මේ සතිය තමයි පුතේ සම්මා සතිය ඕනැ කරන සතිය

මේ සතිය ඉන්දු ලංකා සම්බන්ධතාවල වැදගත් සතියකි. ජනාධිපති සහෝදර බැසිල් රාජපක්ෂ මේ සතියේ ඉන්දියාව බලා යයි.  ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක සිවසංකර් මෙනන් ද මේ සතියේ අග ලංකාවට එන්න නියමිතයි.

මේ ගමන් බිමන්වල නිමිත්ත 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත සංශෝධනය කිරීම පිළිබඳ ආණ්ඩුවේ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමයි. 

පැහැදිලියි. ආණ්ඩුව ලෑස්ති වෙන්නේ බලය විමධ්‍යගත කිරීමේ ව්‍යූහය අබ්බගාත කර දමන්නයි. ඒක තේරුම් ගන්න පුළුවන් දෙයක්. මුළු ලංකාවේ ම බලය තමන් තුළට කේන්ද්‍ර කර ගන්න  මේ වන විට රාජපක්ෂ පවුල සමත් වෙලා ඉවරයි. කැබිනට් මණ්ඩ‍ලයේ සිට ප්‍රාදේශීය සභාව දක්වා අනෙකුත් බල ව්‍යූහයන්ට කරන්න තිබෙන්නේ පාලක පවුලේ අයට පඩික්කම් අල්ලන එක ව‍ගේ දේවල් විතරයි.

ඔය අව් අස්සේ උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන පාලනයක් පිහිටෙව්වොත්, මේ ඒකාධිපති පාලනය අවුල් වීම එතැනින් ආරම්භ වෙනවා. මොකද, පළාත් සභාව බලතල පාවිච්චි කරන්න ඉඩ තිබෙනවා. මෙතනදී ලොකු ම ප්‍රශ්නය ඔය පොලිස් බලතල නම් නොවෙයි. පළාත් සභාවල පොලිස් බලතල ගැන ආණ්ඩුවේ ඉත්තකු වන සී.ඒ. චන්ද්‍රප්‍රේම කියන්නේ මෙහෙමයි. 

"13 වන සංශෝධනයෙන් පළාත් සභා වලට පැවරූ පොලිස්‌ බලතල 17 වන සංශෝධනයෙන් පුළුල් වෙනසකට භාජනය වූ අතර එහි එක වගන්තියකින් කවදා හෝ පළාත් සභා පොලිස්‌ බලතල ක්‍රියාත්මක කරන්නේ නම් එයට අවකාශ ඉතුරු කරමින් විධි විධාන පනවා තිබුණු බවත් 18 වන සංශෝධනයෙන් ඒ ඉඩ ඉතුරු කරමින් පනවා තිබූ වගන්තිය ඉවත් කිරීම හේතුවෙන් මේ වන විට පළාත් සභා පොලිස්‌ බලතලවලට ව්‍යවස්‌ථාමය අවකාශයක්‌ නැති බවයි. කොටින්ම කියතොත් පළාත් සභා පොලිස්‌ බලතල ව්‍යවස්‌ථාවෙන් අතුරුදන් වී ඇත."

හැබැයි, මේ අදහස් පළ වන දිවයින පත්තරේම වැඩ කරන කීර්ති වර්ණකුලසූරිය වගේ ප්‍රාඥයන් මෙහෙම වාර්තාත් පළ කරනවා. මේවා විහිළු වගේ පෙනුනාට ලංකාවේ ජන මනස හැඩ ගැහෙන්නේ මේ විහිළුවලින් තමයි. 

පළාත් සභාවලට පොලිස්‌ බලතල
දීමේ විපාක පොලිස්‌පති කියයි


කීර්ති වර්ණකුලසූරිය

පළාත් සභාවලට පොලිස්‌ බලතල දුන්නොත් ඇතිවන විපාක පිළිබඳව පොලිස්‌පති නලින් ඉලංගකෝන් මහතා ජාතික ආරක්‍ෂක මණ්‌ඩලයේ පැවැති විශේෂ සමුළුවකදී පෙන්නුම් කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ විශේෂ සමුළුවට ඩිව් ගුණසේකර සහ වාසුදේව නානායක්‌කාර යන අමාත්‍යවරුන් ද සහභාගි වී තිබේ.

පළාත් සභාවලට පොලිස්‌ බලතල ලබාදීමෙන් ඇතිවන අනතුරුදායක තත්ත්වය ගැන පොලිස්‌පතිවරයා මෙහිදී දේශනයක්‌ කරමින් පැහැදිලි කර තිබේ.

මේ අතර පොලිස්‌ බලතල දීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකු පැවසුවේ පොලිස්‌ බලතල යනු වාහන වැරදි සම්බන්ධයෙන් රියෑදුරු බලපත්‍රය ලබාගෙන දඩ කොළයක්‌ දීම නොවන බවත් ඊටත් එහා ගිය බලතල බවත්ය.

මහ ඇමැතිවරයකු වැරැද්දක්‌ කළහොත් පරීක්‍ෂණ පවත්වන්නේ ඔහුගේ පොලිසියයි. එම අපරාධය ගැන ජනතාවගෙන් පැමිණිලි ලැබුණොත් රහස්‌ පොලිසියට යාපනයට ගොස්‌ පරීක්‍ෂණ පවැත්වීමට නම් මහ ඇමැතිගෙන් අවසර ගැනීමට සිදුවෙනවා. එවන් අවසරයක්‌ මහ ඇමැති ලබා දෙයි ද යෑයි එම පොලිස්‌ නිලධාරිෙ එයා ප්‍රශ්න කළේය.

ආණ්ඩුවට හෙවත් රාජපක්ෂ පවුලට උතුරු පළාත් සභාව ඉඩම් බලතල භාවිතා කිරීම ගැන තිබෙන ජාතිවාදී අදහස පාලක පවුලේ මතය ප්‍රකාශ කරන ඉත්තකු වන චන්ද්‍රප්‍රේමගේ ලිපියෙන් පැහැදිලිව පෙනෙනවා. චන්ද්‍රප්‍රේම මෙහෙම කියනවා. 

"13 වැනි සංශෝධනයේ විධි විධානවලට අනුව මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘතිවල ඉඩම් බෙදිය යුත්තේ ජනගහනයේ ජනවාර්ගික ප්‍රතිශතයන් අනුවය. එය කියවූ අයකුට සිතෙන්නේ සිංහල මිනිසුන් බහුතරය වන නිසා එවැනි ඉඩම්වලින් බහුතරයක්‌ සිංහල මිනිසුන්ට ලැබෙන බවත් එම ඉඩම්වලින් ජනගහනයේ ප්‍රතිශතය අනුව 20% ක්‌ පමණ දෙමළ මිනිසුන්ටත් 10% ක්‌ පමණ මුස්‌ලිම් මිනිසුන්ටත් ලැබෙනු ඇතිය වැනි අදහසකි. නමුත් ජනවාර්ගික ප්‍රතිශතය අනුව ඉඩම් බෙදිය යුතු යෑයි කියා තිබුණ ද අදාළ පළාතේ ජනවාර්ගික සංයුතිය වෙනස්‌ නොවිය යුතු බවද එයත් සමගම පවසා ඇත. මේ දෙවනුව කී කාරණය නිසා උතුරු පළාතේ ඉඩම් බෙදිය හැක්‌කේ බොහෝ දුරට දමිළ ජාතිකයන්ට පමණි.

"උතුරු පළාතේ ඉඩම් බොහෝ දුරට දමිළ ජාතිකයන්ට පමණක්‌ සීමා කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමකි. මෙකී 12 වැනි වගන්තියෙන් කියෑවෙන්නේ ශ්‍රී ලංකාවේ කිසිම පුරවැසියකුට ජාතිය, ආගම, කුලය වැනි කාරණා පදනම් කරගෙන වෙනස්‌කම් කළ නොහැකි බවයි. නමුත් උතුරේ ඉඩම් කට්‌ටි ඇතැම් අයට බෙදා දීම හුදෙක්‌ම ජාතිකත්ව පදනම මත පමණක්‌ ප්‍රතික්‍ෂේප කිරීමට අවකාශය උතුරේ පළාත් සභාවට 13 වැනි සංශෝධනය විසින් බලය පවරා ඇත."

දැන් මේකේ අග්ගිස්සට චන්ද්‍රප්‍රේම මෙන්න මෙහෙම කෑල්ලකුත් එකතු කරනවා. "එම බලයම අනෙක්‌ පළාත් සභාවලට ද ලැබේ. මේ ආකාරයට රජයේ ඉඩම් සඳහා අයෑදුම්කරුවන්ගේ ජාතිය, කුලය, ආගම බැලීමෙන් සමානාත්මතාව අගයන ඒකීය රාජ්‍යයක්‌ ගොඩනැගිය හැකිද යන්න ගැන ජනතාව වෙනම සිතා බැලිය යුතුය." .

දැන් මේ අනෙකුත් පළාත් සභා දැන් අවුරුදු විසි ගණනක් තිස්සේ ක්‍රියාත්මකයිනේ. ඒ පළාත් සභා විසින් චන්ද්‍රප්‍රේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි කියන ඒ බලය දශක තුනක් තිස්ස භාවිතා කළා. ඒත්,  'මේ ආකාරයට රජයේ ඉඩම් සඳහා අයෑදුම්කරුවන්ගේ ජාතිය, කුලය, ආගම බැලීමෙන් සමානාත්මතාව අගයන ඒකීය රාජ්‍යයක්‌ ගොඩනැගිය හැකිද යන්න ගැන ජනතාව වෙනම සිතා බැලිය යුතු' බව චන්ද්‍රප්‍රේමට මතක් වන්නේ දැනුයි. 

මේ තමයි ජාතිවාදය. මේ වගේ ජාතිවාදයක් තමයි පාලක පවුල කර පින්නාගෙන ඉන්නේ. ඔවුන් දැන් ඉදිරිපත් කරන සියලු සැක සංකාවන් පැන නඟින්නේ මෙතැනින්.   

අඩු තරමේ තමන්ගේ පවුලෙන් පිට අන්තේවාසිකයන් සමගවත් සැලකිය යුතු බලයක් බෙදා ගන්න අකැමැති ඒකාධිපති පවුලක් බලය බෙදා ගැනීම ගැන මේ තරම් ඍණාත්මක ලෙස හිතන එක පුදුම විය යුතු දෙයක් නොවෙයි.  

කොහොම වුණත් මේ සතිය තමයි සතිය. ඉන්දියාව වැඩේට බහින ආකාරය ඉතා වැදගත්. ඉන්දියාවත් රාජපක්ෂ ආණඩුවේ ගේමට යම් ආකාරයකින් සෙට් වුණොත් ඉතින් දෙමළ ජනතාවට සොරි තමයි. එහෙම සොරි වුණා ම සිංහල ජනතාවට හරි ය කියා හිතන අයටත් අබ සරණයි. මොකද, මේ ශක්තිමත් කරන ඒකාධිපතිවාදය දැනටමත් ජාති භේදයකින් තොරව අපේ හිස මත කඩා වැටී අවසන් නිසා.   

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. උතුරේ ද්‍රවිඩයන්ට 13 වන විවස්ථාවට එහා ගිය ෆෙඩරල් විසදුමක් දිය යුතයි යන්නයි මගේ පෞද්ගලික මතය.

    නමුත් එකක් කියනන් ඕනි, ද්‍රවිඩයාට මේ රට ගියත් මට කිසිදු ගැටලුවක් නැත. මේ රට ක්‍රිස්තියානි උනත්, හින්දු උනත් අවුලක් නැත.

    මෙය ගැටලුවක් වන්නේ මුස්ලිම්වරුන්ට,මානසික රෝගීයෙක්ගේ නිර්මාණයක් වන ඉස්ලාම් ත්‍රස්‌තවාදයට මේ රට ගියොත් ය.

    ශ්‍රී ලංකාව, එසේ නැත්තනම් මුළු ලෝකෙම බහුතර බලය මුස්ලිම් ත්‍රස්‌තවාදය යට නොවී හින්දුන්ට, කතෝලිකයන්ට, බෞද්ධයන් හෝ වෙනත් ඕනෑම ආගමකට හෝ ආගමක් අදහන්නේ නැති අයවලුන්ගේ ග්‍රහණයට ගියාට ගැටලුවක් නැත.

    ලංකාව මේ මොහොතේ ඊශ්‍රායිලය හා එක්ව මුස්ලිම් ත්‍රස්‌තවාදය වැට බැදීමට එක්කාසු විය යුතුයි.

    මේ සටනේදී වෙන කවරදාටත් වඩා නොසිතු විරු මිලක් ගෙවීමට සිදුවන ඇත. නමුත් ඉස්ලාම් යනු කොපමණ මිලක් හෝ ගෙවා පරාජය කලයුතු ත්‍රස්‌තවාදයකි.

    ReplyDelete
  2. මට නම් මොළේ මඤ්ඤං වෙලා ඉන්නේ.. මට පේන්නේ නම්, මේ ඩ්‍රාමා එකේ මේන් කැරක්ටර් එකක්, ඉන්දියාවත් කරනවද කියලා. මොකෝ ඉන්දියාවේ ආන්ඩු පිහිටවන්න තමිල්නාඩුව ඉතා වැදගත්. එහෙම බැලුවම මට නම් පේන්නේ. මහින්ද මහත්තයයි, සෝනියා ගාන්දියි, ජයලලිතා නොනයි ඔක්කෝම එක බෝට්ටුවක ඉඳගෙන අපිව අන්දනවද කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මම ඕකනේ එදා ඉඳන් කිව්වේ..උඹල ඇහුවේ නැහැනේ..

      Delete
  3. පලාත් සබා වලට පොලිස් බලතල දීම නිසා මහ ආංඩුවේ පොලිස් දෙපාර්ත්මේන්තුවෙන් කරන අති සාර්ථක අපරාධ පරීක්ෂණ වලට බාධා පැමිණුනොත් මහා විනාසයක් නේද?

    ReplyDelete
    Replies
    1. පිටරට ඉදන් රට හදන්න හදන අලුගුත්තේරුවෙක් මේකා...

      Delete
  4. මේ සතිය තමා සතිය කියල බලං ඉම්මුකෝ.....අර කාගෙද ඇට දෙක වැටෙනකම් නරියා පස්සෙන් ගියා වගේ තමයි...සතිය ඉවර උනත් මොකවත් අමුතු දෙයක් වෙන්නෙ නෑ....වෙනද වගේම

    1. රජතුමා පිස්සු කෙලිනවා
    2. පුත් කුමාරයා රටේ හැම මගුලකටම හොට දානවා. හැම රාජ්‍ය ආයතනයකටම හෙංචයියො පුරවනවා.
    3. නැදෑ පරපුර හම්බ කර ගන්නවා
    4. පස්සෙන් යන මර්වින් වගේ කුක්කො පොර ටෝක් දෙනවා
    5. මිනිස්සු තමන්වම ගස් බැඳ ගන්නවා.
    6. සමහර ආමි කාරයො තමන්ටම ගහ ගන්නවා.
    7. සමහර ගුරුවරු තමන් විසින්ම දන ගහගෙන අහිංසක දේශපාලකයන්ට මඩ ගහනවා
    8. මෙහෙව් රටට ඊගාව දවසටත් ඉර පායනවා

    අපිට නම් අබ සරනයිම තමයි

    ඒත් අපේ සූරියප්පෙරුම උන්නැහෙට නම් "ආඩම්බරයි හසන්ත" කියන්න පුලුවන්

    ReplyDelete
  5. ATHI SARTHAKA APARADA PAREEKSHANA, ???????

    ReplyDelete
    Replies
    1. අනේ! කැපිටල් ඇනෝ අංකල් ගැන මට පව් කියා සිතේ!!

      අංකල් කෙනෙකු යැයි සිතා හිටියාට බබෙක් ද මන්දා?

      Delete
  6. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

    ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

    අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

    ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
    මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

    ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා