඹවීමට වඩා යම් යම් අභිචාරයන් ප්‍රවර්ධනය කිරීම හා ඒ හරහා ධනෝපායන මාර්ග විවෘත කර ගැනීම අරමුණු කර ගත් පිරිසක් මතු වී ඇති අතර මෙවැනි ඇතැම්  ව්‍යාපාරිකයෝ තමන් මෛත්‍රී බෝසතුන් බව ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ පවසති. ගෞතම බුදුන් දෙසූ දහම අනුගමනය නො කර, ගස්-ගල් වන්දනාව පතුරුවන, යුද්ධයට, චෞරයන්ට ආවඩන, වෛරය පතුරුවන, බුදු හිමියන් විසින් ‍බහුජන හිත සුව පිණිස ධර්ම ප්‍රචාරය කරනු වස් පිහිටුවන ලද භික්ෂු සංඝයේ මූලික විනය පිටුදකිමින් කාමසුඛල්ලිකානුයෝගී ව  දිවි ගෙවන ආතමික ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයෙන් නුපන් මෛත්‍රී බුදුන්ටවත් ගැලවීමක් නොමැත. අන්...

ආක්‍රමණික, ආධිපත්‍යවාදී අරමුණින් ආගමික ස්ථාන ඉදි කිරීම රජයේ පාලනයට | Sri Lanka government takes control of the construction of shrines with purposes of domination

Image
(2010 ජුනි 24,  W3Lanka )  ආගමික වශයෙන් පැනනැගිය හැකි අනවශ්‍ය මතබේද හා ගැටුම්කාරී තත්ත්වයන් වළක්‌වාලීමේ අරමුණින් අවිධිමත් අයුරින් විවිධ ප්‍රදේශයන්හි හිතුමතයේ ආගමික ස්‌ථාන ඉදි කිරීම වහාම ක්‍රීයාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. මේ අනුව ඉදිරියේදී රටේ ඕනෑම ප්‍රදේශයක කුමන ආගමක හෝ නව ආගමික ස්‌ථානයක්‌ ඉදිකරන්නේ නම් ඒ සඳහා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගෙන අයෑදුම්පත්‍රයක්‌ සම්පූර්ණ කර අදාළ පළාත් පාලන ආයතනය වෙත ඉදිරිපත් කළ යුතු වේ. එම අයෑදුම්පත්‍රය අදාළ ප්‍රදේශයේ ප්‍රදේශීය ලේකම්වරයාගේ නිර්දේශය ඇතිව විෂය භාර අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කිරීමෙන් පසු කරුණු අධ්‍යයනය සඳහා පත් කෙරෙන කමිටුවක්‌ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අවසර ලැබෙනු ඇති බව කියැවේ. ආගමික ස්ථාන ඉදි කිරීම වනාහි ඉතිහාසය පුරා ම ලොව හැම තැන ම පාහේ හැම විට ම අවිහිංසාවාදී ක්‍රියා නොවේ. ආගමික ස්ථාන ඉදි කිරීම පසුපස ආගමික භක්තිය මෙන් ම ආධිපත්‍යවාදී හා ආක්‍රමණික අරමුණු තිබේ. යටත් විජිත සමයේ පාලකයන්ගේ අනුග්‍රහයෙන් මේ රටේ ක්‍රිස්තියානි පල්ලි ඉදි කළේ ආක්‍රමණික අරමුණු සහිතවයි. ඒ හා ස...

පියුමි බොතේජුගේ පන්සලේ විවාහය හා සැබෑ බුදු දහම | Piyumi Boteju's wedding in the temple and true Buddhism

Image
ළා දළු බෝ පත් සෙමින් සැලෙන සේ  (2010 මැයි 12 -  W3Lanka )  පියුමි බොතේජු නිළියකි. සුන්දර කාන්තාවකි. ඇය හර්ෂ බුලත්සිංහල සමග විවාහ වන බවට කට කතා පැතිරිණි. එහෙත් පසුගිය දිනෙක ඇය විවාහ වුණේ වෙනත් අයකු සමගයි.  අප ඇය පිළිබඳව කතා කරන්නේ මේ කිසිවක් නිසා නොව, ඇය විවාහ වුණේ කොළඹ ගංගාරාම පන්සලේදී නිසා ය. එහෙත්, පන්සලකදී විවාහ වූ පළමු යුවල ඔවුහු නොවෙති. නළුවකු වන අමිත්ත වීරසිංහ විවාහ වුණේ ජනාධිපති මන්දිරයේදී ය. එවකට පැවති ආරක්ෂක තත්වය නිසා ඔහු වැනි පුද්ගලයෙකුගේ විවාහ මංගල්‍යයට පැමිණීම අනතුරුදායක බැවින් 'උඹ මෙහේදි බැඳපන් කොල්ලෝ' යයි ජනාධිපතිතුමා යෝජනා කරන්නට ඇත.  රෙජිස්ට්‍රාර් සහ සාක්ෂිකරුවන් සිටිත් නම් හා වයස නිසි නම් ද, කලින් බැන්ද කසාදයක් තවමත් නීත්‍යනුකූල නැතිනම් ද යුවලකට ඕනෑ නම් අතුරක් උඩදී වුව කසා ද බැඳීමේ තහනමක් නැත.  පන්සලේදී කසාද බැඳීම පිළිබඳ අපේ කිසිදු වි‍රෝධයක් නැත. අද කාලේ ඇතැම් පන්සල්වල සිදු වන දේ දෙස බැලූ විට යුවලක් විවාහ වීම සඳහා පන්සල තෝරා ගැනීම අහිංසක ක්‍රියාවකි. එහෙත්, මෙවැනි දේ සිදු වන වාතාවරණය සැකසෙන්නේ කුමන අන්දමින්දැයි විමසා බැලීම ර...

සීවලී හිමිද සීවලී බුදු හිමිද? | Seevali Thero or Seevali Buddha?

Image
(2010 අප්‍රේල් 06- W3Lanka  )  කොටුව දුම්රියපොළ ඉදිරිපිට සරත් ෆොන්සේකා නිදහස් කරන්නැයි ඉල්ලමින් උපවාසයේ යෙදී සිටි බුද්ධ පුත්‍රයන් සුනඛ කලේබර සේ කුදලා බසයෙන් පොලිසියට වඩම්මාගෙන යන අන්දම බොදුනුවන්ගේ පහන් සංවේගය පිණිස කෙසේ හේතුභූත වූවාදැයි අපි නොදනිමු. පසුගිය ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බාර්කාර ඇමතිවරයෙකුගේ මැරවරයෝ තවත් බුද්ධ පුත්‍රයකු ‍පරලෝකප්‍රාප්ත ක‍ළහ.  මේ අතර දඹුල්ලේ සන්ධාන චංඩියා වන ජනක බංඩාර තෙන්නකෝන් හා ඔහුගේ සුබ අනාගතය වන ප්‍රමිත බංඩාර තෙන්නකෝන් ගලේවෙලදී බුද්ධ රූපයක සිරස කැඩුවේ යයි යන ප්‍රචාරය බොරු යයි ඔප්පු කිරීම සඳහා පොලිසිය විසින් කරන ලද පරීක්ෂණය පිළිබඳ වාර්තා කරමින් ආණ්ඩුවේ ඉපියාව රුවිතෙට ගිය හොරණෑව වන දිනමිණ තවත් පිස්සුවක් නටා ඇත.  "ගලේවෙල පොලිස් බලප්‍රදේශයේදී බුද්ධ ප්‍රතිමාවකට හානි සිදුකර එහි සිරස කඩා දැමීමේ සිද්ධියට ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් හෝ ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කිසිදු සම්බන්ධයක් නොමැති බවට පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි...." ආදී වශයෙන් සඳහන් කරන දිනමිණ මෙසේ ද කියයි. මෙම සිද්ධිය සම්බන්...

මහාබෝධියේ අයිතිය වෙනුවෙන් ඉන්දීය සුළුතර බෞද්ධයන්ගේ සටන ලංකාවේ බෞද්ධ නායකයන්ට නො පෙනෙන්නේ ඇයි?

Image
(2010 ජනවාරි 11 -W3Lanka) බුද්ධෝත්පත්තිය සිදු වූ ගයාවේ මහාබෝධි විහාරයේ අයිතිය වෙනුවෙන් පැන නැඟී තිබෙන ප්‍රශ්නයේදී සුළුතරයක් වන බෞද්ධයන්ගේ ඉල්ලීම් කෙරෙහි සැලකිල්ලක් නොදැක්වූයේ යයි කියමින් ඉන්දීය ජාතික සුළුතර කොමිෂම බුද්ධගයාව අයත් වන බිහාර් ප්‍රාන්තයේ රජය විවේචනය කරයි. අනාගාරික ධර්මපාලතුමා විසින් ආරම්භ කරන ලද නීති ක්‍රියාමාර්ගයක ප්‍රතිඵල ලෙස මීට වසර 60කට පමණ පෙර සම්පාදනය කරන ලද නීති ප්‍රකාරව මහාබෝධී විහාරය පාලනය කරනු ලබන්නේ බෞද්ධයන් සිව්දෙනෙකුගෙන් හා හින්දූන් සිව්දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් විසිනි. නීති අනුව ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයා හින්දුවරයකු නම් එහු මෙම භාරකාර මණ්ඩලයේ සභාපති විය යුතු ය. මෙම නීති මගින් හින්දූන්ට මහාබෝධිය පාලනයේ ආධිපත්‍යය හිමි වී ඇතැයි යන පදනම මත නීති වෙනස් කරන ලෙස ඉල්ලා භාන්තේ බුද්ධ ශරාන් ඇතුළු බෞද්ධ කණ්ඩායමක් විසින් උපවාසයක් ආරම්භ කර තිබේ. මෙම උද්ඝෝෂණය පිළිබඳ ලංකාවේ බෞද්ධ නායකයෝ නිහඬ ය. ඒ ඇයි? ඉන්දියාවේ බෞද්ධයන් සුළුතරයක් වන නිසා ද? සුළුතර අයිතිවාසිකම්වලට ගරු කිරීම ලංකාවේ ඕල්කට්වාදී සිංහල බෞද්ධයන්ගේ අධිපති මානසිකත්වයට අනුකූල නො වන නිසා ද?

හෝල්ට්! මාගම්මන ප්‍රාතිහාර්යය වඳින්න යන්න කලින් කියවන්න

Image
(2009 නොවැම්බර් 05 - W3Lanka ) නිකවැරටිය හා දොළුකන්ද ආශ්චර්යයන් වැඳ පුදා ගැනීමෙන් හා රට පුරා සියලු බුදු පිළිමවලින් රැස් විහිදෙනු බලා ගැනීමෙන් පසු කලකින් බෞද්ධ ප්‍රාතිහාර්යයක් දැක බලා ගැනීමට නො ලද ලාංකිකයන්ට දෙහිඕවිට මාගම්මන සුගතාරාම විහාරස්ථානය විසින් සූදානම් කර තිබෙන  බෝ මුලකින් මතු වූ බුදු රුව ප්‍රෝඩාවක් බව උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර ලක්බිම පුවත්පතට කර ඇති ප්‍රකාශයකින් හෙළිදරව් වේ. මෙම බුදු රුව බෝ ශාඛයේ මුලකින් මතු වූ ගෙඩියක් බව ද එහි අසාමාන්‍යතා දුටු බව ද මුලින් කී ආචාර්ය සිරිල් විජේසුන්දර දැන් සියල්ල හෙළිදරව් කරමින් එම ගෙඩියේ තියුණු ආයුධයකින් බුදු රුව කොටා කලක් පස් යට සඟවා තබා ඇති බව පවසයි.    බුදුහිමියන්ගේ රුව පවා විකෘති කරමින් ජනතාවගේ ඇසට වැලි ගැසීමට දරන මෙම ප්‍රයත්නය පිටුපස භික්ෂූන් ද ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, දැනටමත් සිය දහස් ගණනින් ජනයා එම ප්‍රාතිහාර්යය දැක බලා ගැනීමට ඇදෙමින් සිටින බව හා ප්‍රදේශයේ සල්පිල් ආදිය විවෘත වෙමින් ඇති බව වාර්තා වේ. පසුගිය සමයේ මෙවැනි බොරු හාස්කම් නිසා දොළුකන්ද විහාරයේ පිරිත් පැන්...

ඉතින් දුවමු මාගම්මන - මතකද දැන් නිකවැරටිය?

(2009 නොවැම්බර් 03 - W3Lanka ) නිකවැරටිය හා දොළුකන්ද ආශ්චර්යයන් වැඳ පුදා ගැනීමෙන් හා රට පුරා සියලු බුදු පිළිමවලින් රැස් විහිදෙනු බලා ගැනීමෙන් පසු කලකින් බෞද්ධ ප්‍රාතිහාර්යයක් දැක බලා ගැනීමට නො ලද ලාංකිකයන්ට දැන් දෙහිඕවිට මාගම්මන සුගතාරාම විහාරස්ථානයේ බෝ මුලකින් මතු වූ බුදු රුවක් දැක බලා ගැනීමට යාමට අවස්ථාව ලැබී තිබේ.  මෙම බුදු රුව බෝ ශාඛයේ මුලකින් මතු වූ ගෙඩියක් බව ද එහි අසාමාන්‍යතා දුටු බව ද ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර ජනමාධ්‍යයකට කියා තිබිණි. එහෙත් එම අසාමාන්‍යතා මිනිස් අතින් කරන ලද වෙනස්කම්දැයි ඔහු පවසා නැත.  කෙසේ වෙතත්, දැන් සසිය දහස් ගණනින් ජනයා එම ප්‍රාතිහාර්යය දැක බලා ගැනීමට ඇදෙමින් සිටිති. ප්‍රදේශයේ සල්පිල්, ත්‍රිරෝද රථ නැවතුම් හා නැවතුම්පළවල් ආදිය විවෘත වෙමින් තිබේ. පසුගිය සමයේ මෙවැනි හාස්කම් නිසා දොළුකන්ද විහාරයේ පිරිත් පැන් බෙදූ අනුරාධපුරයේ නන්දවිමල හිමි ඇතුළු බොහෝ අය ධනවත් වූ අතර මාස කීපයකට පසු ජනයාට එම ස්ථාන පිළිබඳව අමතක විය. කෙතරම් අමතක වී තිබේ ද යත් දොළුකන්ද පිළිබඳ අමතකව සිටි අප එම ස්ථානයේ නම දැනගැනීම සඳ...

මෙන්න පන්සලක ඇඩ් එකක්!

Image
(ජුලි 21, 2009 - W3Lanka) ඇතැම් පන්සල් බුදු දහමට පටහැණි ව්‍යාපාරවල යෙදෙන්නේ අද ඊයේ සිට නොවේ. එහෙත්, පත්තරවල දැන්වීම් දමාගෙන අවිද්‍යා අන්ධකාරය අලෙවි කිරීම අලුත් ප්‍රවණතාවකි. පහත පළ වන දැන්වීම එවැනි පළමු දැන්වීම නොවේ. මීට පෙරද ඇතැම් භික්ෂූහු රෝග සුව කිරීම්, යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ආදිය ගැන පත්තරවල ඇඩ් දැමූහ. කුස්වල වෙද හාමුදුරුවෝ නමැති භික්ෂුව ඇඩ් දමන්නේ ඒවා ඇඩ් ලෙස නොපෙනෙන අන්දමින් පුවත්පතේ ලිපි ලෙස පෙනෙන සේ ය. මේවාට පන්සල් ද ඈඳාගෙන තිබේ.  එහෙත්, මෙම දැන්වීම කෙළින්ම පන්සලක් පිළිබඳ දැන්වීමකි. මෙහෙම ගියොත් ඉදිරියේදී "දෙව් ලොව යන්න - අපේ පන්සලට එන්න" ආදී දැන්වීම් ජනමාධ්‍යවලින් ප්‍රචාරය වන දිනයකුත් ඒවි. ආගමික නායකයන්, දේශපාලක බෞද්ධයන් මේ ප්‍රවණතාව ගැන කියන්නේ කුමක්ද?