ආක්‍රමණික, ආධිපත්‍යවාදී අරමුණින් ආගමික ස්ථාන ඉදි කිරීම රජයේ පාලනයට | Sri Lanka government takes control of the construction of shrines with purposes of domination

(2010 ජුනි 24, W3Lankaආගමික වශයෙන් පැනනැගිය හැකි අනවශ්‍ය මතබේද හා ගැටුම්කාරී තත්ත්වයන් වළක්‌වාලීමේ අරමුණින් අවිධිමත් අයුරින් විවිධ ප්‍රදේශයන්හි හිතුමතයේ ආගමික ස්‌ථාන ඉදි කිරීම වහාම ක්‍රීයාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.


මේ අනුව ඉදිරියේදී රටේ ඕනෑම ප්‍රදේශයක කුමන ආගමක හෝ නව ආගමික ස්‌ථානයක්‌ ඉදිකරන්නේ නම් ඒ සඳහා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගෙන අයෑදුම්පත්‍රයක්‌ සම්පූර්ණ කර අදාළ පළාත් පාලන ආයතනය වෙත ඉදිරිපත් කළ යුතු වේ.


එම අයෑදුම්පත්‍රය අදාළ ප්‍රදේශයේ ප්‍රදේශීය ලේකම්වරයාගේ නිර්දේශය ඇතිව විෂය භාර අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කිරීමෙන් පසු කරුණු අධ්‍යයනය සඳහා පත් කෙරෙන කමිටුවක්‌ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අවසර ලැබෙනු ඇති බව කියැවේ.


ආගමික ස්ථාන ඉදි කිරීම වනාහි ඉතිහාසය පුරා ම ලොව හැම තැන ම පාහේ හැම විට ම අවිහිංසාවාදී ක්‍රියා නොවේ. ආගමික ස්ථාන ඉදි කිරීම පසුපස ආගමික භක්තිය මෙන් ම ආධිපත්‍යවාදී හා ආක්‍රමණික අරමුණු තිබේ. යටත් විජිත සමයේ පාලකයන්ගේ අනුග්‍රහයෙන් මේ රටේ ක්‍රිස්තියානි පල්ලි ඉදි කළේ ආක්‍රමණික අරමුණු සහිතවයි. ඒ හා සමානව ම පශ්චාත් යටත් විජිත සමයේ පන්සල් ඉදි කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ද ආධිපත්‍යවාදී අරමුණු වෙනුවෙනි. 


පශ්චාත් යුද සමයේ මෙය සිදු වන්නේ අතිශය ආක්‍රමණකාරී ලෙස පමණක් නොව අවිහිංසාවාදී දහමක් දෙසා වදාළ බුදු හිමියන්ට උපරිම අන්දමින් අගෞරව වන අන්දමිනි. කොටි සංවිධානයේ ග්‍රහණයෙන් අල්ලා ගන්නා ලද උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා විසින් තැන නො තැන නො බලා අටවා තිබෙන සෞන්දර්යයකින් තොර බුදු රූ මේ සඳහා නිදසුන් වේ. 


සුළුතර ආගමිකයන් බහුතරය ලෙස ජීවත් වන ප්‍රදේශවල ද මේ හා සමාන ආධිපත්‍ය ප්‍රදර්ශන ක්‍රියා සිදු වේ. 


මෙම සෑම ආධිපත්‍යවාදී ක්‍රියාවක් පිටුපස ම වෙනත් ආගමිකයන් ප්‍රකෝප කිරීමේ ආගමික නො වන දුෂ්ඨ අරමුණක් තිබේ. 


මේ ආගමික උන්මාදය භාවිතා කර ඇතැම් දේශපාලකයෝ මෙම ආක්‍රමණික ක්‍රියාවලට පක්ෂව හෝ විපක්ෂව ජනතාව උසි ගන්වා ඔවුන්ගේ කර පිටින් ගොස් සිය අරමුණු ඉටු කර ගන්නට මාන බලති. 


මේ අතර, තවත් ඇතැම් කපටි මේ ඔස්සේ විවිධ වානිජ අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරති. නිදසුනක් ලෙස පානදුර නගර මධ්‍යයේ ඇති එක් බුදු රුවක් ගැන ප්‍රදේශයේ ප්‍රසිද්ධ කට කතාවක් වන්නේ එක් ව්‍යාපාරිකයෙකු මෙම බුදු රුව ඉදි කිරීමට අනුග්‍රහ දැක්වූවේ ඒ ආසන්නයේ ඇති සිය වෙළඳසල් පාර පුළුල් කිරීමේදී කැඩී යාම වළක්වා ගැනීමට බවයි. 


මේ ආගමික උන්මාදය භාවිතා කරමින් තවත් පිරිසක් වටිනා ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීමේ ජාවාරමක ද යෙදී සිටිති. ආණ්ඩුවට මෙය වැළැක්වීම සඳහා නීති පනවන්නට සිදු වී ඇත්තේ එබැවිනි. 

Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. මෙතන පේන්නෙ බුදුපිලිම විතරද?
    ඇයි රට වටේ තම්බියෝ අටවන පල්ලි පේන්නැද්ද.
    එවුන් කොහෙහරි ඉඩමක් විකුනන්න තියනවනං රෑන පිටින් ඒක අරගෙන මුඩුක්කු අටවනවා ඊට පස්සෙ සනුහරේ බෝකටන්න ගන්නවා අවුරුද්දක් ඇති ඊටපස්සෙ එතන පල්ලියක්. අහල පහල එකෙකුට කනක් ඇහිල ඉන්න නෑ.

    ReplyDelete
  2. about Muslim Mosques, good observation and true as well. In arabian countres, all are muslims. In Sri lanka it is not so. Why the governmnet can not stop loud speakers on Mosques. Is it becuase then they have stop pirith in temples too?

    ReplyDelete
  3. pissu parakumta penne budhdhaagama gana witharo. NGO walin uthurea gahala thiyena palli wala gaanath muuta penne natho. mokadha muth NGO salli gilina ekek ne.

    ReplyDelete
  4. කොට් ඔය ප්‍රදෙෂ බලෙන් යටත් කරගෙන සිටි කාලයේ තිබු සිද්දස්ථාන විනාශ කිරිම ගැන කාතානොරන තොපි.. දැන් කහිනේ කාවෙනුන්ද..? NGO වල කටුලෙවකන පරයෝ.. ඇස්වල හෙන වැදිලාද.. අනෙක් ආගම්වල යාක්ඥා මඩු හදාගෙන මිනි මරණවාට වාඩා බුදු පිලිම පිහිට විම මගේ පවුද්ගලික මතය අනුව හොඳයි.. පරයිනි පටු වාසි වෙනුවෙන් කඩේ යන්න එපා...


    ෴ ඇති තතු දකින්න කියන්න෴
    ©ලංකාවේ සිංහයෙක්

    ReplyDelete
  5. @Sinhayek

    අනේ සිංහයෝ ඔයාගේ සිංහල නම් මාරයි.

    ReplyDelete
  6. Me burana balu sinhayo okkoma ekatuwela, agamai,jathiyai ,desha premayai,vikunan kana hora sinhayanta rata baradeela un tata kanaheti balu kukko wage balan innawa.Me burana ekekutawath,rata,jathiya,agama,gena kisima kekkumak nehe,mun kahinne lebena mas katu walata.Api nodanna deshapremiyo.

    ReplyDelete
  7. @ voter puke panuwek gihillada bola ka gahallea. ubata uthtara nathi hinda thamayi ka gahanne. koti winasa karapu baudhdha siddasthana gana ube katha naththe moko? NGO karayo busal gaanata uthure hadana palli gana katha naththe moko? kateyi pukeyi dekema pittu hira welada?

    ReplyDelete
  8. To anonymous.
    Your language alone speaks about your mentality,religiousness and education.

    ReplyDelete
  9. @ Voter...
    dont be surprise my friend... its the nature of modern day "applied buddhism"! They (like Sinhaya & Anonymous) show it at their best by following their leaders very well!

    I feel very sorry about the Editor who spend his time and energy to initiate a productive and intellectual conversation through his articles. But he mainly receives comments from utter idiots.

    Dimithry

    ReplyDelete
  10. Ha, Ha! you bastards. When I asked about NGO financed churches in North and about Buddhist shrines that LTTE destroyed, you took the cheap shot at my language. Still you have not answered the point. You are sore losers.

    Losers like Ajith who lick the NGO boots never speak about NGO funded churches springing up in post-war north. Even bfore there are any settlement, a church is situated. But most of the places no Kovil is in the vicinity.

    Ajith, you are practising double standards, and you are a hypocrite, and an EPIC FAILURE.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා