Posts

Showing posts with the label වර්ෂ පූර්ණය

W3Lankaට හතරයි; මල්වඩම් අනවශ්‍යයි

Image
මුල් කාලේ බැනර් එකක් දන්නේ ම නැතිව W3Lankaට වසර හතරක් සම්පූර්ණ වී තිබේ. මා සිතා සිටියේ මෙය ආරම්භ කළේ 2009 ජුලි මාසයේ කියාමුත්, ඇත්තෙන් ම මෙහි පළමු ලේඛනය ඇතුළත් කර තිබෙන්නේ 2009 ජුනි 28දා ය. W3Lanka මුලින් පටන් ගත්තේ 2009 පෙබරවාරියේදී පුවත් හා විශ්ලේෂණ වෙබ් අඩවියක් ලෙස ය. ලාංකිකයන්ට අවශ්‍ය සාමාන්‍ය තොරතුරු කැටි කර ගත් හෝම් පේජ් එකක් ලෙස එය ඉදිරිපත් කිරීමෙන් ජනප්‍රිය වීමට අපි උත්සාහ කළෙමු.  W3Lanka වෙනුවෙන් බ්ලොග් එකක් ආරම්භ කළේ වෙබ් අඩවිය ජනප්‍රිය කරවීම පිණිස උපාය මාර්ගයක් ලෙසයි. එහෙත්, මේ බ්ලොගය විසින් පසුව W3Lankaහි හැඩරුව තීරණය කරන ලදී. බ්ලොගය ආරම්භ කර කෙටි කලකින් අපි වෙබ් අඩවිය අතහැර දැමුවෙමු.  බ්ලොගර් සංඛ්‍යා දත්ත අනුව, මේ වන විට 1,672,474ක් දෙනා මෙම බ්ලොගයේ පිටු කියවා තිබේ. එහි බ්ලොග් සටහන් ගණන 2552කි. කියවන්නෝ අදහස් 12,192ක් පළ කර තිබේ. ෆේස්බුක් ඔස්සේ ද තවත් පිරිසක් අප සමග එක් වෙති. අප විසින් ලියන ලද්දේ බ්ලොග් අවකාශයේ ජනප්‍රිය වීම ඉලක්ක කර ගත් ලිපි නො වේ. ජනප්‍රිය වුවත්, නැතත්, කාලීන දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික ප්‍රශ්න පිළිබඳ යම් දැක්මක් ඉදිරිපත් කරමින් ...