බැසිල් රාජපක්ෂගෙන් පටන් ගෙන අර්ජුන් මහේන්ද්‍රන් දක්වා මුල්‍ය අපරාධ විමර්ශන
හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කළේ විශේෂ මුල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසයි. ඒ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදු වී තිබෙන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ය. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. මිහින් ලංකා ආයතනයේ සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීමට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම පියවර ගත්තේ ය. ගෝඨාභය රාජපක්ෂ සිය හිතවතුන් පිරිසක් යොදවා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම ඉදිරිපිට නීති විරෝධී විරෝධතා සංදර්ශනයක් පැවැත්වූයේ ය. පොලිසියෙන් ගුටි කන්නට බලාගෙන කළ මෙම සංදර්ශනයට ඉඩ දී පොලිසිය බලා සිටියේ ය. කරපු විරෝධතාවේ හැටියට ගෝඨාභය විමර්ශනය ප්‍රතික්ෂේප කළ යුතු වුණත්, අවසානයේදී ගෝඨාභය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට ගියේ ය. ගිහින් කීවේ අදාළ චෝදනාව සත් වසකට පෙර සිදු වූ කරුණක් සම්බන්ධ නිසා, තමන්ට එය පිළිබඳ නිසි මතකයක් නැති බැවින් ඒ පිළිබඳ සවිස්තර කටඋත්තරයක් දීමට මාස තුනක් දෙන ලෙසයි. කොමිෂම ප්‍රශ්නයක් මතු නො කර ඔහුට ඒ කාලය දුන්නේ ය. වැරදි විමර්ශනය නො කරනු පිණිස ...