W3Lankaට හතරයි; මල්වඩම් අනවශ්‍යයි

මුල් කාලේ බැනර් එකක්
දන්නේ ම නැතිව W3Lankaට වසර හතරක් සම්පූර්ණ වී තිබේ. මා සිතා සිටියේ මෙය ආරම්භ කළේ 2009 ජුලි මාසයේ කියාමුත්, ඇත්තෙන් ම මෙහි පළමු ලේඛනය ඇතුළත් කර තිබෙන්නේ 2009 ජුනි 28දා ය.

W3Lanka මුලින් පටන් ගත්තේ 2009 පෙබරවාරියේදී පුවත් හා විශ්ලේෂණ වෙබ් අඩවියක් ලෙස ය. ලාංකිකයන්ට අවශ්‍ය සාමාන්‍ය තොරතුරු කැටි කර ගත් හෝම් පේජ් එකක් ලෙස එය ඉදිරිපත් කිරීමෙන් ජනප්‍රිය වීමට අපි උත්සාහ කළෙමු. 

W3Lanka වෙනුවෙන් බ්ලොග් එකක් ආරම්භ කළේ වෙබ් අඩවිය ජනප්‍රිය කරවීම පිණිස උපාය මාර්ගයක් ලෙසයි. එහෙත්, මේ බ්ලොගය විසින් පසුව W3Lankaහි හැඩරුව තීරණය කරන ලදී. බ්ලොගය ආරම්භ කර කෙටි කලකින් අපි වෙබ් අඩවිය අතහැර දැමුවෙමු. 

බ්ලොගර් සංඛ්‍යා දත්ත අනුව, මේ වන විට 1,672,474ක් දෙනා මෙම බ්ලොගයේ පිටු කියවා තිබේ. එහි බ්ලොග් සටහන් ගණන 2552කි. කියවන්නෝ අදහස් 12,192ක් පළ කර තිබේ. ෆේස්බුක් ඔස්සේ ද තවත් පිරිසක් අප සමග එක් වෙති.

අප විසින් ලියන ලද්දේ බ්ලොග් අවකාශයේ ජනප්‍රිය වීම ඉලක්ක කර ගත් ලිපි නො වේ. ජනප්‍රිය වුවත්, නැතත්, කාලීන දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික ප්‍රශ්න පිළිබඳ යම් දැක්මක් ඉදිරිපත් කරමින් සංවාද ආරම්භ කරන්නට අපි උත්සාහ කළෙමු.

අපි එය දේශපාලනික කාර්යයක් ලෙස සලකමු. එබැවින් ඉදිරියටත් එසේ කරන්නට අදහස් කරන්නෙමු. 

පවත්නා අර්බුදය තේරුම් ගැනීමත්, එයින් ගොඩ ඒමේ මාර්ග සෙවීමත් පිණිස සංවාදයක් අවශ්‍ය බව අපේ ස්ථාවරයයි. එහිදී අප හුදු න්‍යාය ප්‍රකාශකයින් බවට පත් වන්නට උත්සාහ කරන්නේ නැත. න්‍යාය උපදින්නේ ප්‍රායෝගිකත්වයෙනි. එහෙයින් අප කතා කරන්නේ ප්‍රායෝගික ප්‍රශ්න ගැන ය. 

අනෙක් පැත්තෙන් අප ලියන්නේ අප වෙත එන සාමාන්‍ය පාඨකයාට මිස ප්‍රාඥයින්ට නො වේ. 

ඔබේ අදහස් අපට අගනේ ය. අද මෙන් හෙටත්, බුද්ධිමත් අදහස් පළ කිරීම්වලට මෙම අවකාශය විවෘත ය. 

පාඨක සහෝදරයිනි, මා මේ සටහන තබන්නේ ඔබට ස්තුති කිරීම‍ට ය. දේශපාලන ස්ථාවරයන් හේතු කරගෙන පුරුදු සමාජ අවකාශයන්ගෙන් පිටමං කරනු ලැබුවාට පසුවත්, දේශපාලන හා සමාජ ක්‍රියාකාරිකයකු ලෙස ජීවත් වීමට අවස්ථාවක් ඔබ මට ලබා දුන්නේ ය. 

මා තවමත් යථාර්ථයට යටත් නො වුණේ ඔබ නිසා ය. ඔව්, මම තවමත් සිහිනයක ජීවත් වෙමි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
    මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න
    http://www.youtube.com/watch?v=IAjMLH9Tj5U

    ReplyDelete
  2. එන්නේ නෑ කිව්වට ඇවිත් කියවලා යනවා..
    සුභ පැතුම් පැරා....!!!
    ඒත් කවදාවත් උඹ පතන ළෝකයවත්.. අරුණි ෂපිරෝ පතන ළෝකයවත්, මේ මිහිපිට පහල වන්නේ නම් නොමැති බව කනගාටුවෙන් උනත් කිව යුතුව ඇත.

    ReplyDelete
    Replies
    1. පැරකුම් හෝ අරුණි ෂපිරෝ පතන ළෝකය තෝරා ගැනීම ආණ්ඩුවේ ද? යම් පිරිසකගේ ද? ඒකීය පුද්ගලයාගේ ද?

      Delete
    2. අනේ ගොබ්බයෝ එක එකා පතන ලෝකවල් හැදෙනවා නම් මේ ලෝකෙ පිස්සන් කොටුවක් තමයි. උබටයි අනිත් 10,15 දෙනාටයි මේ රටේ ඉන්ඩ බැරි නම් උබලට ගැලපෙන වෙන රට ගිහින් අන්තිම කාලේ අපිට දුක් නොදී හිටපන් බන්. අපිට අලද උබල ගියා කියලා. උබලගේ කාලකන්නි වචන​ ඇහෙද්දි අප්පිරියයි බන්. දැන් වත් වද නොදී පලයන්කෝ වෙන රටකට​.

      ඇයි අවුල්ද​?

      Delete
    3. මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය නිසා විද්‍යාවට කරත නොහැකි දෙය ඉදිරියේ දී, එය කළ හැකි යැයි කොටසක් කියද්දී, තවත් කොටසක් විසින් පැහැදිලිව ඔප්පු කරගත්, නිශ්චිතවම ලැබෙන ප්‍රතිඵල කියත හැකි විද්‍යාව පවා ප්‍රතික්ෂේප කිරීම දැකිය හැකියි!!!!!

      Delete
    4. පැරා, තමා ගැලෙලෙයෝ මෙන් යැයි කියාගන්නට නම් අනුකම්පා විරහිත ආයතනයක වධහිංසා වලට ලක් වූවාට මදි, ඔබ නිවැරදි විය ද යුතුයි.

      Delete
    5. Muspenthu marksJuly 29, 2013 at 9:33 AM
      වෙන රටකට ගියා කියලා අදහස් ප්‍රකාශ කරන එක නවත්තන්න බෑ කියලා තේරෙන්නේ නැත්ද මුස්පේන්තුවෝ??? උඹනම් මුස්පේන්තුවෙක් විතරක් නෙවේ අමුම අමු මෝඩයෙක්.

      Delete
  3. congrats mr.perakum,

    ReplyDelete
  4. පැරකුම් සහෝදරයාට මගේ සුභ පැතුම්.!

    ReplyDelete
  5. කේක් කෝ

    ReplyDelete
  6. ඉස්සෝ අපි බොහෝ දෙනෙකුට ඉතා රසවත් ආහාරයක්. ඒත් ඉස්සන්ට දැඩි අසාත්මිකතාවයක් ඇත්තෙකුට ඉස්සෙක් ගෑවිච්ච කෑමක් කැවුනොත්, හනිකට ප්‍රතිකාර ලබා නොදුන්නොත්, එය මරණය කැඳවන විෂක්.

    ඉතින්, පැරකුම් හෝ W3Lanka ‘වාතයක්’ වෙන අවස්ථාව සහ එය ඉක්මවා යන එනම් එය මළවාතයක් වෙන අවස්ථාව නොහොත් ‘කොම්ප්‍රොමයිස් ගහන්න බැරි අවස්ථාව’ හඳුනාගන්නේ කෙසේද?

    සුභ පැතුම් පැරා.....

    ReplyDelete
  7. මම නම් මේ සුබපැතුම එක්කරන්නේ ඔබ ගැන ඉතාමත් ගෞරවයෙන්.අද වෙනකොට ලාංකිකයෝ බහුතරයක් නිවට සහ බියසුලු වෙලා. ඔවුන්ට අසාධාරණයට විරුද්ධ වීමට හෝ නිවැරදිද දේ කියන්න දකින්න ආත්ම ශක්තියක් නැහැ. මට මම ගැන වුනත් කලකිරීමකින් කථා කරන්නේ. හැබැයි බොහෝ එවැනි අය ආත්ම ශක්තියකින් යුත් ඔබ වැන්නන් දෙස බලන්නේ කුහකත්වයෙන්, ඔබ විතරක් වෙනස්වීම ඔවුන්ට දරාගන්ඩ බැහැ. එම නිසාම ඔබට මඩ ගහනවා, කුණුහරුප කියනවා, පිස්සු කෙලිනවා නිර්නාමිකව. මම ඒ දේ දකිද්දි ඔබ ගැන වන ගෞරවය තවත් වැඩි වෙනවා.
    මම ප්රාගර්ථනය කරන්නේ මේ බ්ලොගය රටේ වැඩි දෙනකුට කියවීමට හැකිවේවා යන්නයි
    ඔබට සුබපැතුම්
    ඉන්දික.......

    ReplyDelete
  8. පවතින සමාජ තත්වයන් ප්‍රකම්පනය කරමින්, පශ්චාත් නූතන තත්වාරෝපන තලයන් අතගාමින්, පසුගාමි චින්තන දෘශ්ඨිමූලිකයන් විනිවිද දකිමින්, එයින් නැගෙන පරාරෝපිත​ සමාජ පසමිතුරු තාවයන් හමුවේ නොසැලෙමින්, අනාගත සමාජවාදී ලෝකයක සුභ සිහින අතරේ දෝලනය වෙමින් අපගේ මනස් පුතුන් අවදි කරමින් හුදු මහත් පාඨක ප්‍රජාවගේ සිතිවිලි මේ කොදෙවුවෙන් ඔබ්බට රැගෙන ගොස් විශ්වීය දැනුම් සයුරේ අපව නහවා අපට දිනපතා බ්ලොග් ආතල් සැපයූ පැරකුම්ට සහෝදරයාට අපගේ විප්ලවීය තොත්තුව​.
    ඒයි මොනවද බන් මම කිවුවේ?......

    ඇයි අවුල්ද?......

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අවුල් නෑ.....නිකං පිස්සු වගේ.....

      Delete
  9. සිහිනයක ඉන්නා බව දැනගෙන සිටීමත් ලොකු දෙයක්.

    සිහිනයක උන්නත් ඒ බව නොදන්නා අයට වඩා ඔබ ඉන්නේ ඉදිරියෙන්.

    ReplyDelete
  10. සුභ පැතුම් පැරා....

    ඒත් මේ අවුරුදු හතරට මේ ලෝකෙ අබ ඇටේක තරම් දෙයක් වත් වෙනස් වෙලා නෑ. බොරුනම් බලපල්ලා හෙට අනිද්දා දයාසිරි වැඩිම මනාප අරං මහ ඇමති වෙන හැටි. තව ටික දවසකින් දුමින්දලා මර්වින්ලා ආයෙත් පාර්ලිමේන්තුවට උඩින්ම පත්වෙන හැටි. මේව දකින සූරියප්පෙරුමලා ආඩම්බරයි හසන්ත කියන හැටි.

    මෙහෙම කිව්වට උඩ කමෙන්ට් කරපු සමහරු වගේ මම උඹ කියන හැම දේකටම එකඟ නෑ. උඹගෙ සමහර ලිපි වලින් සමාජ වෛරය පේනවා. සමහරු ඉරිසියාව කුහකකම කියල කියන්නෙත් මට හිතෙන්නෙ ඒකට. 88-89 කාලෙන් ඉතුරු වෙච්ච නරක දෙයක් මට හිතෙන්නෙ....

    ReplyDelete
  11. මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීම වැදගත් ක්‍රියාවකි. ඔහොම යං..

    ReplyDelete
    Replies
    1. මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීම වැදගත් ක්‍රියාවක් වන්නේ එය අත්‍යන්තයෙන්ම තෝරාගැනීමක්ම නම් පමණයි...

      ඉතින් තෝරාගැනීමක් ඉදිරියේ පවතින මතවාද අර්බූදයක දී සත්‍යය සොයා ගන්නට කැමත්තක් තියෙන අයෙක් විමසිය යුතු ප්‍රශ්න මේවායි:

      * මතභේදයට පාත්‍ර වෙලා තියෙන මතවාදය විකුණන්නේ හෝ මිල දී ගන්නේ කවුද?
      * ඒ විකුණන අයගේ තරඟකරුවන් කවුරුන් ද?
      * රෙගුලාසි හදන්නේ කවුරුන් ද?
      * මතවාදය නිසා පීඩා විඳින්නේ කවුරුන් ද?

      Delete
  12. පරස්පරතාවයන් තිබුණද ඔබගේ කැපවීම අගය කරමි.

    ReplyDelete
  13. ජාතික යයි තමන්ම කියාගන්නා පත්තර වැසිකිලි කඩදාසි වී ඇති යුගයක මීටත් වඩා ඔබේ කාර්ය සාර්ථකව කිරීමට දිරිය ලැබේවා.

    ReplyDelete
  14. ඇටමැස්සාගේ අඩවිය නැතිවුණාට පසු මා පළමුවෙන් සොයායන වෙබ් අඩවිය. ඉදිරියටත් ඔබට නිර්භයව ලිවිමට හැකිවේවා
    A.Fernando

    ReplyDelete
    Replies
    1. fully agree, ඇට මැස්සෝ මොනවහරි ලියහන්කෝ බන්, බ්ලොග් වල දැන් අපතයෝ පිරිල

      Delete
  15. සිහිනයෙන් අවදිවන්න දැන් කාලයයි.

    ReplyDelete
  16. සුභ පැතුම්!

    ReplyDelete
  17. මුලින්ම බ්ලොග් කියවන්න ආව කාලේ ඉදන් පැරාව කියවන කෙනෙක් මම. දැනට අවුරුදු තුනක විතර ඉදලා. හැබැයි පැරාගේ මතවාදවලට ඒ තරම්ම එකග නැහැ. මොකද එක පැත්තකින් සමාජවාදය ගැන කියන ගමන්ම සමාජය ගැන වෛරයකින් බැලීමේ හුරුවක් ඔබේ ලිපිවල තියෙන නිසා. මේක පැරාගේ විතරක් නෙවෙයි බහුතර සමාජවාදීන්ගේ ස්වරූපය නිසා පැරාට විතරක් දොස් කියලා වැඩක් නැහැ. සමාජවාදියා යනු සමාජයට ආදරය කරන්නෙක් විය යුතුයි. සමාජයට වෛර කරන්නා සමාජවාදියකු වන අන්දම මට තේරුම් ගත නොහැකියි.

    කොහොම උනත් පැරාට සුභ පැතුම් කියවන්න මොනවාම හරි අපිට දෙනවට. ඒ වගේම පැරාගේ සමාජවාදී පැතුම් කෙසේ වෙතත් සිතේ සිරවී ඇති ධනවාදී ප්‍රාර්ථනා ඉටු වේවා කියා පතන්නම්. ජය වේවා!

    ReplyDelete
  18. පැරා ගේ පාර සමහර විට මගේ පාරත් එක්ක සමපාත වන නිසාත්, මුට බැන බැන හරි මට කොමෙන්ට් දාන්න ඉඩදෙන එකත් (අනිත් බ්ලොග් වලට සාපෙක්ශව ) ලොකු දෙයක් නිසාත්, මල් වඩම් එපා කිව්ව නිසාත්, මගෙන් මෙන්න වඩම් නැතිව මල් ටිකක් විතරක්.

    මක් නිසාද යත්;

    උඹ "ලතැවීම" මික්ස් කරල, මල්ලෙ පොල් පාරක ගියත් අන්තිමේ උඹයි මායි, අපියි ඔක්කොම හොයන්නෙ එකම ගමනාන්තයක් (යන ගමන් පාරෙ හම්බවෙන කඩවල් වල සීනි කිරන එක අදාල නැත ), කරුමෙට අපි ඔක්කොම හිතන්නෙ තම තමන් යන පාරවල් තමයි හරි කියල. බලමු.

    -ප.ගෝ.

    ReplyDelete
  19. 90 % ක් පමණ අදහස් වෙනස් වුනත් මෙය මම නොවරදවාම කියවන බ්ලොග් එකකි.මෙහි භාශා ශෛලිය සුන්දරය.එසේම අදහස් යුක්තියුක්තය.දිගු ගමණකට මගේ සුබ පැතුම්

    ReplyDelete
  20. ඔබේ කැප කිරිමට පැසසුම් පැරා... සිවු වසරක් යනු පොඩි කාලයක් නොවේ.
    සුබ පතනවා ඔබට.

    ReplyDelete
  21. මට පැරා හමුවෙන්නෙ සාහිත්‍ය ලෝකයේදි. පුද්ගලිකව හමුවෙලා නැතත් ඔබේ නිර්මාණවලින් ලියපු දේවල් වලින් අපිත් දැනුමක් ලැබුව. විශේෂයෙන්ම යුද්ධයට එරෙහිව දැරුව මතවාද තුළත් වාමාංහික දේශපාලනය නොකියූ. ගැඹුරක් තිබුණා.

    ඒත් පැරා බ්ලොග් එකක් ලියන බවත් මේ බ්ලොග් එකේ තොරතුරු ගැනත් මට කිව්වෙ තවත් මා ආදරය කරන මිනිසෙක් ඒ වගේම ගායන ශිල්පියෙක්. ඉඩක් ලැබෙන වෙලාවට කමෙන්ට් එකක් දැම්මත් ...මේ බ්ලොග් එකට අවුරුදු හතරක්.. සෑහෙන්න දිග කාලයක්...

    තවත්හොඳ කතිකාවක් ගොඩ නැගිමට .. වෙහෙසෙන පැරා ඔබට හදවතින්ම සුබ පතමි.

    ReplyDelete
  22. JOHN LENNON
    "Imagine"

    Imagine there's no heaven
    It's easy if you try
    No hell below us
    Above us only sky
    Imagine all the people
    Living for today...

    Imagine there's no countries
    It isn't hard to do
    Nothing to kill or die for
    And no religion too
    Imagine all the people
    Living life in peace...

    You may say I'm a dreamer
    But I'm not the only one
    I hope someday you'll join us
    And the world will be as one

    Imagine no possessions
    I wonder if you can
    No need for greed or hunger
    A brotherhood of man
    Imagine all the people
    Sharing all the world...

    You may say I'm a dreamer
    But I'm not the only one
    I hope someday you'll join us
    And the world will live as one

    of course, you are not the only one Parakum
    keep it up

    සුබපැතුම් !!

    ReplyDelete
  23. සුභ පැතුම් පැරා... සියල්ල වෙනස් වෙන ලෝකයක තමන්ගේ මතය වෙනුවෙන් අඛන්ඩව දිගු කාලයක් පෙනී ඉන්න එක අගය කලය යුතුමයි,මතය හා එකඟ උනත් නැතත්!

    ReplyDelete
  24. දේශපාලන කරුණු ගැන ලියවෙන බ්ලොග් අඩවි කළුනික වගේ කාලෙක ලංකාවේ ජීවත් වෙමින් මෙහෙම බ්ලොග් එකක් අවුරුදු හතරක් කරා කියන එකම ජයක්! සුභ පැතුම්!

    ReplyDelete
  25. අවුරුදු හතරක්...අම්මප එච්චර කාලයක් ගියාද?

    සිහින දකින්නාගෙ බ්ලොග් අඩවිය....යම් සිහිනයක් දකින අපි හැමෝගෙම නවාතැන....ස්තූතියි සහ සුබ පැතුම් සිහිනයක් දකින්නානනි!!!

    ReplyDelete
  26. පැරා ව මම කියවන්නෙ ‘90 දශකයේ මුල් යුගයේ ඉඳලයි.එදාට සාපේක්ෂව අද ලියන දේවල කිසිම ගෝ එකක් නෑ.ඒත් ආතතිය පාලනය කරගන්න හෝ මොනවහරි ලියන එක වැදගත්.

    සුබ පැතුම්......!

    ReplyDelete
  27. ස්තුතියි ලියනවට පැරා...උඹ ලියන ඒවා කම්මැලි නැතිව කියන්න පුළුවන්. කතන්දරගේ පොස්ට් වලට වඩා කොමෙන්ට් ආතල් උඹගේ පොස්ට් එකම ආතල්.දිගටම ලියපං ඉල්ලුමට සැපයුම.

    ReplyDelete
  28. උනුසුම් සුබපැතුම්!

    2010 මාර්තු - මම මුලින්ම කියෙව්වෙ 'උපේඛා නිර්මානි හා ප්‍රාසාංගික කලාව මිලිටරිකරණය (නො)වීම' කියන පෝස්ට් එක - සිට මා W3lanka බ්ලොගයේ නිරන්තර පාඨකයෙක්. සමාජවාදී අදහස් සඳහා පෙනීසිටින බ්ලොග් අතර රාමචන්ද්‍ර අඩවියත් ඔබේ බ්ලොගයත් ඉතා ඉහලින්ම සිටිනවා. මෙහි අනන්‍යතාවය වන - ඔබ යෝජනා කරන සමාජවාදී ජීවන මාදිලිය ඉතා අලුත් අදහසක්. මේ විකල්ප ජීවන මාදිලිය භාවිතයේ යෙදීම ඉතා අපහසු බව විශේශයෙන් කිවයුතු නැති වුවත්, එය සමාජවාදය වෙනුවෙන් පෙනීසිටින ඕනෑම කෙනෙක් තමාගේ ජීවන මාදිලිය කරගත යුතුයි කියන දේ ගැන සපුරා එකඟයි. නිර්-ආගමිකයකු ලෙස සමාජයේ ජීවත් වීමම කොතරම් අමාරුද යන්න මා හොඳින් දන්නවා. තවද, තනි තනි පුද්ගලයන් ලෙස මෙහි සීමාවන් බොහෝමයි. සමාජවාදී ජීවන මාදිලිය, 'තම-තම නැන පමනට' යන්නට ලඝු වීමේ ලොකු ඉඩක් තියෙනවා. එසේ නොවීමට නම් සම්ප්‍රදායන් තිබිය යුතුයි. අප කැමති වුවත් අකමැති වුවත් පක්ශයක අවශ්‍යතාවය පැමිනෙන්නේ මෙතැනටයි.

    ලෝක පරිමාන ප්‍රවනතා ගැන අවධානයක් දැක්වීමත් අත්‍යවශ්‍යයි. උදාහරනයක් ලෙස එඩ්වඩ් ස්නෝඩන් (අපේ කාලයේ -දුර්ලභ- වීරයෙක්!) ඔබට සම්පූර්නයෙන්ම මග හැරී තිබුනා. එය විය නොයුත්තක් කියලයි මට නම් හිතෙන්නෙ.

    - Dimithri

    ReplyDelete
  29. ඔන්න එහෙනන් අපිත් සූභ පැතුම් කියල කිව්ව සෑර් !!! ඉඳල හිටල ඉතින් අපිත් ගොන් කොමෙන්‍ටු කොටනවා තමයි, එත් ඉතින් ඒක අපේ නිදහස් අයිතියනේ.....

    ReplyDelete
  30. දයාබර පැරැකුම් සොයුර . පවතින ක්‍රමයට විරුද්ධ වීමට තබා එය තේරුම් ගැනිමටවත් නොහැකි අප අතර ඔබ තමන්ගේ මතය නොබියව ඉදිරිපත් කරන්නේ , අපි කමෙන්ට් කරන විට නමවත් දාගන්න බය බියගුල්ලන් රැලක් මැද වීම අපටනම් සුවිෂේශය . ඒ නිසා ඔබ අපට විඉරයෙකි. ඔබට ජය .

    ReplyDelete
  31. සුභ පැතුම් පැරා....!!!
    කියවනවා . ඒත් හැමදාමත් හිතනවා මේ බිමේ ලියන දේවල් පැලවෙයිද කියලා ?.
    ලියන්න මම කියවනවා.

    ReplyDelete
  32. මගෙ සුබ පැතුමත් ලිස්ට් එකට දාපන් පැරා.....
    "සුබ අනාගතයක්" කියන්න බෑනේ.... තවත් ලියන්න හැකිවෙවා.....
    - නිශාන්ත

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා