ශිරානි බංඩාරනායක හිරේ යැවිය යුතු ද?

ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක වරදකාරියක් කර පෙන්වීමට රජයේ උත්සාහයක් පවතින බව නීතිවේදීන්ගේ එකමුතුව කියයි. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය සාධාරණීකරණය කිරීම එහි අරමුණ බවයි, නීතිවේදීන්ගේ එකමුතුව පවසන්නේ.

මේ අනුව හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමේ උත්සාහයක් ඇතැයි නීතිවේදීහු පවසනවා.

එම උත්සාහය ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට කෙරෙන බලපෑම තවත් උත්සන්න කිරීමක් ලෙසින් විග්‍රහ කරන නීතිවේදීහු, එය වහාම අත්හිටුවන මෙන් ආණ්ඩුවට බල කරනවා.

හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තීන්දු තළා. එම තීන්දුවලට එරෙහිව පෙත්සම් ඉදිරිපත් වී තිබෙනවා. මමත් හිතන්නේ දොෂාභියෝග ක්‍රියාවලිය වැරදියි.

ඒත්, හිටපු අග විනිසුරුවරිය බැලූ බැල්මටම බලය අනිසි ලෙස භාවිතා කරමින් දූෂිත ගනුදෙනු කීපයක යෙදී තිබෙනවා. ඒවා පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ කිසිදු වරදක් මම නම් දකින්නේ නැහැ.

මේ අය මේ දූෂණවල යෙදුනේ තමන් ආණ්ඩුවට කඩේ යන නිසා හා තමන්ට තිබුණු බලය නිසා තමන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්නේ කවුරුද කියා හිතාගෙන.

ලංකාවේ නඩුකාරයෝ කොහොමත් හිතාගෙන ඉන්නේ තමන් මහා සුපිරි චරිත විශේෂයක් ය කියායි. ඔවුන් නිසා මහජනතාව වන අපි අනන්ත පීඩාවන්ට පත් වෙනවා. මම දන්න එක් ආසන්න සිද්ධියක් තමයි, එක් නඩුකාරියක් පාසලක සීනුව ඇයට කරදරයක් ය කියා එය නවත්වන්නැයි පාසලකට පණි‍‍වුඩ පිට පණිවුඩ එවීම. වැස්ස වෙලාවක උසාවියට ආවාම කාරයෙන් බසිද්දී කුඩය ඇල්ලූ මිනිසාටත් දඬුවම් කළ නඩුකාරයෝ මේ රටේ ඉඳලා තිබෙනවා. ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ තිබෙන ගැටලු හා නීතිඥ රස්සාවේ වෘත්තිකභාවයේ අඩුලුහුඬු නිසා ලංකාවේ අධිකරණවලදී ජනතාව අසීමිතව පීඩාවට පත් වෙනවා. 

මේ ආණ්ඩුවේ ලොක්කන්ගේ සිට සොක්කන් දක්වා කට්ටිය ගැන කිසියම් දිනෙක දූෂණ පරීක්ෂණ කළොත් මම හිතන්නේ ඒ වෙනුවෙන් වෙන ම රහස් පොලිසියක් දාන්න වෙයි. දඬුවම් කළොත් මම හිතන්නේ ආත්ම ගණනක් හිරේ තමයි. නීතිය අතට අරගෙන සිටින ඔවුහු දණ්ඩනය පාවිච්චි කරන්නේ අනෙක් මිනිසුන් යටත් කරගන්න.

හැබැයි‍, එහෙම කියලා අපි මේ පොඩි පහේ හොරුන්ගේ දූෂණවලට එරෙහි නො වී සිටිය යුතු ද? නැහැ.

ලොකු හොරුන්ට කඩේ යන පොඩි හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විට එක් දෙයක් වෙනවා. ලොකු හොරුන්ගේ අපරාධවලට හවුල් වන්න පොඩි හොරු බිය වෙනවා. පොඩි හොරුන්ගේ අපරාධ සහාය නැතිව ලොකු හොරුන්ට කරන්න පුළුවන් ඔය කොමිස් ගැහීම වැනි දේ විතරයි. සතුරන් මැරීම වගේ දේ නම් කරන්න ම බැහැ.

ත්‍රිකුණාමලයේ සිසුන් පස්දෙනා ඝාතනය, රූකාන්ත ගුණතිලකගේ පවුලට වධ දීම වැනි අපරාධවලට එරෙහි නඩු දැන් විභාග ‍වෙනවා. වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයාත් එක් කුලී මිනීමැරුමකට පමණක් මාට්ටු වෙලා.කවදා හරි සුනාමි සල්ලි හොරුන්ටත් අවස්ථාවක් උදා වේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

මෙහෙම යන එක නරක නැහැ. මොකද, අපරාධකාරයෝ කාට කාටත් තමන්ගේ දවස එන බව මතක් වෙන්න මේවා හොඳයි. ශිරානි, ඔබට සුබ ගමන්!

කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
ඇඳින එපව් දුරලන උවදේසේ
නො දුන මැනවි තුන් දොර අවකාසේ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ශිරාණි කියන්නේ වංචා දුෂණ වලට වගකිව යුතු තැනැත්තියක්.
    ශිරාණි විතරක් නෙමෙයි ඇගේ ස්වාමිපුරුෂයාත් එව්වට වගකිව යුතුයි. ඒ සදහා දඩුවම් ලැබිය යුතුයි අනිවාර්යයෙන්ම.

    ඒ විතරක් නෙමෙයි, හිරේ යවනවනං යවන්න තව ගොඩක් ඉන්නවා. ෆොන්සේකා ගේ සිට සැහෙන පිරිසක් ඉන්නවා. ෆොන්සේකා වගේ උදවිය හිරේ යවන්න ඕනි රෙජීමයට විරුද්ධව චන්දෙ ඉල්ලුවා කියල වගේ සිල්ලර කරනා වලට නොවේ. උතුරේ දහස් ගණන් නිරායුධ ජනයා සමුල ඝාතනය කෙරුවට. මනුෂත්වය එරහි අපරාද වලට. පැරා මොකද ඒ ගැන හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. යකෝ, කාරනේ ඇත්ත. ඒත් පවුකාරයන්ට ගල් ගහන්න ඕනෙ පවු නොකරපු එවුන්. උඹල රාජපක්ෂට කියල වෙන්න ඇති ශිරාණිගෙ වැරදි හොයන්නෙ...

      Delete
    2. එතකොට නඩුකාරයෝ අනුන්ගේ පව් හොයන්නේ තමන් පවු නො කරද?

      Delete
  2. අජිත් පව්. කිරි ටිකක් බොන්න මොලේ පෑදෙන්න.


    ඔන්න දැන් සල්ලි දීල මව්කිරි බොන්නත් පුළුවන් !
    http://www.lankaikman.com/2013/07/blog-post_22.html

    Dilipa

    ReplyDelete
  3. අනේ භෞතික වාදියගෙ කටින් බුදු බණ වෑහෙන අපූරුව....... පව්..... ධර්මය සිහි වෙන්නෙ ඔය වෙලාවටම විතරද පැරා....... 88/89 මිනී මරනකොට ඔය බුදු බණ කොහෙද තිබ්බෙ? ගාතාව කියලද බෙල්ල කැපුවෙ?

    ReplyDelete
    Replies
    1. මේ ලෝවැඩසඟරාව නම් උපදේශාත්මක සාහිත්‍ය කෘතියෙන් උපුටා ගත් කවියක්. ආගමකට ගරු කරන්න ඒ ආගම අදහන්න ඕනැ නැහැ.

      එතනයි ආගම් නො අදහන අපේ වෙනස තිබෙන්නේ. අපි සෑම ආගමකට ම ගරු කරනවා.

      Delete
    2. අජිත් මයා මහ ආඩම්බරෙන් තමුන් ආගම් අදහන්නේ නැහැයි කියන්නේ ඒක හරියට කලිසමට යටින් තමන් ජොකෙක් අඳින්නේ නහැයි කියලා ප්‍රසිද්ධියේ කියනවා වගේ වැඩක්.

      Delete
    3. එහෙනම්, තමන් ආගම් අදහනවා ය කියන එක තමන් ජොකෙක් අඳිනවා ය කියා කියනවා වගේ වෙන්න ඕනැ.

      Delete
  4. පැරා ගෙන් පොඩි දෙයක් අහන්නද?
    ලිපියේ දී “ශිරාණි බණ්ඩාරනායක“ කියල නිවැරදිව ලියල මාර්තෘකාව ලියද්දී අක්ෂර වින්‍යාසය වැරද්දුවේ ඇයි?
    “ශිරානි බංඩාරනායක“

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවා නම් මම පාවිච්චි කරන්නේ බංඩාරනායක කියන වචනයයි. ලිපියේ මුල් කොටස් දිවයින වාර්තාවෙන් උපු‍ටාගෙන සකස් කරන ලද නිසා එසේ ලියැවී තිබේ.

      Delete
  5. විනිශ්චයකාරවරියක ලෙස චන්ද්‍රිකා අතින් මෑ ලැබූ පත්වීමත් ප්‍රශ්නකාරීයි නේද?

    - අරුණ

    ReplyDelete
  6. ලංකාවේ නඩුකාරයෝ කොහොමත් හිතාගෙන ඉන්නේ තමන් මහා සුපිරි චරිත විශේෂයක් ය කියායි. ඔවුන් නිසා මහජනතාව වන අපි අනන්ත පීඩාවන්ට පත් වෙනවා. මම දන්න එක් ආසන්න සිද්ධියක් තමයි, එක් නඩුකාරියක් පාසලක සීනුව ඇයට කරදරයක් ය කියා එය නවත්වන්නැයි පාසලකට පණි‍‍වුඩ පිට පණිවුඩ එවීම. වැස්ස වෙලාවක උසාවියට ආවාම කාරයෙන් බසිද්දී කුඩය ඇල්ලූ මිනිසාටත් දඬුවම් කළ නඩුකාරයෝ මේ රටේ ඉඳලා තිබෙනවා. ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ තිබෙන ගැටලු හා නීතිඥ රස්සාවේ වෘත්තිකභාවයේ අඩුලුහුඬු නිසා ලංකාවේ අධිකරණවලදී ජනතාව අසීමිතව පීඩාවට පත් වෙනවා. //

    විශිෂ්ටයි පැරා විශිෂ්ටයි.හැමදාම ඔබ හා මතවාදීව ගැටුන මට ඔබ ගැන ලොකු ගෞරවයක් ඇති වුනා.කොහොම කියන්නද කියල හුග දෙනෙක් හිතන් ඉන්න දෙයක් ඔබ කීවෙ.නීතිවේදී සංගමය පරීක්ෂණ නවත්වන්න කියනවලු .දී කිරට බලල්ලුත් සාක්කිනෙ.අධිකරන ස්වාධීනත්වෙ කිය කිය මුන්ගෙ හැම බලුකමක්ම ඉවසන්න ඕන.මුන්ගෙ තියෙන්නෙ බමුණු කුලේ මතවාදෙ.අධිකරණ තීන්දු ප්‍රශ්න කිරීමේ බලය ජනතාවට ලැබිය යුතුයි.මුන් කියන්නෙ ඊනියා සීමාවල ඉදන් ඒක කරන්නලු.නඩුකාර නිළධාරීන් මිස ඊනියා නඩුකාර හාමුදුරුවරු කියල අය නෑ.ඉන්න ඇති මිනිස්සු නූගත් කාලෙ.

    ReplyDelete
  7. ඉතා උසස් සමාජවාදයක් ගැන කතා කරන අජිත් තමාගේ බ්ලොග් එකේ ඇනෝ කෙනෙක්ට කතා කර තිබුනේ මෙහෙමයි
    ඔබට තමන්ගේ නමින් මේ කමෙන්ටුව දමන්න ආත්ම ශක්තියක් නැහැ. එහෙම තිබුණා නම් මට පිළිතුරු දෙන්න තිබුණා.
    පුළුවන් නම් නමින් එන්න
    ඊට පෙර ඔහු ඇනොල ගැන කියා තිබුනේ මෙහමයි
    ලංකාවේ සමාජ මාධ්ය තුළ ඇනොනිමස් ආතල් හෙවත් නිර්නාමික ප්රමෝදය පිළලයක් වූ තැනක්.
    අජිත් ඔබට ඇනෝ comment නවත්තන්න පුළුවන්නේ .මොන පිස්සුද hit අඩු වන නිසා ඔබ එහෙම කරන්නේ නැහැ .මේ පොන්න ඇනොලා මගේ බ්ලොග් එකේ පඩි comment දාන්න එනවා ඔබ සිතන්නේ එහෙමයි ඔබලා වැනි අයට බලය ලැබුනොත්මේ රෙජීම් එකටත් අන්ත වෙයි.ක්රියාවෙන් සමාජවාදියෙක් වෙන එක හරි අමාරුයි පොර ටෝක් දෙන්න නම් කාටත් පුලුවන් අනුන්ට ගරු නොකර පොරටෝක් දුන්නට වැඩක් නැහැ බ්ලොග් බලන්නා ලියන කෙනාට ගරු කල යුතු වගේම ලියන්නාත් කියවන අය ගැන සිතිය යුතුයි අපට අවශ්ය නම් ඔබේ බ්ලොග් එකට නෑවිත් ඉන්න පුළුවන් එහෙම නම් කියන්න

    ReplyDelete
    Replies
    1. ඔබ අපේ බ්ලොගයට ආවත්, නාවත්, අපේ ස්ථාවර වෙනස් වෙන්නේ නැහැ. බ්ලොගයට සෙනග ඇද ගන්න අපි බාල දේවල් ලියලා නැහැ. ඕනැ නම් ඒවා ලියන්න බැරිකමකුත් නැහැ.

      අපි කියන දේ සම්බන්ධයෙන් අපි පෙනී සිටින්නේ ප්‍රකාශනයේ නිදහස රජයන සමාජයක ඉඳගෙන නොවෙයි. ඒත්, අපි ඒ දේ කරනවා. හේතුව ප්‍රකාශනයේ නිදහස දිනාගන්න මාර්ගය තිබෙන්නේ එසේ අභියෝග කිරීම තුළ නිසායි.

      පඳුරු පල්ලේ ඉඳන් කට අඬ වෙනස් කරලා බැන අඬ ගහන කට්ටිය ඒ ටික දැන ගත යුතුයි.

      Delete
    2. අජිත්, මම අසන ප්රශ්නය එය නොවේ පදුරු අස්සේ ඉදන් කටහඬ වෙනස් කරගෙන බැන අඬ ගහන අපිවගේ අයට ඔබගේ ඔය වටිනා ස්ථිර සාර ප්රතිපත්ති ඇති බ්ලොග් එකේ comment දමන්නට ඉඩ දී පසුව අපහාස කරන්නේ ඇයි කියායි .පඳුරු අස්සේ ඉදන් කටහඬ වෙනස් කරගෙන බැන අඬ ගහන අපේ comment බ්ලොක් කරන්න
      ආණ්ඩුවට challenge කරමු proxy වලින් news බලමු කියන්නෙත් පඳුරු අස්සේ රින්ගීමක් තමයි

      Delete
    3. කමෙන්ට් දමන්න ඉඩ දී තිබෙන්නේ 'බුද්ධියෙන් අදහස් පළ කරන්න' කියලා උපදෙසකුත් එක්කයි.

      Delete
    4. ඇනෝ comment දමන්නන් පාච්චල් කිරීම ගැන ප්රශ්න කල විට අජිත් දෙන උත්තරය
      ඔබ අපේ බ්ලොගයට ආවත්, නාවත්, අපේ ස්ථාවර වෙනස් වෙන්නේ නැහැ.
      ප්රතිපත්ති ගැන ප්රශ්න කල විට රාජපක්ෂ දෙන උත්තරයද මෙයමයි ඔබ මොනවා කිව්වත් කලත්
      අපේ ස්ථාවර වෙනස් වෙන්නේ නැහැ.
      මේ සමානකම අහම්බයක් නොවේ අනිවාර්යයකි

      Delete
    5. ඇනෝ කමෙන්ට් දමන්න්නන් ගැන අපේ ස්ථාවරය පැහැදිලිය. අපි ඒවා පළ කරන්නෙමු. එහෙත් නිර්නාමික කමෙන්ට්කරුවන් දිරි නොගන්වන්නෙමු. ඔබගේ සාදෘෂ්‍යයන් ඔබේ හිතලු ය. ඔබ සමග ඒවා ගැන සංවාද කිරීමට අපට කාලයක් නැත.

      ඔබ කැමති නම් ජයග්‍රහණය ඔබට අත් වූ බව මම පිළි ගත් බව සිතා ගත්තාට කමක් නැත.

      Delete
    6. මා ඔබව ප්රශ්න කලේ ජයක් ලබාගැනීමට නොවේ
      මා ප්රශ්න කලේ ඇනෝ comment දමන්නන් හට ඔබ සලකන අව මානුෂික තත්වය සහ ඔබ ඔවුන්ට කරන අපහාස ගැනයි ගැනයි ඔබට මේ පිළිබඳව අදහසක් වත් නැති බව පෙනේ .රාජපක්ෂ ජනතාවට සලකන පහත් තත්වය ප්රශ්නකරන ඔබ ඔබේ පාටකයන් ට සලකන්නේද එම ආකාරයට ම නොවේද ප්රශ්න කල විගස මා ගැන කිසිවක් නොදැන ඔබ මා හැදින්වුයේ කෙසේද පැදුරු පල්ලේ ඉදන් කටහඬ වෙනස් කර බැන වදින්නා දැන් ඔබ කියා ඇති දේ බලන්න
      ඔබ සමග ඒවා ගැන සංවාද කිරීමට අපට කාලයක් නැත.
      මා දන්නා පරිදි නම් ලේඛකයකුට වැදගත්ම පුද්ගලයා ඔහුගේ පාටකයා වේ ඔබට අනුව නම් විරුද්ධ වන පාටකයා පිස්සු කරදරකාරයෙක් බව පෙනේ රාජපක්ෂගේ ප්රතිපත්තියත් මෙයම නොවේද
      සමාජවාදය කෙසේ වෙතත් අඩුම ගණනේ බටහිර රටකවත් ලේඛකයකු පාටකයන් සමග ගනුදෙනු කරන ආකාරය ගැන සොයා බලන්න

      Delete
    7. ane ban ubata pissu meth ekka happenna

      Delete
  8. ක්‍රිෂ්ණාJuly 22, 2013 at 7:41 PM

    18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරි කියලා ඒකට අනුමැතිය දුන්නේ මේ අගවිනිසුරුවරියගේ ධුර කාලයේදියි.මහින්ද කොහොමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් නොවන බව අපි දන්නේ ඔහු ජනාධිපති වෙන්නත් ක්ලින් ඉඳලයි.උදාහරණයකට ගත්තොත් ලංකාවේ ඉතාම විවාද සම්පන්න ගිවිසුමක් වු 13 වැනි ආණ්ඩුක්‍රමයේ සහ ඉන්දු ලංකා ගිවිසුමේ එවකට නායකයා වු හිටපු ඉන්දිය අගමැති රාජිව් ගාන්ධි සමග මහින්ද ජීවිතේට මුහුනට මුහුන මුනගැසි කතා කර නෑ.නමුත් මහින්ද ඒ ගිවිසුමට එරෙහි දැවැන්ත ක්‍රියාධරයෙක්.අවසානයේ මහින්ද ලංකාවේ ජනාධිපති වෙනවා.ඒ ගෙදර වැඩ නොකර අයාලේ ගිය තක්කඩි ශිෂ්‍යයෙක් ගේ ස්වරුපයෙන්.ඒ මහින්දගේ ව්‍යසනකාරි සංශෝධන අනුමත කරන තැනට ශිරාණි බණ්ඩාරනායක පත් වන්නේම තමන්ට සහ තම පවුලේ අයට හිමි වන පඬුරු පාක්කුඩම් වල ආශාවට බව පැහැදිලියි.ඒ කතාව එහෙම වුවත් රාජ්‍යයේ ගෞරවනීය නිලයකට කුජීත ලෙස පහර දීම පුද්ගල පලිගැනිමක් නොවෙයි.අඳ බාල මස්තිෂ්කයකින් සමන්විත දුරවල ,බය ,තක්කඩි පාලකයකුගේ තිරණයකින් රටේ සමස්ත ක්‍රියාවලියක් කඩා බිඳ දැමිමක් තමයි අග විනිසුරුවරියගෙන් පලි ගැනිම.ඒ නිසා ශීරාණිත්,මහින්දත් යන දෙදෙනාම මේ වෙනුවෙන් දඬුවම් විඳිය යුතුයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා