නව ලිබරල් ධනවාදය තුළ සම්ප්‍රදායික සංස්කෘතියට හිමි තැන | The place of traditional culture in neoliberalism


(2010 ජුනි 06, W3Lanka)  සංවර්ධන උන්මාදය ගාලු මුවදොර බිලි ගනියි ද? යන මැයෙන් වූ ලිපිය පිළිබඳ අපූර්ව විසින් දක්වන ලද අදහස් සමග සංවාදයක් ගොඩනඟා ගැනීම මෙම ලිපියේ අරමුණයි.


අපූර්ව විසින් මතු කරන ලද අදහස් කීපයක් මෙසේ ය:


"යාලේ, විල්පත්තුවේ වන සතුන් ඉන්නේ සෆාරි සංචාරක ව්‍යාපාර වෙනුවෙන් අලෙවි වන්නටයි.


මුහුදු වෙරළ තිබෙන්නේ සුද්දන්ට සුද්දියන්ට අව්ව තපින්නට හා ඒවා බල බලා කොල්ලන්ට ස්වයං වින්දනයේ යෙදෙන්නටයි."


ඩනවාදය දැන් ක්‍රියාකරන්නේ ලෝක ක්‍රමයක් ලෙසයි. එහිදී කේන්ද්‍රයේ රටක පවතින ඩනවාදය නඩත්තු කිරීමට අනිවාර්ය ලෙසම පරිවාරයේ රටවල මෙවන් තත්වයක් පවත්වා ගැනෙයි. ධනවාදයේ වර්තමාන මුහුනුවර එබඳුය. කවුරු අමෙරිකානු ඩනවාදයට කැමති වුවත් වර්තමාන තත්වය තුළ පරිවාරයේ රටවලට සිදුවන්නේ මෙවන් කටු කෑමටම පමණි.


මාක්ස්වාදී අරුතින් ඩනවාදය විසින් පැරණි වැඩවසම් සම්බන්ධකම් වෙනස් කරනු ඇතැයි සිතීම තවමත් වලංගුද? (අපූර්ව) 


අප ඒ පිළිබඳව දැක්වූ අදහස මෙසේ ය.: 


නව ලිබල් ගෝලීය ධනවාදය නියත වශයෙන් ම වැඩවසම් සම්බන්ධකම් වෙනස් කරයි. සුද්දන් ගල්කිස්ස වැල්ලේ අඩ නිරුවතින් අව්ව තපින විට, ලංකාවේ විශ්ව විද්‍යාලවල ඇඳුම් සම්බන්ධයෙන් ඇති වැඩවසම් ආකල්ප අර්බුදයට පත් වන ආකාරය නිදසුනකි. 


ආර්ථිකයේදී ගොවියා 'මඩ සෝදා ගත් කළ රජකමටත් සුදුසු ය' යනාදී මුළාවෙන්ගෙන් ගහණ වැඩවසම් තත්වයේ සිට කෘෂි කම්කරු තත්වයට පත් වීම තවත් නිදසුනකි. එහෙත්, අප ඒ නිසා එය ඇගයිය යුතු නැත. (එහි පැසසීමට දෙයක් නැත. මන්ද ධනවාදය අද සියලු ව්‍යූහාත්මක ගැලපුම් කරන්නේ දුප්පත්කම නැති කිරීම නාමයෙන් ය. එහෙත්, සිදු නො වන්නේ ද එය ම ය.) 


වෙළඳපොළ ධනවාදයට වඩා දියුණු සමාජවාදී සමාජ ක්‍රමයක් වෙනුවෙන් අප සටන් කළ යුත්තේ එබැවිනි. එම නව සමාජය අර්ථකථනය කරන (ලෝක) සංවාදයට අප සම්බන්ධ විය යුතු ය. ධනවාදය ඉතිහාසයේ අවසානය නොවේ.


සුද්දියන් හෙලුවෙන් සිටිනාවිට ඇඳුම් ගැන සම්ප්‍රදායික අදහස් අර්බුදයට ගොස් නව අදහස් මතුවන්නේද නැත්නම් එය ස්වයං වින්දනයකින් පමණක් කෙලවර වේද යන්න විමසිය යුතුය. බැසිලියානු ධනවාදය සහ නාමලියානු ධනවාදය සාටකයක් අඳිනවා නේද? ටයි කෝට් අඳින රනිල් ඔලුව බේරගෙන ඉන්නෙත් ගොඩක් අමාරුවෙන් නේද?  (අපූර්ව) 


නව ලිබරල් ධනවාදය තුළ සම්ප්‍රදායික සංස්කෘතියට හිමි තැන ඇත්තෙන් ම මතභේදාත්මකයි. බැසිල්ගෙ, නාමල්ගෙ කරේ තිබෙන කුරහන් සාටකය විග්‍රහ කර ගැනීම මෙහිදී වැදගත්,


මේ ගොල්ලන් කුරහන් කන්නේ නැහැ. ඔලුවෙන් නිව්යෝක්වල ඉන්න මේ අයට මැදමුලන කියන්නේ සිය පංතිමය අසංස්කෘතිකභාවයේ හීනමානය වසා ගන්නට තිබෙන සළුවක් හා සිය සම්ප්‍රදාය ගරුකභාවය ඡන්දදායකයන්ට අලෙවි කිරීම සඳහා යොදා ගැනෙන සංකේතයක් පමණයි. 


අනෙක, දැන් කුරහන් සාමාන්‍ය මිනිසුන්ට මිළ දී ගත නොහැකි තරම් ගණන්. මේවා කන්නේ ඔය දියවැඩියාව වැනි ලෙඩ ඇති අය සහ ඒවා කෑමෙන් වඩා යහපත් සෞඛ්‍යයක් අපේක්ෂා කළ හැකි ය ආදී කාරණා මත පිහිටා සිටින ඇති හැකි අයයි. මේ සංදර්භය ඇතුළේ කුරහන් වවන අයට හොඳ වෙළඳපලක් සහ වැඩි ආදායමක් ලබා ගත හැකියි. ඕනැ නම් රට පෝර වෙනුවට කාබනික පෝර දාලා වටිනාකම් එකතු කිරීමක් ද කළ හැකියි.


මම හිතන්නේ නව ලිබරල්වාදය විසින් සම්ප්‍රදාය කියන සංකල්පයත් අදහස් වෙළඳපොල තුළ වෙළඳපොලකරණය කරලා. දැන් බලන්න මහින්ද, බැසිල්, නාමල් සම්ප්‍රදාය ගරු කරන මිනිසුන් ලෙස මතු කර පෙන්වන ඡන්ද ව්‍යාපාර කළේ ඒ කියන සම්ප්‍රදායන් තුට්ටුවකට මායිම් නො කරන ඉන්දියන් ප්‍රචාරණ සමාගම්.


මේ ප්‍රෝඩාවලට අප රැවටීමත් වෙළඳ ගනුදෙනුවක්.


ඔබේ අදහස් දක්වන්න. 

Comments

  1. සංස්කෘතිය යනු බැඳීමකි. බන්ධනයකි. එය මිනිසාගේ නිදහස් නිවහල් චින්තනයට බාධාවකි. නව නිර්මාන, ආකල්ප වලට සංස්කෘතිය යනු වැට කඩොලකි. මෙය වඩාත් ඉස්මතු වන්නේ මිනිසාගේ ලිංගිත්ව සිතුවිලි පාලනයට සංස්කෘතිය යොදා ගත් විටය. ලිංගික පීඩනයෙන් සිටින පුද්ගලයාට එය සංසිඳවන ක්‍රමයක් ගැන මිස වෙනත් යමක් ගැන ඔලුවට එන්නේ නැත. මෙහා සම්බන්ධ උදාහරන මනෝ විද්‍යාවේ බොහෝ ඇතත් අපට මෙහිලා සරළ උදාහරනයක් ගත හැකිය. එනම්, මිනිසාගේ ලිංගිකත්වය පාලනය කර (අද අප භාවිතා කරන ) සංවර්ධන මිනුම් දඬු වලට අනුව සංවර්ධනය වූ රටක් ලොව ඇත්ද. පිලිතුර නැත යන්නයි. සංස්කෘතිය යනු මිනිසාගේ සංවර්දනයට බාධාවකි.

    ReplyDelete
  2. මගේ අදහස අප වැනි රටවල වැඩවසම් ආයතන අතිශයින් ශක්තිමත් බවයි. එමනිසා මෙවන් රටවල ධනවාදය වර්ධනය වන්නේ වැඩවසම් බව සමඟ සම්මුති වලට එලබෙමිනි.

    ‍යටත්විජිතකරණය බලන්න. එය තුල වැඩවසම් අදහස් යම් ප්‍රමාණයකට වෙනස් වුවද, (කම්කරුවෙක් වර්ජනය කලවිට ඔහු තම කුලයේ අයෙකිය කියා කම්හල් හිමියා ඔහු එලවන්නේ නැතුව සිටින්නේ නැත.)බොහෝ සෙයින්ම පැරනි සබන්දතා තහවුරු කලෙය (සිංහල බෞද්ඩ, පුරුශ, ගොවි කුල අධිපතිවාදය ) එනිසා ධනවාඩය මේ රටතුල කලේ වැඩවසම් ආයතන අහෝසි කරනු වෙනුවට ඒවා තවදුරටත් තහවුරු කිරීමයි යන අදහස මම අනුමත කරමි.

    අධිරාජ්යවාදය ලතින් අමෙරිකාව වෙත එනවිටත් ඔවුන්ගේ සමාජ සබඳතා වෙනස් වී තිබුනි. එමනිසා ඝුන්ඩාර් ෆ්‍රැන්ක් වැන්නන් නිගමනය කලේ ධනවාදයට කිරීමට 'ප්‍රගතිශීලී' කාර්යයක් එමරටවල නොමැති බවයි.

    අපේ අනුභූතිය අපට පෙන්වන්නේ මෙවන් රටවල 'සම්ප්‍රදාය' ඉතා ශක්තිමත් නිසා ධනවාදය එය සමග සම්මුතිගත වන බවයි. එමනිසා මෙවන් රටවල 'සමාජවාදීන්' (හෝ විකල්පයන්) සම්ප්‍රදාය වෙනස් කිරීමේ වගකීමද බාරගත යුතුයයි මම සිතමි.

    අපූර්ව

    ReplyDelete
  3. @ editor

    ඔබේ ස්ථාවරය පැහැදිලි කරගැනීම සදහා ප්‍රශ්නයක් අහන්න අවසර.

    දැන් රාජපක්ෂ රෙජිමය නව ලිබරල් මාදිලිය දෙස හැරිල ඉන්න බව පැහැදිලියි.මේ සංවර්ධන මාදිලිය දකුනු අමෙරිකානු රටවල පට්ට ගහපු එකක් බවත් ඒවා ඇතුලෙ ඒ රටවල සිදුවුන ආශ්චර්ය කොයිවගේ එකක්ද කියලත් අපි දන්නව.මෙය දිලින්දන් හා පීඩිතයන් තවදුරටත් සමාජ කවයේ මුල්ලකට තල්ලු කරල දාන සුලුතරයකගේ මනදොල පිනවන මාදිලියක්ය යන්න ගැන ( කවර නිකායකට අයත් වුවත්) වාමාංශිකයන් අතර පොදු එකගතාවක් තියනව කියල මම හිතනව.

    මගේ ප්‍රශ්නය - රාජපක්ෂගේ මේ දේශපාලන ව්‍යාපෘතිය ඉදිරියේ වාමාංශික කොටස් ( මෙතන මම වම කියන වචනය ඉතාම ලිහිල් තේරුමකින් යොදාගන්නෙ) ගන්න ඕ‍නෙ කියල ඔබ කල්පනා කරන ප්‍රායෝගික ආස්ථානය මොකක්ද?
    උදා-ජලය බහුජාතික සමාගම් වලට විකුනන්න යනවා නම් සමහරු කියන විදිහට ඒක ධනවාදී "ප්‍රගතිශීලි" පියවරක්ය කියල පිලිගැනීමද?නැත්නම් ඒකට එරෙහිව ඉන් පීඩාවට පත්වන කොටස් වෙනුවෙන් පෙනී සිටීමද?
    මේවා ධනවාදී ප්‍රගතිශීලි පියවර නම් "ප්‍රගතශීලි" වැඩවලට වාමාංශිකයන් විරුද්ධ විය යුත්තේ ඇයි?මේකෙ තර්කානුකූල අන්තය වෙන්නෙ ධනේශ්වර ප්‍රතිසංස්කරන කරමින් "ප්‍රගතශීලි" වැඩ කරන රාජපක්ෂ ආන්ඩුවට වම සහය දිය යුතුයි කියන එක නේද?

    මේ අවුල එන්නෙ මෙතන වැඩවසම්වාදයට එරෙහිව ධනවාදය පන්නයේ ගැටුමක් තියනව කියල හිතාගෙන ඉන්න හින්ද.මෙතන ඇත්තටම තියෙන්නෙ ධනවාදයේ ආකාතින් අතර ගැටුමක් මිස වැඩවසම්වාදය එ ධනවාදය පන්නයේ අවුලක් නෙමෙයි.නව ලිබරල් ආකෘතියට ගියත් රාජපක්ෂ රෙජිමයේ වැඩවසම් සංස්කෘතික ලක්ෂන ඒ විදිහටම තියෙයි.ලංකාවේ මහා ලිබරල්වාදියා විදිහට ඉන්න රනිල් වික්‍රමසිංහ පවා ඔහුගේ පක්ෂය ඇතුලෙ අරගෙන යන වැඩවසම් ඒකාධිපති පන්නයේ පාලනය සලකල බලන්න.

    සුබසාදන ලක්ෂන ශේෂ වුන ධනවාදයක ඉදල ඒ ලක්ෂන නැති උග්‍ර ධනවාදයකට මාරු වෙන්න උත්සාහ දරන අවස්ථාවක වම කරන්න ඕනෙ මේ ආකෘති වර්නනා කිරීම නෙමෙයි ‍මේ ආකෘති දෙකටම විරුද්ධ විකල්පයක් වෙනුවෙන් පෙනී සිටීම කියලයි මම හිතන්නෙ.
    { ඔබ‍ගේ ලෙනින් සම්බන්ධ ස්තාවරය කුමක්දැයි මම දන්නෙ නැහැ.නමුත් මීටත් වඩා වැඩවසම් ලක්ෂන පැවති 1917 අප්‍රේල් රුසියාව ඇතුලෙ විප්ලවීය වෙනසකට ලෙනින් යෝජනා කල වැඩපිලිවෙල සලකලා බලන්න.ධනේශ්වර ක්‍රමය විසින් කල යුතු ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරන ( උදා - ගොවිජන ප්‍රශ්නය,ජාතික ගැටලුව) විසදීමේ කර්තව්‍යය සමාජවාදී විප්ලවය විසින් භාරගත යුතුය - මේ තමයි ඒ වැඩපිලිවෙලේ හරය }

    ReplyDelete
  4. අහන්න ජැක්සන් ඇන්තනීගෙන්,ලියවන්න පිටපත,හොයන්න ලොකේෂන්,ප්‍රධන න්ළුවට මහින්දව ගන්න කියන්න,සපොටින් ඇක්ටර්ට සජිත්ව ගන්නකියන්න,නිළියට අනර්කලිව,දුෂ්ඨයාට දුමින්ද සිල්වාව,චන්ඩියාට මර්වින්,හෙන්චයියාට ජී.එල් ගහන්නකියන්න ‍ෆිල්ම් එකක් එවිට බලාගතහැකි ලිබරල් ධනවාදයේ මෙතෙක් ලොව බිහිවු හොඳම ඩොකියුමන්ට්‍රිය.රනිල්ට එන්න කියන්න ප්‍රෙක්ෂක්යෙක් විදියට.

    ReplyDelete
  5. It is important whether it is new liberalism or old socialism as you often preach to have some respect and acknowledgement for cultural values. Even if you take a commercial organisation, the values and operating systems could be on culture that it build up in its evolvement that drives it forward. I think that is an accepted factor in any form of nation or organisation. The issue is how far we take these values without hindering or losing sight of our modern realities. We cannot keep on preaching the values that were prevalent and applicable 30 years ago, should be the norm in 2010.We most of the time resisit change as we all know the most difficult for all of us the fear of change. But if we are pragmatic and reasonable in thinking we should be able to adopt.
    You have raised the issues of selling our beaches and having foreign women in their bikinis lying on the sands of our beaches as unfathomable act. It is very sad we measure of culture on these deeds.. Down to the ages of our history we too have had this kind of expressionism and exhibitionism in our socities.The kings in their harems had these beauties performing for them in much more vulgar form. W e even had gay activism in our own temples. But that does not mean Buddhism is wrong or unworthy of worship. The modern day kings, queens, princesses all perform these activities in the luxury of their palaces or 5 star comfort. May be the poor trishaw driver becomes the pimp when it is canvassed but not the high class model or businessmen who does that with the support and blessing of the authorities.
    So dear editor, we cannot be so unconventional, just to venerate culture and ignore modern day realities.Whether it is madamoolana or lavariya’s son they all will abuse the system when they can. These pampered babies do not perform in their local schools, these papa’s and mama’s will send them to ‘Eton College or Oxford at our expense. Or use the presidential fund to take care of their coughs and colds in the salubrious climate of Europe. Let’s not forget the fact we are short of meant resources to ensure sustainable development ,that could give our starving nation some hope. We should not think we are the only girl on the beach to attract all the attention. We may brag about beaches, but we should understand we are also filthy, crowded and not the most sort after destination. The ‘suddah’s does not need to come here to show their asses.T here is plenty of freedom and privacy in many of our neighbouring countries who are directly competing for this small piece of pie we are trying to compete. We need to be realistic, yes I agree we need some form of regulatory measures sans corruption. We need to protect our environment, we need to have our values, but at the same time we should be pragmatic enough to see the opportunity that will at least help our poor, mostly illiterate(not in the sense or index of reading and writing) some consolation in their struggle to survive in this harsh globalized environment.
    On your last issue of development /or reclaiming land from the sea is again looked at from a very pessimistic point of view. Our neighbouring India claimed some land from the sea along the ‘narriman point beach on the hub of Mumbai. The Malaysians are doing along the Malacca Stretch. The Hongkhong Airport is almost in the sea. Reclaimed land. Singapore has reclaimed many areas. Dubai and Emirates have many areas. These are areas close to our country. When the density of the population is high in certain high value areas, theses remedies may needed. It should not be looked in only from the point of short term bitterness. We need to remember we cannot be a Burma or North Korea and try to do this all alone, thinking we can be self sufficient on every front. We need hard cash. We have to evaluate what we have and use those recourses, not just think and hide behind our past glories, culture or selfdestructing patriotism. Just open our eyes to the realities in modern economic world.

    ReplyDelete
  6. @ editor

    There is no point of leaving comments if you don't intent to response.I'm not sure about the interest you have on our kind of non intellectual "graamya vamanshika" comments :)
    still this is not productive in order to develop a healthy discource

    ReplyDelete
  7. Ramachandra,
    I have very high regard about your comments and think it is so good in building up a dialogue.

    I will reply tomorrow lengthily. Please give me some time.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා